Fiction & Literature

Fiction & Literature

(Showing 211 – 240 products of 1674 products)

Show:

දෑස්

Highlights:
“චූටි පුතේ.. චූටි පුතේ..”
ගජරාමෙට නින්දක් දාගෙන ඉද්දී කවුදෝ මන්දා මාව
එහාටයි මෙහාටයි හොල්ලන්න ගත්තා. ඇත්තටම මොකාද මේ
වසලයා…
“චූටි පුතේ…”
ඕං ආයෙත් පාරක් … මං ඇස් දෙකෙන් එක ඇහැක්
විතරක් ඇරලා බැලුවා. ම්හ්.. කට්ට කළුවරයි.
“කොලුවො .. නැගිටපං.. ආං අර ඉසකුඩිච්චිය ඇවිත්..”
දෙයියනේ … මට ඒ පාර තමයි වැඩේ මීටර් උනේ. මේ
අපේ ආච්චිනෙ. එයා ඇරුනම මට චූටි පුතේ කියලා කතා කරන්න
වෙන කෙනෙක් නැහැ.
ඒත් ආච්චි මොකද මේ ලයිට් එකවත් නොදා කාමරේට
රිංගුවෙ. අනේ අම්මපා කොල්ලෙක් නිදන් ඉන්න කාමරේට
මෙහෙමත් එනවද ගෑණු ළමයි…?
“කවුද ආච්චියෙ ඉසකුඩිච්චිය..? ”
නින්ද කඩපු තරහට කටට සුද්ධ සිංහල වචන පේළියක්
ගලාගෙන ආවත් ආච්චිට ඕවා කියන්න පුළුවනෑ . ඉතිං මං
දැහැමින් සෙමින් කතාවට බැස්සා.

ඔබ නැති මා

Highlights:
දිලක්ෂ වෛදයවරයාට ස්තුති කළේය.
වෛදයවරයා සිනහවක් නගාගෙන හිස සලා දැන්
නූර්යට හොදටම හොදයි කීවේය.ඉතින් හරිහැටි
සුවයක් නොලබාම මම ආපසු නිවසට ආවේ
එහෙමය.අප්සරා අප එද්දී නිවසෙහි නොසිටියාය.
බොහෝ දිනක් මා වෙනුවෙන් ඈ සරසවිය
මගහැර ගත්තාය. මම සදැල්ලට වී බොහෝ
වේලාවක් ඇසිපිය නොහෙලා බලා උන්නෙමි.
එහෙත් අශින්තගේ ඡායාවකුදු මට නොපෙනිණ.
දනිමි.ඔහු යළි කිසිදාක මගේ දෑස් මානයට
නොඑනු ඇත. හෙමින් හෙමින් ආයෙමත් මම
කාමරයට ඇතුළු වීම්. මේ වේදනාව දැන් ඉතිං
නිමාවිය යුතුය.

රාවණ ශිෂ්ටාචාරය

Highlights:

දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වු ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය “රාවණ ශිෂ්ටාචාරය” යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්‍රි ලංකාවෙන් සංක්‍රමණය වු යක්ෂ ගෝත්‍රිකයන්(හෙළයන්) අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.

වෙල්ලස්සේ කදුළ

Highlights:

“සබද!

තවම ඉරහද පුපුරා හැලුනේ නැත. අහසේ තරු කඩා වැටුනේ නැත. මහ මුහුද ගොඩ ගලා ගියෙත් නැත.මහ මුහුද ගොඩ ගලා ගියෙත් නැත. සුද්දන් වෙල්ලස්සට කර තිබෙන හානියේ හැටියට නම් ඒ සියල්ලම විය යුතුව තිබුණි.මම මෙතෙක් කිසිවෙකුට බගෑපත් නොවුයෙමි.අතද නොපෑවෙමි.

විසඹසර

Highlights:

 “ගෑනුන්ට පිරිමියෙක් වැරදි දාහක් කරත් එවුන්ට අසනීපයක් දුකක් අයාමයක් උනොත් හිත  උණුවෙලා වැගිරෙන්න ගන්නව.ඒ තමයි ගෑනු ගතිය.පිරිමි වැරදි කරන්නෙ දැන දැන.ගෑනු අපි එ වැරදි නොදන්න ගානට ඉන්නවා.එහෙම නැත්නම් හදාගන්න බලාගෙන ගහමරාගන්නවා.හදන්න බැරිනම් අත හැරලම දානව..ඒක තමයි ගෑනියෙක්ගෙ ඇත්ත ස්වභාවෙ.සමාවදීමයි.අමතක කිරීමයි .අත් හැරීමයි.”
මේ විශ්වය හැදිලා තියෙන්නෙ සොබාදහමෙන් මේකෙ ජීවත්වෙන සතා සීපාවා මිනිස්සු ගහකොල හැමදේම තීරනය කරන්නෙ සොබා දහම.ඒ සොබාදමට පිටුපාන්නත් බෑ..පිටුපාපු අයට ජීවත්වීමේ අයිතියකුත් නෑ..”

අස්ත බන්ධන

Highlights:
“සංසාරයෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,
අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි. කිසිම හේතුවක් නැතිව
මේ ආත්මෙ අපිට වෛර කරන, හිත් රිදවීම් කරන සමහර අය
පෙර ආත්මෙක තමන් එක්ක වෛරයෙන් හිටිය අය වෙන්නත් පුළුවන්.
ජීවිතේ කියන්නේ සංසාර ගනුගෙනු පියවෙන තුරු නැවත නැවතත්
ඔවුනොවුන් එකට මුණ ගැසෙන පුදුමාකාර චක්‍රයකට. එක එක්කෙනාගේ
පවු පින් අනුවයි ඒ සංසාර චක්‍රය ගෙවෙන්නෙ. ලේ බැදීම් තියෙන
තමන්ගේම කියන අය වෛරක්කාරයෝ වෙද්දී සමහර වෙලාවට කිසිම
නෑකමක් නැති පිටස්තර අය පුදුමාකාර ගැඹුරු බැදීමකින් හිත්වලින්
බැදෙන්නෙත් සංසාරේ තමන් කරපු පව් පින් අනුවයි.”

අස්ත බන්ධන ඔබට කියන්නේ බැදීම් ගැන ඒ හෘදයංගම කතාවයි.

උදාර අපේක්ෂා 2

Highlights:

චාල්ස් ඩිකන්ස් ගේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ Grate Expectation ග්‍රන්තයේ සිංහල පරිවර්තනයේහි දෙවැනි කොටස

විල්ලුවේ ප්‍රේමය

Highlights:

 

ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.

ආදර කියාරා

Highlights:
“…. මම බිමල්ට ගොඩක් ආදරය කල බව
ඇත්ත. ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන්
පස්සෙයි දැන ගත්තේ ඒ ආදරයේ තරම.
මේ තරම් දුර තනියෙම ආව
එක ගැන මං දැන් පසුතැවෙනවා. මට
ඔයාට ආදරය නොකර ඉන්න තිබුණා.
එහෙමත් නැත්තම් ආදරය කරන්න
පටන් ගන්නොකොටම ඔයාට කියන්න් තිබුණා.
මට අයිති නැති බව දැන දැනත් ඔයාගෙන්
හිත ඈත් කරගන්න හිතුණෙ නෑ මට. හිතුවේ
නැතුවම නොවෙයි බිමල් මට ඒක කරගන්න
බැරි වුණා. මෝඩයෙක් වගේ මං තනියෙම
ආදරය කළා.  වෙලාවකට මට
හිතෙනවා මේ මං විදින දුකට වඩා මරණය
සැපක් කියලා. ඇත්තටම මට මැරෙන්න
හිතෙනවා බිමල්. ඒ තරම් මං ඔයාට
ආදරය කළා. කළා නෙවෙයි තවමත් ඒ
ආදරය එහෙම්මම තියෙනවා. මම ඔයාට
හැමදාම ආදරය කරනවා….”

රස්පුටින් ඝාතනය

Highlights:
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය

The Bullet That Missed

Highlights:

The third book in the record-breaking Thursday Murder Club series from British national treasure Richard Osman.
It is an ordinary Thursday and things should finally be returning to normal.
Except trouble is never far away where the Thursday Murder Club is concerned. A decade-old cold case leads them to a local news legend and a murder with no body and no answers. Then, a new foe pays Elizabeth a visit. Her mission? Kill . . . or be killed.
As the cold case turns white hot, Elizabeth wrestles with her conscience (and a gun), while Joyce, Ron and Ibrahim chase down clues with help from old friends and new. But can the gang solve the mystery and save Elizabeth before the murderer strikes again?

හෙළදිවෙහි වසර එකොළහක්

Highlights:
මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත.ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ.මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන්ම සතුටක් ද ලැබෙනු ඇත.

The Final Gambit

Highlights:

The thrilling conclusion to the global bestselling, BookTok sensation, Inheritance Games trilogy, where Knives Out meets One of Us is Lying.

Avery’s fortune, life, and loves are on the line in the game that everyone will be talking about.
To inherit billions, all Avery has to do is survive a few more weeks in Hawthorne House. The paparazzi are dogging her every step. Financial pressures are building. Danger is a fact of life. And the only thing getting Avery through it all is the Hawthorne brothers. Her life is intertwined with theirs. She knows their secrets, and they know her.

Out Of Stock

Chinaman: The Legend Of Pradeep Mathew

Highlights:

Chinaman is a debut bristling with energy and confidence, a quixotic novel that is both an elegy to lost ambitions and a paean to madcap dreams.

Chinaman’s free-wheeling, zany tempo is part of its charm too. Its picaresque action, mainly based in Colombo and narrated in short bite-sized chunks, gives a vibrant comic pulse to Sri Lankan life, even though Karunatilaka’s portrait of the country is scathing…it confirms that cricket, a game that is largely played in the head and inhabits a bizarrely detailed parallel world to our own, is ideally suited to the purposes of fiction.

කන්ද උඩරට සමාජ සංවිධානය සහ ප්‍රභූවරු

Highlights:

වත්මන් ලෝකයේ ඉතාමත් ම පැරැණි රටක් වු ශ්‍රි ලංකාව නම් හැත්තෑපහකට අධික ප්‍රමාණයකින් හැඳින්වීම එහි ශ්‍රේෂ්ඨ අතීතය තහවුරු කරන සාධකයකි.ප්‍රාග් ඓතිහාසික යුගයේ සිට අප රටේ උසස් සංස්කෘතියක් තිබුණ බවට කදිම සාධකයකි වාල්මිකී ගේ රාමායණ ය.

පිශාච බලකොටුව

Highlights:

අයිරිෂ් ජාතික බ්රෑම් ස්ටෝකර් මහතා 1897 වර්ෂයේ  දී රචනා කරන ලද  ලොව අතිශය බිහිසුණු නවකතාව ලෙස අවිවාදයෙන් සියලු  විචාරකයින් පිළිගනු ලබන ඩ්රැකියුලා නවකතාව අවසානයේ එතුමා එහි තවත් දිගුවකට මංපෙත් විවර කර තිබූ බව ඔබ දැන සිටියාද? ඒ මෙහි දෙවැනි අනුබද්ධය යි …

Out Of Stock

යක්ෂ ගෝත්‍රික සෙල් ලිපි සහ අනාවැකි

Highlights:

තරු දොරටුව (ස්ටාර් ගේට් – Star Gate) නමින් හඳුන්වන රන්මසු උයනේ ගුහා සටහනින් පෙන්නුම් කෙරෙන්නේ මේ ලෝකය ගෝලාකාර වස්තුවක් බවයි. ලෝකය ගෝලාකාර වස්තුවක් බව මුලින්ම හඳුනාගෙන ඇත්තේ ශ්‍රි ලාංකික සෘෂිවරුන් විසිනි.ලෝකය ගෝලාකාර බව සත්‍ය ලෙසම තේරුම් ගැනීමට නම් අභ්‍යවකාශයේ සිට නැරඹිය යුතුය. මෙය ගගනගාමියෙකුට මිස වෙනත් අයෙකුට කළ නොහැකි කාර්යයකි. නැතිනම් වෙනත් ග්‍රහලෝක සමීපව බලාගත හැකි උපකරණ භාවිතා කළ යුතු වන්නේ ය.එවැනි උපකරණ භාවිත කළ බවට කිසිඳු සාක්ෂියක් දැනට සොයා ගැනීමට නොහැකි වුනත් ජේතවන,අභයගිරි වැනි ස්ථාන සතුරු ග්‍රහණයට හසුවන සෑම අවස්ථාවකම එවැනි උපකරණ විනාශ වන්නට ඇත.

ඇස්.මහින්ද හිමි

Highlights:

ඇස්.මහින්ද හිමි

Out Of Stock

මන්දිර

Highlights:
    “සීයා මැරුණෙ කොහොමද කියලා සීතා දන්නවද..?
ඒ කාලෙ ඔයාට කතා කරන්න පුළුවන්නද..?”
මැය වටිනා කියන කරුණු බොහෝමයක් දන්න බව වටහා ගත් තිසරණි
ඒවා එකින් එක ක්‍රමාණුකූලව අසාගෙන ගියාය.
“රළහාම් මැරුණ විදිය මං දන්නවා සුදු නෝනා.
ඒත් ඒවා කිව්වොත් මාවත් මරාම දායි.”
ඈ කොළයේ ලියූ අදහසට අනුරූපීව
ඇගේ මුහුණේ ඉරියව්ද වෙනස් වී තිබිණි .
“මරලම දායි.. කවුද..?
නමුත් ඈ නිහඩය.
“සීතා බය වෙන්න එපා. එහෙම වෙන්න ඒවා
සීතා කිව්වා කියලා මං කාටහරි කිව්වොත්නෙ.”
” ඒ කියන්නෙ සුදු නෝනා ඒවා පොලීසියට කියන්නේ නැද්ද..?
ජයම්පති මහතාගේ නොඑසේනම් සීයාගේ මරණය
ස්වභාවික මරණයක් නොවන බවට වන
පළමු ඉගිය සීතාගෙන් පිට වූයේ එලෙසය.
ඉන් ත්සරණී තරමක් කලබල විණි.”

ලංකාධිපති ශ්‍රී රාවණ

Highlights:

රාවණො විදිතො මයිහං – ලංකාවාස්‍ය මහාපුරි

දෘෂ්ටා පාරෙ සමුද්‍රස්‍ය – ත්‍රීකුටගිරිකන්දරෙ ( මහා භාරතය )

සමුද්‍රයෙන් එපිට ත්‍රීකුට ගිරිකන්දරයේ ලංකාපුරයෙහි

වාසය කරන රාවණ ගැන දනිමි.

මහා භාරතය සදහන් කළ

මේ ත්‍රීකූටගිරිකන්දරය

ලකේගල තුන්හිස්ගල

(තුන්කුළු පව්ව) නොවන්නේ ද ?

Out Of Stock

මගෙ සිහිනය නුඹයි

Highlights:

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සමග පිටවීමට පැමිණි ආදිත්‍යතම වේගවත් ගමන බාල කරවූයේ සිතට දැනුණ අසාමානයහැගීමක් හේතුවෙනි. කාර්‍යාලයේ සේවක පිරිස රැස් වී සිටි පිරිස දෙස බැලු ආදිතයගේ ගමන නතර වූයේ ඔහුටත් නොදනීමය. ඒ ඇස් තමා ළග නැවතුණු බව දැනුණ නිකේෂි ගැස්සුණු තරම් ළග සිටි රෙශානිට ද දැනුණේ ඇය නිකේෂිගේ අතකින් අල්ලාගෙනසිටි බැවිනි. මොහොතක් නැවතුණු ආදිතය නිකේෂි දෙස බලාසිටියේ පුදුමයෙනි.

වැහි බිංදු

Highlights:
“මොන දඩුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර..”
ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ
ආදරණීය රෝමාන්තික බවය.
“ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්..
මං දන්නේ නෑ.. තව දරුවන්ගෙන්, තව චිත්‍රවලින්,
තව සංගීතෙන්, ඩ්න්හිල් වලින්, වයින් වලින්, කවි වලින්,
ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින්,
බැදිම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන..
මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ.. ඒක ඔයාගේ දඩුවම..
මව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ.. ඒ නිසා
මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්..”මම රහසින් මුමුණමින් කීවෙම්.
“ඉදු ඒක බර වැඩියි හොදටම ඉදු…ඒ දඩුවම ලොකු එකක්..”
Out Of Stock

A Little Princess (Puffin Classics)

Highlights:

Alone in a new country, wealthy Sara Crewe tries to make friends at boarding school and settle in. But when she learns that she’ll never see her beloved father again, her life is turned upside down. Transformed from princess to pauper, she must swap dancing lessons and luxury for drudgery and a room in the attic. Will she find that kindness and generosity are all the riches she truly needs? With deeply poignant introduction written by bestselling author of Chinese Cinderella, A Little Princess is one of the twenty wonderful classic stories being reissued in Puffin Classics in March 2015.

Out Of Stock

Animal Farm

Highlights:
‘All animals are equal. But some animals are more equal than others.’
Mr Jones of Manor Farm is so lazy and drunken that one day he forgets to feed his livestock. The ensuing rebellion under the leadership of the pigs Napoleon and Snowball leads to the animals taking over the farm. Vowing to eliminate the terrible inequities of the farmyard, the renamed Animal Farm is organized to benefit all who walk on four legs. But as time passes, the ideals of the rebellion are corrupted, then forgotten. And something new and unexpected emerges . . .

අග පිපි මල්

Highlights:
 “මේ කතාකරන්නෙ පාර්ලිමේන්තුවට ගිය “බල්ලෙක්” එහා කොණින් අමාට ඇසිණ.”ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇතිකරන්න.” ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය.”කවුද” අසිතගේ හඬ රළු විය.”බල්ලෙක්” අමා පිළිතුරු දුන්නාය.”බල්ලෙක්” අසිත එයම ප්‍රතිරාවය කළේය.ඔව් බල්ලෙක්. නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනව. නොයෙක් අශීලාචාර කතා කියනව. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත්වෙච්ච නැති එක.”
Out Of Stock

Bella the Bunny Fairy

Highlights:
Get ready for an exciting fairy adventure with the no. 1 bestselling series for girls aged 5 and up.
Fairyland is in uproar! Jack Frost has stolen the Pet Fairies magical pets. Without them, the Pet Fairies can’t ensure that pets in the human world find the right owners. And now the pets have escaped from Jack Frost’s ice castle and are roaming the human world! Rachel and Kirsty have to help get the pets back…before it’s too late.
‘These stories are magic; they turn children into readers!’ ReadingZone.com
Read all seven fairy adventures in the Pet Fairies set! Katie the Kitten Fairy; Bella the Bunny Fairy; Georgia the Guinea Pig Fairy; Lauren the Puppy Fairy; Harriet the Hamster Fairy; Molly the Goldfish Fairy; Penny the Pony Fairy.
Out Of Stock

පඬුරු බඳින ගස්

Highlights:

මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.

ලෝකෝත්තරයෙක් නොවීමි

Highlights:

දඹුලු ප්‍රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව,අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම් , මිත්‍යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත්වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී.

නොයෙකුත් කම්කටොලු මැද අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන හෙතෙම එහිදී සිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්ව විද්‍යාල පරිසරයේද සාරයෙන් පෝෂය වී ගැමි බුද්ධිමතකු බවට පත්වේ. එක්තරා කාල පරිච්ඡේදයක මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෝෂණය කළ බුද්ධිමත් මෙන්ම, මහත්මා ආචාර්ය පරපුරක් සෙවණේ වැඩෙන මෙම ගැමි තරුණයා විශ්වවිද්‍යාල සමාජයේ නායකයකු බවට පත්වේ. මෙය ගමෙන් විශ්වවිද්‍යාලයට පැමිණ ඉහළ මධ්‍යම පන්තියකට පිවිසීමට තැත් කිරීමෙන් නිශ්ක්‍රීය වන්නෙකුගේ පුවතක් නොව ,තම ජීවිතයෙන් සංතෘප්තියක් ලැබූවකු පිලිබඳ පුවතකි.

Mayavi – මායාවී

Highlights:

“කොහොමද මගේ කෝපි එක” මහසෙන් ඇගේ නළල මතට වැටී තිබු කෙස්රොද සකසමින් ඇසුවේය “ම්ම් හරිම රසයි මහසෙන්..

නිරූප රූප

Highlights:

ඇය කුස්සියට යද්දී සචින් ඇඳුම් මාරු කරගෙන වතුර එකක් උණුවෙන්නට තබා පිටත පැද්දෙන ඔංචිල්ලාවේ වාඩි වී සිටියේය.
ඇය ඔහුට ළංව එහිම අසුන් ගත්තාය. මඳක් එහාට වූ ඔහු ඇගේ උකුල මත හිස හොවා ගත්තේය. පිටතින් කෙතරම් සැඩ පරුෂ ලෙස හැසිරුණත් ඔහුගේ අභ්‍යන්තරයේ අහිංසක කුඩා දරුවෙකු සිටින බව නේත්‍රා දැන සිටියාය. ඔහුගේ මවගෙන් නොලැබුණු සෙනෙහස ඔහු විටෙක නේත්‍රාගෙන් සෙව්වේය. ඇය, ඔහුගේ නළලත සිපගෙන හිස සෙමෙන් පිරිමදින්නට වූවාය.
“ඔයා කලු වෙලා..”
ඇය කීවේ ඔහුගේ මුහුණ දෙස බලාගෙනය.
“හ්ම්ම්.. හවස බීච් එකේනේ බබා හිටියේ…”
“නෑවා ද..?”
“නෑවුනා.. මුහුදේ ෆොටොස් ගත්තේ… මගේ ෆෝන් එකේ ෆොටෝස් ඇති… බලන්න..”
ඔහු ස්ටූලය මත ඇති සිය ජංගම දුරකථනය පෙන්නුවේය.

1 2 6 7 8 9 10 55 56
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping