හඳ සාක්කි කීම
1946 මාර්ටින් වික්‍රමසිංහ ලියූ හඳ සාක්කි කීම, ජීවිත පරිඥානයෙන් හා කලාවිඥානයෙන් පැසුණු ඔහුගේ නිර්මාණ ශක්තිය පළ කෙරෙන කෙටිකතා සංග්‍රහයකි. ලේලි කෙටිකතාව ගැන ජීවිතයෙහි සංකීර්ණ අංගයක් පිළිබඳ චිත්ත චෛතසික පරිකථාවක් වැන්න. සමාජවාදියා නගරයේ ඉහළ පන්තියේ පවුලක් ගෘහ ජීවිතය ඇසුරෙන් රචිත සමාජ වාදීය කතාවකි. ඒ කතාව කියන තරුණයා ඔහුගේ ගෙදර විසිතුරු දේ හා අනුකාරක සිරිත් ද වස්තු කොට ගැනීමෙනි මවුපියන්ගෙ ගතානුගතික චරිත නිරූපණය කරන්නේ කීර්ති ලෝභයෙන් සුදු නිලධාරීන් ඇසුරු කළ නගරයේ සිංහල නිලධාරියකුගේ ජීවිතයෙහි බොල් අරුතත් ඔහු නිසා ඔහුගේ සහෝදරියගේ ගැමි ජීවිතය අවුල් වීම හා ඇගේ දූන් ද අනාථයන් වන සැටි ත් හෙළි කෙරෙන ප්‍රචන්න උපහාසයකි. මුදියන්සේ මාමා, තරුණ භික්ෂුව භික්ෂු ජීවිතය සැඟවුණු ආධ්‍යාත්මික අංග හෙළි කරයි. මරණය ආර්ථික දුෂ්කරතා හා පාරම්පරික සිරිත් නිසා කම්කරු ජීවිතය අවුල් වන සැටි හෙළි කෙරෙන සෝපාහාස ශෝකාලාපයකි.
සිත්තම
“මගේ මේ කෙටි කතාවල ඇති හාස්‍ය රසය මගේ අභ්‍යන්තරික දිළිඳුකමින් ඇති වූවකි. ඇතැම් විට තේරුම් ගත නොහැකි දරුණු ශෝකයක් මා තුළ ඇති වෙයි. මේ ශෝකයෙන් සිත නිදහස් කර ගැනීම පිණිස මෙම හාස්‍ය රසය ඇති කරවන, අවස්ථාවලට පත් හාස්‍යජනක චරිත සිතින් මවාගෙන ලීවෙමි.”
පව්කාරයාට ගල් ගැසීම
1936 දී පළවූ මාර්ටින් වික්‍රමසිංහගේ “පව්කාරයාට ගල් ගැසීම” වූ කෙටිකතා සංග්‍රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්වි හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශෙෂ අංග සමහරක් මෙහි චිවරණයට පාත්‍රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන් පූණී ය. තමා ආරුඪ කර ගත් තවුස් වෙස නිසා යම් යම් අවස්ථාවන් පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන් දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.
වහල්ලු
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතා සංග්‍රහය මුලින්ම පළ වූයේ 1951 වසරේදී ය. මෙය වූ කලී එහි එකොළොස්වන මුද්‍රණයයි. ‘කෙටිකතාව’ යන ශීර්ෂය යටතේ ලියවුණු දීර්ඝ විවරණයකින් යුතු ප්‍රස්තාවනාව මෙම සංග්‍රහයේ අගට යොදන ලද්දේ කෙටිකතා කියවා ඉන් අනතුරුව එය කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබාගත හැකි බැවිනි. ප්‍රස්තාවනාව ගැන වික්‍රමසිංහ මහතා මෙසේ පවසයි. මා මෙම ප්‍රස්තාවනාව ලියුවේ උසස් කෙටි කතාවෙන් ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා රචනය පිළිබඳ උපදෙස් ගතහොත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් යැයි හැඟේ.
ගැහැනියක් සහ තවත් කෙටි කතා
ගැහැනියක් කතා සංග්‍රහයෙහි කෙටිකතාවලට තුඬු දුන් අත්දැකීමි පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහයන් සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක් මේය. “මගේ ගැහැනියක් කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම් කිහිපයකි. එතෙක් අනික් එකම පොතකුදු ලිවීමෙන් නොලත් සන්තෝෂයක් මම ගැහැනියක් පොතේ කෙටිකතා ලිවීමෙන් ලැබීමි. මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් පොතේ කතා ය.”
ලේ
තොට මැරෙන්ඩ හිතිලද? මෙච්චර වෙලා මට කතා නොකර මොකද ගොනෝ කෙරුවේ? අම්මා පරල වී අවුත් මල්ලිකාගේ නළලට අතක් තබා ඒ අත මේ අත සෙලෙව්වාය.