Translations (Parivarthana)

Translations (Parivarthana)

(Showing 361 – 390 products of 457 products)

Show:

පෙළපත සොයා ගිය දියණිය

Highlights:

දැනට හෙළි වී ඇති කරුණු කාරණා මත මහත් බලපෑමක් එල්ල වී ඇත්තේ ඉයන් කෙරෙහිය. මිස්ටර් ලී ඉයන්ගේ ලේ ඥාතියෙක් නොවේ. ඔහු මෙතෙක් කල් සිතා සිටියේ මිස්ටර් ලී ඔහුගේ පියාගේ වැඩිමහල් සහෝදරයෙකු බවය.

ඔහෙත් මෙහෙමද? මෙහෙත් එහෙමයි

Highlights:

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ What Young INDIA Wants කෘතියේ පරිවර්තනයයි. ඉන්දියාවේ වත්මන් දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික ප්‍රවාහයන්හි පවතින අල්ලස, දූෂණය, වංචාව, හොර මැරකම්, තක්කඩිකම්, නිර්දය ලෙස හෙළිදරව් කරමින් සාකච්ඡා කෙරෙන ගවේශණාත්මක කෘතියකි.

අපායෙන් දෙව්ලොවට

Highlights:

දින දෙකකට පසු ජපනුන් ඔවුන්ගේ නැව ගිල්වා දැමුවේ බෝම්බ දැමීමෙනි. ජීවිතය බේරාගත් පනස් තුන්දෙනෙකු වෙරළ වෙත ළගා වුයේ පිහිනමින් හෝ පහුරු ආධාරයෙනි. ඒ අතරින් විසිදෙදෙනකු ජපනුන් විසින් ඒ ස්ථානයේදීම ඝාතනයකර තිබුණේ ඉතා කෲර ලෙසය.ඉතිරි කණ්ඩායම රැගෙන ගියේ සිරකරියක් ලෙසය.

එමිලි 3

Highlights:

එමිලිගේ ජීවිතයේ ඉදිරි අපේක්ෂාව වන සාහිත්‍ය දිවියේ පළමු පියවර තබන අයුරු මෙම කෘතියේ විදහා දැක්වේ. ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා වෙසෙන දරුවන්ට ආදර්ශයක් සපයයි .

එමිලි 2

Highlights:

තමා හැදී වැඩුනු පරිසරයෙන් ලත් අත්දැකීම් අසුරෙන් ඈ විසින් ලියන්නට යෙදුනු රතු හිසකේ ඇති උද්යෝගිමත් දැරිය ගේ අත්දැකීම් සහිත ‘ඈන්’ නවකතා පෙළත්, නිර්මාණශීලී දැරියක ගේ ජීවිතය පිළිබඳ ව විවරණයක යෙදෙන ‘එමලි ’ නවකතා ත්‍රිත්වයන් අමරණීය කෘතීන් බවට පත් ව ඉතිහාසය ට එක් වී ඇත. මොන්ට්ගොමරි ගේ ළමා කෘතීන් පිළිබඳව විවරණයක යෙදෙන සුප්‍රකට ලේඛක මාර්ක්ට්වේන් වරෙක මෙසේ ප්‍රකාශ කර ඇත. මොන්ට්ගොමරි ගේ ළමා කෘති, ළමා විය පිළිබඳ ව මෙතෙක් ලියැවී ඇති මිහිරිතම නිර්මාණයන් ය. මොන්ට්ගොමරි ගේ ‘ඈන් ‘ සහ ‘එමලි‘ කෘතීන් මේ වන විට ලෝකයේ විවිධ භාෂා විශාල ප්‍රමාණයක ට පරිවර්තනය වී තිබේ. ‘ඈන්’ නවකතා පෙළ මෙන් ම ඇගේ ‘එමලි ’ නවකතා ත්‍රිත්වය ද සොබාදහම සහ ළමා විය පිළිබඳ ව විවරණය කරන අපුර්වතම නිර්මාණයන් ය.

ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා වෙසෙන දරුවන්ට ආදර්ශයක් සපයයි .

ආදරණීය වියරුව

Highlights:

Kamala Purnaiya Markandaya 1924 වසරේ ඉන්දියාවේ මයිසුර් ප්‍රාන්තයේ චිමාකුර්ටි නගරයේ උපත ලද කාන්තාවකි. මදුරාසි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඈ පසුව ටික කලක් පුවත්පත් කලාවේදිනියක වශයෙන් සේවය කළාය. පසුව බ්‍රිතාන්‍ය ජාතිකයකු හා විවාහ වී ලන්ඩන් නුවර පදිංචියට යන ඈ පුවත්පත් කලාව තම වෘත්තිය කරගත් අතර අතිශයින් ජනප්‍රිය නවකතා රාශියක කතුවරිය වුවාය. ඈ විසින් ලියා ප්‍රකාශයට පත් කළ ප්‍රථම නවකතාව වු Nectar in a Sieve සහ වෙනත් නවකතා ඉන්දියාවේ මෙන්ම විදේශ රටවල ද විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගන්නා ලදී.

කාන්තාරයේ අහිංසකාවිය

Highlights:

නවීන බව පිළිබඳව පුරසාරම් දොඩවන රටක ගැහැනුන් පිළිබඳ සියලු තීරණ තවමත් ගනු ලබන්නේ පිරිමි විසිනි. ඇය විවාහ විය යුතු පුද්ගලයාගේ සිට ඇගේ රෙදි අල්මාරියේ තිබිය යුතු ඇඳුම් පැළදුම් දක්වා සෑම කටයුත්තක් සදහා ම පිරිමින් අවසරය ලබාදිය යුතුව ඇත.

Out Of Stock

හිරි ඔතප්

Highlights:

ඔලිවර් රසල් සමග ගැටෙන ප්‍රධාන ගැහැනු චරිත දෙක වන්නේ පුවත් පත් හිමිකාරියක් සහ මාධ්‍යවේදිනියකි. පුවත්පත් හිමිකාරිය ජනාධිපති ඇසුර ලබද්දී මාධ්‍ය වේදිනිය පෑනෙන් සහ රූපවාහිනී නාලිකා තුළින් ජනතාව වෙනුවෙන් සටන් වදී. අවසානයේ පුවත්පත් හිමිකාරිය අබිබවා ඉදිරියට යන ඩැනා එවන්ස් නම් මාධ්‍ය වේදිනිය මුළු මහත් සංස්කෘතියටම ජයග්‍රහණයකී.

සොඳුරු දඬුවම

Highlights:

ආර්යා ඩයනා ස්ටැන්ලියර් ලන්ඩන් නුවර තරුණ කණ්ඩායම් සමඟ විනෝදකාමී ජීවිතයක් ගතකළ සුරූපි යුවතියකි. මුරණ්ඩු ච්රිතයක්වූ ඇය තම ආදරය පැතු තරුණයින් දුටුවේ කවටයින් ලෙසය. ඔවුන් සමච්චලයට ලක්කළ ඇය සැලකිලිමත් වුයේ තම විනෝදය පිළිබදව පමණය.

අහිමි සෙනෙහස

Highlights:

ජෙනිංග්ස් මයිකල් බර්ච් සිය දුක්මුසු හුදෙකලා චරිකාව අරඹන්නේවයස අවුරුදු අටේදීය. දරුවන් රැකබලා ගැනීමට නොහැකි ලෙස අසනීපයෙන් පසූවූ අම්මා ඔහු අනාථ නිවාසයක් වෙත රැගෙන ගියේ වහා ආපසු පැමිණෙන පොරොන්දුවත් සමගිනි. අනතුරුව එවැනි නිවාස කීපයකම අවාසනාවන්ත ජීවිතයක්‌ ගත කළ ඔහුට කිසිදින මිතුරෙකු නොසිටියේ ඒ කිසිදු ස්ථානයක ප්‍රමාණවත් කාලයක් ජීවත් නොවූ නිසාය.

කතරෙහි වරඟන

Highlights:

“හරි, දැන් ඔයා හිමින් සැරේ දුව ගාවට යන්න,අනික් ළමයින්ව බය නොකර ළමයට කථා කරන්න.නැත්නම් ළමයි ගිහින් දෙමව්පියන්ට කියවී ගෑනියෙක් එයාලගේ යාළුවා පැහැරගෙන ගියා කියලා. ඔයා අම්මා බව ඒ ළමයින්ට අරීන්න. ඊට පස්සේ ඉක්මණින්ම දුවව කාරෙකට එක්කරගෙන එන්න. හදිස්සියේ කවුරුහරි ආවොත් මම ඔයාගේ උදව්වට එන්නම්.”

පියාපත් ලද ආදරය

Highlights:

ගම්බද පුජකයකුගේ සුරූපී දියණිය වු ඇමන්ඩා බර්ක්ට අයහපත් කල්ක්‍රියාවෙන් යුතු වු වෙන්ස්කාර් සාමි වරයා හමු වන්නේ අහම්බයෙනි. ඔහු අප්‍රසන්න අපකීර්තිමත් පුද්ගලයකු වුවද වේල්සයේ කුමරුගේ ඉතා හොඳ මිතුරකු විය. ඇමන්ඩා ඔහු වෙතින් ඉවත් වීමට සුදානම් වන්නේ බලවත් කළකිරීමෙන් යුතුවය.

Out Of Stock

ඩෙබී

Highlights:

ඇය ඇෆ්ගනිස්ථානයට ගියේ ස්වේච්ඡා සංවිධානයක  සාමාජිකාවක් ලෙසය. ඒ රටේ සංස්කෘතිය ,කාන්තාවකගේ සමාජ තත්වය හා කාන්තාවන් ආර්ථික වශයෙන් බලගැන්විය යුතු ආකාරය පිලිබදව ඇයට අවබෝධයක් ලබා ගත හැකි විය.

Out Of Stock

අපේ රහස්

Highlights:

ට්‍රෙෂර් හා ඉන්ඩියා එකම වයසේ පසුවන එක හා සමාන බුද්ධිමත් බවකින් යුතු, පොත් කියවීමට ලැදියාවක් දක්වන්නියෝ වෙති. නමුත් පවුල් පසුබිම සලකා බලන විට දෙදෙනා ලෝක දෙකකට අයත් ය. ට්‍රේෂර්ගේ පවුල් පසුබිම දුක්ඛිත ය. ඉන්ඩියා වාසය කෙරුවේ ඒ ආසන්නයේ වු සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකය ඉන්ඞ්යා ඉගෙනීමට බොහෝ දක්ෂ නමුත් පාසලේ සිසුවියන්ගේ සිත් දිනා ගැනීමට සමත් නොවේ. එබැවින් ඉන්ඞ්යා ද ට්‍රෙෂර් මෙන්ම බොහෝ විට මනසින් හුදෙකලාවට පත් දරුවෙකි.

Out Of Stock

චුබාරි

Highlights:

රුසියානු ලේඛිකා ඔල්ගා පෙරොවිස්කයා විසින් රච්ත, kids and cubs නමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය වු කෘතියේ සිංහල අනුවාදය වන “චුබාරී” රුසියාවේ සුන්දර ගම්බද පළාතක විසු දැරියන් සිවි දෙනෙකු වටා ගෙතුණකි. සත්‍ය අත්දැකීම් ඇසුරෙන් මෙය ලියවී තබේ.

Out Of Stock

ණයට ගත් දරුවෝ

Highlights:

ඔයා මේක දන්නේ නෑ මම බලයක් තියෙන මිනිහෙක්.මම කවුරු වෙන්න ඕනද කියන එකට හේතුවන බලය, එකෙන් මගේ භාර්යාව. නොරීස්සුවත්, ඒ වගේම, ඒ වගේ බලයක් ඇයටත් ලබා දෙන්න ඕනෑ.

සුදු වැද්දා

Highlights:

“අර අසරණ තරුණිය නාලිනිට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමති කර ගන්න මම ඇය රැක බලා ගන්නම් “මඳ වෙලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැම දාම ඔබගේ නිවහන වෙයි. ඒත් කැලේ අද්දර ඉන්න අප බලන්න ඉඩහිටවත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.” “බොහෝම ස්තුතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ “

තරුවයි ඔබ මගේ හදවත බබලවන

Highlights:

ගිසේලා සිය නිවෙසේ ගත කළේ අප්‍රසන්න ජීවිතයකි. නමුත් අහඹු හමුවීමක් ඇගේ ජීවිතය විශාල වෙනසකට ලක් කළේය. ඒ 1876 වසර විය. ගම්බද නොදැම්ටන්ෂයර්වල දඩයමේ ගොස් සිටි ඇයට ඕස්ට්‍රියාවේ අධ්රාජීනිය වු සුරූපී එලිසබෙත් හමුවී තිබිණි.

Out Of Stock

සුදු අන්තුවා

Highlights:

රතු පිට පිටම හත්වරක් ජයගත් බව දුටු මම වුවමනාවෙන්ම එයට ඇලුනෙමි. මගේ මානය නිසා මවිසින් එසේ කරන ලදී. මගේ අවදානම් ක්‍රීඩාවෙන් නරඹන්නන්ගේ සිත් මා දෙස යොමු කරවීමට මට වුවමනා විය. අහෝ පුදුම සංවේදනයකි.

අපේ කාලයේ වීරයෙක්

Highlights:

මෙම නවකතාවේ වීරයා රුසියන් කොකේසියානු යුද්ධ හමුදාවේ නිලධාරියෙකු වූ පෙචෝරින්ය. හේ විචක්ෂණ බුද්ධියෙන් කුසලතාවෙන් හා අධ්‍යාපනයකින් හෙබියේය. ඔහු මිත්‍රත්වයේ සතුට හා ආලයේ වාසනාව නොදැන හුදෙකලාව ජීවත් වෙයි.

රාජ කුමාරි

Highlights:

අයිලාත් මමත්පුංචි කාලයේ පටන්ම “මිනී මැරුවේ” එකටය අයිලා මගේ ඔත්තුකරියි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමි. කුඩා කල පටන් සිදුකළත් ඒ ‘මිනී මැරීම” කුඩාවුන්ගේ සෙල්ලමක් නොවිය. එය අපට පැවැරුණු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පල යන්නට අප දෙදෙනාහට උවමනා විය.එහෙත් අපහට ලෙහෙසියෙන් පලා යා නොහැකිය.එයට හේතුව මා “තවත් එක් විෂ කන්‍යාවක්” පමණක් නොවීම ය.

දඟකාර මහල්ලා

Highlights:

ගැමි ගොවියකු වු චෞධරී ආත්ම ශක්තියෙන් පිරි පුන් අධිෂ්ඨානශීලී ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු, ප්‍රතිපත්ති ගරුක, දයාවෙන් පිරි හදවතක් ඇති අවුරුදු හැත්තෑ දෙකක විනෝද කාමී දඟකාරයෙකි. අවුරුදු පහක මුණුපුරා සමග එක් වී ඔහු කරන දඟකාර කම් විනෝදයටත් විශ්මයටත් පත් කරනු ඇත.

Out Of Stock

කුමාරයා

Highlights:

නිකොලොයි ඩි බර්-නාර්-ඩෝ මකියාවෙලී විසින් රචිත THE PRINCE (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි ආන්දෝලනයකට තුඩු දුන් ග්‍රන්ථයකි. නිකොලොයි මකියාවෙලී “කුමාරයා” ලියූ කාලයේ ඉතාලියේ පැවති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් “කුමාරයා” දෙස බලන දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඉතාලිය ආක්‍රමණය කළ “ම්ලේච්ඡයන්ගෙන්” රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් “කුමාරයා” දෙස බැලු විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජන කළහ. ඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්හ. තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කෙනෙකු අනුගමනය කරන ක්‍රියාමාර්ගය විනා සදාචාරය එහිලා වැදගත් සාධකයක් නොවේයැයි මකියාවෙලී “කුමාරයා” මඟින් එළි දක්වා ඇති මතය එකී විවේචනවලටත් දෝෂාරෝපණවලටත් පදනම් වුවාට සැකයක් නැත. මකියාවෙලීගේ “කුමාරයා” දුෂ්ට පාලකයන්ටම පමණක් ගැලපෙන නරුම සිද්ධාන්ත සංග්‍රහයකැයි ඒ විවේචකයෝ කීහ. එසේ වුවද “කුමාරයා” ප්‍රකාශයට පත් වුණු දහ සය වැනි සිය වසේ මුල් භාගයේ පටන්ම ඒ පිළිබඳ විවාදාත්මක කරුණු සාකච්ඡාවට භාජනය වූ බවද විචාරකයෝ ප්‍රකාශ කරති. එපමණක් නොව සමකාලීන සමාජ චින්තනය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට මෙන්ම ශ්‍රේෂ්ට කෘතිවලටත් දේශපාලන න්‍යායකට හා පුනරුද සංස්කෘතියටත් සාධකයක් බවටද “කුමාරයා” පත් වීය යන්න තවත් විචාරකයන්ගේ මතයයි

ගිම්හාන ගීතය

Highlights:

අවුරුදු පහළොවක කොලු ගැටයකු සහ තිස් හැවිරිදි ගැහැනියක අතර ඇතිවූ අනුරාගී සම්බන්ධතාවයක් වටා ගොඩනැගුණු සංවේදී නවකතාවකි.

සතුට බෙදන පොලියානා

Highlights:

පොලියානාගේ ජිවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් ලියවෙන අතර තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතුවිලි පහල වන අන්දම හා ඒවා හැසිරෙන අන්දම කදිමට මෙහි නිරූපිතය.

Out Of Stock

ඕපපාතික

Highlights:

හිරිමල් සිව් හැවිරිදි වියේ සිට වසර දොළහක් ගතවෙනතුරු තම මවගේ අනේකවිධ වධ හිංසාවලට, ඇසිය නොහැකි තරම් අතවරයන්ට ගොදුරු වූ දරුවෙකුගේ අනුවේදනීය කතාව.

Out Of Stock

එලිසාගේ බලු පැටියා

Highlights:

තමාට මතක ඇති කාලයේ පටන් එලිසා බලු පැටියෙකු ඇති කරන්නට ගන්නට අසාවෙන් සිටියාය. ඈ තනිවම බලු පැටියෙකු බලා කියාගන්නට හැකි වයසට ආ විට ‘සමහරවිට, බලමු’ යයි ඇගේ දෙමව්පියෝ කියමින් සිටියහ.

මාතුබී මමයි

Highlights:

ලොව පුරා පාඨකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කල NOT WITHOUT MY DAUGHTER කෘතිය පළවුණේ මින් දශක දෙකකට පමණ පෙරය. ඉන් කියවුණේ ඇමරිකානු ජාතික මවක් තම හය හැවිරිදි දියණිය ද රැගෙන ඇයගේ ඉරාන ජාතික කෘෘර සැමියාගේ ග්‍රහණයෙන් මිදී ඉරානයෙන් පලා යන විස්මයජනක කතා ප්‍රවෘත්තියයි.දැන් ඔබ කියවන්නට යන්නේ එදා හය හැවිරිදි ව සිටි ඒ සිගිති දැරිය මාතුබි දැන් තරුණ වියට පත්ව තම අතින්ම ලියා ඇති ඇගේ බිහිසුණු අත්දැකීම් පිලිබඳ කතාවයි.

ජිමී සහ පොලියානා

Highlights:

පොලියානා ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැදින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.

සාන්ත නිකලස් හි අතුරුදන් වූ කත

Highlights:

මානව ජිවන අත්දැකීම් විශ්ව සාධරණය. ඒවා පෙරදිග අපරදිග හෝ රට රටවල ස්වභාවය අනුව හෝ වර්ග කළ නොහැකිය. මානව සිතුම් පැතුම්, මානව චර්යාවන් ව්ශ්විය වන බැවින් ලෝක සාහිත්‍යය වින්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ය .එහෙත් කොදෙව් දුප්පත්කම පරීවර්තන මගින් ලෝක සාහිත්‍යය සමීප කිරීම සීමිත කොට ඇත.

1 2 11 12 13 14 15 16
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping