අප ජීවත් වන්නේ කෙටිකතාවලින් පිරුණු ලෝකයක යැයි, මෙහි කතුවරයා, තම පෙරවදනෙහි ලා සඳහන් කරයි. වසර දහයකට ආසන්න කාලයක් පුරා, ඒ අතරින් තෝරා ගත් කතා දහයකින් ඔහු අපට සංග්‍රහ කර ඇත. ඒ අතර විවිධ අධ්‍යයන රටා දක්නට ඇති අතර, ඇතැම් කතා තුළ, ඔහු මීට පෙර පළ කළ කෙටිකතා කෘති පහේදී මෙන්ම, අතිසත්වාදී ශෛලියද භාවිත වෙයි. සමකාලීන මනුෂ්‍යයා, පෙළෙන සාංකාව, හුදෙකලාව, අපේක්ෂා භංගත්වය. මෙම කතා පෙළෙහි සියුම් හුයක් සේ දිව යනු පෙනේ. කතුවරයා ඉන්, පාඨක සිත් සසල කරවන නමුදු, අවසානයේ උපදවනුයේ ජිවිතාවබෝධය හා මානව භක්තියයි.