Music

Showing all 4 results

Show:
Out Of Stock

සුනිල ගී රස විනිය

Highlights:

ගීතය, නූතන කාලංගයන් අතර ජනප්‍රිය ම කලාවයි. එය, ගේය කාව්‍ය රචකයා, සංගීත රචකයා, එහි ගායනා ශිල්පියා – ශිල්පිනිය ගේ ප්‍රතිභාව එක්තැන් කළ සාමුහික කලාවකි.ඕනෑම කලාවක් ජනප්‍රිය වන්නා හා ම ඊට ප්‍රතිලෝමී ව එහි ගුණාත්මක පක්ෂය පිරිහෙයි. නූතන ගීතය ද අද මුහුණ පා ඇත්තේ එකී දුර්දශාවටයි.

Out Of Stock

නරි බෑනා

Highlights:
කුමටද සොබනියෙ කඳුලු සලන්නේ
හේතුව මම නොදනිම්
ගිරි හෙල් අරඹේ ඇති මගේ නිවසට
මම ඔබ ගෙන යන් නම්
ඔබ හට හැම සැප එහි දෙන්නම්

හඳ පායන කල ගඟ බඩ ඉඳගෙන
ඔබේ හිස පීරන් නම්
මල් පෙති ඉහිරුන සුදුවැලි මතුපිට
ඔබ ගෙන ඇවිදින් නම්
මම මගේ ආදරේ පෙන්වන්නම්

තණ අග දිලි දලිසෙන පිනිකැට අරගෙන
ඔබෙ ඇඟ දෝවන් නම්
ඉර පායන විට පුබුදින මල්ගෙන
ඔබෙ හිස සරසන්නම්
කොමලියේ ආදර බස් දෙන්නම්

Out Of Stock

සිංහල වන්නම් කලාව

Highlights:

ශ්‍රී ලාංකේය සංස්කෘති උරුමයෙහි පවතින සිංහල වන්නම් වූ කලී දේශජ සංගීත කලාව මැනවින් ප්‍රකට කරන සමාජ සහිත්‍යානුගත ලලිත කලාවකි.සිංහල ගීත කලාවේ ප්‍රෞඪත්වය විදහා පාන මේ ක්ෂේත්‍රය ප්‍රවේණිගත කලා ශිල්පීන් ඇසුරෙහි ම පමණක් අප්‍රකට ව පැවතුණි.එහි අගය වටහා ගත් පුරාණ යතිවරු,ප්‍රභූවරු සහ විද්වත්හු විසින් ඒවා සංරක්ෂණය කරනු ලැබ තිබෙත්.මහවලතැන්න බණ්ඩාර ඊ.ඒ. දෙල්ගොඩ, ඇස්.ඇල්.බී. කපුකොටුවේ සහ කිරිඇල්ලේ ඤාණවිමල හිමියන්ට එහි ප්‍රමුඛතාව හිමි වේ.මේ පිළිබද ව සංගීතඥ සී. ද එස්. කුලතිලක පර්යේෂණ ග්‍රන්ථයක් සපයා ඇත.මේ විද්වතුන් උඩරට,සබරගමු වන්නම් අඩු වැඩි වශයෙන් විවරණය කර තිබෙනු දැකගත හැකි ය.එවන් පසුබිමක සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා නාට්‍ය කලා පීඨයේ සබරගමු නර්තන අධ්‍යනාංශයේ අංශාධිපති සමන් කුමාරතුංග ඉදිරිපත් කර තිබෙන සිංහල වන්නම් කලාව නමැති මෙම ග්‍රන්ථය උඩරට,පහතරට,සබරගමු පමණක් නොව මෙතෙක් කිසිවෙකුගේ අවධානයට ලක් නොවූ රජරට එක්විසි වන්නම,සපරගමු වන්නම් පනහ සහ සියලු අප්‍රකට වන්නම් අලලා ලියැවුණු ප්‍රශස්තතම පර්යේෂණාත්මක කෘතිය බව කිව යුතු ය.

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – සංගීතය

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping