තුන් අවුරුද්ද
19 වන ශත වර්ෂයේ අග භාගයේදී රුසියන් බුද්ධිමතුන් අතර පැන නැගුණු දෘෂ්ටිමය විවාදයන් වන සමාජයීය ප්‍රගතිය හා පන්ති අතර අසමානත්වය විනාශ කිරීමේ අනාගත හැකියාවන් ගැනද කලාව සහ කාලයාගේ ඉල්ලීම අතර ඇති සම්බන්ධතාව ගැනද මෙම කතාවෙන් පිළිබිඹු වේ.
ආත්ම පූජා
ආත්ම පූජා
ඔබ ළඟ මා
ඔහුගේ දෑස මා වෙත යොමු වී තිබෙන බව මට දැනුණා. එසේ නොවුනා නම් යෙහෙකි යැයි මට සිතුණේ මගේ දෑත්වල වෙව්ලීම නතර නොවී තිබුණු නිසා. කියා ගැනීමට නොහැකි දෑ බොහෝ තිබෙන බව ඔහුට කියන්නට තැත් කරමින් මා හිස සැලුවා. මට යළිත් ඔහු ගේ අත අල්ලා ගැනීමට ඕනෑ වුවත් එසේ කිරීමට පුළුවන් බවක් දැනුණේ නැහැ. ඔහුගේ බැල්ම මට වැටහුණා. නෑසු ප්‍රශ්න සියල්ල පාහේ එහි තිබුණා.
මම නොමළෙමි
මෙතැන මම කොතැන ඔබ සොයමි මේ අහස යට ඔබ එන්න ගං තෙරට එදා අප හමුවෙච්ච ඔබේ කෙහෙ රොදක් ඇත මගේ ළග තනිවෙච්ච
ඉසිවර ප්‍රේමය
ඉසිවර ප්‍රේමය
ඔබව තාම මට ද හිමි
ගගුලි පසු ගිය කාලසීමාවේ මුහුණ දුන් ගැටලු මෙන්ම වෙනුර වෙනත් කාන්තාවන් සමග ගොඩනගා ගත් සබදතා පිළිබඳව විහඟි රවිඳු හා පැවසූ සියලු දේ ඔහු ඉමාන්ට පැවසුවේ ඉතා කෙටියෙනි. ඉමාන් ඒ සියල්ල අසා සිටියේ කම්පා වූ සිතෙනි.
උත්තම ගැහැනු
උත්තම ගැහැනු මගේ සිත තුළ කාලයක් තිස්සේ පැවති සංකල්පයකි. ඒ සංකල්පය ඇති කිරීමට මා ඇසුරු කළ චරිත කිහිපයක් උදව් විය. උත්තම සංකල්පය ගැන එකිනෙකා සිතන අන්දම වෙනස්ය. ධාර්මිකව ජීවත්වන පුද්ගලයා සමහරෙකුට උතුම්ය. එහෙත් උත්තම සංකල්පය මා තුළ මැවුණේ තම ජීවිතය සාර්ථකව ගොඩ නගා ගන්න ගැහැනුන් ගැනය. එය සාධාරණ දැයි මම නොදනිමි.
ගෝරා
“මේක මගේ යාළුවෙකුගේ පින්තූරයක්.” “යාළුවෙකුගේ? යාළුවා කවුද?” විනය සිනාසුණේය. “ඔයා එයාව දන්නේ නෑ. මගේ යාළුවගේ නම ගෞර්මොහාන්. අපි එයාට කියන්නේ “ගෝරා ” කියලා අපි පොඩි කලේ ඉඳලා එකට ඉගෙන ගත්තේ “.
ගෝ දානය
“මගෙන් වෙච්ච වැරදිවලට මට සමාවෙන්න මලිති. මට අද ඔය දෙන්නා ඇර වෙන කවුරුවත් නැ. ඔයා මාව පහත් මිනිහෙක් කියලා සලකන්නේ නැති වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉරණම මට සතුරු වෙච්ච හැටි”
පෙරළූ නැවුම් පස
”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.” ”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය. ”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?” ”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?” ”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …” ”සහෝදරයා කසාද බැඳලද?” ”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.” ” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”
වණ්ණ දාසි
ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට වුවමනා නැති බවය එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය. යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරීක ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.
ස්වයංජාත
මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත් නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහු තුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද?
ශ්‍රී කාන්ත
මෙකල කාන්තාවන්ට තිබුණු නිදහස ඉතා සීමිතය. දැනට නාගරික බලපෑම නිසා මේ තත්වය තරමක් දුරට වෙනස් වී තිබුණත් ගැමි සමාජය තුළ තවමත් මිට සමාන තත්වයන් දක්නට ඇත. වංග දැරියක් ඉතා අඩු වයසින් ම විවාහ කර දෙනු ලැබේ. පති කුලයට කැන්දා යාමට පෙර සැමියා මිය ගියත් ඇය ජීවිතකාලය තුළම “සති ධමය ” රකිමින් කණවැන්දුම් ස්ත්‍රියක් ලෙස සිටිය යුතුය.
අපූගේ ලෝකය
“අපුගේ ලෝකය” අපු නම් වු ස්වාමි පුරුෂයාගේ, පියාගේ පමණක් නොව දහසකුත් දුක්ව දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වු පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. අපුගේ ජීවන ධාරීතාව පෘථූල කළ සුන්දර බිරිද අපර්ණා – ජීවත්වීමේ ආශාව දැල්වූ කාජල් ජීවනයේ මිහිරී සුවද විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණිය චරීත ලෙස අපුගේ ලෝකය සිතුවම් වී ඇත.
ගම්පෙරළිය
ගම්පෙරළිය විවිධ මට්ටමි වලින් රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්‍ෂණ ගැබ්වුණු උසස් ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරන් සංවිධානාත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන් ගත් පළමු උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස් කලා කෘතියක් බවට පත්වූවා පමණක් නොව, සිංහල නවකතාව එතෙක් පැවති අසංස්කෘතික මට්ටමෙන් ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින් පමණක් නොව නවකතා ශිල්පය අතින් ද සිංහල නවකතාවේ වැදගත් සන්ධිස්ථානයක් ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය.
මාවතේ ගීතය
දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවයකි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. මව ගෙයි වැඩ කරන්නට ගිය විට අපූ අක්කා ලඟ හිඳගෙන සිටියේය . දුර්ගා දෑස් හැර කතා කළාය. “මේ කොයි වෙලාවද අපූ?” ” තව හුඟක් වෙලා තියෙනවා රෑ වෙන්න. දැක්කද අද අව්වත් වැටිලා තියෙනවා. දැනුත් අපේ පොල් ගහ මුදුනට අව්ව වැටිලා. “ටික වේලාවකට පසු දුර්ගා නැවත කතා කලාය. “අපූ බඩුවක් කියන්න උඹ අහනවද ?” “මොකක්ද අක්කේ?” අපූ තව ටිකක් අක්කාගේ මුවට ලං විය. “මට දවසක කෝච්චිය පෙන්නනවද ?”
ශ්‍රීකාන්ත සහ රාජලක්‍ෂ්මී
ඒ දඟකාර තරුණිය එදින රාත්‍රියේ පැමිණ හෙළූ කඳුළුවල තෙත පැල්ලමක් ඒ වන විටත් මගේ හදවතේ කොනක නොවියළී පැවතිණ්. ඔවුන් දැන් කොහේ ඇද්දැයිමට නිතරම සිහි විය. ඔහුන් ගංගාමාටියට නැවත ඉක්මනින් නොපැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වුයෙමි.
බව තරණය
සිදුහත් සිරිතත් බුදු සිරිතත් මෙතරම් තාත්වික අන්දමින් මොනම භාෂාවකින්වත් ලියා ඇතැයි නොසිතමි. සිංහල, පාලි, සංස්කෘත, ඉංගිරීසි භාෂාවලින් ලියූ බව බුද්ධ චරිත හැම එකක්ම වාගේ මම කියවා ඇත්තෙමි. මේ තාක් කිසිම කෙනෙකු කල්පනා නොකළ ආකාරයට සිදුහත් සිරිත මෙහි පිළිබිඹුවන අයුරින් ලියා තිබීම ආශ්චර්යජනකය. බුද්ධ ධර්මයෙහි ගැඹුරු තැන් ගැනීමට මෙම පොතෙන් ලැබෙන පිටිවහල අපමණය. මෙය වෙනත් භාෂාවන්ට පරිවර්තනය කොට ලොව පුරා ප්‍රචාරය කිරීමට අතිශයින් සුදුසු ය. බුදු සමයේ හරයත් එකල දඹදිව පැවති ආගම් වල තත්ත්වයත් ජන සමාජයේ තොරතුරුත් බුදුරදුන් ඇති කළ සමාජ පෙරළියත් එකවර මේ පොත කියවන්නකුට උගත හැකිය.
කෙලෙස් පර්වත
‘මහත්තයා හුඟ වෙලාවක ඉඳල නින්දෙන් දොඩවනවා” යි මෙතෙක් ඔහු ළග නිහඬව සිටි සෝමා කිවා ය. ” මම හරියට බය වුණා… ” “සෝමා අහගෙනද හිටියෙ? ” “ඇහුණා…. මට හරියට බය හිතුණා. ” යි පැවසු සෝමා හිස ඔසවා ඔහු දෙස උනන්දුවෙන් බැලුවාය. උපතිස්ස ඇගේ බැල්ම මඟහැර, මඳ වෙලාවක් වහල දෙසට ඇස් යොමුකර ගෙන සිට මෙසේ කිවේය. “ඒ මගේ අතීතේ වෙන්නැති…… මගේ අතීතේ මට වද දෙනවා “
යුගාන්තය
අපේ උසස් සමාජයේ ජීවිතය චිත්‍රපටයකින් මෙන් වික්‍රමසිංහ මහතා යුගාන්නයෙන් පිළිබිඹු කරයි. ඔහු මේ කථාව කියන්නේ සමාජයේ අප කාටත් අසන්ට හා දකින්ට ලැබෙන සිදුවීම් වස්තු කොට ගෙනය. ඒ සිද්ධීන් සිදුවන සැටියෙන්ම පාඨකයා ඉදිරියෙහි මවා පෙන්වීමට යොදා ගෙන තිබෙන්නේ සමාජයේ ජීවත්වන ප්‍රකෘති ස්ත්‍රී පුරුෂයන්ගේ චරිතයන්‌ය. එහෙත් කර්තෘ ගේ ප්‍රතිභා ශක්තිය නිසා පාඨකයාට යුගාන්තයෙන් කියවන්ට ලැබෙන්නේ ඔහු ඇසූ දුටු දෙයෙහි වුව ද අපූර්ව සෞන්දර්යයක් හා අපූර්ව රසයක් ඇති චමන්කාර ජනක කථාන්නරයකි.
අපරාජිත ජිවිතයක්
මාවතේ ගීතය නම් වූ කෘතියෙන් සහෘද මනසට පිවිසුණු “අපූ” නම් වූ සදානුස්මරණීය චරිතයෙහි ගැටවරවිය අපරාජිත ජීවිතය නවකතාවට විෂය වී ඇත.
ගොදුරු
“යකෝ උඹල දරුවො හැදුවෙ පන පිටින් අපායෙ යන්ඩද? නැගිටපන්. ගිහින් අර ලොකු ඒකිව අඬගහගෙන වරෙන්. අපොයි දෙයියනේ මේ මොන සාපයක්ද?
විරාගය
ඇතුළු හදටම අරුණු සිත් ඇත්තකු වූ අරවින්ද ස්වයං විවේචනයෙන් තම සිතැඟි සියල්ල නොපැකිළව හෙළි කළ තරුණයෙකු වීය. ආසාවන් තුනී කරගෙන ජීවත්වන්ට වෑයම් කළ ඔහුට මැඩගත නොහැකි වූයේ ස්ත්‍රීන් නිසා උපන් ආසාව පමණි. සරෝජනීට හා බනීට දුරින් සිට ඔහු ආලය කෙළේ පොදු ජීවන රටාවෙන් ඈත්ව ජීවත්වීමට තැත් කළ කෙනෙකු නිසාය. අරවින්ද තමාගේ චරිතයෙහි හොඳ තැන් මෙන්ම නරක තැන් ද අහුමුළුවල සැඟවුණ අශෝභන ගති ද හෙළි කරන්නේ පාපොච්චාරණයෙන් ආත්ම විශුද්ධිය පතන්නකු ලෙසිනි. විරාගය ශෝකාන්ත අධ්‍යාත්ම නාටකයකි. 1956 දී පළ වූ මෙම නවකතාව මෙතෙක් සිංහලෙන් බිහි වූ විශිෂ්ඨතම නවකතාව බව විචාරකයින්ගේ මතය යි. විරාගය දෙමළ, ඉංග්‍රීසි, ප්‍රංශ හා ජපන් භාෂා වලින් ද පළ වී ඇත.
කලියුගය
ග්‍රාමීය ජීවිතයත් ඉංගිරිසි අනුකාරක වෙස් ගත් නාගරික ජීවිතයත් සැබෑ ඉංගිරිසි වත පිළිබිඹු කරන එංගලන්ත පීවිතයත් යන මේ තුනෙහි ගැටෙන සිංහල පවුලක ආධ්‍යාත්මික තතු මෙන්ම බාහිර තතු ද පිරිසිඳ දකින නවකථාවකි. කලියුගය. අනුලා, පියල්, නන්දා, ඇලන් යන චරිතයන් මගින් සිදුවන යට කී සමාජ ස්ථර තුනේ ගැටුම පිළිබඳ පරිණාමය, කලියුගය නවකථාවෙහි තියුණු ලෙස නිර්මාණය වී තිබේ.
ප්‍රින්ස්
මේ බංගලාව හිමි පවුලේම දරුවන් ලෙස, මෙහිම උපන්නවුන් සේ වැඩෙන දරුදෙදෙනා දකින විට සිරියගේ හිත වසා සිටින දුක තුනීවෙයි. ඇයට සරා ගැන මතක් නොවෙනවාම නොවේ. සරා හදිසියේ කොහේදෝ සිට පැමිණ තම ඔඩොක්කුවට දරුවකු හළා නොගියේ නම් රජාට ද්‍රව තමා වැදු දරුවාගේ ජීවිතය මෙතරම් සුව පහසු නොවන බව ඇයට අවබෝධ වෙයි. ඒ සමගම ඇගේ සිතට බියක් ද ඇතුළු වෙයි. කවද්‍ර හෝ සරා තමාගේ දරුවා සොයාගෙන ඒවී ද?
කරුවල ගෙදර
කරුවල ගෙදර දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වූයේ රතු හාමි ගේ චරිතයත් කොග්ගල පිළිබඳව සියුම් විස්තරයත් ය. පැරණි කොග්ගල පිළිබඳව කතුවරයාගේ අත්දැකීම් ඔහු තුළ අමරණීයව පවතින බව මෙහි එය නිරූපණය කොට ඇති ආකාරයෙන් පෙනේ. කරුවල ගෙදර නිර්මාණය කිරීමේ දී බොහෝ සිංහල නවකතා වල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කර්තෘ ප්‍රකාශ කරයි. එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි. රතු හාමිගේ’ චරිතය මහා ප්‍රතිභාවයෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.
ජමීලා
සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත්කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ ගුසේ දෙබෑයෝද, පාවෙල් අසල සිට ගත්හ. හිස පාත් කරගෙන සෙනග පීරාගෙන එතැනට පැමිණි නිකොලායි සහ නොහඳුනන තරුණයෝ කීප දෙනෙක් අම්මා තල්ලු කරන්නට වූහ. “ලෝකයේ සියලුම රට වල කම්කරු ජනතාවට ජය වේවා!” පාවෙල් කෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ. අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.
මිරිඟුව
මා අවිවාහකයකුව සිටියදී ලියූ නවකථා කිහිපයෙන් වඩාම හොඳ නිර්මාණය මිරිඟුවයි. මෙය රචනා කරන්ට මගේ කල්පනාව පුබුදු කළ අරමුණු දෙකක් වීය. කුරැඳුවත්තේ උසස් පවුලක ඉතාම උගත් විචක්‍ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමඟ එංගලන්තයට ගොස් පදිංචි වීම හා ඇගේ පීවිතය ද පිළිබඳ තොරතුරැ රාශියක් දැනගන්ට ලැබීම එයින් එක් අරමුණයි. මේ සිද්ධියට අවුරැදු පහළොවකට පමණ පෙර ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන් ලත් අත්දැකීම මගේ කල්පනාව පිබිදු අනික් අරමුණයි. ඉහළ පන්තියේ සිංහලයන්ට නින්දා කරන අදහසින් ඔවුන්ගේ පීවිත විගඩමක් ලෙස මම නිරෑපණය නොකෙළෙමි. ඔවුන්ගේ උසස් උදාර ගති මෙන් මෝඩකම් හා දුබලකම් ද ඔවුන්ගේ චරිතයන්ගෙන් හෙළි කරන්ට වෑයම් කෙළෙමි.
සෝමා
මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද දෙවැනි නවකථාවයි. සෝමා ලියන ලද්දේ පළමු නවකථාව වන ලීලා රචනා කොට අවුරැදු අටකට පසුව එනම් 1922 දීය. චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින් සෝමා, සමකාලීන කතා කලාවට නෑකම් කියයි. එසේ වුව ද 20 වැනි සියවසේ මුල් භාගයේ සමාජය, ජීවිතය හා චාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස්වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.
ලීලා
ලීලා නවකතාවට පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි. නවකතාවේ අදහස් ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබඳව කෙරෙන විවේචනයන් අදට ද වලංගු වේ. ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක් කළ හැකි ද යන්න විමසීමේදී එය වැදගත් වේ. පැරණි සාහිත්‍යය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරීමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි.