ඕලු 3
‘ඕලු’ නම් වූ කොටස් පහකින් සමන්විත මේ කතාව තරුණ ගුරුවරයෙකු සහ යොවුන් ශිෂ්‍යාවක අතර හටගන්නා පිවිතුරු අධ්‍යාත්මික බැඳීමක් තාරුණ්‍යයේ සුන්දරත්වය හා චමත්කාරය සමග එක් ව අපූරු ජීවන සුවඳක් බවට පත්වන අයුරු නිරූපණය කරන ප්‍රබන්ධයකි.
ඕලු 1
“අර සිල්වා කියන වල් බල්ලා. මට සිද්ධ වෙන්නේ ඒකව මරාගෙන මැරෙන්න….
” ඇයි? ඒ මිනිහ අම්මට මොකුත් කීව ද?..
“ඌ හේවාරාළ අතේ ප්ණිවිඩයක් එවලා අපි දෙන්නට හෙට හවස බංගලාවට
එන්ට කියලා. එදා ඕකා වැවේදී මුලිච්චි වෙච්ච වෙලාවේ මම හිතුවා මහා
වින්නැහියක් වෙන්ට තමයි එන්නේ කියලා….
ඕලු බියපත් දෑසින් බලා සිටින්නට වුවා ය. දැන් ඉතින් කුමක් කළ යුතු ද?
මේකෙන් බේරෙන්නේ කොහොම ද? අනේ දෙයියනේ…..? මගේ අම්මට
මාව රැක ගන්න බෑ. අපි මොන තරම් අසරණ ද?
ඕලු 4
පසු දිනක අසේල දුරකථනයෙන් අසංග ඇමතුවේ ය.
“ඇත්ත ද අසංග ඔයාලා මේ අනාථ නිවාසෙකට දානයක් දෙන්ට යනවා කියන්නේ?”
“ඔව්, ඕලු ද අසංගට කීවේ?”
“ඔව්, මම විහිළුවට වාගෙ පාටිය ගැන එයාට මතක් කළා. එයා කීවා පාටියක් නෙවෙයි දානයක් දෙනවා කියලා. පස්සෙයි තේරුණේ එයා කියන්නේ ඇත්තක් කියලා…..”
“ඕළු මහ පුදුම ළමයෙක් අසේල”
“මටත් එහෙම හිතෙනවා. එයා හරි අමුතුයි. අපි නොහිතන හුඟාක් පැති ගැන එයා හිතනවා. බොහොම වෙලාවට අපේ අම්මත් හිතන්නේ ඕලු හිතන විදියට.”
“ඇත්තට?”
ඕලු 5
මෙය දිරිය දියණියක පිළිබඳ කතාවක් සේ ම බෝසත් ගුණ ඇති යහපත් මිනිසුන් පිළිබඳ කතාවක් ද වෙයි. මෙවන් චරිත හමුවන්නේ සුරංගනා කතාවල පමණකැයි කෙනෙකු කියන්නට බැරි නැත. එහෙත් දහම් පාසල් යන වියෙහි සිට ම බෝසත් චරිත හදාරණ සමාජයක මෙබඳු චරිත ආගන්තුක වෙතැයි මම නොසිතමි.
කාණ්ඩ පහකින් සමන්විත මම දිර්ඝ නවකතාවේ තේමාව වන්නේ ආධ්‍යාත්මික ආදරයයි. රාගයෙන් කිළිටි නොවුණ ආදරය ඉතා සුන්දරය, සුවඳය. එය ආනන්දයෙන් සිත් පුරවාලයි. මෙහි එන ප්‍රධාන චරිත දෙක එවන් ආදරයකින් බැඳුණාහු වෙති.
(කර්තෘ)