කුලසේන ෆොන්සේකාගේ පාලම යට තවත් සිංහල නවකතාවක් ලෙස හැදින්වීම යුක්කි යුක්ත නොවේ යැයි මට හැගුණි. මක්නිසාද කියතොත් එය මෙතෙක් කියවන්නට ලැබුණු ඒකාකාර ස්වරූපයක් දරන නවකතා මෙන් නොව, අමුතු පරිසරයකින් මතුවන අපූරු චරිත හදුන්වාදෙන අනන්‍ය සාධාරණ ආස්වාදයක් දෙන කෘතියක් බැවිනි. මෙතෙක් දවස් සිංහල භාෂාව නොසැලිකිලි ලෙස පරිහරණය කොට ඇති නවකත කියවීමෙන් හෙම්බත් වූ පාඨකයාට මෙහි යොදා ඇති වයාංජන ශක්තියෙන් හා නිවැරදි යෙදුමෙන් ඔප් නැගුණු බස් වහර සැනසුම ගෙන දෙන්නක් බව කිව යුතුය. නවකතා කලාව හැසිරවීමෙහි ලා කතුවරයා දක්වන දුර්ලභ කෞශල්‍යය පාඨකයාගෙ විශේෂ අවධානය ලක් කරනු කැමැත්තෙමි.