සුපර් සික්ස් (තරු කුමරු 02)
“මං ලේසියෙන් දෙයක් අල්ලගන්නේ නැහැ.හැබැයි අල්ල ගත්තොත් මේ හුස්ම යනකම් ඒක මගේ. මං අතාරින්නෙත් නැහැ.හාහ්… හිතා ගන්න පුළුවන්ද මං මොකටද මෙතනට ආවේ කියලා?” ආශි කියන දේවල් හරි පරිස්සමට අසා සිටි අරෝ ආශි අන්තිමෙට තමන්ගෙන් ප්‍රශ්නයක් අහුවහම කලබල වුනේ හිතට දැනුන කියා ගන්න නොතේරෙන අමුතු හැගීම නිසාය. |
“අත… අරින්නද… අල්ල ගන්නෙත් නැතුවම…” අරෝ හිමින් නමුත් බයෙන් කටහඬ අවදි කර ආෂිගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම උත්තර දෙද්දි ආශි හිස මඳක් දෙපසට වනමින් නෑ කිව්වේ කවදාවත් නැති අයුරෙන් ලස්සනට හිනාවෙමිනි. කලාතුරකින් ඉතාමත් කලාතුරකින් ඒ කඩවසම් මුහුණේ මැවෙනා ඒ ආඩම්බර ලස්සන හිනාව හදවතින්ම විඳගත් අරෝ ආශි දිහා බලන් හිටියේ වශි වී මෙනි.
“අත අරින්න නම් මුලින්ම අල්ල ගන්න ඕනද? හ්ම්… ඇත්ත තමා ඒ නිසා මං මේ අත අල්ල ගන්න ද?” “ඒ කියන්නේ අල්ලාගෙන අත අරින්නද? හාහ්…කමක් නැහැ. එක තත්පරේකට හරි අල්ල ගන්නකො. ඒ එක මොහොත ඇති මට මැරෙනකම්ම මතක තියා ගන්න.” |
අරෝ ඇස්වල කඳුළු පුරවගෙන ආශි දිහා බලමින් කිව්වේ ඒ කඳුළු දැක කවදාවත් නැතුව ආශිගේ ගල් හිත මෙළෙක් වෙද්දීය. |
මන්දස්මි
“අඬන එක නැවැත්තුවේ නැත්නම් මං තමුසෙට මේ තෑගි එක්කම ළමයෙක් දෙනවා මන්දස්මි…”
දෙතොල හපාගෙන ඇය කඳුළු නවතගෙන ඔහු දෙස බැලුවේ දෑසින් පවා ඔහුට රවමින්.
“මේක අරන් යන්න.. තාම අපි දෙන්නගේ අතර අම්මට කියන්න දෙයක් නෑ.. එක්සෑම් ඉවර වෙනකන් මං ඉන්නවා.. හැබැයි වෙන එකෙක් දිහා බලලා තිබුණොත් තමුසෙට කලින් මං ඌව මරනවා.. ඊට පස්සේ උස්සගෙන ඇවිත් මගේ කරගන්නේ.. ඒ නිසා පරිස්සමෙන්.. ආ මේක ගන්න…”
“නැත්නම් මං අද හවසට ඇවිත් අම්මා ඉද්දි මේක දීලා යන්නම්…”
මන්දස්මි ඔහුට රවාගෙනම ඒ බෑග් එකත් උස්සගෙන මෝටර් රථයෙන් බැස්සේ සෂේතත් ඇය හා මෝටර් රථයෙන් පිටතට පැමිණේදදි.
ගස්සගෙන රවාගෙන ගත්තට මොකද ඒ පාර්සලය ඇයට උස්සන් ඉන්න බැරි තරමට බරයි.
“ඕවා එකක්වක් විසි කරලා තිබ්බොත් බලාගන්නම්…”
ඇය යද්දි මෝටර් රථයෙන් බැසගත් ඔහු පවසද්දී මන්දස්මි සාගරිගේ අතත් අල්ලන් බස් නැවතුම්පොළට ඇවිදන් ගියේ පුදුම කලබලයකින්.
“පව් බන් ඒකි…”
හිරාන් පැවැසුවේ ඇය ඈතට ඇදෙන දෙස බලා සිටින සෂේතගේ උර වටා දෑතක් යවමින්.
“පව් තමයි උඹ දන්නෑ මට ඇතුළෙදි දාපු ස්ද්දේ…මේ යමන් කෙල්ල පරිස්සමෙන් යනවද බලන්න ඕන..”
ඔහු එසේ පවසමින් රියදුරු අසුනට ගොඩ වෙද්දි හිරාන්ද ඔහු හා එහා අසුනට ගොඩවූවා. ඇය නිවසටම ගොස් මිනිත්තු කිහිපයක් ගත වුණාට පස්සෙයි ඔහු යන්න ගියේ..