Health

Showing all 11 results

Show:

දෙපලු වන බුද්ධ බීජය

Highlights:

“දෙපලු වන බුද්ධ බීජය” අප තුළ සැඟව පවතින ප්‍රඥාව සොයා ගැනීමට පවතින මාර්ගය මෙහි සඳහන්ග බුදු දහම ඇතුලාන්ත දහම බුද්ධියෙන් දකින්නට උත්සාහ දරන ඔබ වෙනුවෙන්.

අප තුළ සැඟව පවතින ප්‍රඥාව සොයා ගැනීමට පවතින මාර්ගය මෙහි සඳහන්. බුදු දහම ඇසුරින් තමන්ගේ අවබෝධය සොයා යන මග මඟ පෙන්වීමට ගත් උත්සාහයක්.

සුරාධුර්ත්වය (මත්පැනට ඇබ්බැහි වීම)

Highlights:

මධ්‍යසාර භාවිත ආබාධය හෙවත් සුරාධුර්ත්වය,
කෙනෙක් මධ්‍යසාරය භාවිත කරන ලීලාව මගින් ද.
ඒ හා බැඳුණු මානසික හා කායික ක්‍රියාදාමයන්
මගින් ද හඳුනාගත හැකි ය.සුරාධුර්ත්වය හා සමීපව
බැඳුුණු රෝග ලක්ෂණ කිහිපයකි. තමාගේ මධ්‍යසාර
භාවිතය පාලනය කරගත නොහැකි වීම ඉන් එකකි.
බීමට පටන් ගත් විට දින ගණනක් එකදිගට බීම
සුරාසොඬාගේ ගතියකි. මධ්‍යසාර ඔහුගේ ජීවිතයේ
ප්‍රධාන අවශ්‍යතාවයක් බවට පත් වී තිබෙන අතර,
ඔහු හෝ ඇය නිතර ම ඒ ගැන සිතයි.

මත්පැනට ඇබ්බැහි වීම එය හඳුනා ගැනීම, ඒ හා
බැඳි රෝග ලක්ෂණ හා ඒවායෙන් සිදුවන කායික
හා මානසික බලපෑම් මෙම කෘතියෙන් ඉතා සරලව
විස්තරාත්මකව පැහැදිලි කර ඇත.

නිරෝගී දිවියකට අක්මා බද්ධය සඳහා අත්වැලක්

Highlights:

උතුරු කොළඹ අක්මා බද්ධ කිරීමේ අංශයේ වෛද්‍යවරුන් විසින් රචිත මෙම ග්‍රන්ථය අක්මාවේ සිරෝසිස් හෝ අනෙක් රෝග තත්ත්ව ඇති රෝගීන් සඳහා රචිත මෙම කෘතිය ඔස්සේ අක්මාව අශ්‍රිතව වැළඳෙන රෝග පිලිබඳ රෝගීන් හට අක්මා බද්ධ කිරීමට පෙර සහ පසුව අවශ්‍ය වන තොරතුරු දිර්ඝ වශයෙන් සඳහන් කර ඇත. මෙම කෘතිය රෝගීන්ට පමණක් නොව, ඔවුන්ගේ ඥාතීන්ටත් වෛද්‍ය සේවා සපයන පාර්ශවයන්ටත්, වෛද්‍ය ශිෂ්‍යයන්ටත්, උසස්පෙළ ජීව විද්‍යාව හදාරන සිසුන් හා සාමාන්‍ය ජනතාවට අත්වැලක් වනු ඇත.

දත් සුරකිමු

Highlights:

ශ්‍රී ලංකාවේ ජනතාවගේ වර්තමාන මුඛ සෞඛ්‍ය
තත්ත්වය අනුව වඩාත්ම ඛෙදනීය ප්‍රතිඵලය
අත්විඳින්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසි කණ්ඩායමයි. වයස
කුමක් වුවද මිනිසකු ලෙස නීරෝගි දිවියක් ගෙවීම
සඳහා අවම ලෙස දත් 20ක් අවශ්‍ය වුවද, අපේ
රටේ අවුරුදු 65 වයසට පැමිණෙන විට සාමාන්‍ය
අගයක් ලෙස කෙනෙකුට ඇත්තේ දත් 13ක් පමණි.
සාමාන්‍ය අගය එය වුවද කටේ එක් දතක් වත් නැති
අයගේ ප්‍රතිශතය 22%කි. ඒ හේයින්ම වෛද්‍ය මාරසිංහයන්
මෙහිදී සිය මාධ්‍ය භාවිතය හසුරවන්නේ ගැබිනි මව
සිය දරුවා ඉපදෙන්නට පෙර සිටම ජීවිතය හැඩගස්වාගත
යුතු තැනින් පටන් ගෙන, උපදින දරුවා දිවිය පුරා හැසිරිය
යුතු ආකාරයද කියා දෙමිනි.

යොවුන් වියට ලිංගික අධ්‍යාපනය

Highlights:

ජීවිතය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් ඇතිවිට ජීවත් වීම
පහසුය.එවැනි පසුබිමකදී කිසිවකුගේ ජීවිතයට අනවශ්‍ය
ගැටලු මතුවන්නේ නැත. යෞවනය පමණක් නොව, ඉන්
ඉදිරියට ගත වන තාරුණ්‍ය‍යේදීද මේ සියලු තත්ව සර්ව
සාධාරණය.

සිරුර මෙන්ම මනසද අලුත් වෙනසකට ලක්වන්
යෞවනයේදීකළ යුතු, නොකළ යුතු දේ හරි හැටි වටහා
ගැනීම අත්‍යවශ්‍ය‍ය.”යොවුන් වියට ලිංගික අධ්‍යාපනය”
කෘතිය මෙලෙස නිර්මාණය වන්නේ මේ වෙනස ප්‍රමාණාත්මකව
හැඳිනීමටත්, අනාගතය ඵලදායක ලෙස සැකසීමටත් වන
උපකාරයක් වශයෙනි.

ඇදුම හා ශ්වසන රෝග වළක්වාගනිමු

Highlights:

නුතන වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු
තත්ත්වයක පැවතුණත් මරණය කවදා
කෙසේ කොතනකදී සිදු වේදැයි කිසිවකුට
කිව නොහැකිය.එතෙක් නීරෝගිමත්ව සිටීම
ඕනෑම කෙනෙකුට කළ හැකි අතර,ඒ සඳහා
අවශ්‍ය වන්නේ දැනුම, අවබෝධය හා ඒ
අනුව ජීවන රටාව හැඩගස්වාගැනීමේ
අවශ්‍යතාව පමණි.

මෙම පොත් පෙළ ප්‍රකාශනය කිරිමේ ප්‍රධාන
අරමුණ වන්නේ ජීවිතයේ අවසන් මොහොත
දක්වාම ඕනෑම පුද්ගලයකුට කායික හා
මානසික වශයෙන් නීරෝගිභාවය
රැකගැනීමට අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා
කරුණු නිසි ලෙස ඔබ වෙත ලබාදීමයි.

පියයුරු පිලිකා හඳුනා ගනිමු

Highlights:

1985 සිට 2010 දක්වා ජාතික පිළිකා ලේඛනයට වාර්තා වු දක්ත විශ්ලේෂණය කිරීමේදී පියයුරු පිළිකාව වාර්තා වීම කාලයක් සමඟ පැහැදිලි වැඩි වීමක් පෙන්නුම් කරයි.කල් ඇතිව හඳුනාගැනීමෙන් සහ නිශ්චිත ප්‍රතිකාර ලබාගැනීමෙන් නියත සුවයක්ලබාගත හැකි පිළිකාවක් ලෙස පියයුරු පිළිකාව සැලකෙන බැවින් ජනතාව අතරපියයුරු පිළිකාව පිළිබඳ දැනැවත් භාවය වැඩි කිරීම සඳහාත් , කාන්තාවන් පියයුරුපිළිකාව කලින් හඳුනාගැනීමේ කටයුතු සඳහා උනන්දු කරලීමටත්, පියයුරු පිළිකාවටප්‍රතිකාර සහ පසුවිපරම් සත්කාර ගැන සරල අවබෝධයක් ලබාදීම සඳහා සරලභාෂාවෙන් ලියැවුණු ලිපි, පත්‍රිකා,පොත්වල අවශ්‍යතාවයක් ඇති අතර සරල භාෂාවෙන්ලියා ඇති ‘පියයුරු පිළිකා හඳුනාගනිමු’ නැමැති මෙම ග්‍රන්ථය එම අවශ්‍යතාවයනිසි ලෙස සපුරයි.

Out Of Stock

ආයුර්වේද ද්‍රව්‍යගුණ විඥානාර්ණවය

Highlights:

ආයුර්වේද මූල සිද්ධාන්ත අනුව ශාරීරික රෝගවලට ප්‍රධාන හේතුව වාත,
පිත්ත,කඑ විෂමතා නමින් හඳුන්වන දෝෂ කෝපය යි. විශවයේ සියල්ල
මෙන් ම ත්‍රිදෝෂ ද සෑදී ඇත්තේ පංචමහා භුතයන් ගෙනි. භාරතීය දර්ශනික
මත සහ ආයුර්වේද දර්ශනික මත අනුව ද මනුෂ්‍ය‍යා ඇතුළු සමස්ත
භෞතික ලෝකය ම නිර්මාණය වී ඇත්තේ පංචමහා භුතයන් ගේ
සංකලනයෙනි මනුෂ්‍ය ශරීරය පංච භෞතික යන්න පමණක් ම කීමෙන් නතර
නොවී ශරීරයෙහි දෝෂ ධාතු මලවලින් යුක්ත වන අතර ඒවා ශරීරයෙහි
සම තත්තවයෙන් තිබිය යුතු යැයි සංහිතා ග්‍රන්ථවල දැක්වේ.

එදිනෙදා දිවියට ප්‍රථමාධාර

Highlights:

ගෝලීය ආර්ථික රටාවක් ඔස්සේ ජීවත් වන්නා වු මිනිසා එදිනෙදා ක්‍රියාකාරකම්වල දී විවිධ අනතුරු වලට මුහුණපායි.

එවැනි අවස්ථාවක දී ප්‍රථමයෙන් අපට සිහියට නැගෙනුයේ ප්‍රථමාධාර පිළිබඳවයි.අද අප රටේ දවසකට සිදුවන්නා වු අනතුරු බෙහෙවින් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. රිය අනතුරු මෙන්ම විදුලි අනතුරු ද බහුලව දක්නට ලැබේ.

Out Of Stock

සබරගමුවේ වට්‍ටෝරු වෙදපොත

Highlights:

මහවලතැන්නෙ මැතිදුන්ගෙ පුස්තකාලයෙහි තුබු අත්පොතකි.

බුද්ධිමත් දරුවෙකුගේ වාසනාවන්ත උරුමය

Highlights:

දරුවෙකු මේ ලෝකයට දායාද කිරීමට වාසනාව උදා වී ඇති ඔබ දෙපල ඉතාම වාසනාවන්ත යුවලකි. ලොව උත්තරීතම පදවි දෙක වන මව් පදවිය හා පිය පදවිය තව නොබෝ දිනකින් ඔබ දෙපළට උරුම වනු ඇත.
ලොව බිහිවූ සෑම ශේෂ්ඨ මිනිසෙකුම ඔබගේ සහකරු වැනි පියෙකුට දාව, ඔබවන් මවකගේ මව් කුසින් මෙලොවට බිහි වී දැවැන්ත මිනිස්සු බවට පත් වූහ. එවන් මහා මිනිසුන් බිහි කළ මෑණිවරුන් හා පියවරුන් සියල්ලන්ගේම ගෞරව ආදරයට පත්වූවා පමණක් නොව වන්දනාමානයට පවා ලක් විය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping