සිතූ
“ආහ්….. ඒ කියන්නෙ මයිල් ඒජ් වෙන්න ඇති….”
මං ඒ ඉංග්‍රීසි වචනෙ සන්ධි විසන්ධි කරලා කිව්වා.
“ඒ කියන්නෙ බං මයිල් වල වයස…..”
“හැ…. වාහන වලට කොහෙන්ද සිතු මයිල්…?
කවියගෙ කට කන පැත්තටම දික් වෙලා.
නුග අරණ
“නුග අරණේ සැඟවුණු රහසක් ඇතැයි සිතිජයේ සිත නොනවත්වාම කෑ මොර දෙන්නට විය.තමා දුටු ඒ සුදු හැඳි රුව හොල්මනක් නොවන බව ඔහු හොඳින්ම දනී.
දැන් උද්ගතව ඇති තත්ත්වය අනුව එම කැලයේ ඇවිදීමට කාවිංගවත් චරිතවත් නොපැමිණෙන බව ඔහුට සක් සුදක් සේ පැහැදිලිය. ශිවරාජ් වුව ඉන්නේ හොල්මන් ගැන අනියත බියෙනි. එනිසා ඔවුන් කිසිවෙකුටත් නොදන්වා තනිවම නුග අරණට ගොස් තම සැකය දුරු කර ගැනීමට සිතිජ අවසානයේ තීරණය කළේය.”
වලාවක් සේ
සඳට හඬන එක
බිම්මල් කැකුළක්
නිලඹර වෙත
නෙතු පියන් යොමා…
ඇසිපිය නොහෙලා
බලා හිඳිනවා
සීතල කිඳුළින්
දෑස් තෙමා…
හිරු කිරණින්
ලැබුණත් ආලෝකය
හිරු කුමරුනි මට
වෙන්න සමා…
සනාතන දහරා
මෙහි පැමිණි පළමු තත්පරයේ සිට මට දැනුණේ සනාතනගේ
ඥාතියෙකුගේ මළ ගමකට පැමිණි බවත් නොව…
මගේම නිවසට ආ බවකි.
“කල්පනාවෙන් ඉන්න දහරා..”
මගේ මිතුරිය ප්‍රතිභා සැලෙන හඬින් කීවාය.
නමුදු එය නොතැකු මම මැද සාලයේ බිත්තියට ආසන්න වන සේ තබා තිබූ
දේහය වෙත ඍජු කයෙන් යුතුව පිය මැන්නෙමි.
අදහන්න.. සුදෝ සුදුවට බැබලුණු සේලයන් අතර නිසසල ලෙස සැතපී
උන්නේ සනාතනගේ සීයා නොව…
පියවි
“අනේ සජී… බලන්නකො අයියෙ…. මේ… මේ..” කලබලයට පත් සජීත් රියෙන් බැස ගනිද්දී ඒ හා සමාන වේගයකින් බිමට පැනගත් මන්දාරා කෑ ගැසුවේ බිම වැටී උන් මිනිසා ලේ විලක් මැද
දඟලමින් ගැහෙමින් ඉන්නවා දැකය. ඉක්මනට හොස්පිට්ල් එකකට ගෙනියමු බබා තාම පණ තියෙනවා…”
තමාගේ වරද ගැන දහස්වර කම්පාවෙමින් සජීත් එසේ කීව ද ඔවුන් දෙදෙනා සිරුර ළඟට ළං වීමටත් පෙර එහි ගැස්ම එක්වරම නතර වී දේහය නිසල විය.
“මයි ගෝඩ්….”
තමා මුහුණ දුන් සිදුවීමේ අවධානම තේරුම් ගත් සජීත් හිස බදා ගනිත්ම එම පාරේ ඈත කෙළවරකින් ආලෝක ධාරාවක් මතු වනු මන්දාරා දුටුවාය.
“සජී… ඈතින් වාහනයක් එනවා….
මොකද කරන්නේ….?
තමන් දෙදෙනා මේ මොහොතේ අසු වුවහොත් නීතියෙන් ගැළවීමක් නොලැබෙන බව දැනගත් යුවතිය සජීත්ගේ සුරතේ වෙළී හඬ නැගුවාය. “මන්දි… නගින්න වාහනේට…. ඉක්මනට නගින්න…”
කප් සුවහස් කල්
හීන ගේන හිත අස්සේ
ඔබ ඉන්නේ උඩු මහලේ
ආදරේට කවුළු පියන් නෑ…
හිත ළඟ හිත
මිස දොරගුළු නෑ…
ප්‍රේමණීය අබිසේස් ලැබ
නොදැනුණු සේ සිත අරගෙන
ඔබව දමා දුර ගියාට
මේ හැටි දඬුවම්…
අහංකාර ආදරියට
තවමත් දඬුවම්…
මියෙන තුරා විඳවන්නට
ලැබුණා දඬුවම්…
අහිමි වුණත් හිමි නොවුණත්
මතක් වුනත් අමතක මුත්
තවමත් මේ හිත් මැදුරේ
ඔබට නවාතැන්…
බොඳව ගියත් පෙම් සිහිනේ
මටද නවාතැන්…
සසර කොහේ හෝ හමු වී
ගනිමු නවාතැන්….
වැහි දිය ඡායා
දිනක් මධ්‍යම රාත්‍රියට ඔන්න මෙන්න තිබූ වෙලාවක
නිසලව තිබූ උදය මාවත දිගේ කටු රාජා ගමන් ගනිද්දී
ඔහුට කිසිවෙකුගේ කෑ ගැසීමක් ඇසිණි. කවුරුන් හෝ
යටි ගිරියෙන් මරහඬ දී කෑ ගැසූ ඒ හඬට රාජාගේ ගතේ
රෝම කූප කෙළින් වූ තරම්ය.
“කවුද යකෝ මේ මහ රෑ බෙරිහන් දෙන්නේ..?”
ඔහු පාළුව යන්නත් එක්ක තරමක උස් හඬින් එසේ කියා
දේවිකාගේ නිවස දෙස සෝදිසියෙන් බැලීය. නමුත් ඒ නිවස
තිබුණේ අඳුරේ ගිලෙමිනි. එහි කිසිවෙකු කෑ ගැසූ බවට
සළකුණක් නැත.
“ඇත්තටම මොකක්ද ඒ සද්දෙ..? මනුස්සයෙක් නෙමෙයිවත්ද..?
එම නිවසේ පමණක් නොව නිවෙස් පේළියේම කිසිදු
හැලහොල්මනක් නොතිබු නිසා රාජාගේ සිතට අමුතුම
බියක් දැනුණි. ඔහුගේ ගතේ රෝම කූප ද කෙලින් විණි.
ඔහු කොයිකයටත් කියා තමන් දන්නා දෙවියන් බුදුන්
සිහි කරගෙන පාරට බරව තිබු ලොකු සමන් පිච්ච
ගාලක් යට ගුලි ගැසී හිඳ ගත්තේ සිදුවන ඕනෑම දේකට
මුහුණ දීමට සිතාගෙන ය.
වීදි කුණාටු
මීට අවුරුද්දකට විතර ඉස්සර ඉස්කෝලෙ
ඇරිලා ගෙදර ආව ගමන් පරණ ඇඳුමක්
දාගෙන පන්සලට දුවන් ආපු කාලෙ හරි
සුන්දරයි අපේ හාමුදුරුවනේ. ඒත් මට
ආපහු ඒ අතීතෙට යන්න බෑ
සජිත්
මගේ බලාපොරොත්තු බිඳිලා ගියේ මීට
කාලෙකට ඉස්සර අයියෙ. මඩේ පිපුණත්
නෙළුම් පිවිතුරුයි කියනවනෙ. ඒ වගේ
පිවිතුරු නෙළුමක් කඩා ගන්න වැව්
ඉවුරෙ හිටපු මට පින නැතිව ගියා. දැන්
ඉතිං එන විදියට ජිවත් වෙනවා.