නරි බෑනා
කුමටද සොබනියෙ කඳුලු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන් නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන
ඔබේ හිස පීරන් නම්
මල් පෙති ඉහිරුන සුදුවැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින් නම්
මම මගේ ආදරේ පෙන්වන්නම්තණ අග දිලි දලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන් නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමලියේ ආදර බස් දෙන්නම්
නාට්‍ය ප්‍රවේශය විමර්ශනාත්මක අධ්‍යයනයක්
නාට්‍ය හා රංග කලාව විෂය අලලා මෙම කතුවරයා විසින් රචනා කරන ලද ප්‍රථම කාණ්ඩය මෙය වන අතර – “ රංගකලා ප්‍රවේශය – විමර්ශනාත්මක අධ්‍යයනයක් ” හා “ නාට්‍ය හා රංගකලාව – සරල විග්‍රහයක් ” යන ග්‍රන්ථ ත්‍රිත්වය මඟින් මෙම විෂයට අදාළ සියලු ම කරුණු ආවරණය වේ. මෙම කාණ්ඩය වශයෙන් පළ වූ මෙම ග්‍රන්ථය මඟින් ග්‍රීක යුගයේ සිට වර්තමානය තෙක් විහ්ව නාට්‍ය කලාවේ විකාශනය, නාට්‍ය ප්‍රභේද, රීතීන් හා ප්‍රවණතා මෙන් ම නාට්‍ය කලාවේ සීමාවන් හා ප්‍රබලත්වය ද එහි සංනිවේදනාත්මක ශක්‍යතාව ද පූර්ණ විමර්ශනයකට ලක් කෙරේ. මෙම ග්‍රන්ථය විශ්ව විද්‍යාලවල හා පාඨශාලාවල නාට්‍ය හා රංග කලාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට, ගුරුභවතුන්ට හා විද්‍යාර්ථින්ට ද නාට්‍ය නිර්මාණකරණයට අත ගසන පුද්ගලයන්ට ද ගුරු උපදේශ සලසන අත්පොතක් බවට පත් වී ඇත.
සිංහල වන්නම් කලාව
ශ්‍රී ලාංකේය සංස්කෘති උරුමයෙහි පවතින සිංහල වන්නම් වූ කලී දේශජ සංගීත කලාව මැනවින් ප්‍රකට කරන සමාජ සහිත්‍යානුගත ලලිත කලාවකි.සිංහල ගීත කලාවේ ප්‍රෞඪත්වය විදහා පාන මේ ක්ෂේත්‍රය ප්‍රවේණිගත කලා ශිල්පීන් ඇසුරෙහි ම පමණක් අප්‍රකට ව පැවතුණි.එහි අගය වටහා ගත් පුරාණ යතිවරු,ප්‍රභූවරු සහ විද්වත්හු විසින් ඒවා සංරක්ෂණය කරනු ලැබ තිබෙත්.මහවලතැන්න බණ්ඩාර ඊ.ඒ. දෙල්ගොඩ, ඇස්.ඇල්.බී. කපුකොටුවේ සහ කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ට එහි ප්‍රමුඛතාව හිමි වේ.මේ පිළිබද ව සංගීතඥ සී. ද එස්. කුලතිලක පර්යේෂණ ග්‍රන්ථයක් සපයා ඇත.මේ විද්වතුන් උඩරට,සබරගමු වන්නම් අඩු වැඩි වශයෙන් විවරණය කර තිබෙනු දැකගත හැකි ය.එවන් පසුබිමක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සබරගමු නර්තන අධ්‍යනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග ඉදිරිපත් කර තිබෙන සිංහල වන්නම් කලාව නමැති මෙම ග්‍රන්ථය උඩරට,පහතරට,සබරගමු පමණක් නොව මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ රජරට එක්විසි වන්නම,සපරගමු වන්නම් පනහ සහ සියලු අප්‍රකට වන්නම් අලලා ලියැවුණු ප්‍රශස්තතම පර්යේෂණාත්මක කෘතිය බව කිව යුතු ය.
රූකඩ ගෙදර
1879 දි ඉබිසන් රචනා කළ රූකඩ ගෙදර ඉතා විශාල වශයෙන් ප්‍රවලිත වු නාට්‍යය ලෙස හදුවදීමට ඉඩ ඇති අතර ජාත්‍යන්තර වශයෙන් ඉබිසන්ට ඉමහත් කීර්තිමත් හිමි කරදුන් නාට්‍යය ලෙස ද නම් කළ හැක.
ජුලියස් සීසර්
ජුලියස් සීසර් යනු මහාකවි විලියම් ෂේක්ස්පියර් නාට්‍ය අතුරින් අතිශයින්
සාර්ථක නාට්‍ය කිහිපයෙන් එකකි. ෂේක්ස්පියර් නාට්‍ය ට්‍රැජඩි,කොමඩි හා
ඓතිහාසික නාට්‍ය වශයෙන් වර්ග ත්‍රයකට අයත් වේ. ඒ අතුරින් ජූලියස්
සීසර් අයත් වන්නේ ඓතිහාසික නාට්‍ය කුලයකට ය. ක්‍රි.පූ.1 වැනි සියවසේ
පොම්පේගෙන් පසුව රෝම අධිරාජ්‍යය ශක්තිමත් කළ බලසම්පන්න ස්වෛරී
පාලකයා වුයේ ජූලියස් සීසර් ය. ඔහු රෝම අධිරාජයා බවට පත්වන්නට ඔන්න
මෙන්න කියා තිබිය දී ඔහු ස්වාර්ථසිද්ධිය සඳහා විජිගීෂාවෙන් පෙළෙන්නෙකැයි
සිතූ බෲටස් කැසියස් ආදි කොටගත් ඔහුගේ කුලුපග මිත්‍ර මන්ත්‍රිවරු ඔහුට
විරුද්ධව කුමන්ත්‍රණය කොට. කැපිටෝල් ශාලාවේදි ම් මහ දහවල් ඔහු ක්‍රෑර
ලෙස ඝාතනය කළහ. මෙම නාට්‍යයේ සාකච්ජා වන්නේ එම ඝාතනයට තුඩුදුන්
හේතු කාරණා සහ ඉන්පසු ඝාතනයට මෙන් ම රෝම අධිරාජ්‍යයට ද අත් වු
ඉරනම ය. මෙහි කථාව සීසර්ගේ චරිතය වටා ගෙතුණ ද, නාට්‍යයේ අඬක්
ගෙවී යන්නටත් පෙර හේ මියයයි. මෙහි කථා නායකයා වශයෙන් කැපී
පෙනෙන්නේසීසර් හට එරෙහි ව කුමන්ත්‍රණය මෙහෙයැවු සීසර්ගේ ඉතා ම
සමීප මිතුරා වු බෲටස් ය.
තල මල පිපිලා
සුන්දරත්වයෙන් පරිපුර්ණ වුවද සිංහල සමාජයෙහි තලමල පිපිම විනාශයේ සංකේතයක් ලෙස සැලකේ, ඒ සියුම් සංකේතය මෙරට සමාජයේ පුරා මඩු දිවූ පිලිලයක තරම වේදිකාව මත අතිශය රමණිය ලෙස තලමල පිපිලා නාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.
වැනීසියේ වෙළෙන්දා
වැනිසියේ වෙළෙන්දා නාට්‍යයයේ ආකෘතිය රැදෙන්නේ විනිශ්චය සහ පරීක්ෂණ අවස්ථා කීපයක් මතය. ක්‍රියාදාමය විකාශනය වන විවිධ අවස්ථාවන්හිදී චරීතයක් විභාග කරනු ලබයි. නැත්නම් නඩු විභාගයක් පැවැත්වෙයි. මෙම විභාගයන්හිදී සදාචාරය, මිනුම් දණ්ඩ කොට ගැනේ. කරඬු තුනෙන් එකක් තෝරා ගැනීම නිදසුනකි. මහා නඩු විභාගයේදී යුක්තිය ද නැත්නම් අනුකම්පාවද වඩා හොඳ යන්න තීරණය වන්නේ මතුපිට පෙනුම සහ යථාර්ථය අතරය.