හිරි ඔතප්
ඔලිවර් රසල් සමග ගැටෙන ප්‍රධාන ගැහැනු චරිත දෙක වන්නේ පුවත් පත් හිමිකාරියක් සහ මාධ්‍යවේදිනියකි. පුවත්පත් හිමිකාරිය ජනාධිපති ඇසුර ලබද්දී මාධ්‍ය වේදිනිය පෑනෙන් සහ රූපවාහිනී නාලිකා තුළින් ජනතාව වෙනුවෙන් සටන් වදී. අවසානයේ පුවත්පත් හිමිකාරිය අබිබවා ඉදිරියට යන ඩැනා එවන්ස් නම් මාධ්‍ය වේදිනිය මුළු මහත් සංස්කෘතියටම ජයග්‍රහණයකී.
සොඳුරු දඬුවම
ආර්යා ඩයනා ස්ටැන්ලියර් ලන්ඩන් නුවර තරුණ කණ්ඩායම් සමඟ විනෝදකාමී ජීවිතයක් ගතකළ සුරූපි යුවතියකි. මුරණ්ඩු ච්රිතයක්වූ ඇය තම ආදරය පැතු තරුණයින් දුටුවේ කවටයින් ලෙසය. ඔවුන් සමච්චලයට ලක්කළ ඇය සැලකිලිමත් වුයේ තම විනෝදය පිළිබදව පමණය.
රෑ මැදියමේ පොපි මල
විසිඅට හැවරදී ජෙරල්ඩ් ස්පැරෝ උතුරු සියමේ ඇංමායි ජාත්‍යාන්තර අධිකරණයේ සේවයට ගිය විනිසුරුවරයෙකි. මේ කාලයේ සියම් දේශ සීමාවට එපිටින් පිහිටි ෂාන් ජනපදවල කළු රත්‍රං නැතහොත් ඔපියම් ව්‍යාපාරය මෙහෙයවනු ලැබුවේ විසිදෙහැවිරිදි සලේම් කුමරිය විසිනි. පෞද්ගලික. හමුදාවක් සිටි ඇය සියල්ල පාලනය කළේ භීෂණයෙන් හා හිංසනයෙනි.
අහිමි සෙනෙහස
ජෙනිංග්ස් මයිකල් බර්ච් සිය දුක්මුසු හුදෙකලා චරිකාව අරඹන්නේවයස අවුරුදු අටේදීය. දරුවන් රැකබලා ගැනීමට නොහැකි ලෙස අසනීපයෙන් පසූවූ අම්මා ඔහු අනාථ නිවාසයක් වෙත රැගෙන ගියේ වහා ආපසු පැමිණෙන පොරොන්දුවත් සමගිනි. අනතුරුව එවැනි නිවාස කීපයකම අවාසනාවන්ත ජීවිතයක් ගත කළ ඔහුට කිසිදින මිතුරෙකු නොසිටියේ ඒ කිසිදු ස්ථානයක ප්‍රමාණවත් කාලයක් ජීවත් නොවූ නිසාය.
කතරෙහි වරඟන
“හරි, දැන් ඔයා හිමින් සැරේ දුව ගාවට යන්න,අනික් ළමයින්ව බය නොකර ළමයට කථා කරන්න.නැත්නම් ළමයි ගිහින් දෙමව්පියන්ට කියවී ගෑනියෙක් එයාලගේ යාළුවා පැහැරගෙන ගියා කියලා. ඔයා අම්මා බව ඒ ළමයින්ට අරීන්න. ඊට පස්සේ ඉක්මණින්ම දුවව කාරෙකට එක්කරගෙන එන්න. හදිස්සියේ කවුරුහරි ආවොත් මම ඔයාගේ උදව්වට එන්නම්.”
පියාපත් ලද ආදරය
ගම්බද පුජකයකුගේ සුරූපී දියණිය වු ඇමන්ඩා බර්ක්ට අයහපත් කල්ක්‍රියාවෙන් යුතු වු වෙන්ස්කාර් සාමි වරයා හමු වන්නේ අහම්බයෙනි. ඔහු අප්‍රසන්න අපකීර්තිමත් පුද්ගලයකු වුවද වේල්සයේ කුමරුගේ ඉතා හොඳ මිතුරකු විය. ඇමන්ඩා ඔහු වෙතින් ඉවත් වීමට සුදානම් වන්නේ බලවත් කළකිරීමෙන් යුතුවය.
ඩෙබී
ඇය ඇෆ්ගනිස්ථානයට ගියේ ස්වේච්ඡා සංවිධානයක සාමාජිකාවක් ලෙසය. ඒ රටේ සංස්කෘතිය ,කාන්තාවකගේ සමාජ තත්වය හා කාන්තාවන් ආර්ථික වශයෙන් බලගැන්විය යුතු ආකාරය පිලිබදව ඇයට අවබෝධයක් ලබා ගත හැකි විය.
අපේ රහස්
ට්‍රෙෂර් හා ඉන්ඩියා එකම වයසේ පසුවන එක හා සමාන බුද්ධිමත් බවකින් යුතු, පොත් කියවීමට ලැදියාවක් දක්වන්නියෝ වෙති. නමුත් පවුල් පසුබිම සලකා බලන විට දෙදෙනා ලෝක දෙකකට අයත් ය. ට්‍රේෂර්ගේ පවුල් පසුබිම දුක්ඛිත ය. ඉන්ඩියා වාසය කෙරුවේ ඒ ආසන්නයේ වු සුඛෝපභෝගී නිවාස සංකීර්ණයකය ඉන්ඞ්යා ඉගෙනීමට බොහෝ දක්ෂ නමුත් පාසලේ සිසුවියන්ගේ සිත් දිනා ගැනීමට සමත් නොවේ. එබැවින් ඉන්ඞ්යා ද ට්‍රෙෂර් මෙන්ම බොහෝ විට මනසින් හුදෙකලාවට පත් දරුවෙකි.
චුබාරි
රුසියානු ලේඛිකා ඔල්ගා පෙරොවිස්කයා විසින් රච්ත, kids and cubs නමින් ඉංග්‍රීසි බසට පරිවර්තනය වු කෘතියේ සිංහල අනුවාදය වන “චුබාරී” රුසියාවේ සුන්දර ගම්බද පළාතක විසු දැරියන් සිවි දෙනෙකු වටා ගෙතුණකි. සත්‍ය අත්දැකීම් ඇසුරෙන් මෙය ලියවී තබේ.
ණයට ගත් දරුවෝ
ඔයා මේක දන්නේ නෑ මම බලයක් තියෙන මිනිහෙක්.මම කවුරු වෙන්න ඕනද කියන එකට හේතුවන බලය, එකෙන් මගේ භාර්යාව. නොරීස්සුවත්, ඒ වගේම, ඒ වගේ බලයක් ඇයටත් ලබා දෙන්න ඕනෑ.
සුදු වැද්දා
“අර අසරණ තරුණිය නාලිනිට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමති කර ගන්න මම ඇය රැක බලා ගන්නම් “මඳ වෙලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය “මගෙ පුතා හැන්ස්, කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැම දාම ඔබගේ නිවහන වෙයි. ඒත් කැලේ අද්දර ඉන්න අප බලන්න ඉඩහිටවත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.” “බොහෝම ස්තුතියි පියතුමනි. මම ඔබතුමා අමතක කරන්නේ නැහැ “
තරුවයි ඔබ මගේ හදවත බබලවන
ගිසේලා සිය නිවෙසේ ගත කළේ අප්‍රසන්න ජීවිතයකි. නමුත් අහඹු හමුවීමක් ඇගේ ජීවිතය විශාල වෙනසකට ලක් කළේය. ඒ 1876 වසර විය. ගම්බද නොදැම්ටන්ෂයර්වල දඩයමේ ගොස් සිටි ඇයට ඕස්ට්‍රියාවේ අධ්රාජීනිය වු සුරූපී එලිසබෙත් හමුවී තිබිණි.
සුදු අන්තුවා
රතු පිට පිටම හත්වරක් ජයගත් බව දුටු මම වුවමනාවෙන්ම එයට ඇලුනෙමි. මගේ මානය නිසා මවිසින් එසේ කරන ලදී. මගේ අවදානම් ක්‍රීඩාවෙන් නරඹන්නන්ගේ සිත් මා දෙස යොමු කරවීමට මට වුවමනා විය. අහෝ පුදුම සංවේදනයකි.
අපේ කාලයේ වීරයෙක්
මෙම නවකතාවේ වීරයා රුසියන් කොකේසියානු යුද්ධ හමුදාවේ නිලධාරියෙකු වූ පෙචෝරින්ය. හේ විචක්ෂණ බුද්ධියෙන් කුසලතාවෙන් හා අධ්‍යාපනයකින් හෙබියේය. ඔහු මිත්‍රත්වයේ සතුට හා ආලයේ වාසනාව නොදැන හුදෙකලාව ජීවත් වෙයි.
නිරාශා
ජීවිතය යනු ආදරයයි. ආදරය, පරිත්‍යාගයෙන් විනා පැහැරගැනීමෙන් හෝ බලහත්කාරකමින් හෝ ලබා ගත හැකි දෙයක් නොවේ. ජීවත් විය යුත්තේ පරිත්‍යාගය උදෙසා පමණකි.
රාජ කුමාරි
අයිලාත් මමත්පුංචි කාලයේ පටන්ම “මිනී මැරුවේ” එකටය අයිලා මගේ ඔත්තුකරියි. ඇය විසින් ඔත්තු බලන ලද මිනිසුන්ව මරා දමන විෂ කන්‍යාව මම වීමි. කුඩා කල පටන් සිදුකළත් ඒ ‘මිනී මැරීම” කුඩාවුන්ගේ සෙල්ලමක් නොවිය. එය අපට පැවැරුණු රාජකාරියයි. ඒ අපුල රාජකාරියෙන් පල යන්නට අප දෙදෙනාහට උවමනා විය.එහෙත් අපහට ලෙහෙසියෙන් පලා යා නොහැකිය.එයට හේතුව මා “තවත් එක් විෂ කන්‍යාවක්” පමණක් නොවීම ය.
දඟකාර මහල්ලා
ගැමි ගොවියකු වු චෞධරී ආත්ම ශක්තියෙන් පිරි පුන් අධිෂ්ඨානශීලී ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු, ප්‍රතිපත්ති ගරුක, දයාවෙන් පිරි හදවතක් ඇති අවුරුදු හැත්තෑ දෙකක විනෝද කාමී දඟකාරයෙකි. අවුරුදු පහක මුණුපුරා සමග එක් වී ඔහු කරන දඟකාර කම් විනෝදයටත් විශ්මයටත් පත් කරනු ඇත.
කුමාරයා
නිකොලොයි ඩි බර්-නාර්-ඩෝ මකියාවෙලී විසින් රචිත THE PRINCE (කුමාරයා) නම් කෘතිය ඉතාලියේ දේශපාලන කරලියෙහි ආන්දෝලනයකට තුඩු දුන් ග්‍රන්ථයකි. නිකොලොයි මකියාවෙලී “කුමාරයා” ලියූ කාලයේ ඉතාලියේ පැවති දේශපාලන පරිසරය සහමුලින් වෙනස් කිරීම අරමුණු කොට ගෙන ඔහු ඒ කාර්යයෙහි නියුක්ත වී ඇතැයි මැදහත් සිතින් “කුමාරයා” දෙස බලන දේශපාලන විචාරකයෝ ප්‍රකාශ කරති. ඉතාලිය ආක්‍රමණය කළ “ම්ලේච්ඡයන්ගෙන්” රට ආරක්ෂා කර ගැනීම සඳහා මෙඩිසි පවුල පෙළැඹවීම මකියාවෙලීගේ සමීපතම අරමුණ වී ඇතැයිද ඒ විචාරකයෝ කියති. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් දෘෂ්ටි කෝණයකින් “කුමාරයා” දෙස බැලු විචාරකයෝ එය නිර්දය විවේචනයට ලක් කළහ. දෝෂාරෝපණයට භාජන කළහ. ඊට දිගට හරහට පහර දෙන්නට පටන් ගත්හ. තම අරමුණ ඉටු කර ගැනීම සඳහා කෙනෙකු අනුගමනය කරන ක්‍රියාමාර්ගය විනා සදාචාරය එහිලා වැදගත් සාධකයක් නොවේයැයි මකියාවෙලී “කුමාරයා” මඟින් එළි දක්වා ඇති මතය එකී විවේචනවලටත් දෝෂාරෝපණවලටත් පදනම් වුවාට සැකයක් නැත. මකියාවෙලීගේ “කුමාරයා” දුෂ්ට පාලකයන්ටම පමණක් ගැලපෙන නරුම සිද්ධාන්ත සංග්‍රහයකැයි ඒ විවේචකයෝ කීහ. එසේ වුවද “කුමාරයා” ප්‍රකාශයට පත් වුණු දහ සය වැනි සිය වසේ මුල් භාගයේ පටන්ම ඒ පිළිබඳ විවාදාත්මක කරුණු සාකච්ඡාවට භාජනය වූ බවද විචාරකයෝ ප්‍රකාශ කරති. එපමණක් නොව සමකාලීන සමාජ චින්තනය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථයක් බවට මෙන්ම ශ්‍රේෂ්ට කෘතිවලටත් දේශපාලන න්‍යායකට හා පුනරුද සංස්කෘතියටත් සාධකයක් බවටද “කුමාරයා” පත් වීය යන්න තවත් විචාරකයන්ගේ මතයයි
ගිම්හාන ගීතය
අවුරුදු පහළොවක කොලු ගැටයකු සහ තිස් හැවිරිදි ගැහැනියක අතර ඇතිවූ අනුරාගී සම්බන්ධතාවයක් වටා ගොඩනැගුණු සංවේදී නවකතාවකි.
සතුට බෙදන පොලියානා
පොලියානාගේ ජිවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් ලියවෙන අතර තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතුවිලි පහල වන අන්දම හා ඒවා හැසිරෙන අන්දම කදිමට මෙහි නිරූපිතය.
ඕපපාතික
හිරිමල් සිව් හැවිරිදි වියේ සිට වසර දොළහක් ගතවෙනතුරු තම මවගේ අනේකවිධ වධ හිංසාවලට, ඇසිය නොහැකි තරම් අතවරයන්ට ගොදුරු වූ දරුවෙකුගේ අනුවේදනීය කතාව.
දිරි දැරිය
යුද්ධයෙන් බැට කෑ පවුලක් ගොඩ නැගීම සඳහා අනේකවිධ දුක් කම්කටොලු මැද ජීවිතය ජයගත් යුවතියකගේ සත්‍ය කතාව.
එලිසාගේ බලු පැටියා
තමාට මතක ඇති කාලයේ පටන් එලිසා බලු පැටියෙකු ඇති කරන්නට ගන්නට අසාවෙන් සිටියාය. ඈ තනිවම බලු පැටියෙකු බලා කියාගන්නට හැකි වයසට ආ විට ‘සමහරවිට, බලමු’ යයි ඇගේ දෙමව්පියෝ කියමින් සිටියහ.
අසරණ මිනිස්සු
දොස්තයෙව්ස්කි මෙම නවකතාව ලියා එහි අත්පිටපත තම සගයෙකු වූ ග්‍රීගොරෝව්ච්ට පෙන්වීය. හෙතෙම එය ගෙන ගොස් එකල විවේචන සංග්‍රහයක් පල කරවීමට ලේඛකයන් සොයමින් සිටි නික්‍රසොච් නමැති ප්‍රකාශකයාට පෙන්වීය. නික්‍රසොච් මෙය කියවා බලා තවදුරටත් ඒ පිලිබඳ අදහස් දැන ගැනීම පිණිස එකල ප්‍රසිද්ධ විචාරයකුව සිටි බෙලින්ස්කි නමැති ලේඛකයා වෙත ගෙන ගොස් “මම අවේ අලුත් ගොගොල් කෙනෙකු පහල වී සිටින බව කියන්ටයි” කියමින් එය ඔහුට දුන්නේය.
මාතුබී මමයි
ලොව පුරා පාඨකයන් අතර මහත් ආන්දෝලනයක් ඇති කල NOT WITHOUT MY DAUGHTER කෘතිය පළවුණේ මින් දශක දෙකකට පමණ පෙරය. ඉන් කියවුණේ ඇමරිකානු ජාතික මවක් තම හය හැවිරිදි දියණිය ද රැගෙන ඇයගේ ඉරාන ජාතික කෘෘර සැමියාගේ ග්‍රහණයෙන් මිදී ඉරානයෙන් පලා යන විස්මයජනක කතා ප්‍රවෘත්තියයි.දැන් ඔබ කියවන්නට යන්නේ එදා හය හැවිරිදි ව සිටි ඒ සිගිති දැරිය මාතුබි දැන් තරුණ වියට පත්ව තම අතින්ම ලියා ඇති ඇගේ බිහිසුණු අත්දැකීම් පිලිබඳ කතාවයි.
ජිමී සහ පොලියානා
පොලියානා ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැදින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.
සාන්ත නිකලස් හි අතුරුදන් වූ කත
මානව ජිවන අත්දැකීම් විශ්ව සාධරණය. ඒවා පෙරදිග අපරදිග හෝ රට රටවල ස්වභාවය අනුව හෝ වර්ග කළ නොහැකිය. මානව සිතුම් පැතුම්, මානව චර්යාවන් ව්ශ්විය වන බැවින් ලෝක සාහිත්‍යය වින්දනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ය .එහෙත් කොදෙව් දුප්පත්කම පරීවර්තන මගින් ලෝක සාහිත්‍යය සමීප කිරීම සීමිත කොට ඇත.
මගේ නම නුජුඩ් වයස 10යි දික්කසාදයි
2008 වසරේ දී ඇයගේ වයස මෙන් තුන් ගුණයක් වයස ඇති පිරිමීයකු හට නුජුඩ්ව විවාහ කර දීමට පියා තීරණය කිරීමත් සමග ඇයගේ ළමා කාලය හිටිවනම අවසන් විය.සිය සැමියාගෙන් වු අතවර ගැනත්, සිය නිර්භීත පලායාම ගැනත් අද ඇය පවසන්නේ හද කම්පා කරවන ස්වරයකින් සහ පුදුම උපදවන සෘජු බවකිනි.
විෂ කන්‍යා
කිසිදු ආයුධයක් අත නැතිව එකම එක හාදුවකින් පමණක් මිනිසෙකු මරා දමන්නට හැකි විෂ කන්‍යාවක්මී මා අතින් මිය යන්නේ මරා දමන්නැයි රජුගෙන් මට අණ ලැබෙන පුත්ගලයින් ය මා අතින් මැරෙන මිනිසුන්ව මා හදුනන්නේ නැත ඒ කවුරුදැයි හොයන්නට මට උවමනාවක්ද නැත.
තුන් අවුරුද්ද
19 වන ශත වර්ෂයේ අග භාගයේදී රුසියන් බුද්ධිමතුන් අතර පැන නැගුණු දෘෂ්ටිමය විවාදයන් වන සමාජයීය ප්‍රගතිය හා පන්ති අතර අසමානත්වය විනාශ කිරීමේ අනාගත හැකියාවන් ගැනද කලාව සහ කාලයාගේ ඉල්ලීම අතර ඇති සම්බන්ධතාව ගැනද මෙම කතාවෙන් පිළිබිඹු වේ.