Translations (Parivarthana)

Translations (Parivarthana)

(Showing 271 – 300 products of 457 products)

Show:

සේද වෛරය

Highlights:

ලෙනොර් ඇගේ ළමා කාලය ගත කළේ වනාන්තරය මධ්‍යයේ වු සේද නිවසේයි. ඈ එම පවුලේ සාමාජිකාවක් නොවූ අතර ඇය ආච්චි අම්මා ගෙන් තමාගේ උත්පත්ති උරුමයට හේතුව දැන ගනියි. කඩවසම් ඩිරෙක් ඇල්ඩ්‍රිංහැම් සේද නිවෙසට පැමිණි විට ඇගේ සතුට සම්පුර්ණ වීද? බලාපොරොත්තු රහිත සිදුවීම්, ෆ්ලොරන්ස් නගරයේ සිදුවූ අභිරහස් මරණය, කෑලෑවේ සිදුවූ ඝාතනය, අතීතයෙන් මතුවු අමුත්තා.

Out Of Stock

අභිරහස් ළඳ

Highlights:

Victoria Holt විසින් රචිත The Secret Woman ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. ඇනා බ්‍රෙට් විවාහක නැව් කපිතාන්වරයෙකු වූ රෙඩ්වර්ස් සමග අසම්මත පෙමක පැටලෙයි. ඔවුන්ගේ The Serene Lady නෞකාව දකුණු මුහුදේ යාත්‍රා කරන අතරතුර ඇනා රෙඩ්වර්ස් සහ නැවේ සෙසු මගීන් අතර ඇතිවන්නේ නොසන්සුන් සහගත වාතාවරණයකි. ඉක්බිති අභිරහස් මිනීමැරුමක සහ අමිල දියමන්ති තොගයක් සමග විනාශ වූ The Secret Woman නෞකාවේ කතාව හෙළිදරව් වෙයි.

105

Highlights:

තරුණ තරුණියන් උන්මාදයට පත් කරන චේතන්ගේ ප්‍රේම කතා රටාවෙන් සම්පූර්ණයෙන් වෙනත් මගක් ගත් මෙම කෘතිය රහස් පරීක්‍ෂණ ගණයේ නවතම ශෛලියෙන් රචනා වී ඇත. ආදරය, ප්‍රේමය, සන්ත්‍රාසය, කුතුහලය කැටි කරගත් එක හුස්මට කියවිය හැකි ‘105’ චේතන්ගේ උන්මාදනීය කතා ශෛලියේ තවත් කැඩපතක් පාඨකයන්ට විවර කර පෙන්වන සිත් බඳනා කතාවකි.

Out Of Stock

මොන මඟුලක්ද මන්දා

Highlights:

ජනප්‍රිය ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 2 States, The Story of My Marriage නවකතාවේ සිංහල අනුවාදයයි. පෙම්වතුන්ගේ ආදරය, විවාහය හා බැඳුණු සිදුවීම් ලෙස උපහාසයට ලක්කෙරෙන එක හුස්මට කියවිය හැකි අතිශය රසබර කතාවකි.

දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ

Highlights:

බ්‍රයිටෙක් වෙච්ච සල්ලිකාර රාගව්, නාහෙට නාහන මොළකාර අපතයෙක් වූ ගෝපාල් අතරට මැදිවන සොඳුරු මුවැත්තියක වන ආරති නිම්හිම් නැති ආදරයේ දෙකෙලවරටම රැගෙන යන තුන් ඈඳතු ප්‍රේමයේ ආස්වාදජනක කතාන්දරය.

නින්නාද

Highlights:

ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන්. ඒත් ඔබ ජීවත් වෙනවා. මට ඔබ පේනවා. ඒත් මට සිංහයා පෙනෙන්නේ නැහැ. ඔහු එතැන සිටිනවා. එහෙත් හඳුනා ගැනීමට නොහැකියි. ඔබ ඔහු සොයා යනවා. ඔහු හමුවන්නේ ඔබගේ සොයා යෑම නතර කළ පසුයි. ඔබ ඔහු දුටුවත් හදුනාගන්නේ නැහැ. ඔහු නමක් නැති නොදන්නා පුද්ගලයෙකු පමණයි.

Out Of Stock

කළු ඕපල් මුදුව

Highlights:

මුල සිටම ඇගේ ජීවිතය රහස්වලින් පිරී ඇත. එක් වසන්ත උදෑසනක කොමන්වුඞ් නිවෙසේ අසේලියා මල් පඳුරක් යටින් සොයා ගන්නා කාමල් මාච් හදා වඩා ගන්නේ හිත හොඳ ඩොක්ටර් මාලින් හා අසනීපයෙන් පසු වෙන ඔහුගේ බිරිඳයි. කාමල්ගේ දෙමාපියන් ගැන නොයෙකුත් කතා පැතිරී තිබිණි. නමුත් කාමල්ට අවුරුදු දහයක් වෙන විට ඇය බලාපොරොත්තු නොවන අන්දමේ සුන්දර ජීවිතයක් ඇයට ගත කරන්න ලැබෙන්නේ කොමන්වුඞ් නිවෙසේ ඇති වෙන ශෝචනීය සිදුවීමක් නිසාය.එංගලන්තයෙන් ඕස්ටේ‍්‍රලියාව බලා යන කාමල් එහි සතුටින් ජීවත් වෙයි. එහිදී ඕපල් පතලකින් විශාල ධනයක් සොයා ගන්න බලාපොරොත්තු වෙන කඩවසම් තරුණයකුගේ අවධානය දිනා ගන්න පවා ඇය සමත් වෙයි. එසේ වුණත් එංගලන්තය තමන් කැඳවනවා මෙන් දැනෙන නිසා මෙන්ම අතීතය ගැන ඇගේ සිතට වද දෙන ප‍්‍රශ්න නිසා ඇය නැවතත් එංගලන්තයට හා කොමන්වුඞ් නිවෙසට පැමිණෙයි. ඒ කාලය වෙන විට කාලයක් සුන්දර නිවෙසක් වූ කොමන්වුඞ් නිවෙස ගරා වැටී ඇත. වැඩිහිටියකු ලෙසින් නැවත පැමිණෙන ඇය තමන් කුඩා කාලයේ මේ නිවෙසින් සමුගත්තේ ඉතාමත් බැ?රුම් යමක් සිදු වූ නිසා බව තේරුම් ගනියි. එම සිදුවීම ගැන ඇයට බොහෝ ප‍්‍රශ්න ඇත. ඇත්ත අනිත් අය දන්නා දේ නොවේ යයි ඇගේ සිත කියයි. ඇයට මුණගැසෙන දැන් තරුණයකු වී සිටින පැරණි මිතුරකු වන සර් ලූෂියන්ද අතීතය ගැන ඇය නගන ප‍්‍රශ්නවලට පිළිතුරු දෙන්න පැකිළෙයි. ඇයට කොමන්වුඞ් නිවෙසේ සිදු වූ, කාලය නිසා වැළලී ගිය අබිරහස විසඳිය හැකිද? ඇයට එය විසඳන්න හැකි වුණොත් එයින් ඇයට හා ඇය ආදරය කරන අයගේ අනාගතයට කුමක් වේවිද?

ශිව – මෙලුහාවේ අමරණීයයෝ

Highlights:

ක්‍රිස්තු පූර්ව 1900 ආසන්න යුගය, වර්තමාන ඉන්දියානුවෝ වැරදි ලෙස අවබෝධ කරගනිමින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය යනුවෙන් හඳුන්වති. එකල පැවැති සාඩම්බර අධිරාජ්‍යය මෙලූහාව පාලනය කළෝ සූර්ය වංශිකයෝ වෙති. අධිරාජ්‍යය වෙත එල්ල වූ බොහෝ බාහිර තර්ජනවලට මූලිකව සිටින්නන් චන්ද්‍ර වංශිකයන් සහ නාගයන් බව සූර්ය වංශිකයන් ගේ අදහස විය. සූර්ය වංශිකයන්ට තිබූ එකම අපේක්‍ෂාව ඉපැරැණි ප‍්‍රවාදය යි. නියම විරුවා නිසි වේලාවේ දී දුෂ්ඨ බව පරදවනු පිණිස පැමිණෙන අතර ඔහු ගේ ග‍්‍රීවය නිල් පැහැති ය. මේ, ඉපැරැණි ප‍්‍රවාදයන් නිසාම දෙවියකු බවට පත් වූ සැබෑ මිනිසකු ගේ කතාවයි. කර්මය විසින් දෙවියන් ගේ දෙවියා, මහා දෙවියා බවට පත් කළ සරල ප‍්‍රාථමික ගෝත‍්‍රිකයා ගේ පුවතයි.

සරුංගල් ලුහුබඳින්නා

Highlights:

දොළොස් හැවිරීඅමිර්ගේ එකම අරමුණ ගමේ පැවැත්වෙන සරුංගල් තරගයෙන් ජය ගෙන සිය පියාගේ සිත දිනාගැනීමයි. තමා දක්ෂයකු බව පියාට තහවුරු කර පෙන්වීමයි. හැම විටම ඔහුගේ සහායට ඉන්නා ඔහුගේ හිතෛෂි මිතුරා වන හසන් ඔහුට උදව් කිරීමට පොරොන්දු වෙයි. එහෙත් අඩු කුලයේ මෙහෙකරුවකු වන හසන් සතුව ඇති නිර්භීතභාවයනිසාත්. ඔහු පිලිබදව සිය පියාගේ සිතේ ඇති ඇල්ම නිසාත් අමීර් ඔහුට ඊඊෂ්‍යා කරයි. මේ අතර පැවැත්වුණු දිනයේ සෑන්දෑවේ හසන්ට මුනුණ දෙන්නට සිදුවන අතිශයින් කටුක අත්දැකීම් සමග ඔවුන් සියලූ දෙනාගේම ජීවිත දෙදරා යයි.

Out Of Stock

සින්ඩර්

Highlights:

තහනම් ආදරයක්. මාරාන්තික වසංගතයක්. පෘථිවියේ ඉරණම එක් තරුණියක් මත රඳා පවතියි. නව බීජිං නුවර වාසය කරන දක්ෂ යන්ත්‍ර සූත්‍ර ශිල්පිනියක වන සින්ඩර් සයිබෝර්ගයකු ද වෙයි. ඇගේ කුඩම්මාගේ දරුණු නිග්‍රහවලට නිතරම බඳුන් වෙන ඇයට ඇගේ සුළු සහෝදරියට එක් වරම වැළඳෙන රෝගයත් ඇගේ වරදින් සිදු වූවක් බවට දොස් අහන්න සිදු වෙයි. නමුත් ඇගේ ජීවිතය කඩවසම් කයි කුමරුගේ ජීවිතය සමග එකට වෙළෙන වේලාවේ දුෂ්ට රැජිනකගේ ආශාවන් හා ඉතාමත් භයානක පෙළඹවීමක් අතර වූ දරුණු සටනකට ඇය මැදි වෙයි. සින්ඩර් යුතුකම හා නිදහස මෙන්ම පක්ෂපාතකම හා පාවාදීම අතර සිර වී සිටියි. දැන් පෘථිවියේ අනාගතය සුරැකීමට නම් ඇය තමන්ගේ අබිරහස් අතීතය ගැන වූ රහස් හෙළි කර ගත යුතුය.මෙය ඔබට මතක සුරංගනා කතාව නොවේ. නමුත් මෙය ඔබට අමතක නොවෙන කතාවකි.

Out Of Stock

ශිව – නාගයන්ගේ රහස

Highlights:

නාගයා ගේ ඉලක්කය වී ඇත්තේ ශිව ගේ බිරිය සතී ද? නාග රැජින කාලි හා සතී අතර ඇති සම්බන්ධය කුමක් ද? ශිව ගේ දාර්ශනික මගපෙන්වන්නන් වූ වාසුදේවවරුන් පිළිබඳ හෙළි වූ අඳුරු රහසකි. ඔවුන් ද නාගයන්ට සහාය දක්වමින් සිටිත් ද? ශිව නොදැන සිටිය ද සියලූ රූකඩ පාලනය කළේ මහා ඍෂිවරයෙකි. දුෂ්ඨ භාවය සොයා ශිව ඉන්දියාව පුරා සංචාරය කළ යුතු  ය. නාග රණශූරයා දඩයම් කළ යුතු ය. එහෙත් හෙළිදරව් වන රහස් නීලකණ්ඨ හෙවත් ශිවට දරාගත හැකි ඒවා ද?‘මෙලූහාවේ අමරණීයයෝ’ කෘතියේ දෙවැන්න හෙළිදරව් කරන්නේ නාගයන් ගේ බිහිසුණුම රහසය.

Out Of Stock

ඉක්බිති කඳුකරය දෝංකාර දුනි

Highlights:

මේ කතාව ආරම්භ වන්නේ ඇෆ්ගනිස්තානයේ පිටිසර ගමක ජීවත් වන අම්මා නැති දරුවන් දෙදෙනකු වන පාරි සහ අබ්දූල්ලා අතර පවතින හද සසල කරවන, අසාමාන්‍ය සබැඳියාවන් සමගිනි. ඔවුන්ගේ වෙන්වීම තවත් බොහෝ දෙනෙකුගේ චරිත ඔස්සේ දෝංකාර දෙමින් ජීවිතයේ ඇති සදාචාරාත්මක සංකීර්ණතාවයන් අපට තහවුරු කර දෙයි.

ගැටී

Highlights:

මුළු දිවයින පුරාම ඉඩම් හිමි රදළයින්ට බැල මෙහෙකම් කළ, කුසගින්න හා වෙහෙස හැර අන් කිසිවක් දැන නොසිටි නුගත්, අවිහංසක ගොවි දැරියක වන ගැටී ද දෛවෝපගතව මේ වන්දනා ගමනට එක් වන්නීය.

Out Of Stock

මයුරාගේ අබිමන

Highlights:

නිතර නිතර එහෙ යන එක ඔයාට හොඳ නෑ. එතන නරක නපුර අදහස් හිතට එන තැනක්. ඈ පැහැදිලි කළේ එසේය. ඒ ගොල්ලෝ එහෙම කියනවා මම අහල තියනවා. නපුරු සිතිවිලි හිතෙන තැනක් ඇයි? ඔය මං කිව්වේ එතැන එහෙම තැනක් ඒක හින්ද තමයි මං කියන්නේ . එහෙ යන්ඩ එහෙම එපා. “එතන හොල්මන් තියෙනවද ?” එහෙම තියෙනව වෙන්ඩත් පුළුවන් .

Out Of Stock

අපරාධය සහ දඬුවම

Highlights:

දහනවවැනි සියවසේ ආරම්භය රුසියාවේ බොහෝ නොසන්සුන්තා පැවැති කාලයක් විය. රටේ ගැමි ජනතාව ඉඩම් හිමි රදලයන්ගේ වහලුන් ලෙස ජීවත් වු අතර ඉඩම් හිමි රදලයෝද දිනෙන් දින පරිහානිය කරා ගමන් ගත්තෝය. දේශපාලන, ආර්ථික, සාමාජීය අංශ පමණක් නොව සභ්‍යත්වය අතින් පිරිහෙන රට මුදාගැනීම සදහා උගත් තරුණයන්ගේ පිබිදීමක් මතුවෙමින් තිබිණි.

සත් වැනි සඳේ රෑ

Highlights:

අපි නැවත එක් වී සිටින්නෙමු. දැන් ඔහුට විවෘතව අභිවන්දනය කරන පළමු වැන්නා මම වන්නෙමි. තවත් නම් ඉතින් රහස් නැත. අපගේ විවාහය පිළිබඳ කතා පුවත, සිටුවරයාගේ මරණය, විලහෙල්මිනා කන්‍යාරාමයක විවේකීව ගත කරන්නට පිටත් වී යාම, අපගේ පුත්‍රයා සොයා ගනු ලැබීම මේ සැම අතීතයට එක් වූ පුරාවෘත්තයන් ය. යුද්ධය පිලිබඳ වැදගත් සිදුවීම විසින් ඒ සියල්ල ගිල ගනු ලැබ තිබේ. මැකිසිමිලියන් ගෙදර පැමිණ සිටී. ඔහුත් ෆ්‍රීට්සිත් එක් කිරීමේ මහා ප්‍රීතිය මම අත්වින්දෙමි. මගේ පුතුට දැන් මවක පමණක් නොවේ, ඔහුට ආදරය කළ හැකි, ගෞරව කළ හැකි පියකු ද සිටී.

ඕක තමයි අපි කිවුවේ

Highlights:

ක්‍රිකට් සංස්කෘතියට සම්බන්ධව සෙල්ලක්කාර තාරුණ්‍යයේ උන්මාද හැගීම් කැටි කර ගත නවතම ශෛලියකින් රචිත නව කතාවේ සිංහල පරිවර්තනයයි. ක්‍රිකට් ලෝලීන්ට මෙන්ම සාමාන්‍ය රසික රසිකාවියන්ට ද එක සේ රස විඳිය හැකි සරු ආශ්වාදජනක සිද්ධීන් රැසක සම්මිශ්‍රණයකි.

Out Of Stock

මදුරාසි කෙල්ල

Highlights:

විජී… මදුරාසි කෙල්ලෙක්. මදුරාසියෙ මුඩුක්කුවක….. අම්මයි, නංගියි එක්ක…. තනි වෙච්ච කෙල්ලෙක්.. අනිත් ළමයින්ට වගේම ව්ජීටත් තිබුණේ හරි පුංචි බලාපොරොත්තු…. බෝනික්කෙක්…. පුළුන් වලහෙක්… අලුත් ගවුමක්… විජීගෙපහළොස් වෙනි උපන්දිනේ දවසෙත් ව්ජී බලාගෙන හිටියෙ උපන්දින තෑග්ග විදිහට අම්මා ව්ජීට අලුත් ගවුමක් අරන් දෙයි කියලා… ඒත් ව්ජීට ලැබුණ තෑග්ග ඒක නෙවෙයි. “තිර පරීක්ෂණයක්..” එතනින් මදුරාසියෙ ලබා හෝටල් කාමර වල රූගත කෙරෙන “නිල් චිත්‍රපටි” වල “රඟපාන” නිළියක් විදිහට .

Out Of Stock

කෝමා

Highlights:

එය ඇරඹුණේ බොස්ටන් ප්‍රධාන රෝහලේදී සාමාන්‍ය සරල සැත්කම්වලට මුහුණ දුන් රෝගීන් දෙදෙනෙකුගෙනි. ශල්‍යාගාර අංක 8 දී සිහිසුන්ව සිටි ඔවුහු තේරුම් ගත නොහැකි බිහිසුණු අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූහ. ඔවුන්ට සිහිය ආපසු නොලැබිණ.  සියලු බාධක මැද මේ අබිරහස සොයන්නට වෙහෙසෙන තරුණ වෛද්‍ය ශිෂ්‍යාවකි. ඇයට සිදුවන්නේ කුමක්ද?

Out Of Stock

පිටුවහල් සිත්තරී

Highlights:

එදා රැ…. උන් හදිසියේම අපේ ගෙදරටත් ආවා ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව, හොරු සහ ගණිකාවෝ” විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින් අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා.

Out Of Stock

වානරයා

Highlights:

මෙම වෘත්තාන්තයේ සඳහන් වන ත්‍රිපිටක  භික්ෂුව සැබැවින්ම ජීවත් වූ කෙනෙකි. ක්‍රිස්තු වර්ෂයෙන් හත්වන ශත වර්ෂයේ විසූ මේ භික්ෂුවගේ ඉතිහාසයේ සඳහන් නියම නම හ්සු ආං ට්සාං ය. ඔහුගේ වන්දනා ගමන ගැන එකල ම ලියූ සම්පූර්ණ වාර්ථාවක් තිබේ. දහවන ශතවර්ශය පමණ වන විට මේ භික්ෂුවගේ වන්දනා ගමන නොයෙකුත් අද්භූත කතාන්දරයන්ට හේතුව කොට ගෙන තිබිණි. දහතුන් වන ශතවර්ශයේ පටන් මේ අද්භූත කතා චීන නාට්‍ය වේදිකාවේ ඉදිරිපත් වන්නට විය. එහෙයින් වූ වෙං එන්ට මේ අද්භූත කතාව ගෙතීමේ දී බොහෝ කරුණු නිර්මාණය කිරීමට සිදුවිය. වානරයා අලංකාර, විකාර, හාස්‍ය, ප්‍රලාප කතා පිළිබඳ අති විශිෂ්ට සංකලනයකි. මෙහි ගැමි කතා, දෘෂ්ටාන්ත කතා, ආගමික කතා, ඉතිහාස කතා හා පාලක නිලධාරීන්ට දරුණු උපහාසයන් එල්ලකොට ගෙතූ කතාවන් ද ඇතුළත් කොට තිබේ. මෙහි එන ත්‍රිපිටක භික්ෂුව ජීවිතයේ දුෂ්කර අවස්ථා වල අවුල් තැවුල් සිතින්, මෝඩකමින් වැරදි කරන සාමාන්‍ය මිනිහා මෙන් පෙනී සිටින අතර වානරයා, සාමාර්ථ්‍යයේ චංචල අස්ථීර මූර්තිය මෙන් පෙනී සිටී. මෙය ලංකා ගුවන් විදුලියේ “වානරයා” ලෙසින් සහ රූපවාහිනියේ The Monkey ලෙසින් ඔබ රස විඳි නාට්‍යයට පාදක වූ ජනප්‍රිය පැරණි නවකතාවයි.

Out Of Stock

ආදරය බෙදන්නී

Highlights:

රීදී ගුල්මය (Silver Bush ) නම් පැරණි නිවහනේ වාසය කළ පැට්‍රීෂියා ගාඩ්නර් තම නිවසට හා එහි පරිසරයට දැඩිව ඇළුම් කළ දැරියක වුවාය. මහ පොළොවට ගහ කොළට ආදරය කරන පැට් මානව දයාවෙන් පිරුණු බොහෝ ආදරණිය ගත පැවතුම් ඇති අයෙකි.

Out Of Stock

හිට්ලර්ගේ SS හමුදාව

Highlights:

ඒ 1963 වර්ෂයයි.ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවරයි. මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රීගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වු හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්චිමාන් විසින් සිදුකරන ලද කෲර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරු යි.

Out Of Stock

දුක්බරී

Highlights:

මෙය ඩොනාගේ ජිවිත කතාව ය. මා සමඟ ජිවත්වීම ට ඇය පැමිණියේ වයස අවුරුදු දහයේදී ය. ඒ වනවිට මම දරුවන් හදාවඩාගැනීමේ කාර්යෙහි නිරත ව වසර එකොළහක් ගෙවා ඇත්තෙමි. එය ට පෙර මා හදාවඩාගත් දරුවන් වුයේ ජෝඩි හා ටායෝ ය. ඔවුන් දෙදෙනා ට පෙර මගේ අතින් ලුසී නම් දැරීයක ද හදාවඩා ගැනුණි. ඇයට ට දරුකම ට හදාගැනීම ට පවා මම සිතුවෙමි.

පුතුනි ඔබ නැතිව

Highlights:

මේරියල් ඇගේ කුඩා පුතා හදිසි අනතුරකින් මිය ගිය පසු, තම ස්වාමිපුරුෂයාව ජීවිතයක් ආරම්භ කිරිමට බලාපොරොත්තුවෙන් ඔහුව හැරයයි. පසුව ඇය ධනවත් මිනිසෙකුගේ කලා එකතුවක භාරකරු ලෙස රැකියාවක් සොයාගත් විට, කාලයත් සමග ඇය තම සේවායෝජකයා හා ආදරයෙන් බැදෙයි. යුවළ එක්ව නව පවුලක් ආරම්භ කළත්, ඔවුන්ගේ පුතා අතුරුදහන් වූ විට, ඇගේ අතීතයට මුහුණ දීමට ඇයට බල කෙරෙයි.

තුන් මෝල්ලු

Highlights:

ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.

ක්‍රිස්ටි 1

Highlights:

1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර අන්ත දූගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වන්නට ගිය දහනම හැවිරීදී ක්‍රිස්ටි හඩ්ල්ස්ටින් ට කඳුකර වාසීන්ගේ රෞද්‍ර අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දූගී දුප්පත්කමත්, සුන්දරත්වය සහ සත්‍යය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ළැදියාවත් දැක ගන්නට ලැබෙයි. මේ කඳුකරයේදි දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරික්ෂාවට ලක් වන අතර ඒ සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි.

Out Of Stock

ආදරේ ඉල්ලූ දියණි

Highlights:

” ලුසී සහ මා විශ්වාස කරන්නේ අප අම්මා සහ දුව වීමට දෛවයෙන් පතාගෙන ආ බවය. අප හමු වීමට ටික කලකට ගතවු ප්‍රමාදය පමණි. ලුසී මා ළගට එන විට එකොළොස් හවිරීදී වියේ පසුවූවාය. ඇය ඊට කලින් මා වෙත ආවා නම් කියා නොපතා ඉන්නට මට බැරීය. අතීතයේදී ඇයට සිදුවූ දේ ගැන සිතන විට මගේ සිත හඬා වැටේ.”

Out Of Stock

අසම්මතය

Highlights:

එහි ඇතැම් තැනක ඇති සංවේදීත්වය දෙනෙතට කඳුලු නංවන අයුරින් හෘදයාංගම විය. කතා නායකයා හා නායිකාව ඉතා යහපත් පුද්ගලයින් වුවද ඒ අසම්මත ජීවිත පැවැත්ම නිසා ඔවුහු සමාජයේ හා ඥාතීන්ගේ පරිභවයට භාජනය වෙති. හැම දුක් පීඩාවකටම, නින්දාවකටම ගොදුරු වෙමින් ඔවුහු තම ජීවිත ගමන ගෙන යන්නේ නොසැලෙන ආයුරීනි.

Out Of Stock

සාරාගේ ගෙත්තම

Highlights:

Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල්, කැතරින් කෝඩර් හා විවාහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කරගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කරගෙන ඇත්තේ කුමන සාපයක් නිසාද? කැතරින්ට දරු ගැබක් ඇති බව දැනගත් කල ඒ සාපය ඇය පසු පසද හඹා එයි.

1 2 8 9 10 11 12 15 16
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping