Buddhism

Showing all 12 results

Show:

6 ශ්‍රේණිය බුද්ධ ධර්මය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )

Highlights:

6 ශ්‍රේණියේ සිට සා/පෙළ දක්වා ශිල්ප හදාරන ලක් දූ පුතුන්ට නියමිත විෂය මාලාවේ නිපුණතා සාධනය වන අයුරින් පාඩමෙන් පාඩම ආවරණය වන සේ ක්‍රමික සැලසුමකට අනුව මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර පෙළ සකස් කර තිබේ. මාසයක් තුල දරුවා ඉගෙන ගන්නා විෂය කරුණු නැවත පුනරීක්ෂණය කර ගනිමින්, ඉලක්ක සාධන මට්ටම වෙත ඉතා පහසුවෙන් ළඟා වෙමින්, ලකුණු මට්ටම ඉහළ නංවාගැනීමට මෙම මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර හොඳම පෙරහුරු ආධාරකයක් ලෙස දරුවාට උපකාරී වනු ඇත.

පාලිභාෂාවතරණය – තෙවැනි පොත

Highlights:

අකුරු වනාහි සිත මුල්කොට හටගන්නා ශබ්දයන් දැක්වීමට යොදන ලකුණු විශේෂයෙකි. අපේ අදහස් ප්‍රකාශ කළ හැක්කේ අකුරුවලින් යුත් වචනවලිනි.පළමුකොට සිතින් නොසිතා අදහස් පහළ කිරීම හැකි නොවේ. එබැවින් අවිශේෂයෙන් සියළු අකුරු චිතතජ (සිතින් උපදනාහු)වෙති.නමුත් සිතින් උපන් වායුව මුඛය කරා පැමිණ බොටුව තල්ල ආදී ඒ ඒ තැන්වල හැපී විශේෂ ශබ්දයන් උපදවන බැවින් ඒ ඒ ස්ථානයන්ගේ වශයෙන් අක්ෂර බෙදනු ලැබේ.

පොල්වත්තේ බුද්ධදත්ත හිමිපානන් විසින් පාලිභාෂාවතරණය තෙවැනි පොත මගින් අක්ෂරයන්ගේ උත්පත්තිසථානාදිය ඇතුලු බොහෝ කරුණු සරලව ඉතා පැහැදිලිව සරලව විස්තර කර ඇත.

පාලිභාෂාවතරණය – දෙවැනි පොත

Highlights:

1955 දී මුද්‍රණය කරන ලද පාලිභාෂාවතරණය දෙවැනි පොතේ පළ වී ඇති විඥාපනය පාඨකයාගේ දැනගැනීම සඳහා ඒ අයුරින් ම මෙහි ද පළ කරන ලදි.

උපවාන මහා රහතන් වහන්සේ

Highlights:

“උපවාන මහ රහතන් වහන්සේට ගෞතම බුද්ධ ශාසනය තුළ හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. විශේෂ අග්‍රස්ථානයක් නොලැබුව ද බුදුරදුන් ගේ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතුරින් එක් නමකි. අසු මහා ශ්‍රාවක නාම ලේඛනයේ හැටනව වැනි ස්ථානයේ මුන් වහන්සේ ගේ නම දක්නට ලැබේ. බුදුරදුන්ට ස්ථිර උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලු ම උපස්ථායකයෙකු නොමැති කාලයේ දි උන් වහන්සේ ගේ සියලුම උපස්ථානාදිය සිදු කළ තෙරවරුන් අතර මේ උපවාන මහ තෙරුන් ද ප්‍රකටය.

සැදැහැ වඩන දඹදිව වන්දනා

Highlights:

දඹදිව වන්දනා අත්පොත” ලියා ඇත්තේ පොතේ දැනුමත් දඹදිව සිද්ධස්ථාන සිසාරා ඇවිදීමෙන් ලත් පළපුරුද්දත් යන දෙකම උපයෝගී කරගෙනය. ඒ නිසා මෙම පොත වචනයේ මුළු මහත් අරුතින් ම “අත්පොතකි”. වන්දනා කලයුතු ස්ථාන හා එම ස්ථානවල වර්ණ ඡායාරුප දක්වමින් එහි වැදගත්කම පෙන්වා දී ඇත.

බාහිය දාරුචීරිය මහ රහතන් වහන්සේ

Highlights:

“දසබලධාරී බුදුරජුන් ද පෙරවරුවෙහි පිඬු සිඟා වැඩ දන් වළඳා පස්වරුවෙහි බොහෝ භික්ෂු සංඝයා ද පිරිවරා ගෙණ සැවැත් නුවරින් නික්ම වඩිනා සේක් ගව දෙනක විසින් ඇනීම නිසා පිරිනිවන් පා කුණු ගොඩක් අසල වැටී සිටි බාහිය දාරුචීරීය මහ රහතන් වහන්සේ දුටු සේක.

1 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( පළමු, දෙවන හා තෙවන වාර ඇගයීම් )

Highlights:

1 ශ්‍රේණිය බුද්ධ ධර්මය ( පළමු, දෙවන හා තෙවන වාර ඇගයීම් සම්පාදිතෛයි. ) ප්‍රශ්න ප්‍රත්‍ර පිළිතුරු

සිනාසෙන සුදු හාමුදුරුවෝ පොත් පෙළ – 30

Highlights:

Loving life and facing death
ජීවිතයට ආදරය කරන්න
Dealing with emotions
දුක සැපට මුල චිත්තවේගයයි.ඒ නිසා චිත්තවේග ගැන දැනගන්න
Lets talk about old age
වියපත්වෙනවා කියන්නේ ජීවිතය තවත් පැහැපත්වීමයි
Finally Positivity in People
ත්‍රස්තවාදීහු මිනීමරුවෝ ස්ත්‍රී දූෂකයෝද මනුෂ්‍යයෝය.

බෞද්ධ ශිෂ්ටාචාරය 12 වසර ( නව නිර්දේශිත )

Highlights:

බෞද්ධ ශිෂ්ටාචාරය 12 වසර ( නව නිර්දේශිත )

Out Of Stock

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – බුද්ධ ධර්මය

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
Out Of Stock

ගුණසේන Q & A – බුද්ධ ධර්මය

Highlights:

2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping