ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ
වත්ර්තමාන ලෝකය හමුවෙහි ශ්‍රේෂ්ඨ කැඩපතක් වු ලකුණ්ටක භද්දිය හාමුදුරුවන් ගේ අඟුටුමිටි ශරීරය තුළින් ම පැන නැඟුණු අත්‍යුදාර මනස්කාන්ත ගුණ ශරීරයේ ප්‍රතිමාව පාඨක හෘද ගර්භයන්හි ස්ථාපිත කරනු වස් “ලකුණ්ටක භද්දිය මහ රහතන් වහන්සේ ” කෘතිය බුද්ධ ශාසන සිංහාසනයෙහි අභිෂේක ලද තවත් ග්රන්ථ රත්නයකි.
මිරිසවැටි මහා චෛත්‍ය වර්ණනාව
“මිරිසවැටිය” අටමස්ථානයට මෙන් ම සොළොස්මස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. මිරිසවැටි මහා දාගැබ් වහන්සේ “මිරිසවිටි”,මිරිසපිටි” යන නම්වලින් ද හඳුන්වා තිබේ. කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල මහ රජතුමාට අයත් රුවන්වැලි මහා සෑ සෙල් ලිපියේ සඳහන් ව ඇත්තේ “මිරිසවිටි” යන නම යි.
V කාශ්‍යප මහ රජතුමා ගේ පුවරු ලිපියේ ද IV මහින්ද මහ රජු ගේ අංක 1 දරන ජේතවනාරාම පුවරු ලිපියේ ද මේ මිරිසවැටි විහාරය සඳහන් ව ඇත්තේ “මිරිසිවිටි” යන නමින් ය. මිරිසවැටි මහා සෑයට පාලි භාෂාවෙන් “මිරිචවට්ටි චෙතිය” යනුවෙන් කියනු ලැබේ.
බුදුදහම පුද්ගලවාදය හා සමාජවාදය
“සුවිශාල අධිරාජ්‍යක ඇතුළත පිටත සියලු කටයුතු මේ
ධර්ම නීතිය ම අනුව පාලනය කිරීමට තරම් ධෛර්යයක්
සහ වශ්වාසයක් ඇතිව සිටි උතුම් නරපතියකු වු බව
සිතන්නට ලැබීම පවා සැනසිල්ලකි. මේ නරපතියා නම්
ක්‍රි.පූ. 3 වන ශත වර්ෂයේ විසු අශෝක නැමැති බෞද්ධ
අධිරාජයාය.
තවතවත් දේශ විජයයෙහි යෙදීමට වුවමනා ශක්තියෙන්
අනුනව. රාජ බලය පිලිබඳ ගිරි මුදුනෙහි වැජඹුණු
ජයග්‍රාහක නරපතියෙකු යුද්ධයක් හිංසාවක් හැරදමා
සාමයත් අවිහිංසාවත් වැළඳගත් බවට මානව
ඉතිහාසයෙන් ගෙනහැර දැක්විය හැකි එකම උදාහරණය
මෙයයි.”
(බුදුන් වදාළ ධර්මය- වල්පොල රාහුල හිමි)
බෞද්ධ ශීලය කුමකට ද?
බෞද්ධ දර්ශනයෙන් ප්‍රයෝජන ගත හැක්කේ කෙසේද යන්න
බෞද්ධ සමාජයේ ම. ඉපදී වයස්ගත වු අයට පවා නොතේරීමට,
හේතුව වර්ථමානයේ එය ඉදිරිපත් කරන වැරදි ආකාරයයි.
ඔබට දුක් පීඩා ගෙන දෙන්නේ සංවර්ධනය නොවු දියුණුකර
නොගත් ඔබගේ මනස ම ය. එය සංවර්ධනය කරගත් කළ
එය මෙලොවදී පමණක් නොව පර ලොවදීත් සතුට
ගෙනදෙයි.
මනසේ යථා ස්වභාවය හදුනාගත හැක්කේ ශීලයට අවතිර්ණය වු
තැනැත්තාට ය.
බෞද්ධ ශීල ප්‍රතිපදාව තුළින්, මානසික ස්ංවර්ධනය සිදුවන අයුරු
පෙන්වා දෙන මෙම ග්‍රන්ථය ඔබගේ දෙලොව දියුණුවට උපකාරී
වේ.
දස පුණ්‍ය ක්‍රියා හෙවත් දස කුසල කම්
පුණ්‍ය ක්‍රියාවන් මොනවාද යන්න ඇතැම් බෞද්ධයන් දැන
සිටියත් ඔවුන්ගේ අවබෝධය පරිපූර්ණ එකක් නොවේ.
මෙම ග්‍රන්ථය ඒ පිළිබඳ පරිපුර්ණ අවබෝධයක් ලබා
දීම පිණිස සැකසුන එකකි.
බොහෝ බෞද්ධයන් පරලොව සැප පිණිස යැයි, සිතාගෙන
ආමිස පුජාවන්වල නිරත වෙති.එහෙත් ඒවා පවා නියමාකාරයෙන්
සිදු කිරීමට ඔවුන් අපොහොසත් වන්නේ, ඔවුන් තුළ ඒ
සම්බන්ධයෙන් ඇති අනවබෝධය නිසාය.
සරස්වතී නිඝණ්ඩුව
සරස්වතී නිඝණ්ඩුව සියවස් ගණනාවක සිට මෙරට වෛදය ශාස්ත්‍රය හදාරණ ආයුනිකයනට පිහිටවෙම්න් ජාතිය සතුවී පවත්නා සප්‍රයෝජනවත් ග්රන්ථයකි.
සුනාපරන්ත පුණ්ණ මහ රහතන් වහන්සේ
“එකල්හි නර්මදා නාරජු භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹ දණින් වැටි ඇදිලි බැද ගෙණ “ස්වාමිනි, අපට වන්දනා කිරිමට කුමන හෝ වස්තුවක් ලබා දෙනු මැනවැ”යි කියා යාච්ඤ කළේය.
ධම්ම පදය තෙවන කාණ්ඩය
ධම්ම පදය වනාහි මෙලොව හා පරලොව පිළිබඳ විශ්වාසයක් තබා ඇති ඕනෑම අයෙකුට දෙලොවම දිනිය හැකි මහඟු උපදේශයන් ගෙන් පරිපූර්ණ කෘතියකි. එහි දැක්වෙන කථාවස්තු මගින් හෙලි කරන්නා වු ජීවන දර්ශනය අත්‍යන්තයෙන්ම අපගේම ජීවිත කැඩපතේ ජායාවක් බව දැකගත හැක්කේ ඒ තුළට කිඳා බැසීමට අප ගන්නා උත්සාහය මගිනි. ධම්මපදය පිළිබඩඳ මෙයට පෙර පළමු ග්රන්ථ දෙකෙහි වර්ග 11කට අයත් ගාථා 156 ක් හා ඒවාට සම්බන්ධ කථාවස්තු 126 ක් පිළිබඳව විස්තර ඇතුළත් කළෙමු. මෙම තෙවන කාණ්ඩයට අයත් වන්නේ වර්ග 8 කට සම්බන්ධ ගාථා 116 ක් හා කථා පුවත් 77කි.
මගේ බණ පොත
1921 දී පළ වු “මැවීම “නමැති ලිපියෙන් මැවීමක් විශ්වාස නොකළ හැකි බව දැක්වේ.ඒ වර්ෂයේ ම පළ වු ” ක්ෂුද්‍ර සත්වයෝ” නමැති ලිපියෙන් ඇසට නොපෙනෙන කෝටි ගණන් කුඩා සතුන් පිළිබඳ තොරතුරු දත හැක. ඒ වර්ෂයේදිම පළ වු “නිර්වාණය” නැමැති ලිපියෙන් නිවන පිලිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබා ගත හැක. 1920 දි පළවු සමාධිය නමැති ලිපියෙන් මිනිසුන් දිනපතා කරන වැඩවල දී පවා සිතේ එකඟකමක් ඇති කර ගැනීම වැදගත්
බව පෙන්වා තිබේ.1916 දී පළ වු විසුඳිධීපනියෙන් ආණාපාණය වඩන සැටි දැන ගත හැක. අන්‍ය භාවනා සඳහා ද මුල දී පිළිපැදිය යුතු ආකාරය එහි දැක්වේ.එයට අනතුරුව තිබෙන සපත විශුධි විභාගය වනාහි කිසි විටක පළනො වු නමුත් 1920 පමණේදී ලියන ලද්දකි.1912හේ දී පළ වු ආත්මදෘෂ්ටි ජෙදනෙය වනාහි දැන් ලෝකප්‍රකට ආචාය්‍යර් වරයෙක් ව සිටින කෘෂණමුර්ති මහතා තුදුස් හැවිරිදි කල්හි සෝවාන් මගට පැමිණියේ යයි කියමින් ඒ මහතා ලියු පොතකට උත්තර වශයෙන් ලියු පොතකි.
පොල්වත්තේ බුද්ධදත්ත හිමි.
පිරමිඩ් යාන්ත්‍රණයෙන් වාස්තු විද්‍යාව
අතීත ක්රමවේඳ තුලින් වේගවත්ව පහසුවේන් භාවිතා කරන යාන්ත්‍රන ක්‍රමයක් දැන් රූපාකාර යෙන් පහසුවෙන් ඉගෙන භාවිතා කිරීමට සරලව සකස්කර ඇත. නිරෝගීභාවය හා ධනවත්වීම මෙම ක්‍රමවේද තුළින් ඔබේ අනාගතය සර්ථකත්වය කරා ගෙනයයි. මෙම විශිෂ්ඨ ඥානය භාවිතයෙන් නිවස, කාර්යාලය, කර්මාන්තශාලාව ආදිය බලාපොරොත්තු සඵල කරන ආකාරයට පිළියෙල කර ගත හැකිය.
නිමිතිසාරය හෙවත් ගර්භද්වාර නිමිත්ත
නිමිතිසාරය හෙවත් ගර්භද්වාර නිමිත්ත
පැරණි ගෙබිම් සංග්‍රහය 1
කිසියම් අයෙකු මේ ලොව එළිය දැකීම සඳහා එන ගමනේදි බිහිවීම,හුස්ම ගැනීම,ඇඬිම යන තුන් කරුණටම සම්බන්ධතාවය ගොඩ නැගෙන සාධක වනුයේ ජන්ම පත, නිවස හා ශබ්දයයි.මෙහි දී උපන් තත්ව ගති සම්පත්ති වශයෙන් දැක්වෙන අතර එය පාලනය කල හැක්කේ ප්‍රයෝග සම්පත්තියටයි. තවද ප්‍රයෝග සම්පත්තිය යනු අපට වර්තමානයේදි ද කළ හැකි දෙයයි.මෙහිලා මූලික වනුයේ අප පදිංචි නිවස හා අපගේ වචනයයි. වැඩියෙන්ම අපට යහපත හෝ අයහපත උදා කරනුයේ ශබ්දය හෙවත් වචනයයි.ඊළඟට නිවසද තුන් වනුව උපන් තත්වයද බලපායි.මෙහි දැක්වෙන්නේ පුරාණ අසුරයන් විසින් භාවිත කළ වාස්තු වේදයන් හෙවත් අප ගේ මුතුන් මිත්තන් විසින් භාවිතා කළ වාස්තු වේදයන් ය.
ධම්ම පදය, පළමු කාණ්ඩය
ලෝකයේ ඇතැම් රටවල විවිධ භාෂාවන්ට පරිවර්ථනය වී ඇති ධම්ම පදය ත්‍රිපිටකයේ දැක්වෙන අනෙකුත් ග්රන්ථ අතර බුද්දක නිකායට අයත් එකකි. මෙහි ඇතුලත් ගාථා පිළිබඳව විවරණ දැකිය හැක්කේ අට්ඨකථාචාර්ය බුද්ධඝෝෂ හිමියන්ගේ “ධම්මපදට්ඨ” කථා නම් ග්‍රන්ථයේය.
මිනිසාගේ මනස අවුලෙන් අවුලට පත්වන්නේ අධික තෘෂ්ණාව හේතු කොට ගෙනය.අවුලෙන් නිරවුල් වීමේ ක්‍රමය දහම් රසය පානය කිරීමයි. සියලු රසයන්ට වඩා දහම් රසය ශ්‍රේෂ්ඨ වන්නේ එම නිසාය. ලොව කවරෙකුට වුවද කිසිම අගුණයක් නැති මෙම උතුම් පානය අවුරුදු දෙදහස් පන්සීයකට වඩා ඈත ඉතිහාසයක සිට මිනිස් හදවත් සැනසීමට මහෝපකාරිවී ඇත.
අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ
අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුරජාණන් වහන්සේගේ පළමු පැවිදි ශ්රාවකයා ය. එසේම ගෞතම බුදුසසුනේ පළමු ව චතුරාර්යා සත්‍ය ධර්මයන් අවබෝධ කළ භික්ෂුන්ගෙන් අග්‍රස්ථානය ලබා ගත් මහ රහතන් වහන්සේ ය. මේ නිසා අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර මුලින්ම නම සදහන් ව ඇත්තේ මහානුභාව සම්පන්න වූ අඤ්ඤො කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගේ ය. මෙහි ඇතුළත් වන්නේ උන්වහන්සේගේ චරිතය හා සම්බන්ධ කතා පුවතය.
චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ
“චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ වනාහි ගෞතම බුදුසසුනේ මනෝමය කය මවන භික්ෂුන් අතුරින් ද රූපාවචර ධ්‍යානයට සමවදින භික්ෂුන් අතුරින් ද අග්‍රස්ථානය ලැබ අසු මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර එකලොස් වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ ය. බුදුරජාණන් වහන්සේ හැරුණු විට මේ බුදුසසුනේ මනෝමය කය මැවීමේ අතිදක්ෂ වුයේ මේ මහානුභාව සම්පන්න වු චුල්ලපන්ථක මහ රහතන් වහන්සේ ය. මුන් වහන්සේට එකවර මනෝමය කය දහසක් මැවිය හැක. මෙය රජගහ නුවර ජීවකම්බවන මහා විහාරයේ දී ප්‍රකට විය. මේ හැරුණු විට මුන් වහන්සේ තව නොයෙක් ප්රාතිහාර්යයන් ද සිදු කර තිබේ.”
සැරියුත් මහ රහතන් වහන්සේ
සැරියුත් මහ රහතන් වහන්සේ බුදුසසුනේ මහා ප්රාඥාවන්ත භික්ෂූන් අතර අග්‍රස්ථානයට පත් භික්ෂූන් වහන්සේය.මෙහි ඇතුළත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ හා සම්බන්ධ කථා පුවතය.
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය
උප්පලවණ්ණා මහ රහත් තෙරණිය වනාහි අප මහා ශාන්ති නායක ශක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ දෙවැනි අග්‍ර ශ්‍රාවිකා නමයි. එසේ ම සෘද්ධිමත් භික්ෂූණීන් අතරින් අග්‍රස්ථානය ලබා ගත් මහ රහත් තෙරණින් වහන්සේ යි. මෙහි අතුලත් වන්නේ එතුමියගේ ජීවිත කථාව හා සම්බන්ධ තවත් කථා පුවතය.
මහා කාෂ්‍යප මහ රහතන් වහන්සේ
මහා ශ්‍රාවක චරිත පොත් පෙළේ තෙවැනි ග්‍රන්ථය “මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ” නම් වු මෙම ධර්ම ග්‍රන්ථය යි.
මහා කාශ්‍යප මහ තෙරුන් වහන්සේ වනාහී අප මහා ශාන්තිනායක ශාක්‍යමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ධුතාධ්ගධාරි භික්ෂුන් අතුරින් අගතැන්පත් මහ තෙරුන් වහන්සේ යි. බුදුරදුන් ගේ තෘතීය මහා ශ්‍රාවකයන් වහන්සේ වු. මුන් වහන්සේට ගෞතම බුදුසසුනේ ධර්මාධිකාරී තනතුර ද හිමි වී තිබුණි. “අනුබුද්ධ” යන ගෞරව නාමයෙන්ද මුන් වහන්සේ හඳුන්වනු ලැබේ.
අංගුලිමාල මහ රහතන් වහන්සේ
අංගුලිමාල මහ රහතන් වහන්සේ ගෞතම බුදුසසුනේ විශේෂ අග්‍රස්ථානයක් ලැබු තෙරුන් වහන්සේ නමක් නොවෙයි. නමුත් බුදුරදුන් ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් එක් නමකි. අසූ මහා ශ්‍රාවක නාම ලේඛනයේ මුන් වහන්සේගේ නම හැත්තැහය වැනි ස්ථානයේ සදහන්ව ඇත.මෙහි ඇතුලත් වන්නේ උන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කථා පුවත්ය.
දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ
දබ්බ මල්ලපුත්ත මහ රහතන් වහන්සේ වනාහි අප මහා ශාන්තිනායක ශාකයමුනි ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි සේනාසන පණවන භික්ෂුන් ගෙන් අග්‍රස්ථානය ලබා ගෙන බුදුරදුන්ගේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර විසිපස් වැනි ස්ථානයේ වැඩ සිටින මහරහතන් වහන්සේය. උන්වහන්සේගේ ජීවිත් කථාව හා ඒ සම්බන්ධ කථා පුවත් ඇතුළත් කොට මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
පිණ්ඩෝල භාරද්වාජ මහා රහතන් වහන්සේ
පිණ්ඩෝල භාරද්වාජ මහ රහතන් වහන්සේ වනාහී ගෞතම බුදුසසුනේ සිංහනාද පවත්වන භික්ෂූන් අතුරින් අග්‍රස්ථනය ලබා ගෙන අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලා අතර අට වැනි ස්ථානයේ වැඩ සිටින මහ රහතන් වහන්සේ යි. මුන් වහන්සේගේ ජීවිත කථාව හා ඒ සම්බන්ධ කතා ඇතුළත් කර මෙම ග්‍රන්ථය නිර්මාණය කර ඇත.
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ 15
මේ ලිපි මාලාව ලියූ ස්වාමීන්
වහන්සේ මේ වන විට කොහි වැඩ
සිටිනවාදැයි මම නොදනිමි.
එහෙත් උන්වහන්සේ මේ පින් බිමේ
කුමන හෝ ගැඹුරු වනගැබක
අලි, කොටි, වළසුන් මැද ඒක
විහාරීව දහම් සුව විඳිමින් සිටිතැයි
මම විශ්වාස කරමි. මේ ඝෝර
කටුක සංසාරයේ බිය දැක මේ
ආත්මයේදීම සසර දුකින් එතෙරවීම
අදිටන් කරගනිමින් සෘජුව නිවන්
මඟේ ගමන් කළ උන්වහන්සේ ලබා
ඇති මග ඵල ගැන කියන්නට තරම්
මම සමතෙක් නොවෙමි. එහෙත්
උන්වහන්සේ වැඩිය යුතු බවුන්
වඩන උතුමකු බව කියන්නට මම
නොපැකිලෙමි. තම අවබෝධය
මෙන්ම අත්දැකීම්ද
උන්වහන්සේ සතු වූ කුඩා පොත්
කිහිපයක සංස්කරණය නොකළ
සටහන් ලෙසින් මා අතට පත් කළ
උන්වහන්සේ නෙපෙනී ගියහ.
එහෙත් ඒ සටහන්
කෙතරම් දාර්ශනිකද, ගැඹුරුද
ආශ්චර්යමත්ද. නිවන් මඟට පිළිපන්
ගිහි පැවිදි උභය පාර්ශ්වයට ම
මෙය අගනා පූජාවක් වනු ඇතැයි
මගේ පුහුදුන් සිත කියයි.මේ
සියල්ල ඔබ වෙත ඉදිරිපත් වුවද
ඒවා ලියු උන්වහන්සේගේ නාමය
හෙළි නොකරන සේ කරන ලද
ඇයැදුමක් ද විය.
නාඩි ජ්‍යොතිෂ පද්ධතිය
කේන්ද්‍රයක සත් විසි නැකත මුලස්ථානයේ තබා ඵලාඵල ප්‍රකාශ
කරන අන්දම මේ පොතින් විස්තර කරනු ලැබේ. මේ ක්‍රමය
ස්වල්ප දෙනෙකු අතර පමණක් දුලභව භාවිත වන්නක් බව
පොත පරිශීලනය කරන කෙනෙකු හට මොනොවට වැටහී යනු
නො අනුමානය. පසුව දක්වනු ලබන කරුණු අනුගමනය
කිරීමෙන් කේන්ද්‍රයක ඵලාඵල කොතරම් දුරට නිවැරදිව සත්‍ය
ආකාරයෙන් එළිදරව් කළ හැකිදැයි ප්රත්යක්ෂ කර ගත හැකිය.
ශ්‍රීමත් භගවත් ගීතාව
ග. ආරියපාල ගුණසේනයන් විසින් හෙළ ගීයට නගන ලද “ශ්‍රීමත් භගවත් ගීතාව”
සිතට ආහාර
පූජ්‍ය අචාන් චා හිමියන්ගේ’Foods for the Heart’ නමැති ග්‍රන්ථයේ සිංහල අනුවාදය.
ධම්ම පදය
සිව්වන කාණ්ඩය
(ගාථා හා කථා වස්තු සංග්‍රහය)
පවුල් ජීවිතයේ අවුල් විසදාගන්නේ මෙහෙමයි
Buddhist attitude in family පවුල් ජීවිතයේ අවුල් විසඳාගන්නේ මෙහෙමයි.
Bringing up chidden දරුවන් හදාවඩා ගන්නේ කෙසේද?
Sex, family, money and Buddhism කාමාස්වාදය, පවුල් කෑම,මුදල් මහා බුදු දහම
Why are we here, why are we born අප මෙතැන සිටින්නේ ඇයි? අප මෙළොව ඉපදුනේ ඇයි?
විශවකම්ප්රකාශය හෙවත් ගෙබිම් ශාසත්‍රය
විශවකම්ප්රකාශය හෙවත් ගෙබ්ම් ශාසත්‍රය
සෙත්කවි කලාව
සිරිසෙත ලැබ ගැනුම පිණිස සෙත්කවි බැඳුම ද,
අනුනට අයහපත සලසනු පිණිස වස්කව් බැඳුම ද,
අති පුරාණයේ පටන් පැවතගෙන එනු ලැබේ.
වත්මන්හි එහි ව්‍යාප්තිය බොහෝදුරට හීනවීගෙන
යන හෙයින් ඒ සම්බන්ධ ශාස්ත්‍ර යුක්ති එක්තරා
ප්‍රමාණයෙකින් විස්තර කිරීම අපගේ අදහසයි.
සෙත් කවි වස් කවි රචනය වනාහි එක්තරා
මන්ත්‍ර ක්‍රම විශෙෂයෙකි. ඒ සඳහා පුරාණචාය්‍යර්
වරයන් විසින් දක්වන ලද ගුරුඋපදේශ හොඳාකාර
දැන ඉගෙන ඒ අනුව කටයුතු කළහොත් නියම
ප්‍රතිඵලය ලබා ගත හැක.
උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ
උරුවෙල කාශ්‍යප මහ රහතන් වහන්සේ