Novels

(Showing 211 – 240 products of 726 products)

Show:

දෙවැනි ගැහැනිය

Highlights:

“මම යනවා.” ඇගේ සැමියා කීවේය.

මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.

ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

මේ, ඒ කතාවයි…

දුවිලි

Highlights:

තැලී පොඩි වී ගිය පුද්ගල චරිත අතර සිදුවන සමාජ ඝට්ටනය පිළිබඳ ප්‍රවීණ නවකතා රචිකාවියක වන ශාන්ති දිසානායක විසින් නිර්මාණය කරන ලද කෘතියකි. ඒ ඒ චරිත ජිවිතය දෙස බලන ආකාරය විවිධ කෝණයන්ගෙන් විග්‍රහ කරන්නට ලේඛිකාව උත්සාහ දරයි.

බයිසි මොටෝ එක

Highlights:

ප්‍රවීණ ලේඛක ගුණදාස ලියනගේ මහතා විසින් රචිත පාඨකයන් අතර අතිශයින්ම ජනප්‍රිය පොත් පෙළ නව මුහුණු වරකින් ප්‍රකාශයට පත් වු වගයි

කැලෑ පැංචා

Highlights:

‘පුතා යං අපේ ගෙදර යන්න. මේ සත්තුත් එක්ක මොකටද කැලේ ඉන්නෙ? ‘යි කියමින් ආතා වදුරු ළමයාගේ අතකින් ඇල්ලුවේ ය. වඳුරු ළමයා දිගං ආතා පහුරු ගා අත ගසා දමා බේරා ගත්තේ ය. නියපොතු පාරවල් වලින් යන්තම් ලේ ගලමින් තිබුණත් ආතා ළමයාගේ කකුලකින් අල්ලා අදින්නට විය. වඳුරු ළමයා කකුල ගසා දමා බේරෙන්නට දැඟලුවත් බැරි විය. ඔහු ගිරිය යටින් අමුතුම සද්දයකට විලාපයක් නගන්නට විය. වටපිට ගස්වල සිටි වදුරෝ කෑගසමින් අතු කෑලි කඩ කඩා ආතා දෙසට දමා ගසන්නට පටන් ගත්තේ ය. ඒත් ආතා වඳුරු ළමයාගේ කකුල අතහැරියේ නැත. තව තවත් තදින් අල්ලා ගත්තේ ය. හිටි හැටියේම ඔළුව පාත් කළ වඳුරු ළමයා දිගං ආතාගේ උරහිස දෙපාරක් ම හපා කෑවේ ය. උන්දෑට ඉබේටම කෑගැසුණේ ය. ළමයා අතහැර වේදනාවෙන් කෙඳිරි ගාමින් ඉක්මන් කර බිමට බැස්සේ ය.

‘ඌ හරි ම වසවර්ති මාරයෙක්නෙ. උරඉහෙන් කෑල්ලක් ම කඩල අරගෙන. අතක් එහං පිටින් ම පහුරු ගාල’යි කියමින් ආච්චි ආතාගේ උරහිස කම්බායේ පොටෙන් පිසදමන්නට පටන් ගත්තා ය.

කැන්ඩි මහල්

Highlights:

මේ සිංහල වූ දෙමළ, මළයාලී තෙලිඟු මරාති හා යුරෝපිය පවුල්වල කතා අලංකාරයයි. දෙමළ වූ සිංහල මිනිසුන්ගේ ද කතා මාත්‍රා මිශ්‍රරකයයි’ ගම්වාදී දුනුකාර හමුදාවලට බැදි සිට් අපේ මුතුන් මුතුන්මිත්තන්ගේ නම් ගම් වෙනස්වීමේ විචිත්‍රත්වයයි’ මේ බිංදු බිංදු සින්දුවතියක් බදු නන්සිනගේ කතාව’ මේ මරිය පොරලේන්තින වංශවත් ස්ත්‍රීයක වීමේ සිදුවීම් දමයයි’ මේ කෝපි වගාව ආරම්භක සමයේ චිත්‍රයයි’ මේ කොලොබ” යාපනය හා මහනුවර මිනිසුන් හා යටත් විජිත පාලනයේ ම්සියුම් ගැටුම් දාමයක ප්‍රබන්ධයයි

කොරෝනා වාට්ටුව

Highlights:

කොරෝනා වෛරසයෙන් රෝගාතුරව කතුවරිය පෞද්ගලිකව ලත් අත්දැකීම් තුළින් නිර්මාණය කරන ලද කෙටි නවකතාවක් වන මෙය තුළ  සියලු කොරෝනා රෝගීන් කෙරෙහි සානුකම්පිතව සහ සංවේදීව බලන්නට මිනිසුන් යොමුකරවීමේ අපේක්ෂාවක් ගැබ් ව තිබේ.

1 2 6 7 8 9 10 24 25
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping