මම අතීතයද අනාගතයද
ඒ හා සබැඳි සියලු මිනිස් ප්‍රාණීන් හා
සිදුවීම්ද අමතක කර
මේ ගෙවී යන තත්පරයේ පමණක්
ජීවත් වීමට උත්සාහ කළෙමි.
ජීවිතයේ ඉතිරි අර්ධය
මේ උණුසුමෙහිම ගෙවා දමා
මතුයම් දිනෙක අවසන් සුසුමද
ඒ හදගැස්මට සවන් දෙමින්ම
හෙලන්නට තරම් තෘෂ්ණාවක්
මට දැනෙමින් තිබුණි.
නමුත් යථාර්තය ඇත්තේ
මින් බොහෝ දුරඈතක බව
මගේ යටිහිත කෑගසමින් තිබුණි.
ඉදිරියට කුමක් සිදු වුවද
මේ ගෙවීගිය මොහොත පිලිබඳ
කිසිඳු පසුතැවීමක් කිසිඳු දිනෙක
නොදැනෙන බව විශ්වාසය.
එය සදාතනික මතකයක්ව
මා සමඟම මියෙනු ඇත.