Translations (Parivarthana)

Translations (Parivarthana)

(Showing 241 – 270 products of 457 products)

Show:

අතීතය ගුරුවරයෙකි

Highlights:

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරීමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය. ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් ලබා ගත හැකි බව නම් පැහැදිලිය.

Out Of Stock

සරුසාර දිවියකට සුබවාදි සැලැස්මක්

Highlights:

මනුෂ්‍ය වර්ගයාට පමණක් හිමිව ඇති සුවිශේෂී කුසලතාවක් වන චින්තන හැකියාව තම ජිවිතයේ උපරිම සාර්ථකත්වය සදහා උපයෝගී කර ගැනීමට මනෝවිද්‍යා ක්ෂේත්‍ර නවීනතම නැඹුරුව වී ඇත. එය ධනාත්මක චින්තනය නම් වේ.

සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි

Highlights:

මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය තම භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් පුරුෂයන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.

Out Of Stock

සාර්ථක ජිවිතයේ රහස

Highlights:

අන් අය සතුටින් ජීවත්වන නමුත් තමන් ගත කරන ජීවිතයේ සතුටක් නැතැයි සිතන අයටද, කෙතරම් උත්සහ කලත් සතුටින් ජීවත්වීමට නොහැකියැයි සිතන අයටද, ජීවිතයේ වැදගත් කඩයිම් වෙත අවබෝධයෙන් මුහුණදීමට දැනුමක් අවශ්‍යයැයි සිතන අයටද මෙය බෙහෙවින් ඵලදායක අත් පොතකි.

Out Of Stock

ඔබේ දරුවාට නව ලොවක්

Highlights:

ලෝකයට විමුක්තියක් හෝ සහායයක් ලැබේ නම් හුදෙක්ම දරුවා වෙතින් පමණෙකි. කවර හෙයින් ද යත් දරුවා මිනිසාගේද සමාජයේද නිර්මාපකයා වන බැවිනි.

Out Of Stock

දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?

Highlights:

මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බියගුලු ගුරුවරයෙක් කිසි දිනෙක සමත් නොවනු ඇත. ආත්ම සංවරයට අමුත්තකු වූවකුට තම ශිෂ්‍යයින්ට ආත්ම සංවරයේ අගය කිසිදාක ඉගැන්වීමට නොහැකි වනු ඇත. මහත්මා ගාන්ධි ඔබ ක්‍රෑර පුද්ගලයෙකුය යන හැඟීම ළමයා තුළ ඇති වීමට ඉඩහැරිය හොත් ක්‍රෑර පුද්ගලයකු බවට පත්වීමට තුඩු දිය හැකි ළමයා තුළ පවතින ආවේගයෙන් පාලනය කිරීමේ බලය ඔබට අහිමි වනු ඇත. බර්ට්‍රන්ඩ් රසල් ගුරුවරයා දෙන අධ්‍යාපනයට වඩා ඔහුගේ හැසිරීම් රටාව කොතරම් දැඩි ලෙස සිසුන් උකහා ගත්තේ ද යන වග මට දැන් වැටහෙයි. කිසිම උත්සාහයකින් තොරව, මගේ ගුරුවරුන්ගේ නොයිවසිලිමත්කම, කේන්තියෑම, පක්ෂග්‍රාහීකම හා අසාධාරණය මගේ සිත තුළට කිඳා බැස තිබිණ. එනමුදු ඔවුන්ගේ ඉගැන්වීම් මගේ සිතෙහි රැඳුණේ නැත. මේ කුරිරු ක්‍රියා එකකුදු පණ ඇති සතෙකු කෙරෙහි පෑමට මා සමත් නොවීම මා ලත් එකම සැනසීමයි. රවීන්ද්‍රනාථ ඨාකූර් මම බියගුලු ළමයකු වීම එසේ වුවත්, ළමුන්ගේ ස්වභාවයට අනුව මා මුරණ්ඩු ද වූ බව මට විශ්වාසය. අම්මා ද මා නරක් කළ බව නිසැක නමුත්, මා මෙල්ල කර ගැනීමට අසීරු වූ බවක් වත්, කාරුණික වචනයකින්, මිතුරු බැල්මකින් හෝ ලෙන්ගතුව අතින් අල්ල ගැනීමකින් හෝ මට කියා යමක් කරවා ගැනීමට නොහැකි වූ බවක් වත් මම විශ්වාස නොකරමි.

Out Of Stock

සාර්ථක දරුවෙකු හදාගැනීමේ මග

Highlights:

අප හැම විටම පුරුදු වී ඇත්තේ හොඳ ළමයින් ගැන කතා කිරීමටයි. එනමුත් හොඳ හැම විටම හොඳ නොවේ.

ඉස්කෝලෙට භාර දීම

Highlights:

ඉස්කෝලෙට භාර දීම

දරුවන් දිවි නසා ගන්නේ ඇයි?

Highlights:

දරුවන්ට සතුටින් ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් උරුම කරදීම දෙමාපියන් සතු වගකීමකි. යුතුකමකි. හොඳ පාසලකට නැතිනම් ජනප්‍රිය පාසලකට දරුවා භාරදීමෙන් ඉටුවන්නේ දෙමාපියන් සතු වගකීමද? යුතුකමද? නව යොවුන් වියේ දරුවෙකු දිවි නසා ගැනීම ඛේදයකි. මේ අකාරුණික කාරණාව සම්බන්ධයෙන් ගුරු භවතුන් මෙන්ම වැඩිහිටියන්ද සංවේදී විය යුතුය.

ආදරය දැනෙන්න ජීවත්වෙන්න

Highlights:

මේ පොත රචනා කර ඇත්තේ අඹු සැමියන් වීමට අපේක්ෂා කරන යටත් අඹු සැමියන් ලෙස ජීවිත ගොඩනගා ගත් අයටත් කියවීමටය.

ජීවිතයට ගරු කරන්න

Highlights:

අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද?දෙමාපියන්ගෙන් උරුම වූ ජීවිතයද? අධ්‍යාපනයෙන් පිබිදීම, මිල මුදල් අත් කර ගැනීම, කායිකාස්වාදය අත් කර ගැනීම, සැබවින්ම ශක්තිමත් ජීවිතයක පදනමට වැදගත් වන්නේ කවරාකාරයෙන්ද? අඹු සෑමියන් එක වහලක් යට ජීවත් වුවද, උනුන් කෙරේ ගෞරවනීය බැදීමක් නැත්නම් ජීවිතය වෙහසකරය. පීඩාකාරිය. ඉමහත් සතුටින් කාලය ගෙවා උනුන් කෙරේ තරහින් ජීවත් වන්නේ ඇයි? මේ පොත ගෞරවනීය බැදීම් වලින් තොර වීමෙන් වෙහෙසට පත් වූවන් ජීවිතය අත් නොහැර අභියෝග වලට මුහුණ දුන් හැටි විස්තර කරයි.

සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි

Highlights:

මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් කාන්තාවන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.

Out Of Stock

අත්හරින්න හිත හදන්න

Highlights:

අත්හරින්න හිත හදන්න

ලක් බිමේ තවත් යුගයක්

Highlights:

සුදු හූරා නමින් වැදි ජනතාව අතර සුපතළ ආර්. එල්. ස්පිටල් ‘වන සරණ’ (Savage Sanctuary) නිසා සිංහල පාඨකයෝ මැනවින් හඳුනති. 1881 දෙසැම්බර් 9 වැනි දා දකුණේ තංගල්ලේදී ජන්ම ලාබය ලත් හෙතෙම, 1969 සැප්තැම්බර් 3 වැනිදා කොළඹ ගුවන් විදුලි සංස්තාව අසල අද “විචර්ලි” ජාත්‍යන්තර පාසල පිහිටි සිය නිවසේදී ජන්මාන්තරගත විය.

වැදි ජනතාවට බෙහෙවින් ආදරය කළ ස්පිටල්, තම අවමඟුල වැදි චාරිත්‍රානුකූලව පවත්වන්නැයි ඉල්ලීමක් කර තිබිණි. දක්ෂ ශල්‍ය වෛද්‍යවරයකු, කවියකු හා සාහිත්‍යධරයකු වූ ඔහු අතින් ලියැවුණු කෘති අතුරින් Where the White Sambur Roams ‘සුදු ගෝනා’ නමින් ද Wild White Boy ‘සුදු වැද්දා’ නමින් ද Vanished Trails ‘මැකී ගිය දඩමං’ නමින් ද සිංහලයට නැගී තිබේ.

ලංකාවේ ඉපද – හැදී – වැඩී – උගෙන මෙහිම ජීවත් වූ බර්ගර් ජාතික ස්පිටල්, මෙරටට දැක්වූ භක්ත්‍යාදරය Far-off Things නම් කෘතියෙන් ප්‍රකට වේ. ලෙනාඩ් වුල්ෆ් ගේ Growing, ‘ලක්බිමේ සත් වසක්’ යනුවෙන් සිංහලයට නැගූ  ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතා Far-off Things, ‘ලක් බිමේ තවත් යුගයක්’ නමින් පරිවර්තනය කිරීමෙන් කළ ශාස්ත්‍ර සංග්‍රහය ප්‍රශස්ත ය.

මෙම කෘතිය ලංකාවේ ‌ෙඑතිහාසික තොරතුරු ද – ආදී වාසීන්ගේ වතගොත ද – සිද්ධස්තාන හා සුන්දර ස්ථාන පිළිබඳ විස්තර මෙන්ම ජනශ්‍රැති හා මිත්‍යා මත ද හෙළි කරණ අතර ප්‍රේමචන්ද්‍ර අල්විස් මහතාගේ පරිවර්තන කෞශල්‍යය ද එමැනවින් පිළිබිඹු කරන්නකි.

-තිලකරත්න කුරුවිටබණ්ඩාර

මරණයේ දොරටුව

Highlights:

හැට ලක්ෂයක් යුදෙව් ජාතිකයන් අළු දූවිලි බවට පත් කළ හිට්ලර්ගේ විශාලතම වධකාගාරයේ, මිනීමැරූ වෛද්‍ය මැන්ගලගේ අධීක්ෂණය යටතේ එහි සිරකරුවකු වූ යුදෙව් වෛද්‍ය මික්ලොස් නයිස්ලි ඇසින් දුටු සාක්ෂි විස්තර කෙරෙමින් ලියවුණු “outwits” නැමැති පොතේ පරිවර්තනයයි.

බ්‍රෝහියර් දුටු ලංකාව

Highlights:

මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිලධාරීයකු හැටියට ඔහු ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගිය අතර ඒ ඒ ප්‍රදේශ හා ජනජීවිතය සියැසින් ම දැක ඒ තොරතුරු ලිපි ලේඛන සහ පොත් මගින් ලංකික ජනතාවටත් සෙසු ලෝකයාටත් දැන ගන්නට සැලැස්වී ය. තම වෘත්තිය මගින් කොට තැබිය. සැලැසුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලංකික ජනතාව පරිසරය සහ එහි ඉතිහාසය පිළිබද පෘථුල දැනුමක් ඇතිකර ගත්තේ ය .මෙහි ප්‍රතිඵලයක් හැටියට ඔහු තම අත්දැකීම් සම්භාරය අනාගත පරපුර සදහා ලේඛණාරූඪ කොට තැබිය.

Out Of Stock

අක්කයි නංගියි

Highlights:

ජෝඩ් ජෙඩි ගැන කිවුවේ ඇත්තමද කියලා මම කල්පනා කළා. නමුත් ජෝඩි ඉක්මනින් කරදරයක් ඇති කර ගන්නට ඉඩ තියෙනවා. මේ ගැන අම්මට කියනවද නැද්ද කියලා මං හිතුවා. නමුත් එහෙම වුණොත් ජෝඩි ලොකු කරදරයක වැටෙයි. මට එහෙම වෙන්න හිතක් නැහැ.

Out Of Stock

මම තස්ලිමා

Highlights:

මම තස්ලිමා

සැඟවුණු සංකේතය

Highlights:

සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්‍ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග‍්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්‍රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.

භූතාවේශය

Highlights:

අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

සම්භවය

Highlights:

අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප‍්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ‍්‍රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?

නිරය

Highlights:

ඉතාලියේ ෆ්ලොරන්ස් නුවර රෝහලක යහනක් මත දී රොබට් ලැන්ග්ඩන් අවදි වන්නේ බියකරු සිහිනයක් දකිමිනි. ජලය රක්ත වර්ණයෙන් ගලා යන නදියක අනෙක් ඉවුරේ මළ සිරුරු දහස් ගණනක් මැද සිටගෙන සිටින රිදී පැහැ හිසකේ සහිත කාන්තාව ඔහුට පවසන්නේ ‘සොයන්න. සම්බවේවි.’ කියාය. අවදි වන රොබට් ලැන්ග්ඩන් හට ගත වූ දින දෙකක මතකය අහිමිව තිබේ. හිසේ වෙඩි උණ්ඩයක් නිසා ඇති වූ තුවාලයකි. කළු හැඳගත් ඝාතක කාන්තාවක සහ කළු නිල ඇඳුමෙන් සැරසුණු සෙබළු ඔහු පසුපස ලූහුබැඳීම අරඹති. තරුණ වෛද්‍යවරියක වූ සියෙනා බෲක්ස් ඔහුගේ සහායට පැමිණෙන අතර මාරක වසංගතයකින් ලෝකය ගලවා ගැනීමේ අභියෝගය ඔහු ඉදිරියේ වෙයි. අභියෝගය ජය ගන්නට නම් ඔහු සියවස් හතකට පමණ පෙර ඉතාලියේ විසූ කවියා දාන්තේ අලිගියරි සමඟ ‘නිරය’ හරහා යා යුතු වෙයි.

Out Of Stock

හේඩීස්ගේ දෙවොල

Highlights:

ඇතීනාගේ සළකුණ අවසානයේ දී, පර්සි සහ ඇනබෙත් පාතාල ලෝකය දක්වාම දිව යන්නා වූ ගැඹුරු ආගාධයකට ඇද වැටෙයි. අනෙක් උප දෙවිවරු පස් දෙනා ඔවුන්ගේ ශෝකය පසෙක ලා, පර්සිගේ උපදෙස් අනුව යමින් මරණයේ දොරටු වල මනුෂ්‍ය පැතිකඩ සොයාගත යුතුය.ගයියාගේ හමුදාවන් සමග සටන් කරමින් ඔවුන්ට ඉදිරියට යා හැකිනම්, පර්සි ට හා ඇනබෙත් ට හේඞීස් ගේ දෙවොල හරහා නැවතත් මනුලොවට පිවිසීමටත්, ගයියා ගේ යෝධයින් ව පරදවා මරණයේ දොරටු අගුල දැමීමටත් හැකිය.ඔවුන්ට ඉතිරිව ඇත්තේ සීමිත කාලයකි. මාසයකට අඩු කාලයක් ඇතුලත රෝමාණුවන් අර්ධ ලෝහිත කඳවුර පහර දෙනු ඇත. ඊට පෙර ඇතීනා පාතිනොස් ප‍්‍රතිමාව නැවත ස්ථාපිත කොට සාමයට මග සැලසිය යුතුය.හේසල් ට, ෆ‍්‍රෑන්ක් ට, නිකෝ ට, ජේසන් ට හා, පයිපර් ට මේ සියල්ල කල හැකි වේද ? මරණීය වේදනාව විඳිමින් ටාටරස් හරහා ඇවිද එන පර්සිට හා ඇනබෙත් ට නැවතත් මනුෂ්‍ය ලෝකයට පිවිසීම සඳහා මරණයේ දොරටු සොයාගත හැකි වේවි ද ?යොවුන් පාඨකයින් අතර වඩාත් ජනප‍්‍රිය වූ ‘හීරෝස් ඔෆ් ඔලිම්පස්’ කතා මාලාවේ සිව්වන කෘතිය ‘‘හේඩීස්ගේ දෙවොල’’, තම ප‍්‍රථම පරිවර්තනය වූ ‘‘මායා කවය’’ තුලින් ම ශ‍්‍රී ලංකාව පුරා පාඨක හදවත් අමන්දානන්දයට පත් කල රුෂේනි මානිංගමුව ගේ පරිවර්තනයෙන්.

Out Of Stock

ශිව – වායුපුත්‍රවරුන්ගේ ශපථය

Highlights:

හිස ඔසොවා තිබූ දුෂ්ඨ බව නතර කළ හැකි වන්නේ දෙවියකුට පමණකි. සිය හමුදා එක්කරගත් ශිව හෙවත් නීලකණ්ඨ නාගයන් ගේ අග නගරය පංචවතියට පැමිණියේ ය. එම පැමිණීමට එරෙහිව පිපිරී ගිය දිව්‍ය අස්ත‍්‍රවලින් පැවසුණේ සත්‍ය සතුරාට එරෙහිව ශුද්ධ යුද්ධය, ධර්ම යුද්ධය ඇරඹීමට කාලය එළඹ ඇති බව ය. එය ජාතියේ ආත්මය බේරාගැනීම පිණිස කළ යුතු වූ සං ග‍්‍රාමයක් වූයේ ය. ජීවිත ලක්‍ෂ ගණනින් අහිමි වූවත් නීලකණ්ඨ ට අසාර්ථක වීමේ හැකියාවක් තිබුණේ නැත. සාර්ථක වන්නට නම් එතෙක් නීලකණ්ඨ ගේ ප‍්‍රකටවීම පිළිනොගත් වායුපුත‍්‍රවරුන් ගේ උපකාරය ශිවට අවශ්‍යය.ඉන්දියාව ගිලගත් දුෂ්ඨ භාවය කුමක් ද? එම දුෂ්ඨ බව වැනසීමට මහ දෙවියා සන්නද්ධ විය යුත්තේ පශුපති අස්ත‍්‍රයෙන් ද? බ‍්‍රහ්ම අස්ත‍්‍රයෙන් ද?

Out Of Stock

ගෝඩ් ෆාදර්

Highlights:

අමෙරිකානු ජාතික ලේඛක මාරියෝ පූසෝගේ ලෝ ප්‍රකට ‘God Father’ නවකතාවේ සිංහල පරිවර්තනයයි. ඉරණමට එරෙහිවන මිනිසකු, මැර අධිරාජ්‍යයක නායකයකු ලෙසින් දෛවෝපගතව හා සිය අභිමතය අනුව ජය පැරදුම විසඳාගන්නා අයුරු කියැවෙන අපූරු කතාවකි.

Out Of Stock

මොනර පිලේ ශාපය

Highlights:

ෆ‍්‍රැම්ලිංග් මන්දිරය ඇතුළේ සඟවා ඇති මිල කළ නොහැකි අවාන කොතරම් ලස්සනට මොනර පිහාටුවලින් සාදා තිබුණත් එය තමන්ගේ අයිතිකරුවාගේ ජීවිතයට විනාශය හා මරණය රැුගෙන එන්නේයx එහි ඒ ශාපය තමාටත් උරුම වී ඇති බව ඩෘසිලා ඩිලේනි නොදන්නීය. නමුත් අවානට උරුම අඳුරු අතීතයට වඩා ෆේබියන් ෆ‍්‍රැම්ලිංග් භයානක විය හැකිය.අඳුරු චරිතයක් වෙන, නිතරම කල්පනාවේ ගැලූණු, තමා වටේ ඉන්නා සියලූ දෙනාවම පාලනය කරන්න පුරුදු වී සිටින ඔහු ඩෘසිලා, අවාන ලබා දෙන නපුරු ඉරණමෙන් බේරා ගනීවිද නැත්නම් ඇගේ මරණයට මඟ පාදයිද?

Out Of Stock

ඩ වින්චි කේතය

Highlights:

ලොව මහත් ආන්දෝලනයක් ඇති කළ නවකතාවකි. මේ ඇසුරෙන් නිමැවූ සිනමාපටය මෙරට ප‍්‍රදර්ශනය තහනම් කෙරුණු නමුත් පසු කලෙක එය රූපවාහිනී නාළිකාවකින් විකාශය කෙරිණි.පැරීසියේ ලූවර් කෞතුකාගාරයේ භාරකරු ජැක් සෝනියෙරෙ මියෙන්නට පෙර තම සිරුර අසල පණිවිඩයක් තබන්නේ කේතවලිනි. ඔහුගේ මිනිපිරිය සොෆී නෙවෙයු සහ සංකේත පිළිබඳ අමෙරිකානු මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් එම කේතමය පණිවිඩ විශ්ලේෂණය කරන්නේ විවිධ අනතුරු හා අභියෝගවලට මුහුණ දෙමිනි. අනාවරණය වන ඓතිහාසික කාරණා කොතරම් බරපතළද? ඒවා අභියෝගයන් වන්නේ කා හටද?

Out Of Stock

මොස්කව් පෙරළිය

Highlights:

රුසියාවේ කොමියුනිට්ස් පාලනය බිද වැටීමෙන් පසු 2000 ජනවාරි මස 16 වන දින පැවැත්වීමට නියමිතව තිබු ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනප්‍රිය දේශපලනයෙකුගේ රහස් ප්‍රතිපත්ති ප්‍රකාශනය අස්ථාන ගත වෙයි.

Out Of Stock

පොත් හෙර

Highlights:

මෙම මිනිසුන්ට වඩා යහපත් යමක් හිමිවිය යුතු වුණිද? කී දෙනෙක් අනෙකුන් ක්‍රියාකාරී ලෙස පීඩාවට පත්කර තිබුණිද? හිට්ලර්ගේ බැල්මේ සුවඳින් පිබිද, ඔහුගේ වාක්‍ය නැවත කියවමින් ඔහුගේ පරිච්චේද උපුටා දක්වමින්, ඔහුගේ ප්‍රබන්ධ ගෙන හැර පාමින් ඔවුන් එවැනි දේ කර තිබුණා නොවේද? යුදෙව්වෙකු සඟවා ගැනීමෙන්? හාන්ස්? ඔවුන් සැමට මරණය සුදුසු වීද? ළමුනට පවා? Markus Zusak විසින් රචිත The Book Thief කෘතියේ සිංහල පරිවර්තනයයි.

Out Of Stock

ස්කාලට්

Highlights:

ස්කාලට් බෙන්වාගේ අත්තම්මා අතුරුදහන් වී ඇත. පොලීසිය ඒ ගැන දැමූ පැමිණිල්ල විභාග කිරීම නවතා දමා ඇත. ස්කාලට්ට උදවුවක් ගැනීමට සිටින එකම කෙනා ඇය විශ්වාස නොකරන වීදි සටන්කරුවකු වෙන වුල්ෆ් නමින් හැඳින්වෙන්නාය. ඇය ඔහු විශ්වාස නොකළත් ඔවුන් දෙදෙනා එකිනෙකාට ආකර්ෂණය වීම සිදු වෙයි. මේ අතරතුර නව බීජිංවල සිටින සින්ඩර් දුෂ්ට ලවානා රැුජිනට වඩා පියවරක් ඉදිරියෙන් සිටිමින් සිරෙන් පැන යෑමත් සමග ඇය නැගෙනහිර නිදහස් රාජ්‍යයට වඩාත්ම සොයා ගන්න ඕනෑ කරන පලායන්නා බවට පත් වෙයි. ස්කාලට් හා වුල්ෆ් එක අබිරහසක සුල මුල සොයා ගැනීමත් සමග ඔවුන්ට සින්ඩර් හමුවීමත් අලූත් අබිරහසක් ගැන දැන ගන්න ලැබීමත් සිදු වෙයි. කයි කුමාරයා තමන්ගේ සැමියා, රජු හා සිරකරු බවට පත් කර ගැනීම සඳහා ඕනෑම දෙයක් කිරීමට සූදානමින් ඉන්නා දුෂ්ට ලවානා රැුජිනට ඔවුන් එකතු වී අභියෝග කළ යුතුයි.

1 2 7 8 9 10 11 15 16
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping