සිථිල සේනාධීර, නිවසේ තිබු එකම කණ්ණාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරන්නට වූයේය.
නළලට වැටෙන සේ කපා තිබු ඔහුගේ කොණ්ඩය අමුතුවෙන් පීරන්න්ට අවශය නොවිණි.එහෙත් පුරුද්දක් ලෙස ඔහු හිස පීරීය. සාමානය උස මහත සිරුරකින් යුක්ත වූ සිථිල රැවුල සම්පුර්ණයෙන්ම කපා සිටියේය.
කොණ්ඩය සකසා ගත් ඔහු උරුවම් බාමින් ඇදුමේ අඩුපාඩු සකසා ගන්නට වූයේය.
ලා නිල් පැහැති අත්දිග කමිසයත් කලු පැහැති කමිසමත් ඔහුගේ පෙනුම ඔප් නංවන්නට සමත් විය.
“ඔය මදැයි හලෝ හැඩ බැලුවා.. ඔය ඉන්නේ නිකම් ෂහීඩි කපූර්ගේ අයියා වගේ..”
සිථිල පසෙකට තල්ලු කර දැමු ඔහුගේ නැගණිය රන්දුනු කණ්ණාඩිය ඉදිරිපිට සිට ගත්තාය.
“ආපෝ තමුසෙගේ කට.. මට කටවහ පුච්චන්න වෙනවා දැන්..”
සිථිල ඇයට නොටිදෙන තරම් සෙමින් ඇගේ හිසට ටොක්කක් ඇන්නේය. කට ඇද කර ඔහු දෙස බැලු රන්දුනු පාසල් නිල ඇදුමට ටයි පටිය පැළදගන්නට වූවාය. |