Minieela – මිණිඊල
මෙම වෙන්දේසියේ විශාල ම මිලකට අලෙවි වුයේ රාජකීය උඩුකය සැට්ටයකි. එම උඩුකය සැට්ටය වෙන්දේසියේ දි හදුන්වා දෙන ලද්දේ ශ්‍රි ලාංකික රාජ පරම්පරවෙ මුල්කාලීන සිංහල රජකුගේ රාජකීය ඇදුමක් ලෙසින් ය්. මෙයට ලන්සු තබන්නන් අතරට මම ද එක් වන්නට සිතුවෙමි.එහෙත් මා සතු ව එවැන්නක් මිල දී ගැනිමට මුදලක් නො තිබිණි. මට මාගේ රටේ අතීත උරුමයක් දැකීමෙන් ලත් ප්‍රබෝධය පමණක් තිබිණි.
.
නමක් නැති කතාවක්
ෆරාෂා ගවුස් මන්නාරම් වැලි පොළොව ලෙයින් නැහැවෙද්දීත් යහපත් හෙටක් පැතූ මිනිසුන්ගේ හුස්මින් ලොව දුටුවාය. ඇගේ පාටපාට ලෝකය කළු සුදු වෙද්දීත් ඇය ජීවිතයේ අරුත සෙව්වේ ඒ නිසාය. තිත්ත කළුවර මුරුගසන් වැස්සේ කුඩා බෝට්ටුවේ මහමුහුදේ වියරු දිය රැළි හා පොර බඳින තුරුත් ඇයට ආදරණීය පවුලක් තිබුණි. රළු මුහුදට ඇගේ ලෝකය යට වූ දා පටන් ඇය ජීවිතය නාඳුනන මිනිසුන් හා එක්ව දකින්නට වෙර දැරුවාය. එහෙත් යුද්ධය දැක දැක ජීවත් වූ ඇයට යුද්ධයේ මර හඬ නෑසී ජීවත්වෙන්නට බැරි ය. දහසක් විලාපයන් මැද්දේ සහෘදයන් යළි හමු වෙතැයි වූ ෆැන්ටසියක ඈ ජීවත් වූවාය. ඒ ෆැන්ටසියෙන් අවදිවන්නට ඈ ලෝභ වූවාය. මේ වේදනාව අවසන පාට පාට සමනල්ලූ, බත්කූරන් අත්තටු ලා ඇගේ නිජ බිමේ පියාසර කරනු ඇතැයි ඈ සිතුවාය. දහසක් වූ සංක‍්‍රමණික පක්ෂීන් සේ ඇයට ඒ මනරම් දූපතට සංක‍්‍රමණය කරන්නට හැකි යැයි ඈ විශ්වාස කළාය. ලේ පිපාසිත වෙඩි උණ්ඩවලින් ජීවිතය කියවූ ඇය සිය නමක් නැති කතාවට නමක් සොයන්නේත් ඒ නිසාය. ඇගේ කතාවට නමක් දෙන්නට ඔබට හැකිවේවිද?
KAMBA – කම්බා
එවන් ලාංකේය සමාජයක, ස්ත‍්‍රියට අත් විඳින්නට සිදුවන අනේකාකාර අත්දැකීම් ප‍්‍රබලව නිරූපණය වන නවකතාකරණයක් තුළ, ස්ත‍්‍රිය සතු සාමූහික ළෙන්ගතුකම, කැපවීම හා ශක්තිය විෂයෙහි දෘෂ්ටියක් කුළු ගන්වමින් ලියැවුණු‘කම්බා’, නොනවත්වා කියැවිය හැකි, රසවත්, වෙනස් ආරක නවකතාවකි.
අරගලම් – Aragalam
අරගලම් දෙමළ බසට ද නව වචනයක් එකතු කරන කතාවකි. මේ හුදු මානුෂික හිමිකම් හා ගෞරවය පමණක් ප්‍රාර්ථනා කරන දෙමළ තරුණියකගේ කතාවකි. මේ චූල ජාති – කුල – ආගම් බේද අභිබවා යන අපේ කාලයේ මහා හැරවුම් ලක්ෂය වන අරගලයක ආරම්භය ප්‍රබන්ධයකට ගොනු වීමකි. මේ තම තමන්ගේ කුඩා හෘදය වස්තුවල රැඳී රොමැන්තික සිහිනවලින් මිදී පොදු ජාතික ප්‍රශ්නයක් විසඳීමට එක් රොක් විය යුතු අපේ කාලයේ හද ගැස්ම සනිටුහන් වන කතාවකි.
වරිච්චි ඉස්කෝලෙ
නම් නොකළ කාර්ය මූල පර්යේෂණයක් බඳුව දිග හැරෙන මේ නවකතාව තුළින් අනේක විධ දුෂ්කරතාවන් අතරින් සිය වෘත්තිය පවා පුද දෙමින් සිය අභිමතාර්ථය කරා ඇදෙන යොවුන් ගුරුවරයා අපට නිතැතින්ම දුයිෂෙන් පමණක් නොව චීනයේ පාවහන් රහිතව ගම් දනව් හි අකුරු කරනුව ඇවිදිනා ගුරුකැළත් බ‍්‍රසීලයානු අධ්‍යාපනඥ (පවුලෝ පෙරෙයිරේ) පවා සිහිපත් කරවයි.
නයි ගලින් උපන් පුත්‍රයෝ
කුරුලු වෙළෙන්දා ගිරවාට ඇපල් ගෙඩියක් පෙන්නු පසු ඌ වහා කවුළුවකින් එළියට පියාඹා ගොස් පාර අයි අයිනේ ලෑලි තට්ටුවක ඇපල් ගෙඩි කිහිපයක් තබාගෙන විකුණන දුප්පත් වෙළෙන්දකුගේ පලතුරු තට්ටුව මත වැසුවේ ය.ගිරවා තමා ඉදිරිපිට මිහිරි නාද කරද්දි දුප්පත් වෙළෙන්දා ඌට වශි වි බලා සිටියේ ය.ඒ කෂණයෙන් ඇපල් ගෙඩියක් ඩැහැගත් ඌ අහසට නැගුනේය.දුප්පත් වෙළෙන්දා ලාභය ගැන දුක් වෙමින් ඉස අත බදාගනිද්දි ගිරා කුරුල්ලා කවුළුවෙන් ඇතුළු වී නැවතත් අමුත්තන් ඉදිරියේ පෙනී සිටියේ ය.
පාලම යට
|
නෙත් පත් තැන්
|
ආදරණීය විරුවාණනී
|
සුදු රටේ කළු ගැහැණු
2019 වර්ෂයේදී මෑන් බුකර් සම්මානයෙන් පිදුම් ලද බර්නඩින් එවරිස්ටෝගේ ‘ Girl , Woman , Other ‘ නවකතාව එකිනෙකට ඉඳුරාම වෙනස් චරිත දොළහක ජීවන අරගලය පිළිබිඹු කරයි . ඔවුහු සියලු දෙනාම බ්‍රිතාන්‍ය කළු ජාතික ගැහැනු වෙති .
ඔවුන් රටේ සතර දිග් බාගයේ විසිරී හිඳිමින් සිය පවුලේ සාමාජිකයන් ද , ඥාතීන්ද , මිතුරු මිතුරියන් සහ ආදරවන්තයන්ද ඇසුරේ කාලාන්තරයක් පුරා විඳි අත්දැකීම් මුදා හරින්නට ලේඛිකාව පෑන මෙහෙයවා ඇත්තේ ඉතා දක්ෂ ලෙසටය .
බහු වාර්ගික සමාජයක් තුළ ඔවුන් අත්දකින ඒ අපූර්ව වූ සංසිද්ධීන් පාඨකයාගේ සිත නිරන්තරවම විස්මයටත් , කම්පනයටත් පත් කරවයි .
‘සුදු රටේ කළු ගැහැනු’ නුතනයේ වියමනකි . එහි ප්‍රබලත්වය සහ විවෘත හැඟීම් ප්‍රකාශනය කියවන්නාගේ කල්පනා ලෝකය මුළුමනින්ම වෙනත්ම දිශානතියකට යොමු කරවන්නට සමත් වේ .
බ්‍රිතාන්‍ය නයිජීරියානු සම්භවයක් ඇති කතුවරිය බුකර් සාහිත්‍ය සම්මානයෙන් පුදනු ලැබූ ප්‍රථම කළු ජාතික ලේඛිකාව ලෙස ඉතිහාසයට එක්වන්නීය . සාහිත්‍ය ක්‍රියාකාරිනියක ලෙස මෙම ග්‍රන්ථය තුළින් කළු ජාතිකයන් වෙනුවෙන් ඇය සිදු කොට ඇත්තේ අගනා මෙහෙවරකි .
එදා අයුරින්
ම්ණි… ඒ මගේ අම්මා… එයාට කියන්නෙපා..ඔයාට තේරෙන්නෑ මෙ දෙවල්..මොකද ඔයාට… අම්මෙක් නෑ රැහාරා අඬ අඬා කියවන් ආපු ටික මං සම්පුර්ණ කරේ සද්දෙන්. එයා අත් දෙකෙන්ම කට වහගත්තේ ඇසුත් මහත් කරන්.
ඩ්‍රැකෝන් බලවතුන්ගේ බිහි වීම
සුශේයා තම යෂ්ටිය සුරතට ගත්තාය. ඇගේ දකුණු පසින් ටකේඩා තම අසිපත් ද්විත්වය දෑතින් දරා සූදානමින් සිටියේය. ඔවුන් දෙදෙනාට දෙපසින් සකාරස් සහ ටොකුගුවා තම ආයුධ ගෙන නැඟී සිටියහ.
“හැමෝටම දැනුම් දෙන්න. අපි මාළිඟාවෙන් එළියට යනවා. ඒ අය සටන අපි ළඟට අරන් එන්න කළින් අපි සටන එයාලා ළඟට අරන් යමු.”රණ බෙර හඬ පැතිරෙන්නට වූයේය. මාළිගාවේ ප්‍රධාන ද්වාර විවර විය. විවර වූ ද්වාර අතරින් ධවල වර්ණ ගත් ශක්තිමත් අසුන් සිව් දෙනෙකු පිට නැගි අසරුවන් සිව් දෙනෙකු ප්‍රාකාර වෙතට තම අසුන් මෙහෙයවද්දී, ඔවුන්ගේ පසුපසින් දහස් ගණනක පිරිසක් ප්‍රාකාර වෙත ඇදෙන්නට වූහ.
පෙම් ඇදුරාණෝ
|
සුවඳ රොන්සුණු
|
සල සිලිලාරය
|
රංසිරිගේ සංග්‍රාමය
|
උකුසෙහි අහසේ
|
උන්මාද නිම්නය
|
සංසු
|
සිද්
|
අමුතු තාලේ ආදර කතාවක්
|
දෙයියො තමයි දන්නෙ…..! (CHETAN BHAGAT’S 400 DAYS)
සියා අරෝරා…අවුරුදු දොළහෙ පොඩි කෙල්ල… අම්මයි,තාත්තයි, නංගියි එක්ක සීයලගෙ මහ ගෙදරට යනව. නෑදෑ දරුවො එක්ක සෙල්ලම් කර කර ඉදල රෑට නිදගන්න යනව. පහුවහද උදේ සියා නෑ ! අතුරුදහන්!! සියාට මොකද වුණේ? කැමැත්තෙන් යන්න ගියාද? හීනෙන් ඇවිදල කොහේ හරි ගියාද? කා එක්ක හරි පැනලා ගියාද? කවුරු හරි පැහැරගෙන ගියාද ? විහිළුවට හැංගුණාද ? ..ද ?..ද?..ද? දෙයියො තමයි දන්නෙ !
රාග ගිනි
|
රෙබෙකා
|
මූ නං මහ…
|
D – ඩී
එය ගිම්හානයේ තවත් එක සරු සැඳෑවකි. ලොව සුන්දරතම නගරය ශනිදා රැයේ සුපුරුදු උත්සවශ්‍රීයෙන් වෙළීයමින් තිබුණි. නගර වැසියෝ මෙන්ම සංචාරකයින්ද ග්‍රීෂ්ම නිවාඩුව නිම කරන්නට පෙර ගතව යන ඒ අවසන් රැය විනෝදයෙන් ගෙවා දමන්නට සූදානම් වෙමින් සිටියහ.
මේ නගරයේ එක් සුඛෝපභෝගී හෝටල් කාමරයක ලොවම ආදරය කළ රූමත් කුමරියක් රැය ගෙවී පහන් වනතුරු හෝරා ගනිමින් සිටියාය. තමන්ගේ සිතේ ඇති, ක්‍රියාවට නංවන්නට සිහින මවන සැලැස්ම සාර්ථක වන්නේ නම් අදහාගත නොහැකි වෙනස්කමකට ජීවිතය හසුවන බව දැන සිටියද ජීවත් වන්නට තමන්ට ඉතිරිව ඇත්තේ තවත් පැය කීපයක් පමණක් බව ඇය නොදැන සිටියාය.
එය තවත් එක් රිය අනතුරක් පමණක් නොවේ. එය මිනීමැරුමකි. ඇයව මරා දමන්නට සැකසුණු සංකීර්ණ කුමන්ත්‍රණයකි. ඇයව මරා දැමූ ඔවුහු. ඉතිහාසයේ මෙතෙක් හෙළි නොවුණු සංකීර්ණතම අභිරහසකට පදනම දැමූහ.
මේ කියැවෙන්නේ ඩයනා කුමරියගේ මරණයේ කතාවයි.
ආපුටුංගෝ මාපුටුංගෝ
‘ආපුටුංගෝ – මාපුටුංගෝ’ කෘතිය සුහර්ෂිණී ධර්මරත්න නම් කිවිඳිය විසින් සිය ජීවන අන්දරය නිර්මාණාත්මක ලෙස තීරු ලිපි තුළට කළ ගොනුකිරීමක එකතුවක් ලෙස සඳහන් කළ හැකිය. මෙයින් කිහිපයක් මව්බිම පුවත්පතේ පළ වූ අතර නොපළ තීරු ලිපි බොහොමයකි. ඒ සියල්ල එක්කොට කෘතියක් ලෙස මෙසේ එළිදැක්වෙයි. කතුවරිය මේ කෘතිය තුළින් සිය ජීවන අන්දරය අප හමුවේ තබන අතර එහි යටිපෙළක් ලෙස අගනා සමාජ විවරණයක් ද ගෙන එන්නීය.
සුදු කපුරු පෙති
2003 වසරේ දී රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමි කරගත් ‘සුදු කපුරු පෙති’, ප්‍රවීණ නවකතාකාරියක වන තුෂාරි අබේසේකරගේ නිර්මාණයකි. මිනිසා විසින් පනවා ගත් සීමා මායිම් ඉක්මවා ගිය ආදරයක් පිළිබඳ කතාවක් මේ කෘතිය සඳහා පාදක වී තිබේ.
විමුක්තිය
යතාර්ථ රීතියෙහි පිහිටා නිර්මාණය කරන ලද මෙහි ඇතුළත් කතා ‘අත්දැකීම් හා පරිකල්පනය’ සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම්වලින් සමන්විත වන්නේ ය. අත්දැකීම්වල නිර්ව්‍යාජ ගුණයත් ‘පරිකල්පනයත්’ නිර්මාණයක ‘අර්ථවත්භාවය‘ මෙන්ම ‘මෙන් ම ‘රසවත්භාවය‘ සම්බන්ධයෙන් ඉවහල් වන්නේ ය. ඒ අවබෝධයෙන් රචිත මෙහි ඇතුළත් කතා, පාඨකයාගේ පරිකල්පන ඥානය අවදි කරයි. සාහිත්‍ය කෘතියක් එය පහළ වු සමාජයේ – එය පහළ වූ අවධියේ, දර්පණ තලයක් ය යන්න මෙන්ම, සාහිත්‍ය කෘතියක් අදාළ වන්නේ ඒ අවධියට පමණක් නොවේ ය යන්න ද මේ කතා සනාථ කර සිටියි. කවර කලක බිහිවුණ නිර්මාණයක් වුව පාඨකයාට වැදගත් වන්නේ ඉන් අත්විඳිය හැකි ජීවනාස්වාදය හේතුවෙනි යන අදහසත් මේ කතා සපථ කරයි.
තක්සලාවේ නියඟය
කෙටි කතාකරුවෙකු ලෙසින් කතුවරයා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ මේ කෘතිය පළ කරමිනි. මෙහි ඇතුළත් කතා කතුවරයා තුරුණු වියේ දී නිර්මාණය කර තිබෙන නමුත්, ‘ජීවිතය‘ හා ‘සමාජය‘ විෂයෙහි ඔහුගේ තියුණු නිරීක්ෂණ හැම නිර්මාණයකින්ම කුළු ගන්වයි. තව ද, උසස් අධ්‍යාපනය පිණිස ගමෙන් නගරයට පැමිණි තරුණයෙකු නවකවදය තුළ හිංසනයට ලක්වන අන්දම නිර්ව්‍යාජව නිරූපණය කළ; විවාදයට බඳුන් වුණ ‘තක්සලාවේ නියඟය‘ එකී පුරුද්දෙහි තිබු හිංසනය සේම – අවිචාරවත් බව එ දවස ලත් ප්‍රායෝගික අත්දැකීම් ආශ්‍රයෙන් රචනා කරන ලද්දකි. පාඨක විචාරක අවධානයට ලක්වුණ මේ කතා සංග්‍රහය ‘එක් අවධියක‘ ‘ලංකා සමාජයේ ඇතැම් තතු විදහා පාන්නකි.