Translations (Parivarthana)

Translations (Parivarthana)

(Showing 151 – 180 products of 457 products)

Show:

ගලිවර්

Highlights:

අයර්ලන්ත ජාතික ලේඛකයකු සහ පූජකයකු වූ ජොනතන් ස්විෆ්ට් විසින් ලියන ලද මෙම නවකතාව ලෝකයේ අතිශය ජනප්‍රිය නිර්මාණවලින් එකකි. ඉංග්‍රීසි ජාතික කිවියකු වූ ජෝන් වරෙක පවසා තිබුණේ මේ කෘතිය පාලක පංතියේ සිට ළදරු පාසල දක්වා එකසේ ජනප්‍රිය කෘතියක් බවය.

 

රොබින්සන් කෲසෝ

Highlights:

ඉංග්‍රීසි ජාතික ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ නවකතාව වසර 28ක කාලයක් පාලු දූපතක තනිව ගත කළ මිනිසකු වටා ගෙතී තිබේ. මුහුද මැද දී අනතුරට ලක් වන නෞකාවෙන් ජීවිතය ගළවා ගන්නේ ඔහු පමණි. සයුරෙහි පිහිනා ඔහු පැමිණෙන්නේ මේ දූපතටය. ඔහුට තනියට සිටින්නේ අහම්බෙන් හමුවන බල්ලකු පමණි. එක් අවස්ථාවකදි ඔහු මිනී කන්නන්ගේ ප්‍රහාරයකට ද ලක් වෙයි. මෙය සත්‍ය කතාවක් යැයි බොහෝ පාඨකයන් සිතුවත් එය එසේ නොවන බව පැවසේ. කෙසේ නමුත් මේ කතාව සඳහා පාදක වී ඇත්තේ අනතුරකට පත් වූ නෞකාවකින් දිවි බේරාගෙන වසර හතරක් දූපතක තනිවී සිටි ස්කොට් ජාතිකයකු වූ ඇලෙක්සැන්ඩර් සෙල්ක්ර්ක්ගේ කතාව බව ඇතැම්හු පවසති. මුලින්ම 1719 වසරේ ප්‍රකාශයට පත් වූ මේ නවකතාව අදටත් ලෝක සාහිත්‍යය තුළ කැපී පෙනෙන ස්ථානයක වැජඹේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/91dfb2a0d7a811e9b3821745435df36f” ]

Out Of Stock

ගව් විසි දහසක් මුහුද යටින්

Highlights:

ප්‍රංශ ජාතික ලේඛක ජූල්ස් වර්න් විසින් ලියා වර්ෂ 1870 දී ප්‍රකාශයට පත් කරන ලද Twenty Thousand Leagues Under the Seas: A Tour of the Underwater World සම්භාව්‍ය විද්‍යා ප්‍රබන්ධ කෘතියෙහි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙය වේ. 1867 වර්ෂයේ ප්‍රංශයේ පවත්වනු ලැබූ ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනයේ දී Plongeur නම් ප්‍රංශ සබ්මැරීනයේ ආකෘතියක් ප්‍රදර්ශනය කරනු ලැබූ අතර මෙහි කර්තෘ ජූල්ස් වර්න්ට මෙම සාහිත්‍ය නිර්මාණය කිරීම සඳහා අදහස පහළ වී ඇත්තේ එයින් පසුව බව කියැවේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/28ac72e0ee4611e990db956de9d1e12f” ]

සුවිසල් පැතුම්

Highlights:

සුප්‍රකට ඉංග්‍රීසි ජාතික කතුවරයකු වූ චාල්ස් ඩිකන්ස් විසින් රචිත දහතුන් වැනි නවකතාව වූ Great Expectation හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘සුවිසල් පැතුම්’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. ඩේවිඩ් කොපර්ෆීල්ඩ් (මෙය ද ගුණසේන ප්‍රකාශනයක් ලෙස සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම පවතී) හැරුණු විට උත්තම පුරුෂයෙන් ලියන ලද ඔහුගේ දෙවැනි නවකතාව වන්නේ මෙයයි. 19 වැනි සියවසේ මැද භාගයේ එංගලන්තයේ කෙන්ට් සහ ලන්ඩන් යන නගර ආශ්‍රිත සිදුවීම් මෙම නවකතාවෙන් පිළිබිඹු වේ. කතාව ගෙතී ඇත්තේ ‘පිප්’ නම් අනාථ දරුවකු වටාය.

රු195.00 25% OFF

කාල යාත්‍රාව

Highlights:

‘කාල යාත්‍රාව’ යනු සුප්‍රකට ලේඛක එච්.ජී. වෙල්ස් විසින් ලියා, වර්ෂ 1895 දී ප්‍රකාශයට පත් කරන ලද විද්‍යා ප්‍රබන්ධයක් වූ The Time Machine හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. කතාව ගෙතී ඇත්තේ වික්ටෝරියානු විද්‍යාඥයකු වටාය. ඔහු කාලය ඔස්සේ ගමන් කළ හැකි යන්ත්‍රයක් නිර්මාණය කරන අතර, ඔහු එයින් ක්‍රි.ව. 802,701 තරම් අනාගතයකට ගමන් කරයි. එසේ ගමන් කොට ඒ අනාගත ලෝකයේ ඔහු දකින දෑ මේ කෘතියෙන් විස්තර කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/173d6020ea7511e9a1790df3c3018939″ ]

GUNASENA CLASSICS – බ්ලැක් බියුටි

Highlights:

මෙය විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Black Beauty නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයකි. මෙය බ්ලැක් බියුටි නම් අශ්වයාගේ ජීවිත කතාව විස්තර කරන කළු අශ්වයෙකු පිළිබඳ කදිම කෘතියකි. මේ අශ්වයා ගොවිපළක්  අතහැර තවත් ගොවිපළක් කරා යන ගමනේ දී නව හිමිකරුවන් සහ අශ්වයන් යන බොහෝ දෙනෙකු ඔහු මුණ ගැසේ. මෙය ඔබට සතුට මෙන්ම දුක ද ඇති කරන්නක් වුවත්  සුඛාන්තයක් ඇති කෘතියක් වේ.

එමා

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Emma නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/308f0510b1b511e99091453d6f12ee60″ ]

අදිසි මිනිසා

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Invisible Man නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2164bb30f0cd11e980940987a68ba7e3″ ]

රු168.75 25% OFF
Out Of Stock

හකල්බර් ෆින්ගේ වික්‍රම

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ The Adventures of Huckleberry Finn නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/bdb1c500ee2c11e9886ac1b0793ba4b5″ ]

Out Of Stock

අයිවන්හෝ

Highlights:

‘අයිවන්හෝ’ යනු සර් වෝල්ටර් ස්කොට් විසින් ලියා වර්ෂ 1819 දී ප්‍රකාශයට පත් කරන ලද Ivanhoe කෘතියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. යථාර්තවාදී නව කතාවක් වන මෙය මධ්‍යතන එංගලන්තය පසුබිම් කොට ගනිමින් ලියැවී තිබේ. කතාව ගෙතී ඇත්තේ මධ්‍යතන එංගලන්තයේ වංශවත් පවුලක් වටාය. මේ සමයේ එංගලන්තයේ බලය පැවැතියේ නෝමන්වරු අතය. නෝමන් රජකු වූ රිචඞ් රජුට පාක්ෂිත්වය දැක්වීම නිසා අයිවන්හෝ හි සර් විල්ෆ්‍රඞ් සිය පියාගේ උදහසට ලක් වෙයි. මෙය ලෝකයේ වඩාත්ම කතා බහට ලක් වූ ස්කොට් නවකාව ලෙස ද ප්‍රකටය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/262f82a0eb1011e9aae689cffafdab47″ ]

රු195.00 25% OFF
Out Of Stock

ටිකිරි ළඳුන්

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ Little Women නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/058e9470d72611e9aa4825e92454770b” ]

රු187.50 25% OFF
Out Of Stock

ඩේවිඩ් කොපර්ෆිල්ඩ්

Highlights:

විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ David Copperfield නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය වන මෙය, අපගේ සියුම් සිතුම් පැතුම් ඉතා සංවේදීව විනිවිද දකින අපූර්වත්වය ආත්මය කරගත් සුන්දර නිර්මාණයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/89c626f0ee5111e9b4e8a35acee02311″ ]

Out Of Stock

හෙයිඩි

Highlights:

‘හෙයිඩි’ යනු 1881 වසරේ දී ස්විස් ජාතික ජොහැන්නා ස්පයිරි විසින් ලියන ලද ළමා කෘතියක් වන අතර වර්තමානය වන විට එය ලෝක සාහිත්‍යයේ අද්විතීය ස්ථානය වැජඹෙයි. මෙය ස්විස් සාහිත්‍යයේ ඉතා ඉහළ අළෙවියක් ඇති කෘතිවලින් එකකි. කතාව ගෙතී ඇත්තේ සිය දෙමාපියන් මිය යාම නිසා මව් පාර්ශ්වයේ නැන්දනියකගේ භාරයට පත්වන ‘හෙයිඩි’ නම් දැරියක වටාය. මේ නැන්දනිය විසින් හෙයිඩිව හදාවඩා ගැනීමට ස්විට්සර්ලන්තයේ කඳුකර පෙදෙසක ඇගේ සීයාට බාර කෙරෙන අතර ඒ ගම්බද පරිසරයේ ඇය සොබා දහමත් සමග හැදී වැඩෙන අයුරු මේ කෘතියෙන් විස්තර කෙරේ. වර්ෂ 1920 සිට මේ දක්වා මෙම කෘතිය ඇසුරින් නිර්මාණය වූ චිත්‍රපට සංඛ්‍යාව 12 කට අධිකය. මෙය භාෂා 50 කට අධික සංඛ්‍යාවකට පරිවර්තනය වී ඇති අතර ලොව වටා මිලියන 50 කට අධික සංඛ්‍යාවක් අළෙවි වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/9a9894f0f3d311e9af4d2d86699f18f0″ ]

ළමා කොල්ලය

Highlights:

19 වැනි සියවසෙහි විසූ ශ්‍රේෂ්ඨ කතුවරයකු වූ ආර්.එල්. ස්ටීවන්සන් විසින් රචනා කරන ලද කෘතීන් අතරින් ඉහළින් වැජඹෙන් ‘ද කිඩ්නැප්ඩ්’ නවකතාවේ සිංහල පරිවර්තනය “ළමා කොල්ලය” නමින් ප්‍රකාශයට පත් ව තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/be05c850a85111e9980d9311c2b89528″ ]

රොබින්සන් කෲසෝ

Highlights:

ඉංග්‍රීසි ජාතික ඩැනියෙල් ඩෙෆෝ විසින් ලියන ලද රොබින්සන් කෲසෝ නවකතාව වසර 28ක කාලයක් පාලු දූපතක තනිව ගත කළ මිනිසකු වටා ගෙතී තිබේ. මුහුද මැද දී අනතුරට ලක් වන නෞකාවෙන් ජීවිතය ගළවා ගන්නේ ඔහු පමණි. සයුරෙහි පිහිනා ඔහු පැමිණෙන්නේ මේ දූපතටය. ඔහුට තනියට සිටින්නේ අහම්බෙන් හමුවන බල්ලකු පමණි. එක් අවස්ථාවකදි ඔහු මිනී කන්නන්ගේ ප්‍රහාරයකට ද ලක් වෙයි. මෙය සත්‍ය කතාවක් යැයි බොහෝ පාඨකයන් සිතුවත් එය එසේ නොවන බව පැවසේ. කෙසේ නමුත් මේ කතාව සඳහා පාදක වී ඇත්තේ අනතුරකට පත් වූ නෞකාවකින් දිවි බේරාගෙන වසර හතරක් දූපතක තනිවී සිටි ස්කොට් ජාතිකයකු වූ ඇලෙක්සැන්ඩර් සෙල්ක්ර්ක්ගේ කතාව බව ඇතැම්හු පවසති. මුලින්ම 1719 වසරේ ප්‍රකාශයට පත් වූ මේ නවකතාව අදටත් ලෝක සාහිත්‍යය තුළ කැපී පෙනෙන ස්ථානයක වැජඹේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3de59e20a84911e9b6e82364c547b6c6″ ]

රොබින් හුඩ්

Highlights:

රොබින් හුඞ් යනු ඉංග්‍රීසි ජාතිකයන්ගේ ජනකතාවල සඳහන් වන වීරයෙක් මෙන්ම කැරළිකරුවෙකි. ඔහු දුනු ශිල්පයට සහ කඩු ශිල්පයට අති දක්ෂයෙකි. ධනවතුන්ගෙන් සොරාගන්නා ධනය දුප්පතුන් අතර බෙදාදීම නිසා ඔහු සාමාන්‍ය ජනතාව අතර වීරයකු බවට පත් විය. මධ්‍යතන යුගවලදී ජනප්‍රියත්වයට පත්වන්නට පටන් ගැනුණු රොබින් හුඞ් චරිතය විවිධ සාහිත්‍ය නිර්මාණ ඔස්සේ කාලයත් සමඟ වර්ධණය විය. රොබින් හුඞ් යනු හුදෙක් කල්පිත චරිතයක් බව ඇතැමෙක් පවසන අතර මෙවැනි පුද්ගලයකු ජීවත් වූ බවට ඇතැමෙක් සඳහන් කරති. මේ අපූරු චරිතය වටා ගෙතුණු රොබින් හුඞ් කෘතිය සිංහල බසට සම්පාදනය කරන්නේ ඬේවිඞ් කරුණාරත්නයන් විසිනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b78ff1f0a84e11e99ad9151813696b61″ ]

Out Of Stock

ඩේවිඩ් කොපර්ෆිල්ඩ්

Highlights:

සුපතල ලේඛක චාල්ස් ඩිකන්ස් විසින් රචිත විශිෂ්ඨතම කෘතිවලින් එකක් ලෙස මෙය සැලකේ. බොහෝ විචාරකයන් පවසන්නේ මෙහි බහුලව අඩංගුව ඇත්තේ මෙම ලේඛකයා පෞද්ගලිකව ලද අත්දැකීම් බවයි. එබැවින් මෙය ඔහුගේ ජීවිත කතාවේ එක් පැතිකඩක් ලෙසින් ද සඳහන් කළ හැකිය.

ජේන් අයර්

Highlights:

‘ජේන් අයර්’ යනු ඉංග්‍රීසි ජාතික ලේඛිකාවක වූ චාලට් බ්‍රොන්ටේ විසින් ‘කියුරර් බෙල්’ යන අනවර්ත නාමය යටතේ 1847 වසරේ දී ලියන ලද නවකතාවකි. සැබෑ වික්ටෝරියානු සමාජය නිරූපණය කෙරෙන මෙහි ඇත්තේ කාන්තාවකගේ ඇතුලාන්ත සිතුම් පැතුම්, සිය අභිලාෂයන් මුදුන්පත් කරගැනීම සඳහා කාන්තාවක් සිදුකරනා අරගලයන් ආදී කාරණාවන්ය. උත්තම පුරුෂ ශෛලියෙන් ලියා ඇති නිසා මෙයින් පවසන්නට අදහස් කරන දෑ මනාව අවබෝධ වෙයි. මෙහි ප්‍රධාන චරිතය වන ජේන් අනාථ දැරියක් බව පෙන්වා දෙමින් නවකතාව ආරම්භ වෙයි. වයසින් වැඩෙත්ම කාන්තාවකට අවශ්‍ය ආත්ම විශ්වාසය ඇය තුළ ගොඩ නැගෙන ආකාරය දකින්නට හැකිය. සමාජය තුළ බාධක, දුක් කම්කටොලු බිඳලමින් ඉදිරියට ගමන් කරන්නට රිසි ඕනෑම කාන්තාවකට ගැලපෙන ධනාත්මක නවකතාවක් ලෙස ජේන් අයර් කෘතිය හඳුන්වා දිය හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e3e1eec0ae9d11e9b1373d5858bcf318″ ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – පාළු නිවසේ අභිරහස් වික්‍රමය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වූ The Adventure of the Empty House හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘පාළු නිවසේ අභිරහස් වික්‍රමය‘ නමින් මෙසේ ඔබ අතට පත් වෙයි. ‘අවසන් ගැටලුව‘ විසඳීමේ දී අතුරුදහන් වන හොම්ස් සියලු දෙනා විස්මයට පත් කරමින් නැවත ආපසු පැමිණෙන ආකාරය මේ කතාවෙන් කියැවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/21de5770cb2f11ea94986f2fb595f83f” ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අවසන් ගැටලුව

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් රචිත රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වූ The Final Problem හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ‘අවසන් ගැටලුව‘ නමින් මෙසේ ඔබ අතට පත් වෙයි. ලන්ඩන් නුවර වෙසෙන නමගිය අපරාධකාර මහාචාර්යවරයකු පසුපස ෂර්ලොක් හොම්ස් හඹා යයි. අපරාධකාර මහාචාර්යවරයා සහ හොම්ස් භයානක ප්‍රපාතයක් අද්දර සටනකට එළැඹෙයි. කතාව අවසන පැවසෙන්නේ හොම්ස් මිය ගිය බවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63f07540cb3111ea8f9507a91813a4b5″ ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – ඇඹරුණු ඔටුන්න

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Adventure of the Musgrave Ritual හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

ෂර්ලොක් හොම්ස්ගේ අභිරහස් පරික්ෂණ

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් කීර්තිමත් නවකතාකරුවෙකි. ඔහු විශ්ව සාහිත්‍යයට අපූරු චරිතයක් නිර්මාණය කළේ ය. ඒ කිසිදා නොමියෙන ෂර්ලොක් හොම්ස් ය. මේ ඒ කතා පෙළේ සමහරකි. එන්. ඒ. ඩී. ගුණතිලකයන් විසින් මේ කතා පරිවර්තනය කොට තිබේ.

Out Of Stock

මායා සිහිනය

Highlights:

දහනව වන සියවස අග දී ප්‍රබන්ධ කතා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඒ අතර රයිඩර් හැගාර්ඞ්ගේ කෘති විශේෂ තැනක් ගනී. මේවා කල්පිත ප්‍රබන්ධ වුව ද, ඒ බව පාඨකයාට නොහැඟෙන පරිදි ප්‍රබලව නිර්මාණය කර ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3fbdc5a0adf211e98c47d712d18b7afd” ]

රු240.00 25% OFF

යහපත් යාත්‍රිකයා

Highlights:

කැප්ටන් මැරියට්ගේ ‘මාස්ටර්මන් රෙඩි’ නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. මුහුදු ගමන් යනු අවදානම් සහිත ක්‍රියාවලියකි. අතීතයේ දී එය අදටත් වඩා අතිශය අවදානම් සහගත විය. ත්‍රාසය, භීතිය රැගත් එවන් මුහුදු ගමනක සුලමුල මෙහි වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5b03ee10a84211e9bf7d9d0bde139afa” ]

රු292.50 25% OFF
Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – වෙස් මුහුණ

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56 න් එකක් වූ The Adventure of the Yellow Face හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.

 

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් කාමරය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් එකක් වූ The Adventure of Copper Beeches හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි..

 

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මාරක අශ්වයා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56 න් එකක් වූ The Adventure of Silver Blaze හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි..

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f0c2a930a13c11e9a6284ff8cf3b7c5b” ]

Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රහස් ඔටුන්න

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Beryl Coronet හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ රහස් ඔටුන්න’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. එංගලන්තයේ ජාතික සම්පතක් බවට සැලකෙන ගෝමේද ඔටුන්නක් ඇපයට තබා එක් පුද්ගලයකු බැංකුවකින් මුදල් ප්‍රමාණයක් ණයට ගන්නා අතර බැංකුකරුවා වැඩි පරිස්සමට මේ ඔටුන්න සිය නිවසේ සේප්පුවේ තැන්පත් කරයි. අවාසනාවකට මෙය සොරකම් කෙරෙයි. හෝම්ස් සැබෑ අපරාධකරුවා සොයා ගන්නා ආකාරය මේ කතාවෙන් කියවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a3efdde0a14c11e99b11b982bde8159b” ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අතුරුදහන් වූ මනාලිය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් The Adventure of Noble Bachelor හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/41d3de90a14c11e991357ddb46b83260″ ]

රු37.50 25% OFF

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – වෙස් වලාගත් මනාලයා

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ A Case of Identity හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘වෙස් වලාගත් මනාලයා’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. සිය විවාහ දිනයේම සැමියා අතුරුදහන් වූ බව පවසමින් එක් කාන්තාවක් ෂර්ලොක් හොම්ස්ගෙන් උදව් ඉල්ලා පැමිණෙයි. හොම්ස් සිය පරීක්ෂක සඟයා වූ වොට්සන් සමග එක්ව මේ ගැටලුව විසඳන ආකාරය මේ කතාවෙන් කියවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/77b08c90a13611e9a8153baef08d0b1a” ]

1 2 4 5 6 7 8 15 16
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping