හිරකාරී
දීගෙක නොගිහින්ම ගැබ්බර වුණ චුටි මැණිකේ වටේට ආදරයයි, කුල ගෞරවයයි, දරු සෙනෙහසයි, සමාජ සම්මතයයි එකතු වෙලා බැම් බැඳලා හිර ගෙදරක් හැදුවා ඒ හිරගේ ඇතුළේ චුටි මැණිකෙ ජීවිතාන්ත සිර දඬුවමකට යටත් වෙච්ච හිරකාරියක් වුණා . නෑ ඒක ජීවිතාන්ත හිර දඬුවමක් නෙවෙයි ඊටත් වඩා ගොඩක් දිග කතාවක්.
මගේ සරසවි
දහසය හැවිරිදි ගැටවරයකු ලෙස ඔහු කසාන් නගරයට ගීයේ, සරසවියට ඇතුළු වීමේ බලාපොරොත්තුවෙනි. එහෙත් සාර් රුසියාවේ වොල්ගා නදිබඩ පිහිටි මේ විශාල, ඝෝෂාකාරී නගරයේදී ඔහු සරසවියට ඇතුළු වීම වෙනුවට සිප්කමියකුගේ බරපතළ අසීරු ශ්‍රමයට භාජනය විය. සරසවියේ දේශන ශාලා වෙනුවට ඔහුට මුඩුක්කුවල ලගින්නට සිදුවිය. එහෙත් මෙහිදී ඔහුට විප්ලවවාදී බුද්ධිමත්හු හමුවෙති. ස්වකීය ජනතාවගේ ජීවිතය යහපත් කිරීම සදහා සටන් කිරීමට ඔහු තීරණය කරයි.
චුම්බන කන්ද
චුම්බන කන්දට ඉහළින් එදා පෑයූ හඳ වෙනදා පායන හඳ නොවිය.එය මහලු වියට එළඹෙමින් සිටින්නන් පවා ආදරයෙන්, ප්‍රේමයෙන්, රාග තෘෂ්ණාවේන් පිස්සු වට්ටවන හඳකී. අහස තම පුළුල් වත මුළුමනින් ම හඳට වෙන්කර දී සිටියාය. සිනාසෙන හඳෙන් විහිදුණේ ගස් ගල් යට පවා කිසිඳු රහසක් ඉතිරී නොකර එළිදරව් කරන්නාවූ එළියකි.
කරුවල ගෙදර
කරුවල ගෙදර දක්වන චරිත හා බලවේග අතුරින් මා සිතට වඩාත් ගොදුරු වූයේ රතු හාමි ගේ චරිතයත් කොග්ගල පිළිබඳව සියුම් විස්තරයත් ය. පැරණි කොග්ගල පිළිබඳව කතුවරයාගේ අත්දැකීම් ඔහු තුළ අමරණීයව පවතින බව මෙහි එය නිරූපණය කොට ඇති ආකාරයෙන් පෙනේ. කරුවල ගෙදර නිර්මාණය කිරීමේ දී බොහෝ සිංහල නවකතා වල දක්නට නොලැබෙන සංයත කලාත්මක භාවයක් කර්තෘ ප්‍රකාශ කරයි. එය කියවීමෙන් එක්තරා ප්‍රමාණයකින් අපේ අත්දැකීම් අර්ථාන්විත බවට පමුණුවයි. රතු හාමිගේ’ චරිතය මහා ප්‍රතිභාවයෙන් ද අනුකම්පාවෙන් ද යුතුව නිර්මාණය කොට ඇත.
ජමීලා
සමූහය ප්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත්කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ ගුසේ දෙබෑයෝද, පාවෙල් අසල සිට ගත්හ. හිස පාත් කරගෙන සෙනග පීරාගෙන එතැනට පැමිණි නිකොලායි සහ නොහඳුනන තරුණයෝ කීප දෙනෙක් අම්මා තල්ලු කරන්නට වූහ. “ලෝකයේ සියලුම රට වල කම්කරු ජනතාවට ජය වේවා!” පාවෙල් කෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස ප්‍රීතියෙන් ඔද වැඩී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ. අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.
මිරිඟුව
මා අවිවාහකයකුව සිටියදී ලියූ නවකථා කිහිපයෙන් වඩාම හොඳ නිර්මාණය මිරිඟුවයි. මෙය රචනා කරන්ට මගේ කල්පනාව පුබුදු කළ අරමුණු දෙකක් වීය. කුරැඳුවත්තේ උසස් පවුලක ඉතාම උගත් විචක්‍ෂණ ස්ත්‍රියක තම සැමියා හැර සුදු මිනිහකු සමඟ එංගලන්තයට ගොස් පදිංචි වීම හා ඇගේ පීවිතය ද පිළිබඳ තොරතුරැ රාශියක් දැනගන්ට ලැබීම එයින් එක් අරමුණයි. මේ සිද්ධියට අවුරැදු පහළොවකට පමණ පෙර ටෝල්ස්ටෝයිගේ ඇනා කැරනිනා කියවීමෙන් ලත් අත්දැකීම මගේ කල්පනාව පිබිදු අනික් අරමුණයි. ඉහළ පන්තියේ සිංහලයන්ට නින්දා කරන අදහසින් ඔවුන්ගේ පීවිත විගඩමක් ලෙස මම නිරෑපණය නොකෙළෙමි. ඔවුන්ගේ උසස් උදාර ගති මෙන් මෝඩකම් හා දුබලකම් ද ඔවුන්ගේ චරිතයන්ගෙන් හෙළි කරන්ට වෑයම් කෙළෙමි.
අම්මා සහ මිහිකත
රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේ දී තම සැමියා සහ පුතුන් දෙදෙනා මිය ගිය, ගෙවිලියකගේ, බිරිදකගේ සහ මවකගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නවකතාවෙන් විස්තර කරයි.
සෝමා
මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියන ලද දෙවැනි නවකථාවයි. සෝමා ලියන ලද්දේ පළමු නවකථාව වන ලීලා රචනා කොට අවුරැදු අටකට පසුව එනම් 1922 දීය. චරිත හැසිරවීම භාෂාව හා දෘෂ්ටිය විසින් සෝමා, සමකාලීන කතා කලාවට නෑකම් කියයි. එසේ වුව ද 20 වැනි සියවසේ මුල් භාගයේ සමාජය, ජීවිතය හා චාරිත්‍ර ආදිය අරභයා කතුවරයා පළ කරන අදහස්වල නවමු ස්වභාවයක් මෙන්ම ස්වාධීන බවක් ද මෙම නවකතාවෙන් පිළිබිඹු වෙයි.
මැක්සිම් ගෝර්කි ළමාවිය
අඩඅඳුර සහිත කුඩා කාමරයේ කවුළුව අසල බිම මගේ පියාගේ මළ සිරුර තබා ඇත. සුදු පැහැති ඔහුගේ ඇඳුම බොහෝ දිගුය. ඔහුගේ නග්න පාදවල ඇඟිලි පුදුම ලෙස නැමිලාය. ඔහුගේ සුරතල් අත්වල ඇඟිලි ශාන්ත ලෙස පපුව මත තබා ඇති නමුදු ඒවාද විකෘති වෙලාය.
ලීලා
ලීලා නවකතාවට පසුබිම් වී ඇත්තේ විචාරයෙන් තොරව බටහිර පමණක් නොව පෙරදිග ද පාරම්පරික අදහස් හා සිරිත් විරිත් අනුකරණය කිරීමයි. නවකතාවේ අදහස් ප්‍රකාශනයට හසු වී ඇති සමාජ වාතාවරණයත් ඒ පිළිබඳව කෙරෙන විවේචනයන් අදට ද වලංගු වේ. ලීලා කොතෙක් දුරට වර්තමාන සාහිත්‍ය විචාරය අනුව අගය කිරීමකට ලක් කළ හැකි ද යන්න විමසීමේදී එය වැදගත් වේ. පැරණි සාහිත්‍යය තත්කාලීන විචාර ධර්මයෙහි පිහිටා අගය කිරීමේ කාර්යය ආරම්භ කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ විසිනි.
මහල්ලා සහ මුහුද
මහල්ලා සහ මුහුද හෙමිංවේගේ හොදම නිර්මාණය ලෙස සලකුනු ලැබේ. ඒ බව හෙමිංවේම පවසා ඇත. මා මේ කතාව ලිව්වේ ලොකු වෑයමකින්. මා එය දෙසිය වතාවකටත් වඩා කියවා තිබෙනවා. ඒ හැම වතාවකදීම මා තුළ කිසියම් දෙයක් සිදුවන්නාක් මෙන් මට දැනුණා. මා මුළු ජීව්ත කාලයක් තුළ සොයා වෙහෙසුණු දෙය අන්තිමේදී මට ලැබුණේය යන තෘප්තිමත් හැගීමක් මා තුළ පහළ වුණා.
අයිරාංගිනි
මාර්ටින් වික්‍රමසිංහ විසින් ලියූ තුන්වැනි නවකථාව වන අයිරාංගිනී 1923 දී පළවිය. සමකාලීන නවකථාවල පිළිබිඹු වූ ඒකාකාර දෘෂ්ටියෙන් තරමක් මිදී ඇති මේ නවකතාව බේදවාචකයකින් අවසන් වෙයි. 20 වැනි සියවසේ මුල් භාගයේ ශ්‍රී ලාංකික සමාජ සිරිත් විරිත් හා මනුෂ්‍ය ස්වභාවයන්හි පිළිබිඹුවක් මේ නවකථාව තුළ දැක්ක හැකිය.
නපුරු පාලකයෝ තුන්දෙනා
නපුරු පාලකයෝ තුන්දෙනා වේදිකා නාටකයක්, ගීත නාටකයක් මෙන්ම චිත්‍රපට කිහිපයකට නගනු ලැබ ඇත. එය ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වය දිනාගෙන ඇත. හාස්‍ය රසයෙන් යුත් මෙම කාව්‍යමය සුරංගනා කතාවේ ඉරණම ප්‍රීතිමත් එකකි.
තීන්ත නදිය
ඉතිහාසය ඇසුරින් පොත් පත් සිනමාපට බිහිවීම රැල්ලක්ව ඇති යුගයක ලාංකීය ඉතිහාසය මේසා තාත්විකව හා සජීවීව සිත්තම් කරමින් බිහිවූ වෙනත් නවකතාවක් මතකයට නගා ගත නොහැකි තරම්ය . මහාවංශයේ පමණක් නොව සෙසු ඉතිහාස ග්‍රන්ථවල පවා ඉතා සoක්ෂිප්තව සටහන් වන කාලිංග මාඝ නම් වූ ආක්‍රමණිකයාගේ පාලන යුගය ඉතා අපූරුවට විදහා දක්වමින්, මේ විදෙස් කතුවරයා ලාංකීය අපේම අතීතය හරහා විස්මිත චාරිකාවක අප රැගෙන යන්නේ පොතේ ආරම්භයේ සිට අවසානය දක්වා ඔබද අතීත පොළොන්නරු රාජධානියේ පුරවැසියකු බවට පත් කරමිනි.
වන සරණ
“වද්දන් වැනි ඇති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළිබද විස්තරයන් ඇතුළත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පුර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකී.
විජයයි කුවේණියයි
වංශ කථාවලට අනුව නම්, දුටූ මතින් පිටරැටියක හා පෙම් බැඳ තම නෑදෑයින් සියලු දෙනා සිත් පිත් නැති ව ඒ පිටරැටියාට පාවා දුන් කුරීරු ගැහැනියකි කුවේණිය. එහෙත් විජය කෙරෙහි බැඳි ඇගේ ප්‍රේමයේ දුක්ඛ පක්ෂය වර්ණනය කෙරෙහි තැන් අපේ පැරණි පොත පතේ ඉතා විරලය. දරු දෙදෙනෙකු ලද කුවේණිය, විජය විසින් පිට මං කිරීමේ සිද්ධිය ඒවායේ සදහන් වන්නේ එතරම් සැලකිල්ලට නොගත යුතු සාමාන්‍ය සිද්ධියක් ලෙසය. එහෙත් ලක් රජය දිනා ගැනීමෙන් අනතුරුව විජය විසින් බිරීය කොට ගත් කුවේණිය. දරු දෙදෙනෙකු ලද පසු මාලිගාවෙන් පිට මං කිරීම ඉතිහාසයේ සදහන් සිද්ධි අතර අතිශය අනුවේදනීය කතා පුවතක් ලෙස ගැනිය හැකි ය. එය නැවත නැවතත් මෙනෙහි කිරීමේ දී ඒ වටා ගොනු වන දුක්ඛිත වු විචිත්‍රවත් වුත් සිද්ධි රාශියක් මා සිතට ඇතුළු වෙයි.
රැම්සීස්
අභීත ඊජිප්තුවේ ශ්‍රී විභූතිය ගැන සඳහන් කරන විට නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සීස් II, දෙවන රැම්සීස්. වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරූ ඔහු ආලෝකයේ පුත්‍රයා නම් විය.
නිලි වැස්ස
‘‘හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටියට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අර පුරුදු විනෝදකාමි ලීලාවෙන් හිටියෙ නෑ. එන්ඩ එන්ඩ ඒ ගතිය ටික ටික අඩුවෙලා ගිය බවයි මට දැනුණෙ. කතාබස් කළෙත් බොහොම ටිකයි. හිතේ බොහොම අවිවේකි ගතියකින් ඉන්න බව පෙනුණ. මාගේ කයත් එක්ක මිස හිතත් එක්ක කතා කරන්ඩ උන්නාන්සෙට එච්චර ඉස්පාසුවක් තිබ්බෙ නැතුවාද කොහෙද. පළමු දා ට පස්සෙ රජ්ජුරුවො ආයෙ කවි කීවෙත් නෑ. පරදේසක්කාරයන්ගෙ අවුල් හින්ද හිත විපරීත වෙලා තියෙන්ඩ ඇති.’’
රෝහිණී
පාසල් කියවීම් පොතක් වශයෙන් ඉතා මැනවයි ගිහි පැවිදි උගතුන් විසින් සම්භාවිත රෝහිණී නවකථාව පළමුවරට මුද්‍රණය වූයේ 1929 දිය. එවක පටන් සෑම තරාතිරමකම පාඨක ජනතාව අතර අතිශයින් ජනප්‍රිය වූ රෝහිණී, දුටුගැමුණු රජ සමයේ විසූ සිංහලයන්ගේ සූරවීරකමි ගැන ලියැවුණු හොඳම කතා සංග්‍රහය හැටියටත් සිංහලයෙන් ලියැවුණු උසස්තම ඓතිහාසික නවකතාවක් හැටියටත් සැලකේ.
අඹ යහළුවෝ
ට්.බ්.ඉලංගරත්න සූරින්ගේ නවකතා සමුහය අතරින් අඹ යහළුවො ලබාගෙන අත්තේ සුවශේෂ ස්තනයකි.කන්ද උඩරට පිටිසරබද සුන්දර ගම්මානයකදී අඹ යහළුවො එකිනෙකා හමුවෙති. ඒ සුනිල් හා නිමල්ය. දුප්පත් – පොහොසත් පවුල් දෙකක ඉපෙදුණු මේ දෙදරුවන් කේන්ද්‍ර කොට ගෙන මෙම කතාව ගලා යයි. පාසල් වියෙහි පසු වන ඔහුන්ගේ අශාවන්, දගකාරකම් හා කෙළි කවට සිනහවෙන් එය පිරි ඇත.පවුල් පසුබ්ම මගින් වෙනස් වුවද දරුවන් ගේ සිත් කදුකරයේ ගලා යන සිහිල් දිය කදුරක් වැන්න.එය නොකිලිටිය. බොහො දෙනාගේ ප්‍රයොඡනය පිණිස පවති. උඩරට ගැමි ඡිවිතය හා විශ්වාසය පිළිබදව ද කියැවෙන මෙහි බස සරල ය. සන්වාද පිරිපුන් ය.
ශීතා
1923 දී මාර්ටින් වික්‍රමසිංහ ලියූ ශීතා නවකථාව ද ඔහුගේ පළමු නවකථා තුන මෙන්ම ත්‍රාසය කුතුහලය වැනි මනෝභාවයෙන් පිළිඹිබු කෙරෙන අද්භූත කතා සම්ප්‍රදායට අයත් වූවකි. එහෙත් වික්‍රමසිංහ කථා කලාවේ මඳක් මුහුකුරා ගිය කතා සන්දර්භයක් ශීතා නවකථාව තුළ ඇත. වස්තු වින්‍යාසයේ වුවද දැකිය හැක්කේ මුල් නවකතා තුන ඉක්මවන සංකීර්ණත්වයකි. තම නොපැසුණු අසංස්කෘත යථාර්ථවාදී රීතිය ශීතා නවකතාව තුළ දැකිය හැකි බව වික්‍රමසිංහ පසු කලෙක පැවසුවේ එහෙයිනි.
නෙල්ලි කැලේ වීරයෝ
“හොඳයි බාලදක්ෂයෝ වුනාම හැම ගැටළුවකටම මුහුණ දෙන්න ඕනි. මේ හැම බාධකයක්ම මැඩගෙන ඉදිරීයට යන්න ඕනි. මේ ගමන යන දරුවන්ට ඕනි හැම පහසුකමක්ම මං ලබා දෙනවා. ඔය පිරිසට රාත්‍රිය ගත කරන්න ඉඩ ලබා දෙන්න කියලා හැම පොලිස් ස්ටේෂන් එකකටම දන්වලා තියෙන්නෙ. ඒ අය ඔයගොල්ලන්ට හොඳින් සංග්‍රහ කරයි. අනෙක් දෙන්නත් අපුවහම මෙහෙ ගෙන්න ගෙන එන්න. සෑම ජතීයකම අය එකතු වෙලා ගිහින් “සාම ” පණිවුඩය දෙන්න හදන එක ලොකු දෙයක්. ඒ වගේම තව දෙයක් තියෙනවා තමන් යන ස්ථාන ගැන තොරතරු එකතු කරලා තමන්ගේ අත්දැකීම් ගැන හොඳ පොතක් පළ කරන්න පුළුවන්.
සංසාරාරණ්‍යය අසබඩ
සංසාරණ්‍යයේ දඩයක්කාරයා කථාවේ දෙවන භාගය වන මෙම කෘතියෙන්, ශිෂ්ඨ සමාජයට විවර නොවූ ලොවක් වන, වන ජීවිතය පිලිබඳව සානුකම්පිතව හා ගැඹුරින් විග්‍රහ කර ඇත.
සන්තිපරං
බොහෝ දුක්ඛ දෝමනස්සයන් අනුභව කරමින් පොළොව හා ජලය උදෙසා විවිධ ගැටුම් අරගලවල යෙදෙන නුවර කලාවියේ ඇත්තන්ගේ හදගැස්ම පාඨකයාට සංවේදී කරවන මනරම් භාෂා ශෛලියකින් රචිත රසාලිප්ත නවකතාවකි.
කාල නදී ගලා බසී
කඳුකරයේ සිට මුහුදුකරයට නිසොල්මනේ ගලා යන කළු ගඟ මෙන්ම එහි ඉහල පහල ගිය පාරුවක නිසල ජීවිතයක් ගෙවූ තණ්ඩලේට එක්වූ සාදිරිස් ද අත්විඳි අවට පරිසරයේ මෙන්ම වැවිලි කර්මාන්තයේ ආගමනය සමග මිනිස් ජීවිතවල සිදුවූ භෞතිකමය වෙනස්වීම් ඇසුරෙන් රචිත යුගයක සමාජ විපර්යාසය, අපූරුවට ගෙත්තම් කළ චිත්තාකර්ෂනීය නවකතාවකි.
සුර අසුර යාමය
සුර ඇසුර යාමය’ පුරා නින්නාද වන්නේ අතුරු අන්තර දුක් විපත් හමුවේ අපව ආදරයෙන් රැක බලා ගන්න ආදරයේ ආත්මීය බැඳීම් හා එකී බන්ධනයන්ට එරෙහිවන්නවුන්ගේ සදාකාලික ගැටුමේ අවි එසවෙන හඬයි.
හැටේ දශකයෙ අග භාගයේ සිට දශක හතරකට ආසන්න කාල වකවානුවක් තුල අප සමාජ ස්ථරයන් දැඩිසේ කම්පනයටද, තිගස්මටද, ලක්කළ මානව ඛේදවාචකය මෙම කෘතියෙන් විස්තර කෙරේ.
“නිමලෙලා වගෙ දරුවො කවදාවත් මැරෙන්නෙ නෑ. ඒ වගේ දරුවන්ව කාටවත් මරන්නත් බෑ. – අදිරියන්
“පුන්සඳ තරහ වී ඉවතක බැලුවාම – වැරදිද තරුවකට ළංවී හිටියාම” – පත්මේ
”පුන්සඳ තරහ වූයේ නැත කිසිදාක – සඳවත වගෙද දිලුණත් තරු රැස නේක” – මුදිතා
“ජීවිතයත් අහස වගෙයි. අහසෙ තරු ඔක්කොම එක රෑට පායන්නේ නැ”. – රුවිනී
“කෙල්ල සල්ලන් වුණාට පස්සේ මහන්සි නොබලම අපේ ඇඳන්වල හාන්සි වෙයි.” – ප්‍රියානි මැඩම්
“මේ පිස්සු බල්ලන්ව වෙඩි තියල මරා දාන්න කවුරුවත් නැනේ.” – ප්‍රයිවට් බස් කොන්දොස්තර ඉලන්දාරියා
සුද්දීලාගේ කතාව
ස්ත්‍රීන් තුළවන සරාග සුකුමාරත්වයන් සපිරිව සිදාදියෙන් ගමට ආ ගැහැනියක හා ඇය වටා වන පුරුෂ භූමිකා නිරූපණය කරන නවකතාවකි.
අකලට ආ ඉස්කෝලේ
අකලට ආ ඉස්කෝලේ
අදිසි නදිය
මායාරූපී ප්‍රබන්ධ, අධිතාත්වික පරිකල්පනය, වීරාඛ්‍යානය, දේශපාලන සහ විද්‍යා ප්‍රබන්ධ යනාදී සාහිත්‍ය ශානර ඔස්සේ ගලා බස්නා ‘අදිසි නදිය’ කුතුහලාත්මක බවින් පිරි සුපාඨනීය කියැවීමක් බවට පත්වෙයි. එසේම මානවවාදී ධීරවීර පුද්ගලයන් හා අදූරදර්ශී අධිපතිවාදී පාලකයින් අතරෙදී පවත්නා නිරන්තර අරගලය ද ‘අදිසි නදී’ දැලේ නිරූපණය වෙයි.
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “