Product Tag: ඉමේෂා මාධවී මල්ලවආරච්චි

ඉමේෂා මාධවී මල්ලවආරච්චි

Showing all 5 results

Show:

වජ්‍ර කස්තුරි

Highlights:

“පටන්ගත්ත හැටියේම ප්‍රශ්න කියවන්න මමත් ආස නැහැ චූටී..නමුත් ඔයාට වගේ ජීවිතය ඔහේ වෙච්චාවේ කියලා හරවගෙන යන්න පුළුවන් පාරක නෙමෙයි මම ඉන්නේ. මම කාගේ කවුද, එතකොට මගේ අතීතය
ගැන ඔයා දැනගන්න ඕනේ චූටී.. ඔය හිතේ තියෙන ඔක්කොම
හරි වෙන්න ඇති. මේ ආදරයත් වෙන්න ඇති. ඒ වගේම මමත්
ඔයාට ආදරෙයිත් තමයි. නමුත් ඇත්ත තිත්තයි චූටී..ඒ ඇත්ත
අපිට වඩා ඔයාගේ අම්මාට තේරෙනවා. අම්මා ඉන්න තැන ගැන
මටත් හොඳට තේරෙනවා. මොකද මමත් එහෙම වෙලා ජීවිතයෙන්
හෙම්බත් වෙච්ච මනුස්සයෙක් නිසා” මේඝ ඔහේ කතාකළා.

“ම..මට ඔයා කියන ඒවා දැන් හිතන්න බයයි අයියේ.. මොකද
එතකොට මට මේ දැනෙන සැනසීම නැතිවෙයි. ඔයාට බැරිද ඔය
හැමදේම මට ඉස්සරහ දවසකදී කියන්න? එතකල් ඔයාට පුළුවන්ද
මේ වගේ මගේ අතක් අල්ලගෙන හෙමිහිට මෙහෙම ඇඟිලි එහා
මෙහා කරන්න? තව පුළුවන් නේද මගේ කොණ්ඩේ අස්සෙන් මේ
විදියට ඔයාගේ නහය තියාගෙන ඉන්න” විහේලි අඩුම ඔළුවවත්
උස්සන්නේ නැතිව ඒ ඉරියව්වෙන්ම අහද්දී මේඝ ඉබේම ගොළු වුණා.

පමාවී පිපුණු මල්

Highlights:

“ආදරය එක එක කෙනා දකින විදිය වෙනස් මිලී. ඔයා
හිතන්නේ මගේ ආදරය මගේ ජාතිය අනුව වෙනස් කියලා නම්
මට හිතෙන්නේ ඒ අදහස වැරදියි කියලා. මම දන්නවා අපිට
ලැබුණේ පොඩි කාලයයි අදුනගන්න. ඒක නිසා මම ගැන
එහෙම හිතන්න ඉක්මන් වෙන්න එපා මගේ ආදරේ. මම ගෑනු
ළමයි එක්ක ඕන තරම් ළඟින් ඉදලා තියෙනවා. ඒත් ඒ හැඟීමට
ආදරය කියන්නේ නැහැ මම කවදාවත්. මම ආදරේ කළේ
දෙන්නටයි මිලී. එක්කෙනෙක් ජෙසී. ඔයා දන්නවා එයා ගැන.
අනිත් කෙනා ඔයා මට ඔයා ගැන දැනෙන විදිය ගොඩක්
වෙනස්. මම ආදරේ කරන්නේ ඒ දේ හැමතිස්සෙම හිතේ
තියාගෙන. ඔයා මට ගොඩක් වැදගත්”

සැරිසර කුමරී

Highlights:
‘මටත් සිංහල උගන්නනවද?

”මම උගන්නන්නේ ඉංග්‍රීසි සිංහල නෙමෙයි”

”එහෙනම් හොඳට ලස්සනට සිංහල කතා කරන්නේ?”

”මම ඉගෙනගත්තා”

”තව මොනවද ඉගෙනගත්තේ ?”

”ඔයා නැතිව අඩන්නේ නැතිව ඉන්න ඉගෙනගත්තා ඔයා නැතිව තනිවම නිදාගන්න පුරුදුවුණා.කෙටියෙන්ම කිව්වොත් ඔයාව ඊළඟ ආත්මයේ මට ලැබෙනකල්ම තනියෙම ජීවත්වෙන්නෙ මම ඉගෙනගත්තා”

”මට සමාවෙන්න සුද්දී ” ”සමාවන්න ඔයා වරදක් කළේ නැහැ කේෂව්. ඔයත් කළේ ප්‍රශ්නයට ඒ වෙලාවේ තිබුණු හොඳම විසඳුම දුන්නු එක. මේ රට මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඔයාව මට ගැළපෙන්නේ නැහැ කිව්වා. ඒත් ඔයා අපි දෙන්නා ආදරයේදී උවමනාවටත් වඩා හොඳම විදියට ගැළපුණු බව අමතක කළා.”

සැවැන්දරී

Highlights:
මේ සන්සුන්ව සිටින්නේ හේමන්ත‌ගේ ආදරණිය සැවැන්දරියයි.තමාව මේ සමාජයේ මහා මිනිසෙකුගේ තැනට ඔසවා තබපු ඒ් මුදුන් මුලයි .එදා ඉගනීම අත්හැරපු ,විශ්වවිද්‍යාලයේදි සිසු උද්ඝෝෂණ මදින්, පොලිසියෙන් පහර කමින් දියකල හැරි අනපේක්ෂිත ජීවිතයෙන් ගලවාගෙන හේමන්තව උපාධිධාරියෙක් කලේ ඇයයි.සෙව්වන්දිය දවසින් දවස ගුණ සුවඳ විහිදුවණා දුලබ සැවැන්දරා මුලක්ම වෙද්දි.. ඒ් ජීවිතයෙන් කවදත් හැමුවේ සිත සනහාලන සුවඳක් විතරයි.ඔ්නෑම ගසක් පිටතට පෙනෙන්න මහා රුක්ෂයක් සේ පොලෝ තලයේ වැජඹි සිටියත් ඒ් ගසේ සවිය ශක්තිය යනු ඒ් ගසේ මුලයි.ලොවට පෙනෙන ඒ මහා වෘක්ෂයේ රඳාපැවැත්ම වන්නේ ඒ් ගසේ මුදුන් මුලයයි.ඉදින් මුදුන් මූලය නැති ගසකට ජීවයක් කොයින්ද?

අසේකා

Highlights:
වදාපු අම්මාට සෙනෙහසක්, පපුව

පැලෙන්න තරම් කැක්කුමක් නැතිවුණත්

පුතාට මේ නමට පමණක් වුණු අම්මා මහා

මෙරක් තරම ආදරෙයි කියලා දැන් සෙනිත්

දන්නවා. මට එපා අසේකා පින් සිද්ධවෙයි

මගේ දරුවට අම්මා වෙන්න. සෙනිත්ගේ

හදවත ඉකිබිඳිනවා. සෙනිත්ගේ වටිනාම

සම්පත බේරලා දීපු අසේකා සෙනිත්ගෙන්

කිසිම දෙයක් ඉල්ලන්නේ නැතුව දෑසමන්ට

සමාව දෙන්න කියලා ඉල්ලද්දී සෙනිත්

හදවතින් දරාගන්න බැරි තරම් හඬාවැටුණා.

ඇයි අසේකා මම ඔයාව මීට කලින්

නොදැක්කේ…?

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping