Fiction & Literature

Fiction & Literature

(Showing 1471 – 1500 products of 1674 products)

Show:
Out Of Stock

අමාවක

Highlights:

මාත් ඔයාට ආපහු පොරොන්දුවක් දෙන්නම්.මං අයෙ කවදාවත් ඔයාව දකින්න එන්නෙ නැතුව ඉන්නම්. මගේ මැදිහත්කමක් නැතුව ඔයාගේ ජීවිතේ ගලාගෙන යාවි. හරියට කවදාවත් මං හිටියෙ නෑ වගේ.

ඔබ නැති මා

Highlights:

සොයාගත කොහැකි වචන සොයා නිහඩව මම මුව වෙහෙසවීමි ඔහු නැති වීමෙන් මා තුළ ශුන්‍ය කුහරයක් හටගත් බව, වේදනාකාරී නිරන්තර මතක ගලා එන බව, එය කිසිදා පිරවිය නොහැකී අඩුවක් බව කෙසේ නම් පවසන්නද?

මිලින හිරු

Highlights:

ඔහුගේ සුපුරුදු කටහඩ ඔස්සේ මතක තරංග දහසක් මගේ මනසට පිවිසේ.. ඩ්‍රිෆ්වුඩි ගස් අතර සහිත වෙරළ… ප්ලාස්ටික් සෙවණැති ගරාජය… අපිළිවෙල කුඩා කාමරය….තදින් කා වැදුණු ඔහුගේ කළු දෑසෙහි සිනහව….. මා වටා දැවෙටෙනඔහු දෑතේ උනමය රස්නය… සුදු දත් දෙපල…පැතිරී යන පුළුල් සිනහව සහිත වන.. මට එක්තරා පාළුවක් දැනුණි.

Out Of Stock

හිමිදිරි උදාව II KOTASA

Highlights:

තණ භුමියේදී ඔහු මාව ළගට ගත් විට දැනුණ දෑ… ජේමස්ගෙන් ඔහු මාව මුදාගත් විට අන්ධකාරය මැදින් ඇසුණ ඔහුගේ හඬ…මා විවාහ කරගන්නට බලා සිටිනා අතර මල් වියන යටින් දුටූ ඔහුගේ මුහුණ… දූපතේ ගෙවුණ අගනා සොඳුරු අවස්ථා… මගේ ශරීරය තුළින් අපේ බබා ගන්නා අතර මට දැනුණ ඔහුගේ ශිත ඇඟිලිවල ස්පර්ශය….

Out Of Stock

මම සල්මා

Highlights:

සල්මා විවාහයට පෙරාතුව ගැබ් ගන්න බැවින් ලෙවන්තයේ කුඩා ගම්මානයක එළුවන් පසු පස දිවයමින්,දඟ කරමින් ගෙවූ ඇගේ අහිංසක දිවිය සදහටම නිමා විය.ඇයට තම දිවි බේරා ගැනීම පිණිස සිරගතවීමට සිදු වේ ඇගේ දියණිය උපත ලද මොහොතේ ඈ වෙතින් උදුරාගෙන යනු ලැබිණ.දියණිය දෑසින් දකින්නට වරම් නොලද ඇයට එම හැඬුමේ දෝංකාරය සදහටම සිය සවන් තුළ සිරව රැදී බව දැනිණ.

Out Of Stock

හිමිදිරි උදාව

Highlights:

ඒ කුඩා ස්පර්ශය සමග මුළු ලෝකයම වෙනස් විය. මෙයින් පෙර එක්කෙනෙකු නැතිව ජීවත් වීමට නොහැකිව සිටි මට දැන් නැතිවම බැරි දෙදෙනෙකි. මවිසින් මාව මවක් සේ කිසිදාක මවාගෙන සිට නැති අතර, මට එවැන්නක් ඕනෑ වී තිබුණේ ද නැත.ළමයින් මගේ සිත් ගත් පිරිසක් නොවේ.මට ඔවුන්ගෙන් වැඩක් තිබුණේ නැත.

සැඟවුණු ආදරය

Highlights:

සර් රොබට්ගේ දියණිය වු ලුසීගේ ගුරුවරිය ලෙස වගකීම් පැවරුණු සිලිවියා වේස්ට කටයුතු කිරීමට සිදුව තිබුණේ ආර්යා ක්ලෙමෙන්ටිනා යටතේය. සර් රොබට් මෙන්ම ෂෙල්ඩන් හෝල් මන්දිරයේ සෑම චරිතයක්ම ගුප්ත බව තුළ ජීවත් වු අතර තම හදවත සගවාගෙන සිටි තහනම් ආදරයක් පිළිබද සිලිවියාගේ වියරු සිහිනය සැබෑ වීමේ හැකියාවක් නොතබිණි.

ගොම්මන් කළුවර

Highlights:

ඔහුට ළං වන වරක් පාසා ස්වකීය ජීවිතය අනතුරෙහි බව වටහා ගත්තද ආපසු හැරී යාම ඇයට වුවමනා වූයේ නැත. “මේ දිව්‍යමය සත්වයා මට හිමි කර ගත හැකිද?” ඒ ඇගේ හදවත නිරන්තරයෙන් විමසු පැනයයි.

Out Of Stock

මම නොමළෙමි

Highlights:

මෙතැන මම කොතැන ඔබ සොයමි මේ අහස යට ඔබ එන්න ගං තෙරට එදා අප හමුවෙච්ච ඔබේ කෙහෙ රොදක් ඇත මගේ ළග තනිවෙච්ච

Out Of Stock

පෙර භවයේදී ද පෙම් කළෙමි

Highlights:

ග්වෙන්ඩොලින් ෂර්බෲක් ආර්යාව සර් ෆිලිප් චැඩ්ලේ ප්‍රථම වරට හමුවන විට ඔහු අතිශය කඩවසම් බුද්ධිමත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය. ඔහු දැකීමෙන් වික්ෂිප්ත බවට පත්වූ ඇයට දැනෙන්නට වූයේ අපූර්ව හුරු පුරුදු බවකි. එහෙත් ඇය මීට පෙර කිසිදින කිසිදු අවස්ථාවක ඔහු හමුව නොතිබිණි. යාබද ගොඩනැගිලි දෙකක විනාඩි කිහිපයක් ඇතුළත සිදුවූ සර් ෆිලිප් ගේ එකම ආදරවන්තියගේ මරණය ග්වෙන්ඩොලීන්ගේ උපත සමඟ කිසියම් ගුප්ත සබඳතාවයක් පැවතියේද? මේ අදහස හුදු අනුමානයක්ද? නැතහොත් එය ග්වෙන්ඩොලීන්ගේ කිසියම් පරිකල්පනයක් පමණක්ද? මෙය පුනර්භවය පිළිබඳ කිසියම් ඉඟිකිරීමක්ද යන්න ප්‍රේම චමත්කාරයෙන් යුතු මේ කතාන්දරය තුළින් සොයාගත හැකිය.

Out Of Stock

ඉසිවර ප්‍රේමය

Highlights:

ඉසිවර ප්‍රේමය

Out Of Stock

ඔබව තාම මට ද හිමි

Highlights:

ගගුලි පසු ගිය කාලසීමාවේ මුහුණ දුන් ගැටලු මෙන්ම වෙනුර වෙනත් කාන්තාවන් සමග ගොඩනගා ගත් සබදතා පිළිබඳව විහඟි රවිඳු හා පැවසූ සියලු දේ ඔහු ඉමාන්ට පැවසුවේ ඉතා කෙටියෙනි. ඉමාන් ඒ සියල්ල අසා සිටියේ කම්පා වූ සිතෙනි.

Out Of Stock

සූරිය කුසුම

Highlights:

අනාථ  නිවාසයක ජීවත්වන යුවතියක් තරුණ ජන මාධ්‍යකරුවකු සමග එක්ව සිය මවුපියන් සොයා යන ගවේශනාත්මක චාරිකාවක් ‘සූරිය කුසුමට’ පසුබිම් වී ඇත. තොරතුරු සොයමින් ඒවා පසුපස ලුහුබඳිමින් යන කුතුහලයෙන් පිරුණු මේ ගමනේදී කාලයේ වැලි තලාවේ සැගවුණු අභිරහස් සිදුවීම් රැසක් මතුකර ගැනීමට ඔවුන්ට හැකිවේ. කුතුහලය, ත්‍රාසය සහ ප්‍රේමය තේමා  කරගත් මේ කෘතිය ඔස්සේ එහි කතුවරයා පවතින් වත්මන් සමාජය සහ දේශපාලනය පිළිබඳවද සියුම් විග්‍රහයක යෙදේ .

Out Of Stock

උත්තම ගැහැනු

Highlights:

උත්තම ගැහැනු මගේ සිත තුළ කාලයක් තිස්සේ පැවති සංකල්පයකි. ඒ සංකල්පය ඇති කිරීමට මා ඇසුරු කළ චරිත කිහිපයක් උදව් විය. උත්තම සංකල්පය ගැන එකිනෙකා සිතන අන්දම වෙනස්ය. ධාර්මිකව ජීවත්වන පුද්ගලයා සමහරෙකුට උතුම්ය. එහෙත් උත්තම සංකල්පය මා තුළ මැවුණේ තම ජීවිතය සාර්ථකව ගොඩ නගා ගන්න ගැහැනුන් ගැනය. එය සාධාරණ දැයි මම නොදනිමි.

Out Of Stock

තැප්පා සේම ගිනි

Highlights:

තැප්පා සේම ගිනි

Out Of Stock

ගෝරා

Highlights:

“මේක මගේ යාළුවෙකුගේ පින්තූරයක්.” “යාළුවෙකුගේ? යාළුවා කවුද?” විනය සිනාසුණේය. “ඔයා එයාව දන්නේ නෑ. මගේ යාළුවගේ නම ගෞර්මොහාන්. අපි එයාට කියන්නේ “ගෝරා ” කියලා අපි පොඩි කලේ ඉඳලා එකට ඉගෙන ගත්තේ “.

Out Of Stock

ගෝ දානය

Highlights:

“මගෙන් වෙච්ච වැරදිවලට මට සමාවෙන්න මලිති. මට අද ඔය දෙන්නා ඇර වෙන කවුරුවත් නැ. ඔයා මාව පහත් මිනිහෙක් කියලා සලකන්නේ නැති වෙයි කියලා මං විශ්වාස කරනවා. ඉරණම මට සතුරු වෙච්ච හැටි”

මිනිසුන් අතර

Highlights:

මා දැන් මිනිසුන් අතර හෙවත් සමාජයට පිවිස ජීවනෝපායෙහි යෙදෙන්නට වූයේ, නගරයේ ප්‍රධාන වීදියෙහි පිහිටා ඇති සපත්තු මාළිගයෙහි ආවතේවකම් කරන කොල්ලෙකු ලෙසිනි. මගේ හාම්පුතා මිටි, වටකුරු මිනිසෙකි. ඔහුගේ මුහුණ දම් පැහැතිය. මුඩුය. දත් කොළ පැහැතිය.

Out Of Stock

අම්මා

Highlights:

රුසියානු හා ලෝක සාහිතයයේ උසස් තැනක් දරන මහැගි කෘතියකි, මක්සිම් ගෝර්කිගේ ” අම්මා” . අද වුවද එය විප්ලවවාදි සාහිත්යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිතයයේ පළමුවෙනි වරට අතිශයින්ම පැහැදිළි ලෙසත් , දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජිවන තතු පැහැදිලි කල පළමු වෙනි කෘතිය ” අම්මා” ය.

කම්කරු පන්ති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියානු ශ්‍රේෂ්ට ඔක්තොම්බර් සමාජවාදි විප්ලවයේ ජයග්‍රහණය සදහාත්, සාර්තක ලෙස සමාජවාදය ගොඩනැගිම සදහාත් මහගු සෙවයක් ඉටු කලේය.

Out Of Stock

තුන් සිත

Highlights:

තද පරුෂ චරිත ස්වභාවයක් ඇති අත්තිප්පා ෂුනිවී නම් වු ධනවත් ගැමියා, පනස් හැවිරීදී වියට පත්වන තෙක් අධාර්මික ජීවිතයක් ගත කොට, හදිසියේම භාවනානුයෝගී වුයේ, ගිහි ගෙය හැරපියා වනගත විය. එහි ගිරිකඳුරක් අද්දර, ලී සාදන ලද අසපුවෙක ශීතෝෂ්ණ කාලය එකසේම ගත කරමින් අට අවුරුද්දක් කාලය ගෙවිය.

පෙරළූ නැවුම් පස

Highlights:

”සහෝදරයාගේ පවුල හොඳ ගෑනියෙක් නොවෙයි.” ”මගේ පවුල ගැන සහෝදරයට තියෙන අමාරුව මොකක්ද?” යි මකාර් ඉවත බලාගෙන සෙමෙන් කීය. ”මට අමාරුවක් නැතිවට සහෝදරයට අමාරුවක් තියෙනවා. අද මම වෙන තැනකට යනවා. මට මේ වගේ දේවල් පෙන්නන්න බැහැ . සහෝදරයා වගේ වගකීමක් තියෙන ලොකු මිනිහෙක් ගෑනියෙක්ට යටත් වෙලයි ඉන්නේ. මට කිව්වා නේද තිමොපි පවුල තියාගෙන ඉන්නවය කියා. ?” ”මට කියන්නේ ගෑනිට ගහන්න කියලද?” ”ගහන්න ඕන නෑ . පාලනයක් තියෙන්න ඕනේ. මම කොමියුනිස්ට්කාරයකු වුණත් මට මේ වගේ දේවල් පෙන්නන්න බෑ …” ”සහෝදරයා කසාද බැඳලද?” ”නැහැ සහෝදරයාගේ පවුල දකිනකොට මට කසාද බඳින්න එපා වෙනවා.” ” තමාගේ බිරිඳ තමා සතු දේපොළ හැටියටද සලකන්නේ?”

Out Of Stock

වණ්ණ දාසි

Highlights:

ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට වුවමනා නැති බවය එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය. යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරීක ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.

Out Of Stock

ස්වයංජාත

Highlights:

මේ පවුලට කොහෙන්දෝ පාත් වූ විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද ? ඔහු සිය පියපසින් ලැබූ ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුත්  නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව් පසිනි. ඇවතුම් පැවතුම් විසින් ඔහු තුල සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද? එසේ නම් මේ අභූත රූපය ඔහුට ලැබුනේ යක්කුටිගල හිමියන්ගෙන් ද? නැතහොත්, ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටි ඇඟේ මීමුත්තෙකුගෙන්ද? එසේත් නැත්නම් ඔහු පබිලිනාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක් ද?

ශ්‍රී කාන්ත

Highlights:

මෙකල කාන්තාවන්ට තිබුණු නිදහස ඉතා සීමිතය. දැනට නාගරික බලපෑම නිසා මේ තත්වය තරමක් දුරට වෙනස් වී තිබුණත් ගැමි සමාජය තුළ තවමත් මිට සමාන තත්වයන් දක්නට ඇත. වංග දැරියක් ඉතා අඩු වයසින් ම විවාහ කර දෙනු ලැබේ. පති කුලයට කැන්දා යාමට පෙර සැමියා මිය ගියත් ඇය ජීවිතකාලය තුළම “සති ධමය ” රකිමින් කණවැන්දුම් ස්ත්‍රියක් ලෙස සිටිය යුතුය.

අපූගේ ලෝකය

Highlights:

“අපුගේ ලෝකය” අපු නම් වු ස්වාමි පුරුෂයාගේ, පියාගේ පමණක් නොව දහසකුත් දුක්ව දෝමනස්සයන් මැද අකම්පිතව ජීවත් වු පැසුණු මිනිසාගේ ජීවන වෘතාන්තයේ අවසන් භාගය වේ. අපුගේ ජීවන ධාරීතාව පෘථූල කළ සුන්දර බිරිද අපර්ණා – ජීවත්වීමේ ආශාව දැල්වූ කාජල් ජීවනයේ මිහිරී සුවද විදහා පෑ ලීලා පාඨක සිත් සතන් තුළ සදා අමරණිය චරීත ලෙස අපුගේ ලෝකය සිතුවම් වී ඇත.

අරණකට පෙම් බැඳ

Highlights:

“දිය පාරක් නොවයි සර් උල්පත්, ගලක් මැදින් ටික ටික වතුර උනනවා. පැයකට බෝතල් බාගයක් විතර එකතු වෙනවා. හොඳ පිරිසිදු වතුර ටික. ඒ වගේම සීතලයි,“ ඔවුහු කීය. මම එතැන බැලීමට ගියෙමි. එය කෙතරම් සුන්දර ස්ථානයක්ද? පාළු අරණේ ගල් තලාව මතට සරත් හා වසන්ත කාලවල කුරුල්ලන් ජල ක්‍රිඩා කරන්න පැමිණෙනු ඇත. වඩාත් ඝන වනය ඇති කොටසේ මල් ගස්වලින් වටවූ එක්තරා පහත් බිමක කලු ගල් තලාවක් ක්ෂය වි ගොස් වලක් සෑදි තිබිණ. එය ස්වභාවිකව තැනුණු ගල් කෝප්පයක් වැනිය. ඒ මතට නැමුනු සුපුෂ්පිත පියාල් අතු ඝන අඳුරු සෙවණක් නිර්මාණය කර තිබිණ.

ගම්පෙරළිය

Highlights:

ගම්පෙරළිය විවිධ මට්ටමි වලින්‌ රස විඳිය හැකි සංකේත භාවිතය නිසා සංකීර්ණ කලාත්මක ලක්‍ෂණ ගැබ්වුණු උසස්‌ ගද්‍ය කාව්‍යයක තත්වයට පත්වේ. කලාත්මක අයුරන්‌ සංවිධානාත්මක ලෙස සංකේත භාවිතය නවකතාවට හඳුන්වා දීමට වික්‍රමසිංහ සිංහලයෙන්‌ ගත්‌ පළමු උත්සාහය බොහෝ දුරට සාර්ථක විය. මෙම උත්සාහය නිසා ගම්පෙරළිය උසස්‌ කලා කෘතියක්‌ බවට පත්වූවා පමණක්‌ නොව, සිංහල නවකතාව එතෙක්‌ පැවති අසංස්කෘතික මට්ටමෙන්‌ ඉවත්ව වඩා ඉහළ මට්ටමකට පත්වූයේය. ගම්පෙරළිය තේමාව අතින්‌ පමණක්‌ නොව නවකතා ශිල්පය අතින්‌ ද සිංහල නවකතාවේ වැදගත්‌ සන්ධිස්ථානයක්‌ ලකුණු කරන බව කිව හැකි වන්නේ මේ නිසාය.

වර්ණරාගිනී

Highlights:

“ඔයා පිරිමි ඇසුරු  කරන්නේ මොන වගේ චේතනාවකින්ද කියලා මට හිතාගන්න බැහැ? හ්ම්.. මිනිස්සුන්ට වරදිනවා. ඒත් හිතාමතා එකම වරද නැවත නැවත කරන මිනිස්සු ගැන මගේ හිතේ පැහැදීමක් නැහැ. ඔයාලා උපතින්ම රදලයෝ. ඒක නිසා වෙන්නත් ඇති මේ තරම් සැහැල්ලුවෙන් ජීවිතය දිහා බලන්නේ. ඒත් දුක් මහන්සියෙන් තැනකට ආපු අපි වගේ සාමාන්‍ය මිනිස්සුන්ට ජීවිතේ කියන්නේ සෙල්ලමක් නෙවෙයි.”

මාවතේ ගීතය

Highlights:

දුර්ගා තුළ ඇත්තේ දැඩි නිශ්චල ස්වභාවයකි. ඇගේ තොල් පමණක් සෙලවෙයි. ඇය තමාට යමක් කියා ගන්නා සේය. මව ගෙයි වැඩ කරන්නට ගිය විට අපූ අක්කා ලඟ හිඳගෙන සිටියේය . දුර්ගා දෑස් හැර කතා කළාය. “මේ කොයි වෙලාවද අපූ?” ” තව හුඟක් වෙලා තියෙනවා රෑ වෙන්න. දැක්කද අද අව්වත් වැටිලා තියෙනවා. දැනුත් අපේ පොල් ගහ මුදුනට අව්ව වැටිලා. “ටික වේලාවකට පසු දුර්ගා නැවත කතා කලාය. “අපූ බඩුවක් කියන්න උඹ අහනවද ?” “මොකක්ද අක්කේ?” අපූ තව ටිකක් අක්කාගේ මුවට ලං විය. “මට දවසක කෝච්චිය පෙන්නනවද ?”

1 2 48 49 50 51 52 55 56
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping