උත්තම පුරුෂ
“දෙවියෙක් වගේ ඇවිදින් ඔයා මාව බේරගත්තා.. ඔයා නොදැක ඉන්න බෑ වගේ..”
“මටත් ඒහෙමයි”
“අපේ අය මේවගේ ප්‍රශ්නකදී හැසිරෙන්නෙ ජාතිවාදී ගෝත්‍රිකයන් විදිහටයි . ඒත් ඔයාව අගේ කරනවා.. තාත්තා දුක්වෙනවා.”
“කෝටිපතියෙක් අහිමිවීම ගැන ඔයා යටි හිතින් මට බණිනව ඇති..”
” වැඩේමයි. අපේ අක්කලා, නැන්දලා ඔයාට පින් දෙනවා. මාව ඒ නාකි මනුසස්යගෙන් බේරපු එක ගැන. නැතිනම් මම නොදන්න රටක සිර කඳවුරක් වාගෙ මාළිගාවක ඉන්න තිබුණා..”
පන්තක
පන්තකගේ ජීවිතය සුව පහසු එකක් නොවීය. පන්තකගේ පියා වන නන්දසෝමට ස්තීර රැකියාවක් තිබුණේ නැත. හෙතෙම රාස්සගල, මල්වාන, දිවියා වැල්ල, නවගමුව වැනි තොටුපලවල ඔරු පදින තොටියෙක් බව පන්තක දැන සිටියේය. ඔවුන් ජීවත් වූයේ රාස්සපාන තොටුපලට නුදුරෙන් පිහිටි කුඩා නිවසකය.
කොතරම් අගහිඟකම් දුෂ්කරතා තිබුණත් ඔහු බෝමිරිය විද්‍යාලයේ ශිෂ්‍යයෙකු මෙන් ඉගෙනුම ලබමින් සිටියේය. කොපමණ දක්ෂතා තිබුණත් සෙසු මිතුරන් දමන අඩිඩාස් පාවහන් යුගලක් දැමීමට ඔහුට හැකියාවක් තිබුණේ නැත. කොතරම් දක්ෂතා තිබුණත් විද්‍යාලයේ සිසුන් හා සුහදව ඇසුරු කිරීමට කැමති වූයේ නැත.
එයට ප්‍රධාන හේතුව වූයේ කසිප්පු නමින් හඳුන් වන හොර අරක්කු ව්‍යාපාරයට තාත්තා සම්බන්ධ බවට ආරංචි පැතිර තිබීමය. තාත්තා දඩ ගෙවමින් සිරගත වෙමින් මෙ තරම් දුක් විඳින්නේ නංගිලා දෙදෙනා ඇතුළු පවුල ආරක්ෂා කිරීම වෙනුවෙනි. ලොකු නංගි හොඳින් ඉගෙන ගත්තාය. සුදු නංගි අපස්මාර රෝගයෙන්
කැපකාරී
“ කරුණාකර ඒ වගේ
වචන කියන්න එපා…
ඔබ දක්ෂයෙක්…
පුද්ගලයෙකුගේ දක්ෂතා
හැකියාවන්, කාටවත් නතර
කරන්න බෑ… රටේ උත්තම
පුරුෂයන් බිහිවන්නේ ඔබ
වැනි තරුණයන්ගෙන්
තමයි….