ජිමී සහ පොලියානා
පොලියානා ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැදින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.
සාන්ත නිකලස් හි අතුරුදන් වූ කත
මානව ජිවන අත්දැකීම් විශ්ව සාධරණය. ඒවා පෙරදිග අපරදිග හෝ රට රටවල ස්වභාවය අනුව හෝ වර්ග කළ නොහැකිය. මානව සිතුම් පැතුම්, මානව චර්යාවන් ව්ශ්විය වන බැවින් ලෝක සාහිත්‍යය වින්දනය කිරීම ප්රජාතන්ත්රවාදී ය .එහෙත් කොදෙව් දුප්පත්කම පරීවර්තන මගින් ලෝක සාහිත්‍යය සමීප කිරීම සීමිත කොට ඇත.
මගේ නම නුජුඩ් වයස 10යි දික්කසාදයි
2008 වසරේ දී ඇයගේ වයස මෙන් තුන් ගුණයක් වයස ඇති පිරිමීයකු හට නුජුඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමග ඇයගේ ළමා කාලය හිටිවනම අවසන් විය.සිය සැමියාගෙන් වු අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන සෘජු බවකිනි.
විෂ කන්‍යා
කිසිදු ආයුධයක් අත නැතිව එකම එක හාදුවකින් පමණක් මිනිසෙකු මරා දමන්නට හැකි විෂ කන්යාවක්මී මා අතින් මිය යන්නේ මරා දමන්නැයි රජුගෙන් මට අණ ලැබෙන පුත්ගලයින් ය මා අතින් මැරෙන මිනිසුන්ව මා හදුනන්නේ නැත ඒ කවුරුදැයි හොයන්නට මට උවමනාවක්ද නැත.
තුන් අවුරුද්ද
19 වන ශත වර්ෂයේ අග භාගයේදී රුසියන් බුද්ධිමතුන් අතර පැන නැගුණු දෘෂ්ටිමය විවාදයන් වන සමාජයීය ප්‍රගතිය හා පන්ති අතර අසමානත්වය විනාශ කිරීමේ අනාගත හැකියාවන් ගැනද කලාව සහ කාලයාගේ ඉල්ලීම අතර ඇති සම්බන්ධතාව ගැනද මෙම කතාවෙන් පිළිබිඹු වේ.
ඔත්තුකාරි
සිහින්, උස්, වන සතෙකුගේ සුඛනම්‍ය සුන්දරත්වය සමඟ අප ගුප්ත ලෙස දෝලනය වන මැජික්මය දිශාවකට කැඳවාගෙන යන, කාලවර්ණ කේශ කලාපයක් මාතා හාරී සතුය.
භූත යානය
1957 වසරේ නත්තල උදාවෙමින් තිබිණි. නත්තල් නිවාඩුව ලබා ගෙදර එන ඔහු වැම්පයර් යානයේ නියමු කුටියේ සිටි එකම තැනැත්තා විය ඔහු ගේ පරම අභිලාෂ වුයේ විනාඩි හැටක ගමනින් පසු ලෙකන්හිත් ගුවන් තොටුපොළට නිරුපද්‍රිතව ගොඩ බැසිමටයි. ගුවන් යානයේ ක්රියාකාරීත්වයේ කිසිදු ගැටලුවක් පෙනෙන්නට නො වී ය. උතුරු මුහුද මතින් ගමන් කරද්දී ඝණ මිදුම යානය වට කර ගන්නට විය.රේඩියෝ සංඥා සියල්ල ඇණ හිටි අතර කොමිපාසුවේ කටුක නිදැල්ලේ කැරකෙන්නට විය. මේ අවස්ථාවේ කොහේ සිට පැමිණියා දෝයි නොදත්, දෙවැනි ලෝක යුද්ධය සමයේ බෝම්බ හෙළීමට උපයෝගී කරගත් යානයක් නියත මරණය අබියස සිටි මේ නියමුවා ගේ ජීවිතය ගලවා ගැනීමට ප්‍රාදූර්භූත විය.
නිහඬ උල්පත්
දූගී බවේත්, අවමානයේත් යට සිරවුණු ඇනා හෝටලයක මෙහෙකාර කෙල්ලකි. ඩැනියෙල්,ඇනාගේ රටේ නිවාඩුවක් ගත කරන්නට එන ඇමරිකානු ධන කුවේරයෙකුගේ එකම උරුමක්කාරයා ය.
ග්‍රහ ලෝකයෙක විනාශය
1987 වසරේ ලියන ලද මෙම නවකතාව අද වුවද යථාර්ථවාදයේ අක්රමණකාරී බලවේග ලෝකය ඇදහෙළන අවදානම් සහිත අවි තරගය බියෙන් යුතුව නිරීක්ෂණය කරන පාඨකයා වෙනත් ග්‍රහ ලෝකයක විනාශය පිළිබද කල්පිතය පිළිගන්නේ අපේ පෘථිවීයේ සාමයට කරන ආයාචනයක් ලෙසිනි. මිහිපිට සහ අජටාකාශයේ සියලු අන්දමේ න්‍යෂ්ටික යුද්ධවලට විරුද්ධත්වය න්‍යෂ්ටික ප්‍රකාශ කිරීමක් ලෙසීනි.
ඔබ ළඟ මා
ඔහුගේ දෑස මා වෙත යොමු වී තිබෙන බව මට දැනුණා. එසේ නොවුනා නම් යෙහෙකි යැයි මට සිතුණේ මගේ දෑත්වල වෙව්ලීම නතර නොවී තිබුණු නිසා. කියා ගැනීමට නොහැකි දෑ බොහෝ තිබෙන බව ඔහුට කියන්නට තැත් කරමින් මා හිස සැලුවා. මට යළිත් ඔහු ගේ අත අල්ලා ගැනීමට ඕනෑ වුවත් එසේ කිරීමට පුළුවන් බවක් දැනුණේ නැහැ. ඔහුගේ බැල්ම මට වැටහුණා. නෑසු ප්‍රශ්න සියල්ල පාහේ එහි තිබුණා.
සිරකරුවාගේ බිරිඳ
ගොවිපොළෙහි ගෙවන්නට වන ඒකාකාරී ජීවීතයෙන් වෙහෙසට පත්වන තරුණ ඉසී ඉන් ඔබ්බට ඇති ලෝකය ගවේෂණය කිරීමේ නොතිත්ආශාවෙන් පෙළෙන ආකාරය ජීවිත අවදානමද නොතකා ඇය ගන්නා තීරණ ඉසී සහ බිල් නැවත නාසීන්ගේ ග්‍රහණයට හසු වීම සහ එතැන් පටන් ඔවුනට මුහුණ දෙන්නට සිදුවන ඉතා කටුක සමුදායක් .
අමාවක
මාත් ඔයාට ආපහු පොරොන්දුවක් දෙන්නම්.මං අයෙ කවදාවත් ඔයාව දකින්න එන්නෙ නැතුව ඉන්නම්. මගේ මැදිහත්කමක් නැතුව ඔයාගේ ජීවිතේ ගලාගෙන යාවි. හරියට කවදාවත් මං හිටියෙ නෑ වගේ.
ඔබ නැති මා
සොයාගත කොහැකි වචන සොයා නිහඩව මම මුව වෙහෙසවීමි ඔහු නැති වීමෙන් මා තුළ ශුන්‍ය කුහරයක් හටගත් බව, වේදනාකාරී නිරන්තර මතක ගලා එන බව, එය කිසිදා පිරවිය නොහැකී අඩුවක් බව කෙසේ නම් පවසන්නද?
මිලින හිරු
ඔහුගේ සුපුරුදු කටහඩ ඔස්සේ මතක තරංග දහසක් මගේ මනසට පිවිසේ.. ඩ්රිෆ්වුඩි ගස් අතර සහිත වෙරළ… ප්ලාස්ටික් සෙවණැති ගරාජය… අපිළිවෙල කුඩා කාමරය….තදින් කා වැදුණු ඔහුගේ කළු දෑසෙහි සිනහව….. මා වටා දැවෙටෙනඔහු දෑතේ උනමය රස්නය… සුදු දත් දෙපල…පැතිරී යන පුළුල් සිනහව සහිත වන.. මට එක්තරා පාළුවක් දැනුණි.
මම සල්මා
සල්මා විවාහයට පෙරාතුව ගැබ් ගන්න බැවින් ලෙවන්තයේ කුඩා ගම්මානයක එළුවන් පසු පස දිවයමින්,දඟ කරමින් ගෙවූ ඇගේ අහිංසක දිවිය සදහටම නිමා විය.ඇයට තම දිවි බේරා ගැනීම පිණිස සිරගතවීමට සිදු වේ ඇගේ දියණිය උපත ලද මොහොතේ ඈ වෙතින් උදුරාගෙන යනු ලැබිණ.දියණිය දෑසින් දකින්නට වරම් නොලද ඇයට එම හැඬුමේ දෝංකාරය සදහටම සිය සවන් තුළ සිරව රැදී බව දැනිණ.
හිමිදිරි උදාව
ඒ කුඩා ස්පර්ශය සමග මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැතිව ජීවත් වීමට නොහැකිව සිටි මට දැන් නැතිවම බැරි දෙදෙනෙකි. මවිසින් මාව මවක් සේ කිසිදාක මවාගෙන සිට නැති අතර, මට එවැන්නක් ඕනෑ වී තිබුණේ ද නැත.ළමයින් මගේ සිත් ගත් පිරිසක් නොවේ.මට ඔවුන්ගෙන් වැඩක් තිබුණේ නැත.
සැඟවුණු ආදරය
සර් රොබට්ගේ දියණිය වු ලුසීගේ ගුරුවරිය ලෙස වගකීම් පැවරුණු සිලිවියා වේස්ට කටයුතු කිරීමට සිදුව තිබුණේ ආර්යා ක්ලෙමෙන්ටිනා යටතේය. සර් රොබට් මෙන්ම ෂෙල්ඩන් හෝල් මන්දිරයේ සෑම චරිතයක්ම ගුප්ත බව තුළ ජීවත් වු අතර තම හදවත සගවාගෙන සිටි තහනම් ආදරයක් පිළිබද සිලිවියාගේ වියරු සිහිනය සැබෑ වීමේ හැකියාවක් නොතබිණි.
ගොම්මන් කළුවර
ඔහුට ළං වන වරක් පාසා ස්වකීය ජීවිතය අනතුරෙහි බව වටහා ගත්තද ආපසු හැරී යාම ඇයට වුවමනා වූයේ නැත. “මේ දිව්‍යමය සත්වයා මට හිමි කර ගත හැකිද?” ඒ ඇගේ හදවත නිරන්තරයෙන් විමසු පැනයයි.
පෙර භවයේදී ද පෙම් කළෙමි
ග්වෙන්ඩොලින් ෂර්බෲක් ආර්යාව සර් ෆිලිප් චැඩ්ලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිදු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි. යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කිහිපයක් ඇතුළත සිදුවූ සර් ෆිලිප් ගේ එකම ආදරවන්තියගේ මරණය ග්වෙන්ඩොලීන්ගේ උපත සමඟ කිසියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලීන්ගේ කිසියම් පරිකල්පනයක් පමණක්ද? මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප්‍රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්දරය තුළින් සොයාගත හැකිය.
ගෝරා
“මේක මගේ යාළුවෙකුගේ පින්තූරයක්.” “යාළුවෙකුගේ? යාළුවා කවුද?” විනය සිනාසුණේය. “ඔයා එයාව දන්නේ නෑ. මගේ යාළුවගේ නම ගෞර්මොහාන්. අපි එයාට කියන්නේ “ගෝරා ” කියලා අපි පොඩි කලේ ඉඳලා එකට ඉගෙන ගත්තේ “.
ගෝ දානය
“මගෙන් වෙච්ච වැරදිවලට මට සමාවෙන්න මලිති. මට අද ඔය දෙන්නා ඇර වෙන කවුරුවත් නැ. ඔයා මාව පහත් මිනිහෙක් කියලා සලකන්නේ නැති වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉරණම මට සතුරු වෙච්ච හැටි”
මිනිසුන් අතර
මා දැන් මිනිසුන් අතර හෙවත් සමාජයට පිවිස ජීවනෝපායෙහි යෙදෙන්නට වූයේ, නගරයේ ප්‍රධාන වීදියෙහි පිහිටා ඇති සපත්තු මාළිගයෙහි ආවතේවකම් කරන කොල්ලෙකු ලෙසිනි. මගේ හාම්පුතා මිටි, වටකුරු මිනිසෙකි. ඔහුගේ මුහුණ දම් පැහැතිය. මුඩුය. දත් කොළ පැහැතිය.
තුන් සිත
තද පරුෂ චරිත ස්වභාවයක් ඇති අත්තිප්පා ෂුනිවී නම් වු ධනවත් ගැමියා, පනස් හැවිරීදී වියට පත්වන තෙක් අධාර්මික ජීවිතයක් ගත කොට, හදිසියේම භාවනානුයෝගී වුයේ, ගිහි ගෙය හැරපියා වනගත විය. එහි ගිරිකඳුරක් අද්දර, ලී සාදන ලද අසපුවෙක ශීතෝෂ්ණ කාලය එකසේම ගත කරමින් අට අවුරුද්දක් කාලය ගෙවිය.
පෙරළූ නැවුම් පස
”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.” ”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය. ”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?” ”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?” ”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …” ”සහෝදරයා කසාද බැඳලද?” ”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.” ” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”
ශ්‍රී කාන්ත
මෙකල කාන්තාවන්ට තිබුණු නිදහස ඉතා සීමිතය. දැනට නාගරික බලපෑම නිසා මේ තත්වය තරමක් දුරට වෙනස් වී තිබුණත් ගැමි සමාජය තුළ තවමත් මිට සමාන තත්වයන් දක්නට ඇත. වංග දැරියක් ඉතා අඩු වයසින් ම විවාහ කර දෙනු ලැබේ. පති කුලයට කැන්දා යාමට පෙර සැමියා මිය ගියත් ඇය ජීවිතකාලය තුළම “සති ධමය ” රකිමින් කණවැන්දුම් ස්ත්‍රියක් ලෙස සිටිය යුතුය.
අපූගේ ලෝකය
“අපුගේ ලෝකය” අපු නම් වු ස්වාමි පුරුෂයාගේ, පියාගේ පමණක් නොව දහසකුත් දුක්ව දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වු පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. අපුගේ ජීවන ධාරීතාව පෘථූල කළ සුන්දර බිරිද අපර්ණා – ජීවත්වීමේ ආශාව දැල්වූ කාජල් ජීවනයේ මිහිරී සුවද විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණිය චරීත ලෙස අපුගේ ලෝකය සිතුවම් වී ඇත.
අරණකට පෙම් බැඳ
“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා. හොඳ පිරිසිදු වතුර ටික. ඒ වගේම සීතලයි,“ ඔවුහු කීය. මම එතැන බැලීමට ගියෙමි. එය කෙතරම් සුන්දර ස්ථානයක්ද? පාළු අරණේ ගල් තලාව මතට සරත් හා වසන්ත කාලවල කුරුල්ලන් ජල ක්‍රිඩා කරන්න පැමිණෙනු ඇත. වඩාත් ඝන වනය ඇති කොටසේ මල් ගස්වලින් වටවූ එක්තරා පහත් බිමක කලු ගල් තලාවක් ක්ෂය වි ගොස් වලක් සෑදි තිබිණ. එය ස්වභාවිකව තැනුණු ගල් කෝප්පයක් වැනිය. ඒ මතට නැමුනු සුපුෂ්පිත පියාල් අතු ඝන අඳුරු සෙවණක් නිර්මාණය කර තිබිණ.
වර්ණරාගිනී
“ඔයා පිරිමි ඇසුරු කරන්නේ මොන වගේ චේතනාවකින්ද කියලා මට හිතාගන්න බැහැ? හ්ම්.. මිනිස්සුන්ට වරදිනවා. ඒත් හිතාමතා එකම වරද නැවත නැවත කරන මිනිස්සු ගැන මගේ හිතේ පැහැදීමක් නැහැ. ඔයාලා උපතින්ම රදලයෝ. ඒක නිසා වෙන්නත් ඇති මේ තරම් සැහැල්ලුවෙන් ජීවිතය දිහා බලන්නේ. ඒත් දුක් මහන්සියෙන් තැනකට ආපු අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ජීවිතේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි.”
මාවතේ ගීතය
දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවයකි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. මව ගෙයි වැඩ කරන්නට ගිය විට අපූ අක්කා ලඟ හිඳගෙන සිටියේය . දුර්ගා දෑස් හැර කතා කළාය. “මේ කොයි වෙලාවද අපූ?” ” තව හුඟක් වෙලා තියෙනවා රෑ වෙන්න. දැක්කද අද අව්වත් වැටිලා තියෙනවා. දැනුත් අපේ පොල් ගහ මුදුනට අව්ව වැටිලා. “ටික වේලාවකට පසු දුර්ගා නැවත කතා කලාය. “අපූ බඩුවක් කියන්න උඹ අහනවද ?” “මොකක්ද අක්කේ?” අපූ තව ටිකක් අක්කාගේ මුවට ලං විය. “මට දවසක කෝච්චිය පෙන්නනවද ?”
ශ්‍රීකාන්ත සහ රාජලක්ෂ්මී
ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළූ කඳුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළී පැවතිණ්. ඔවුන් දැන් කොහේ ඇද්දැයිමට නිතරම සිහි විය. ඔහුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වුයෙමි.