Showing all 3 results
“මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙන්ද?” “හදවතින්…” “ඒ ගැන කියන්න.” “හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියලා කියන්න ගොඩක් අය දන්නේ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.”
“අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යම් ගැඹුරු තැන “ආදරෙයි උතුරන්න”
හමා යන සුළඟකින් මගේ නම විමසන්න
තබා ගිය පණිවුඩෙන් ආදරෙද පවසන්න”
ළා නිල් පාට අහස් තලයේ කැටි ගසන වලාවන් නොයෙක් හැඩ රුව ගන්නා තැන මම කවියක් දකිමි. වැස්ස වහිනා විට ගස්වල අතුපතර ඔස්සේ වු වැහි බිඳුවල රේඛා චිත්‍ර අතරේ මම කවියක් දකිමි. රෑ අහසේ නිතර බබළන තරු අතුරින් වඩා නිසලව රශ්මි ධාරා විහිදුවන්නා වූ සිකුරු, බෘහස්පති වැනි ග්‍රහ තාරකාවන් අතරේ මම කවියක් දකිමි. එබැවින් කවිය යනු කුඩා කිවිඳියක වන මට සාහිත්‍ය අංගයක් නොවන ජීවිත හැඟීමකි.
සිතුලි සඳගෝමි.
Shopping cart is empty!
Continue Shopping