ගිහි ගෙදර
අසංයත ලෝකාස්වාද රතියේ ගුඨස්ථාන හෙළිකෙරෙන
මානව චාරිතාංග රැගත්
පන්සිය පනස් ජාතකයේ
අන්ධභූත, දුරාජාන, මුදුලක්ඛණ, කුද්දාල
ඉල්ලිස, චූල පලෝහන, වාත සෛන්ධව
බ්‍රහ්මදත්ත,චුල්ල ධනුර්ධර, තක්කාරිය
හිස,මහ පලෝභන, සාම්බූලා, සරභංග
නලිනිකා, කුණාල හා මුගපක්ඛ යන
සතළොසක් කතා වස්තු,
වර්තමානිකයන්ගේ ජීවිත පරිඥානය සඳහා
යතු මැද පුරුද්දා නවකතාවක් සේ
මෙසේ ප්‍රතිනිර්මාණය කළ වගයි.
මහ අනඳ හිමි
අප මහා බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවත්, ලෝ සත කෙරෙහි අනුකම්පවෙන් දරා සිටීමේ හැකියාවත්, ඒ ඇසුරේ කල් ගෙවන මහා ආනන්ද හිමිගේ විනීත චර්යාවත් කියවන්නා තුල ශ්‍රද්ධාව ඉපදවීමට සහ උපන් ශ්‍රද්ධාව වැඩි දියුනුවටත් හේතු වෙයි. ආනන්ද චරිතය ගැන පෙර අසා නොමැති සිදුවීම් රැසක් මෙහි ඇතුලත්‍කොට ඇත. ආනන්ද හිමි සේම බුදුන් වහන්සේත් අතිශය සාමන්‍ය මනුශ්‍යයින්සේ කතුවරයා හැඳින්වීම ඉතා සිත් ගන්නා සුලුයි.
“මම කෙලෙස් තවමින් ම හුන්නෙමි ස්වාමීනි, මා නොමග හෙළුවෝ ඔබ වහන්සේගේ මධුර ස්වරයට, රන්වන් පැහැයට, සුපිපි වත කමලට, විනීත පැවතුමට, ප්‍රණීත බැල්මට මා වශීව ගියේ ය. අනේ ස්වාමීනි, ගිනිගෙන දැවෙන මට අනුකම්පාකොට එකම එක් වරක් මා වැලඳගන්න! මට ඒ ඇති ය. නො එ සේ නම් ම දිවි නොරැඳේ!…
“සුවය රැඳෙන්නේ ඇලීමෙන් නොවේ නැඟණිය, අත්මිදීමෙනි. ගිනි නිවනු සඳහා ළංකළයුත්තේ දර නොවේ දිය ය. මවෙත දිය මිස දර නොමැත.”
මහ මිහිඳු හිමි
“බලවත් සොම්නසින් පසුවනු පෙනේ?”
“නො එ සේ ව! යළි ඉපැදුණා සේ හැඟේ. කවර ආශ්චර්යයක් ද? ඔබ වහන්සේ පැමිණ වසරක් ගතවුවා පමණි. සියල්ල පෙළගැසී එන්නේ ය. රට සෙමෙහි සතුටෙහි පිහිටියේ ය. වැසියා බතබුලතෙහි පොහොසත්හු ය. ඔවුනට දැන් හෙට දවසකුත් තිබේ. අද මේ පොසොන් පුන් පෝ දින ඔවුහු බුද්ධාලම්භන ප්‍රීතියෙන් ඔකඳව පසුවෙති. මේ මහා නවෝදයේ නවෝන්නතියේ නිර්මාතෘවරයාණෝ ඔබවහන්සේ ය! අඳුරේ හුන් අපගේ දෑස පෑදුවෝ, මග පෙන්වූවෝ, අත්වැල සැපයුවෝ, දිරිගැන්වුවෝ ඔබ වහන්සේ ය! මගේ රන්මිණි කිරුළ ඔබ වහහන්සේටත් බුදු පියාණන් වහන්සේටත් පුදනු සඳහා නොපැළඳ, ලෙහි හොවා පැමිණියෙමි. මේන් හිමිසඳුනි, මිණි කිරුළ ඔබවහන්සේ ගේ දෙපා මුල හොවන්නෙමි. මේ සිරිලත මෙ තැන් සිට සම්බුදු පියාණන් වහන්සේගේ ය! ඔබවහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේගේ ය!”
අස්වැන්න
නිරිතදිග තෙත් බිම් ප්‍රදේශයේ මධ්‍ය භාගය වන රයිගම් කෝරළය එක්දහස් අටසිය ගණන්වල මුල් භාගයේ අද මෙන් ජනාවාස නොවීය. එදා ඝන කැළැ එළි පෙහෙළි කොට කෙළවරක් නැති දුක් කරදරවලට මැදිව, අපේ මී මුත්තන් අමාරුවෙන් නැඟී සිටි අයුරුත්, ඔවුන් සතුව තිබූ ධෛර්යයත් දුක උසුලා ගැනීමේ පරම ශක්තියත් ඔවුන්ගේ දරු මුණුපුරන් වෙනුවෙන් කළ උදාර සේවාවත් නිරූපනය කරන්නකි, අස්වැන්න.
පරසතුරෝ
උඩරට මහ කැරැල්ල යනු වාසියට කත් නොඅදින එතෙක් ඉතිරිව හුන් දහ දොළොස් දහසක් තරම් වු අදීන සිංහලයන්ගේ නැඟිටීමකි. සුද්දෝ ඔවුන් එකෙකු නොහැර පවුල් පිටින් ගම් පිටින් විනාශ කළහ.
කැප්පෙටිපොළලා බූටාවේ රටේ රාළලා කිවුලේ ගෙදරලා ඇල්ලෙපොළ නිලමෙලා පිළිමකලාවෙලා හා මඩුගල්ලෙලා රට වෙනුවෙන් දිවි පිදුහ. ඉහගම උන්නාන්සෙලා වාරියපොළමහ තෙරුන් වහන්සේලා වධ කඳවුරු වන දුක් විඳ මළහ. ඒ අතර ඇහැලියගොඩ එක්නැලිගොඩ මහවලතැන්න හා මොල්ලිගොඩ යන දෝහියෝ සුද්දන්ගේ පැත්ත ගෙන උන්ට කත් ඇද සිංහලේ සටන දීන ලෙස පාවා දුන්හ.
ජාතික සටනකදී මහ කැරැල්ලකදී බෙලිකැපුම් කන්නෝ අභිමාන අදීන හා අසහාය වීරයෝය. 1818 මහ කැරැල්ලේදී එවන් ශ්‍රේෂ්ඨ පුරුෂයන් නෑසනහුර පිටින් විනාශ වී ගිය අතර දේශ ද්‍රෝහියෝ තාන්න මාන්න යස ඉසුරු ලැබ යහතින් විරාජමාන වූහ. අද ද එවැන්නෝ මහ සපන්කම් කරති අද කැප්පෙටිපොළලාගෙන් බූටාවේ රටේ රාළලාගෙන් පැවතෙන්නෙක් නැත. වාරියපොළ මහ තෙරුන්නාන්සේ වැන්නෙකුත් නැත.
දෙබෑයෝ
දෙදෙනාට ම ඇත්තේ එක ම තාත්තාගේ ලේ ය. යාපනයේ වාසයට ගිය එකා ගිනි අවුවෙන් කරගෑටිච, කළු පාට යි. හිතා ඉන්නේ අමු දෙමළෙක් ය කියා ය. දැන් ඔහු සිංහලයින් මරාගෙන මැරෙන්න සූදානම් ව සිටින කොටියෙකි! දකුණේ එකා සිතා සිටින්නේ උතුරු නැගෙනහිර එවුන් ඔක්කොම කොටි කියා ය. මොන විදියකින්වත් මුන් දෙන්නා ළං කරන්න බැරි ය. එකෙක් මැරුණුදාට? මොන? ජාතිවාදය අවුස්සා ඔවුන්ගේ දරුපැටවුන්ත් උසිගන්වන්න ඒ තුළින් බලයට පත්වන්න දකුණේත් උතුරේත් දහසක් දෙනා සූදානමේ පසුවෙති. බලාපුවාම මේ හැමෙකාම කරන්නේ බොරුය.
අරලිය මල් ආරාමය
“උන්නාන්සේ තොට මේ අහවල් වැඩේ කළා නම් මෙතෙන්ට වඩීද? උන්නාන්සෙගෙ මූණ දැක්ක ගමන් මාව දැපනය වැටුනා.”
“ඒක තමයි මට උනෙත්…”
“මේකි කන්න එපැයි මේ කියන කතාවට. තොට හෙණ හත ගහනව බොල”
“අම්ම ඉතින් හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො ඇත්ත. ඉවරයිනෙ”
“තෝ අපිට පටලෝනවා. නූල් බෝලෙ වගෙ පටලෝනවා.”
“පටලවාගෙන තියෙන්න අම්මලානෙ. මම ඔව් කියනවා. අම්මල නෑයි කියනවා. හාමුදුරුවන්ගෙන් අහන්නෙත් නැතිව. මම නෙ දන්නෙ වෙච්ච දේ. ඒ වෙලාවල්වල හාමුදුරුවන්ගෙ ඔය සිල් මොකුත් තිබුණෙ නෑ.”