Novels

(Showing 451 – 480 products of 726 products)

Show:

The Last Kingdom of Sinhalay

Highlights:

A historical novel written by Captain Elmo Jayawardena based on the Kandy era, the last kingdom of our country.

ලෝනා ඩූනය

Highlights:

‘ලෝන් ඩූනය‘ යනු ඉංග්‍රීසි ජාතික නව කතාකරුවකු වූ රිචඩ් ඩොඩ්‍රිජ් බ්ලැක්මෝර් විසින් 1869 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද Lorna Doone හි සිංහල පරිවර්තනයයි. 17 වැනි සියවසට අයත් ඓතිහාසික චරිත කිහිපයක් වටා ගෙතුණු ආදර කතාවක් ලෙස මෙය වර්ග කොට තිබේ. ප්‍රවීණ ගත් කතුවරයකු වූ ලාල් ප්‍රේමනාත් ද මෙල් විසින් මෙය සිංහලයට නගා ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/eccd3eb0d91211e9854b8b10114b030f” ]

රු225.00 25% OFF
Out Of Stock

පාර දිගේ

Highlights:

උපන් විගස මව් සෙනෙහස අහිමි වන දරුවෙක් මේ නවකතාවේ ප්‍රධාන චරිතයයි. සමාජය තුළ විඳින්නට හැකි සෑම ආකාරයකම දුක් ගැහැටකම්වලට මුහුණ දී අවසානයේ ජීවිතයට වාසනාව උදා කරගන්නා ආකාරය මේ නවකතාවෙන් පැවසේ. ධනාත්මක අදහස් සමාජය තුළට කවන්නට සමත් නවකතාවක ලෙස මෙය හැඳින්විය හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b4ec6e20a6cd11e9a86ffd9627041cd1″ ]

Out Of Stock

අනූෂ සහ රන්කුමරු

Highlights:

ඇත් පැටවකු හා වනාන්තරයේ එකට හැදී වැඩෙන මිනිස් දරුවකු පිළිබඳ ඉතා සෞන්දර්යාත්මක යොවුන් නවකතාවකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ ‘අලි කතාව‘ සිනමා සිත්තම සඳහා පාදක වූයේ ද මේ අපූරු නිර්මාණයයි. 

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5ae41ba0a6ea11e99bb9639650f2981a” ]

Out Of Stock

මට මතකයි

Highlights:

වැඩිහිටි වියට පැමිණි පසු සිය ළමා විය පිළිබඳ ස්මරණය කරමින් ලියන ලද නවකතාවකි.

ගඟ අද්දර

Highlights:

මානසික රෝගයක් සහිත රූමත් තරුණියක් සහ ඇයට ප්‍රතිකාර කරන්නට පැමිණෙන තරුණ වෛද්‍යවරයකු අතර ඇති වන සිදුවීම් මාලාවක් වටා ගෙතුණු කතාවකි. සුප්‍රකට ගඟ අද්දර සිනමා කෘතිය සඳහා ද පාදක වූයේ මේ කෘතියයි. මෙයින් පසුකාලීනව ටෙලිනාට්‍යයක් ද නිර්මාණය කෙරිණි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/166e21c0a95211e98b43971af1439e38″ ]

Out Of Stock

ඩේවිඩ් කොපර්ෆිල්ඩ්

Highlights:

සුපතල ලේඛක චාල්ස් ඩිකන්ස් විසින් රචිත විශිෂ්ඨතම කෘතිවලින් එකක් ලෙස මෙය සැලකේ. බොහෝ විචාරකයන් පවසන්නේ මෙහි බහුලව අඩංගුව ඇත්තේ මෙම ලේඛකයා පෞද්ගලිකව ලද අත්දැකීම් බවයි. එබැවින් මෙය ඔහුගේ ජීවිත කතාවේ එක් පැතිකඩක් ලෙසින් ද සඳහන් කළ හැකිය.

Out Of Stock

මල්ලිගේ විත්ති

Highlights:

මල්ලිගේ විත්ති යනු කෙටිකතා පොතකි. නමුත් විශේෂත්වය වන්නේ මෙහි සියලු කතා මෙහි කතුවරයාගේ පෞද්ගලික අත්දැකීම් වීමත්, ඒවා එකිනෙකට සම්බන්ධ වීමත්, කාලයත් සමග ඉදිරියට ගලා ගෙන යාමත් ය. හද්දා පිටිසර ගමක පාසලකින් ආරම්භ වන මේ කතා අවසන් වන්නේ නගරයේ ඉංග්‍රීසි පාසලේ බෝඩිමෙනි. ළමා සාහිත්‍යය අතින් දුප්පත් අඩියක සිටින අපේ රටට, ළමා ජීවිතයේ රස මුසු තැන් අලළා ලියන ලද මේ කතා පෙළින් යන්තම්වත් සේවයක් වන බවට සැකයක් නැත. එබැවින් මෙය පාසල්වල අතිරේක කියවීම් පොතක් වශයෙන් ද භාවිත වනු දැක්ම අපේ බලාපොරොත්තුවයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b48d92f0b8c811e99c7a9fbebe6601bb” ]

දුවකගේ කඳුළු

Highlights:

රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c36a9740a86011e987c817dd15a1ebbe” ]

එකෝමත් එක දවසක

Highlights:

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3289d270a85e11e9aa52ed5c2279fa6b” ]

බිසව් සීගිරි

Highlights:

‘බිසව් සීගිරි‘ කෘතිය සීගිරිය රාජධානි යුගයත් කාශ්‍යප රජුත් අලළා නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි. ඓතිහාසික නවකතාවක් යනු ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නොවේ. මේ කෘතියේ කතුවරයා වන හෂන්ත පෙරේරාගේ සිතෙහි කාශ්‍යප රජුත්, සීගිරිය පර්වතය, බිතුසිතුවම් ආදියත් පිළිබඳ පරිකල්පනය කරන ලද සිතිවිලි සමුදායක් නවකතාවක් ලෙස නිර්මාණය වීමකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/22896220a6b511e99b1357d6eefefa7b” ]

මාතා

Highlights:

විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0e023200adfe11e99a72d7614f5fde09″ ]

Out Of Stock

මල් හීන

Highlights:

යොවුන් වියේ ආදර පිළිබඳ කියැවෙන නවකතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/02e75f10a85011e996bbf7759af11dc4″ ]

Out Of Stock

සසර

Highlights:

ටී.බී. ඉලංගරත්න සූරීන් විසින් ලියන ලද ‘සසර’ නවකතාව තුළින් අනුන්ගේ යහපත උදෙසා පරාර්ථකාමීව කාලය යොදවූ ස්වකීය සමාජ දර්ශනය පිළිබිඹු කිරීමට කතුවරය උත්සාහ කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3ba661d004a311ebb58efd96ed7adb7b” ]

සැමීගේ කතාව

Highlights:

ග්‍රේෂන් සම්මානයෙන් පුද ලද කපිතාන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග්‍රීසි බසින් රචිත Sam’s Story කෘතියේ සිංහල පරිවර්තනය ‘සැමීගේ කතාව‘ ලෙසින් ඇම්.ඩී.ගුණසේන සමාගමේ නව මුද්‍රණයක් ලෙස මෙසේ ඔබ අතට පත් වෙයි. 2013 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් සිටි සිනමා සම්මාන උළෙලේ දී ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ මේ නවකතාවෙන් නිර්මාණය කරන ලද ‘සැමීගේ කතාව‘ චිත්‍රපටය වෙනුවෙනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/eb8ea060feb711e9a627db54abbe43cc” ]

ජයතිස්ස සහ රොස්ලින්

Highlights:

ජාතික නිදහස හා අනන්‍යතාව රැකගනු වස් සිය පන්හිඳ තියුණු අවියක් කොට ගත් පියදාස සිරිසේන සූරීන්ගේ ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි. ජයතිස්ස සහ රොස්ලින් සරල භාෂා රිද්මයකින් සහ ලේඛන රීතියකින් කෘතිය නිමවා ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/486560a0b6a811ea928cd7b158fb3ca3″ ]

අක්කර පහ

Highlights:

සිංහල නවකතා කලාවට එක් වූ අති විශිෂ්ඨ කෘතියක් ලෙස අක්කර පහ හඳුන්වා දිය හැකි ය. පෙරදිග ධාන්‍යාගාරය නමින් අතීතයේ හැඳින් වූ මේ ලක්බිම පිටරටට අතපාන්නේ මන්ද යන්න මැනවින් ප්‍රශ්න කරමින් මේ කතාව ගෙතී ඇත.

රු450.00 10% OFF
Out Of Stock

අපූරු ගමන

Highlights:

අපූරු ගමන නම් මේ කතන්දරය ජාතීන් දෙකකට අයත් ළමුන් දෙදෙනෙකුට සිදු වූ ත්‍රාසය, කුතුහලය පිරි අපූරුතම සිද්ධි මාලාවකින් පිරී ගිය එකකි. එකමුතුකම, කල්‍යාණ මිත්‍රත්වය, උත්සාහය, ස්ථානෝචිත ප්‍රඥාව ආදිය මේ තුළින් විද්‍යමාන වේ.

පුංචි වීරයෝ

Highlights:

ඓතිහාසික ප්‍රවාද, ජනශ්‍රැති ආදිය පදනම් කොට ගනිමින් මහාචාර්ය බන්දුසේන ගුණසේකරයන් විසින් නිර්මාණය කරන ලද යොවුන් නවකතාවකි. පරසතුරු පහරදීමක් නිසා සිය ගම් පළාත අතහැර අලුත් දිවියකට හුරු වන සොහොයුරන් දෙදෙනෙකුගේ ජීවිත කතාව මෙයින් නිරූපණය කෙරේ. අනාගත ලෝකයට පිය මනින දරු දැරියන්ගේ උසස් ආකල්ප, ජාතිමාමක හැඟීම් හා පෞරුෂය වර්ධනය වන ආකාරයෙන් සමස්ත කතාවම ගොඩ නගා තිබේ. දරුවන්ට උපතින් හිමි වන වීර වික්‍රමාන්විත අදහස් තව දුරටත් වර්ධනය කරවීම ද මෙම යොවුන් නවකතාවේ තවත් එක් අරමුණකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/9e38abe0a6cb11e9b822ef98b10d0dbe” ]

Out Of Stock

රාමා සහ දිනූ

Highlights:

දරුවන් යහමගට පත්වන්නේ දෙමාපියන්ගේ හා ගුරුවරුන්ගේ යහපත් මග පෙන්වීමත් ගුණගරුක බවත් තුළිනි. ඒ සඳහා ආගම් හා ජාති භේද අවශ්‍ය නොවේ. රාමා හා දිනූ නවකතාව අපට පවසන්නේ එයයි. ‍‍

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d53403f0a6c911e9b156ef1499508e50″ ]

නන්ද හා සරණ

Highlights:

නන්ද හා සරණ සම වයසේ වූ පාසල් මිතුරෝය. නන්ද මහණ දම් පිරූ නමුදු සරණගේ මිතු දමින් ඈත් නොවිණි. පොඩි හාමුදුරුවන් නිසාවෙන් සරණ ද පන්සලේ ඇසුර නිරතුරු ලබයි. ඒ හේතුවෙන් ඔහුත්, වැරදි මාර්ගයේ ගිය ඔහුගේ පියාගේ දිවියත් යහමගට යොමුවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f43fd310addc11e9aed4d11508416e27″ ]

Out Of Stock

ගලිවරය

Highlights:

කුරුමිට්ටන ඉදිරියේ තමන් යෝධයන් යැයි සිතන බොහෝ අය සැබෑ යෝධයන් හමුවේ කුරුමිට්ටන් බවට පත් වෙති. මේ සත්‍යය ගලිවරය කෘතිය තුළින් පාඨකයාට පසක් කර දෙන්නේ ත්‍රාසය කැටි වූ අපූරු කතන්දරයක මිහිර ද සිතට ළඟා කර දෙමිනි.

වන දරුවෝ

Highlights:

වන දරුවෝ කැප්ටන් මැරියට්ගේ Children of the New Forest කෘතියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. පාසල් ශිෂ්‍යයන්ට යෝග්‍ය පරිදි ඉතා සරල බසින් මෙය සම්පාදිත ය.

දොස්තර පිනී සමග විදෙස් නේවාසිකයා

Highlights:

පාස්කු බෝම්බ ප්‍රහාර සිදුවීම පාදක කර ගනිමින් නිර්මාණය කෙරුණු යොවුන් නව කතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/58c9ee80db5911e99ad97dcd45f26a78″ ]

රු225.00 25% OFF
Out Of Stock

විලාප දෙන ගෙවිපළේ වික්‍රමය

Highlights:

පිටිසර බද පළාතක ගොවිපළක සිදුවන නීති විරෝධී ක්‍රියාවන් හෙළිකරගන්නා දරුවන් පිරිසක් වටා ගෙතුණු වීර වික්‍රම කතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7708e220db5811e99c556b639526c9e9″ ]

Out Of Stock

දෙල් ගහ යට පුංචි ගෙදර

Highlights:

අද ළමා පරපුරට අහිමිව ඇති ගම්බද සුන්දර පරිසරය, සිරිත් විරිත්, ජනශ්‍රැතිය, සහජීවනය වැනි අංග ද, වැඩිහිටියන්ට සැලකීම වැනි යහගුණ දම් ද, අංශු මාත්‍රයක් හෝ දැයේ දූදරුවන්ට තිළිණ කිරීමට ගත් උත්සාහයක් ලෙස මෙම කෘතිය හැඳින්විය හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2f2d7d00db5511e9a73c55c38a6bfb6f” ]

තුන්මංහන්දිය

Highlights:

ගමේ කාටත් පහේ නම් දෙකක් ඇත එකක් උප්පැන්න සහතිකේ තියෙන නම අනික මිනිස්සු දාගත්ත නම මිස්ටගේ නියම නම රුචිතන්. රුචිතන් එක්තරා කාලයක පෙරකදෝරුවෙකු ළග වැඩ කර තිබේ. පෙරකදෝරුවා ඔහුට කතා කළේ මිස්ට රුචිතන් කියලයි.

Out Of Stock

ඇට මැස්සා

Highlights:

ඇට මැස්සා වු කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත්‍ වු ද විසිතුරු වු ද වේගී වු ද විවාදජනක වෘතාන්තයකී. සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.

විලාසිනියකගේ ප්‍රේමය

Highlights:

“උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ”.

කතා අහුර

Highlights:

මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන ‘කතා අහුර’ සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්‍රන්ථයකි. 1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදි කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනියක්‌’ ග්‍රන්ථයේ පටන්‌ තිස්‌ වසරක්‌ තුළ වික්‍රමසිංහයන්‌ අතින්‌ ලියැවුණු කතා දහනවයක්‌ මෙම කතා එකතුවේ අඩංගු වෙයි. මඩොල්‌ දූව. අපේ ගම, රෝහිණී යන ග්‍රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක්‌ ද එක්‌ වීම නිසා මේ කෙටිකතා සංග්‍රහය විචිත්‍ර බවින්‌ අනූන ය. ‘කතා අහුර’ සංග්‍රහ කළ ලාල්‌ ප්‍රේමනාත්‌ ද මැල්‌ මහතා විසින්‌ වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතළත්‌ ය.

1 2 14 15 16 17 18 24 25
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping