Novels

(Showing 541 – 570 products of 731 products)

Show:

සදාදර රෝසි 2

Highlights:

ක්‍රමයෙන් වැඩි වියට පත්වන ඔවුන්ගේ ජීවිත, කාලය සහ අනේකාකාර සිදුවීම් විසින් දෙ අතක ගෙන යනු ලබයි. ඔවුන්ට ඔවුනොවුන් මග හරි යයි. ඔවුනොවුන් කෙරෙහි ඇති ආදරය හෙළි නොකර දශක ගණනාවක් ජීවත් වන්නට ඔවුන්ට සිදු වෙයි.

තිත්ත කොපි

Highlights:

වසර ගණනාවක් එකිනෙකා නුදුටු ඥාති සොහොයුරන් දෙදෙනෙක් 1859 වසරේ මුළු ලන්ඩන් නුවරම මිහිදුම් සළුවෙන් වැසි ගිය එක් රැයක හදිසියේ එකිනෙකා හමුවෙති. දැන් ලංකාවේ වතු හිමියෙකුව සරුසාර දිවි පෙවෙතක් ගත කරමින් සිටින හියු නෙවිල් තම ඥාති සොහොයුරාගේ හිත තුළ නව බලාපොරොත්තු දල්වාලන්නේ ලංකාවේ තම කෝපි වතුයායට යාබදව ඇති අනෙක් වතු යායක් මිලට ගන්නට ටොමි පොළඔවා ගනිමිනි. එංගලන්තයෙන් සමුගන්නට සුළු කලකට පෙර රූමත් සාරා හමු වී විවාපත් වන ටොමි ඇය ද කැටුව ලංකාව බලා පිටත් වෙයි.

Out Of Stock

හිංචි පිංචි මහ පතුලා

Highlights:

මැක්සිමස් යේරි ගෝත්‍රිකයන්ගේ නායකයා ය. යේරිවරුන් යනු මානවයින් විසින් ‘මහ පතුලෝ’ යනුවෙන් හඳුන්වන ගෝත්‍රික සමූහයකි. මිලී යනු මැක්සිමස්ගේ එකම දියණියය. ඒ නිසා ඔහුගේ අවෑමෙන් ගෝත්‍රයේ නායිකාව බවට පත්වීමට සිටින්නේ ඇය ය. Jennifer Weiner විසින් රචිත The Littlest Big Foot ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.

Out Of Stock

කොරියැන්ඩර්

Highlights:

මෙය දහ හත්වන ශත වර්ෂයේ විසූ කොරියැන්ඩර් හොබී නම් දැරියකගේ කතාවයි. එංගලන්තයේ ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දියණිය වන ඇය 1649 වර්ෂයේ, එංගලන්තයේ පැවැති සිවිල් යුද්ධයට පෙර තේම්ස් නදිය අසල සුන්දර නිවහනක දෙමවුපියන් සමඟ ඉතා සාමකාමී ජීවිතයක් ගෙවන කෙළිලොල් දැරියකි. ඇයගේ ජීවිතය අද්භූත සිද්ධි දාමයකින් වෙලී යන්නට පටන් ගන්නේ අභිරහස් ලෙස ලැබෙන රිදී පාවහන් යුවල පැලඳීමෙන් පසුය. ඇයගේ මව වන සුන්දර එලිනෝර් අද්භූත ලෙස අසනීප වී අකල් මරණයකට පත් වේ. ඇයගේ පියා තෝමස් හොබී, පළමුවන චාර්ල්ස් රජුට පක්ෂපාතීත්වය දැක්වූ අයෙක් බැවින් ඔලිවර් ක්‍රොම්වෙල් ට හිතැති පියුරිටන් වරුන්ගේ ගැහැටවලට ලක්වේ. රාජ සන්තක වන්නට යන දේපළ රැුකගැනීම උදෙසා පියුරිටන් වැන්දඹුවක් හා විවාහ වන තෝමස් හොබී ගේ ජීවිතය වෙනස් වන ආකාරය සහ කොරියැන්ඩර් ට විඳින්නට සිදුවන ගැහැට මෙහි විස්තර වන්නේ, එංගලන්තයේ එවකට සිදුවෙමින් පැවති සමාජීය සහ ආගමික විපර්යාසයන් පසුබිම කරගෙනය. කොරියැන්ඩර්, ඇය නොහඳුනන ලොවකට යාම, එහිදී ඇයට ටයිකෝ කුමරු හමුවීම, ඇය ටයිකෝ කුමරු සමඟ ආදරයෙන් බැඳීම යන උපකල්පන ද මුසු කරගනිමින් නිමවෙන අපූරු ප‍්‍රබන්ධයකි ‘‘කොරියැන්ඩර්‘‘.

Out Of Stock

දෙවියන්ගේ අඩවිය

Highlights:

ඇමරිකාවේ වෙසෙන ඉරාන ජාතික වෙද්‍යවරයෙකු සමග විවාහ වු අමෙරිකානු ගැහැනියක් සිය සැමියා හා දියනිය සමග දෙසතියක නිවාඩුවක් සදහා ටෙහෙරානයට පැමිනෙයි.එහෙත් ඒ වු කලි ඇයට සුපුරුදු නිදහස් ලෝකය නොවේ. නොසිතූ විරූ ලෙස වෙනස් වන සැමියාගෙන්ද වද හින්සා ලබන ඇය හා දියනිය ඉරානයේ සිරවෙති. විවිධ පීඩා හා ලතැවුල් මැද සති, මාස, අවුරුදු ගෙවෙයි. දියනිය හා ආපසු අමෙරිකාවට යන සිහිනය සෑබෑ කරගන්නට ඇය රහසේ වෙහෙසෙයි. Not Without My Daughter යනුවෙන් ලියවුනේ Betty Mahmoody නම් ඒ දිරිය ගැහැනියගේ සත්‍ය කතාවයි.

අලිපාර

Highlights:

Elephant Walk නවකතාව එකල ලක්දිව ධනවත් වතුකරුවන්ගේ ජීවන රටා හා ඇවතුම් පැවතුම් මැනවින් ප්‍රකට කරයි. වල් අලින්ගේ සුපුරුදු මං පෙතක් අහුරා ඉදිවන සුවිසල් මන්දිරයක් අවසානයේ උන් අතින් වැනසෙද්දී ඊට මුහුණ දෙන වතු හිමි ඉංග්‍රීසි ජාතිකයාගේ හා ඔහුගේ රූමත් බිරිඳගේ කතාවයි. මෙම කතාව ඇසුරෙන් හොලිවුඩ් චිත්‍රපටයක් එනමින්ම නිපදවින.

වානේ පන්නරය ලැබූ හැටි 1

Highlights:

මෙම නවකතාවේ චරිත නායකයා වන නිකොලායි රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ තරුණ සෙබලෙක් විය. ඔහු සතුරා කෙරෙහි වෛරයෙන්ද ස්වකීය මාතෘ භූමිය කෙරෙහි ආදරයකින්ද යුතුව සටන් බිමට ගියේය. සටන් කළේය. තුවාල ලැබුවේය.

Out Of Stock

හඬමි වැළපෙමි හදවතින්

Highlights:

රාත්‍රී කාලයේ ඇයව සොයාගන්නා ලද්දේ සංචාරක පොලිසිය විසිනි. බීමත් කෙනෙකු යැයි සිතා ඔවුහු කෝටුවකින් ඇය හැරවුහ. ඇයගේ හිසත්, මුහුණත් ලේ වලින් පෙඟී ඇති බව දුටුවේ එවිටය.

Out Of Stock

සුදු ගෝනා

Highlights:

එක් දිනක් හවස කෑම කා විවේක ව සිටින හෑන්ස් වැදී පිරිස අමතා, “හෙට මම ගමනක් පිටත් වෙලා යනවා හුග දවසකට ආපහු එන්නෙ නෑ ” යි කී ය . මෙයින් පුදුමයට පැමිණි බවක් පෙන්නු රන්දුනා, “අර හාමුදුරුවන් ඉන්න ගල් ගෙට යනවා නෙ මෙයි මම හිතනවා. ඇයි එහෙ ආයෙමත් යන්නෙ නැහැ කිවා නේ ” යි පැවසී ය. “නෑ මම ගිහින් එන්ඩ ඕනෑ මා කලින් හිටපු විල අද්දරට. එහෙ මගේ යාළුවන් කීපදෙනෙක් ඉන්නවා. මම ගිහින් ඔවුන් දැකලා එන්නට ඕනෑ ” “මොන යාළුවන්ද? අපි හිතාගෙන හිටියෙ මෙහාට එන්න ඉස්සර වෙලා කිසිම යාළුවකු හිටියෙ නෑ කියලයි. ” “ඔව් මිනිස් යාළුවන් මට හිටියෙ නැහැ. ඒත් මට එහෙදි කිරි දීපු මී දෙනෙක්, නයකුගෙන් මගේ දිවි ගලවා දීපු මුගටියෙක්. ඒ ඔක්කෝටම වඩා මිත්‍ර සුදු ගෝන නාම්බෙක් එහෙ ඉන්නවා.”

ආදරය බලා ඉදී

Highlights:

Ha Jin විසින් රචිත Waiting කෘතියේ සිංහල පරිවර්තනය. වෛද්‍යවරයකු ලෙස හමුදා රෝහලක සේවයට එක් වු ලින් දෙමාපියන් ගේ යොජනාවකින් ශුයු සමග විවාහ වුවත් මන්නා නම් හෙදිය සමග ඇතිකර ගන්නා ලද ප්‍රේම සම්බන්ධයක් මත තම බිරිද දික්කසාද කිරිමට පෙලෙබෙන අයුරුත් ,වසර 18 ක් පුරාවට ලීන්ව බලපොරොත්තුවෙන් සීටින මන්නා අවසානයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුවත් විවාහ ජීවිතයේ සිදුවන අනේක හැලහැප්පීම් හා ශුයු තම සැමියා ගේ ආදරය නැවත ලැබෙයි යන අපෙක්ශාවෙන් බලාසිටි.

Out Of Stock

වානේ පන්නරය ලැබූ හැටි 2

Highlights:

මල්ලි, මේ ක්‍රියාව කඩදාසි වීරකමකි, ඕනෑම මෝඩයෙකුට, ඕනෑම වේලාවකදී නුබව මරා දමන්නට පුළුවනි. තත්වයෙන් මගහැරීමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුළු ක්‍රියාවත් සිය පණ නසා ගැනීමයි. අමාරු උනාම වෙඩි තබා ගන්නවා. මේ ජිවිතයේ සියලු අමාරුකම් මැඩ ජයගැනීමට නුඹ උත්සහ කලාද?

නූරා

Highlights:

තුන්දෙනා අතර පැවතියේ දැඩි නිහඩතාවයකි.පරෙවියන්ගේ කූජන හඩත්,තටු ගැසීමේ හඩත් හැර වෙනත් කිසිදු හඩක් නොවිය. නූරා කල්පනා කළේ රහස එළි කිරීමට කරුණු කරණා යෙදී තිබියදීත් ලතිෆා එසේ නොකළේ ඇයිද යන්න ගැනය. ලතිෆා කෑම බන්දේසිය වෙතට ඇස් යොමාගෙන සිටින බව නුරාට පෙනිණ. මේ රහස් කිසිදාක හෙළි නොවන්නක් බවට ඇයට සක් සුදක් සේ පැහැදිලි විය.

අත්තටු මැවිලා

Highlights:

ක්‍රිස්ටීන් විල්සන් ලියූ I AM THE WINGS නම් නව කතාවේ තම පියා සොයා එන ඈන් නම් තරුණියක් තම සහෝදරයා සොයා එන ක්‍රේග් නම් තරුණයාත් අතර ඇතිවන මත ගැටුම කෙලවර වන්නේ ඔවුන් මිථ්‍යාව තුලින් මතුවන සත්‍යය සොයා ගැනීමෙනි.

Out Of Stock

පුංචි ජොසලින්

Highlights:

පුංචි ජොසලින්

ඔබට යන්නට දිය හැකිද…?

Highlights:

මවකට දරුවකුගෙන් සමුගන්නයයි කියන්නේ කෙසේද? මට එය නොවැටහේ. හද කකියවන සුළුවුවද එය ආදරය පිළිබඳ සත්‍ය කතාවකි.

Out Of Stock

ද්විත්ව අවමගුල

Highlights:

පොරෝ ඝාතකයා හෙවත් ඇක්ස් කිලර් යන නමින් හඳුවනු ලබන චෙට් ලෝගන් හිර ගෙදර වෙත රැුගෙන යන අවස්ථාවේ අත්ඩංගුවෙන් මිදී පලායයි. පොලිස් නිලධාරියකු ලෙස වෙස්මාරුකරගෙන සිටින ඔහුට චිත‍්‍රපට තිර කතා රචකයකු වෙන ෆෙරී වෙස්ටන් මුණගැසී ෆෙරීගේ ගම්බද නිවාඩු නිවස්නයක් වෙත තමා රැුගෙන යාමට පොළඹවා ගනී. එහි ගිය පසුව, වෙස්ටන් විමතියට පත් කරමින් ලෝගන් ඔහුගේ ජීවිතය ගැනත් පුද්ගලයන් හය දෙනකු මරා දැමූ ආකාරය ගැනත් සියලූ කරුණු හෙළි කරයි. පොලීසියට ඇතිවූ සැකයක් මත ෆෙරීගේ නිවාඩු නිවස්නය ගැන විමසිල්ලකින් පසුවෙයි. ඒ අතර වෙස්ටන්ගේ හිතුවක්කාර හා කාමුක තරුණ බිරිඳ එම නිවාඩු නිවස්නය සොයා පැමිණෙයි. කතාව නව දිසාවකට යොමුවෙන්නේ එතැනිනි. අලූතින් ජීවිතය පටන් ගැනීම සඳහා ලෝගන්ට මුදල් අවශ්‍ය වෙයි. ඔවුන්ගේ අවශ්‍යතා අපේක්ෂා කළ ආකාරයටම ඉටුවෙන්නේ ද යන්න සහ වෙස්ටන්ට සහ ලෝගන්ට ද්විත්ව අවමංගල්‍යයක හවුල්කරුවන් වීමට සිදුවෙන්නේ ද යන්න ගැන මොහොතින් මොහොත ත‍්‍රාසය හා කුතුහලය ජනිත වෙන ආකාරයට මෙය ඉදිරිපත් කර ඇත.

Out Of Stock

එමිලි

Highlights:

එමිලි

Out Of Stock

දෛවය දෙතැනක

Highlights:

මෙය සැබවින්ම පිරිමි ළමයෙකු සහ ගැහැණු ළමයෙකු අතර ළමා වියේ හටගත් අවිහිංසක බැඳිමක් පදනම්කරගනිමින් නිර්මාණය වුවකි. එංගලන්තයේ වංශාධිපතියෙකුගේ පුතෙකු සහ ඔහුගේ සේවකයෙකුගේ දියණිය අත ර වු බැඳිම වයසින් මුහුකුරා යද්දී, ධනය බලය සහ සමාජ චාත්‍රරි වාරිත්‍ර නිසා ඔවුන්ගේ ගමන් මාර්ගයන් දිසා දෙකකට යොමුවේ. එහෙත් ඔවුන් ගතින් වෙන් වී වසර ගණනාවක් ගත වුවද මානසික සහ ආත්මීය බැඳීම කිසිලෙසකින් නොවෙනස්ව පැවැතියේ ය. අවසානයේදී නැවත කිසිදා වෙන්වීමක් නැති හමුවීම දක්වා කියවෙන මෙය අපුර්ව කතාවකි.

ගිනි දියණි

Highlights:

ඔහුගෙන් බලකිරීමකින් වුව ද ඊට වඩා යමක් දැනගත නොහැකි බව වටහාගත් මම එතැනින් පිට වී නැවත පිළිස්සුණු තරුණියන් සිටි කාමරයට ආවෙමි. වරින් වර දෙනෙත් විවර කළ තරුණියගේ ඇඳේ පසෙකින් වාඩී වු මා ඉවසිල්ලෙන් බලා සිටින්නට වුයේ ඇය නැවත ඇස් අරින තෙක් හා අනතුරුව ඇය අනෙක් තරුණියගේ තත්ත්වය වඩාත් බරපතළ බව පෙනිණ. හෙදිය කාමරයට ආවාය. මම ඇයගෙන් දෙවෙනි තරුණිය පිළිබඳ විමසුවෙමි. “මොකක්ද අරයට උනේ?” ” ආ එයාව ගිනි ගොඩකට වැටිල.. එයාව සෑහෙන්න අමාරුයි…. මං හිතන්නේ එයා ඉක්මනට මැරෙයි.”

ඉරාකයේ දියණිය මයාඩා

Highlights:

ඉරාකයේම ඉපිද පුවත්පත් වාර්තාකාරියක ලෙස සේවය කල මයාඩා තම ජන්ම භූමිය වූ ඉරාකය විඳි දුක් කරදර ලොවට හඬගා කීමට සිතා ගත්තාය. ඉරාක ජීවීතයේ සත්‍ය තොරතුරු ඉරාක ජාතියෙකුගේ මුවින් කිවයුතු විය. සදම්ගේ මාළිගා, වධකාගාර පිළිබඳ ඈ පැවතු සත්‍ය තොරතුරු සමග ඇගේ ජීවිත කතාව.

මිනීමරුවාගේ පෙම්වතිය

Highlights:

තමන්වකඩද බැදලා, දෙවියන් වෙනුවෙන් සටන් කරන්න සිරියා යුද බිමට එන්න කියලා මේලඩ්ගෙ අයිඑස් සටන්කාමී ආදරවන්තයා මෙලඩ්ට ආරාධනා කළා.ඊට පස්සෙ මෙලඩ් එයාගෙ බිරිද වෙලා. උම් සලාදීන් 0වෙලා. ජීහාඩ් යුද්දයට සිරියාවට යන්න පිටත් වුණා.

Out Of Stock

මගේ හපන්කම්

Highlights:

මම නැවතී බල බලා නොසිට ඉණිමගට පැන ඉක්මනින් වහලට ගොඩවීමි. මගේ වසනාවටදෝ එගම ගෙවල්වල වහලවල් එකිනෙකට යාබදව පිහිට තිබුනෙන්, මම වහලින් වහලට පනිමින් දුවන්නට වීමි. ඉමාම්ද වහලට නැග මා පස්සේ එලවන සැටි පිටුපස හැරී බැලූ මට පෙනිණි.

Out Of Stock

රතු සෙබලිය

Highlights:

චීන හමුදා සේවයේ ඔත්තුකාරියක වු තරුණ නිලධාරීනියක්, ඇමරිකානු මහාචාර්යවරයෙකු හා පෙමින් බැදෙයි. එනිසාම රාජ උදහසට ලක් වන ඇය සේවයෙන් නෙරපනු ලබනවා පමණක් නොව සියළු බ්‍රහ්ම දණ්ඩනයට ද යටත් වෙයි. මේ සියළු බාධා මැද අවසානයේදී සිය ඇමරිකානු සැමියා සමග එකතු වන්නට ඇය සමත් වෙයි.

පෙළපත සොයා ගිය දියණිය

Highlights:

දැනට හෙළි වී ඇති කරුණු කාරණා මත මහත් බලපෑමක් එල්ල වී ඇත්තේ ඉයන් කෙරෙහිය. මිස්ටර් ලී ඉයන්ගේ ලේ ඥාතියෙක් නොවේ. ඔහු මෙතෙක් කල් සිතා සිටියේ මිස්ටර් ලී ඔහුගේ පියාගේ වැඩිමහල් සහෝදරයෙකු බවය.

එමිලි 3

Highlights:

එමිලිගේ ජීවිතයේ ඉදිරි අපේක්ෂාව වන සාහිත්‍ය දිවියේ පළමු පියවර තබන අයුරු මෙම කෘතියේ විදහා දැක්වේ. ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා වෙසෙන දරුවන්ට ආදර්ශයක් සපයයි .

එමිලි 2

Highlights:

තමා හැදී වැඩුනු පරිසරයෙන් ලත් අත්දැකීම් අසුරෙන් ඈ විසින් ලියන්නට යෙදුනු රතු හිසකේ ඇති උද්යෝගිමත් දැරිය ගේ අත්දැකීම් සහිත ‘ඈන්’ නවකතා පෙළත්, නිර්මාණශීලී දැරියක ගේ ජීවිතය පිළිබඳ ව විවරණයක යෙදෙන ‘එමලි ’ නවකතා ත්‍රිත්වයන් අමරණීය කෘතීන් බවට පත් ව ඉතිහාසය ට එක් වී ඇත. මොන්ට්ගොමරි ගේ ළමා කෘතීන් පිළිබඳව විවරණයක යෙදෙන සුප්‍රකට ලේඛක මාර්ක්ට්වේන් වරෙක මෙසේ ප්‍රකාශ කර ඇත. මොන්ට්ගොමරි ගේ ළමා කෘති, ළමා විය පිළිබඳ ව මෙතෙක් ලියැවී ඇති මිහිරිතම නිර්මාණයන් ය. මොන්ට්ගොමරි ගේ ‘ඈන් ‘ සහ ‘එමලි‘ කෘතීන් මේ වන විට ලෝකයේ විවිධ භාෂා විශාල ප්‍රමාණයක ට පරිවර්තනය වී තිබේ. ‘ඈන්’ නවකතා පෙළ මෙන් ම ඇගේ ‘එමලි ’ නවකතා ත්‍රිත්වය ද සොබාදහම සහ ළමා විය පිළිබඳ ව විවරණය කරන අපුර්වතම නිර්මාණයන් ය.

ජීවිතය පිළිබඳව බොහෝ දේ උගනිමින් දක්ෂ දැරියක බවට පත්වන එමිලි ජීවිතය පිළිබඳව ඉගෙන ගන්නා ආකාරය ලොව පුරා වෙසෙන දරුවන්ට ආදර්ශයක් සපයයි .

සොඳුරු දඬුවම

Highlights:

ආර්යා ඩයනා ස්ටැන්ලියර් ලන්ඩන් නුවර තරුණ කණ්ඩායම් සමඟ විනෝදකාමී ජීවිතයක් ගතකළ සුරූපි යුවතියකි. මුරණ්ඩු ච්රිතයක්වූ ඇය තම ආදරය පැතු තරුණයින් දුටුවේ කවටයින් ලෙසය. ඔවුන් සමච්චලයට ලක්කළ ඇය සැලකිලිමත් වුයේ තම විනෝදය පිළිබදව පමණය.

පියාපත් ලද ආදරය

Highlights:

ගම්බද පුජකයකුගේ සුරූපී දියණිය වු ඇමන්ඩා බර්ක්ට අයහපත් කල්ක්‍රියාවෙන් යුතු වු වෙන්ස්කාර් සාමි වරයා හමු වන්නේ අහම්බයෙනි. ඔහු අප්‍රසන්න අපකීර්තිමත් පුද්ගලයකු වුවද වේල්සයේ කුමරුගේ ඉතා හොඳ මිතුරකු විය. ඇමන්ඩා ඔහු වෙතින් ඉවත් වීමට සුදානම් වන්නේ බලවත් කළකිරීමෙන් යුතුවය.

Out Of Stock

ඩෙබී

Highlights:

ඇය ඇෆ්ගනිස්ථානයට ගියේ ස්වේච්ඡා සංවිධානයක  සාමාජිකාවක් ලෙසය. ඒ රටේ සංස්කෘතිය ,කාන්තාවකගේ සමාජ තත්වය හා කාන්තාවන් ආර්ථික වශයෙන් බලගැන්විය යුතු ආකාරය පිලිබදව ඇයට අවබෝධයක් ලබා ගත හැකි විය.

Out Of Stock

අපේ රහස්

Highlights:

ට්‍රෙෂර් හා ඉන්ඩියා එකම වයසේ පසුවන එක හා සමාන බුද්ධිමත් බවකින් යුතු, පොත් කියවීමට ලැදියාවක් දක්වන්නියෝ වෙති. නමුත් පවුල් පසුබිම සලකා බලන විට දෙදෙනා ලෝක දෙකකට අයත් ය. ට්‍රේෂර්ගේ පවුල් පසුබිම දුක්ඛිත ය. ඉන්ඩියා වාසය කෙරුවේ ඒ ආසන්නයේ වු සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකය ඉන්ඞ්යා ඉගෙනීමට බොහෝ දක්ෂ නමුත් පාසලේ සිසුවියන්ගේ සිත් දිනා ගැනීමට සමත් නොවේ. එබැවින් ඉන්ඞ්යා ද ට්‍රෙෂර් මෙන්ම බොහෝ විට මනසින් හුදෙකලාවට පත් දරුවෙකි.

1 2 17 18 19 20 21 24 25
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping