Fiction & Literature

Fiction & Literature

(Showing 1351 – 1380 products of 1673 products)

Show:
Out Of Stock

පිටුවහල් සිත්තරී

Highlights:

එදා රැ…. උන් හදිසියේම අපේ ගෙදරටත් ආවා ඇදගෙන ආවා. කිසිම වරදක් නොකරපු අපිව, හොරු සහ ගණිකාවෝ” විදිහට ලේබල් ගහලා අපේ ගෙවල් වලින් අපේ අයගෙන්, අපේ රටෙන් ගොඩක් ඈතට අරන් ආවා.

Out Of Stock

වානරයා

Highlights:

මෙම වෘත්තාන්තයේ සඳහන් වන ත්‍රිපිටක  භික්ෂුව සැබැවින්ම ජීවත් වූ කෙනෙකි. ක්‍රිස්තු වර්ෂයෙන් හත්වන ශත වර්ෂයේ විසූ මේ භික්ෂුවගේ ඉතිහාසයේ සඳහන් නියම නම හ්සු ආං ට්සාං ය. ඔහුගේ වන්දනා ගමන ගැන එකල ම ලියූ සම්පූර්ණ වාර්ථාවක් තිබේ. දහවන ශතවර්ශය පමණ වන විට මේ භික්ෂුවගේ වන්දනා ගමන නොයෙකුත් අද්භූත කතාන්දරයන්ට හේතුව කොට ගෙන තිබිණි. දහතුන් වන ශතවර්ශයේ පටන් මේ අද්භූත කතා චීන නාට්‍ය වේදිකාවේ ඉදිරිපත් වන්නට විය. එහෙයින් වූ වෙං එන්ට මේ අද්භූත කතාව ගෙතීමේ දී බොහෝ කරුණු නිර්මාණය කිරීමට සිදුවිය. වානරයා අලංකාර, විකාර, හාස්‍ය, ප්‍රලාප කතා පිළිබඳ අති විශිෂ්ට සංකලනයකි. මෙහි ගැමි කතා, දෘෂ්ටාන්ත කතා, ආගමික කතා, ඉතිහාස කතා හා පාලක නිලධාරීන්ට දරුණු උපහාසයන් එල්ලකොට ගෙතූ කතාවන් ද ඇතුළත් කොට තිබේ. මෙහි එන ත්‍රිපිටක භික්ෂුව ජීවිතයේ දුෂ්කර අවස්ථා වල අවුල් තැවුල් සිතින්, මෝඩකමින් වැරදි කරන සාමාන්‍ය මිනිහා මෙන් පෙනී සිටින අතර වානරයා, සාමාර්ථ්‍යයේ චංචල අස්ථීර මූර්තිය මෙන් පෙනී සිටී. මෙය ලංකා ගුවන් විදුලියේ “වානරයා” ලෙසින් සහ රූපවාහිනියේ The Monkey ලෙසින් ඔබ රස විඳි නාට්‍යයට පාදක වූ ජනප්‍රිය පැරණි නවකතාවයි.

Out Of Stock

ආදරය බෙදන්නී

Highlights:

රීදී ගුල්මය (Silver Bush ) නම් පැරණි නිවහනේ වාසය කළ පැට්‍රීෂියා ගාඩ්නර් තම නිවසට හා එහි පරිසරයට දැඩිව ඇළුම් කළ දැරියක වුවාය. මහ පොළොවට ගහ කොළට ආදරය කරන පැට් මානව දයාවෙන් පිරුණු බොහෝ ආදරණිය ගත පැවතුම් ඇති අයෙකි.

Out Of Stock

හිට්ලර්ගේ SS හමුදාව

Highlights:

ඒ 1963 වර්ෂයයි.ස්ථානය ජර්මනියේ හැම්බර්ග් නුවරයි. මහළු යුදෙව් ජාතිකයෙක් දිවි නසා ගනියි. ඔහු ළඟ තිබූ දිනපොතක් පීටර් මිලර් නම් පුවත්පත් කලාවේදියෙකු අතට පත් වෙයි. දිනපොතෙන් හෙළිදරව් වනුයේ යුද සමයේ රීගා සහ ලැට්වියා හි ඝාතන කඳවුරුවල අණදෙන නිලධාරියා වු හිට්ලර් ගේ SS හමුදාවේ කපිතාන් එඩ්වඩ් රොෂ්චිමාන් විසින් සිදුකරන ලද කෲර අති බිහිසුණු, අමානුෂික වධ හිංසා සහ සමුහ ඝාතන පිළිබද සත්‍ය තොරතුරු යි.

Out Of Stock

දුක්බරී

Highlights:

මෙය ඩොනාගේ ජිවිත කතාව ය. මා සමඟ ජිවත්වීම ට ඇය පැමිණියේ වයස අවුරුදු දහයේදී ය. ඒ වනවිට මම දරුවන් හදාවඩාගැනීමේ කාර්යෙහි නිරත ව වසර එකොළහක් ගෙවා ඇත්තෙමි. එය ට පෙර මා හදාවඩාගත් දරුවන් වුයේ ජෝඩි හා ටායෝ ය. ඔවුන් දෙදෙනා ට පෙර මගේ අතින් ලුසී නම් දැරීයක ද හදාවඩා ගැනුණි. ඇයට ට දරුකම ට හදාගැනීම ට පවා මම සිතුවෙමි.

පුතුනි ඔබ නැතිව

Highlights:

මේරියල් ඇගේ කුඩා පුතා හදිසි අනතුරකින් මිය ගිය පසු, තම ස්වාමිපුරුෂයාව ජීවිතයක් ආරම්භ කිරිමට බලාපොරොත්තුවෙන් ඔහුව හැරයයි. පසුව ඇය ධනවත් මිනිසෙකුගේ කලා එකතුවක භාරකරු ලෙස රැකියාවක් සොයාගත් විට, කාලයත් සමග ඇය තම සේවායෝජකයා හා ආදරයෙන් බැදෙයි. යුවළ එක්ව නව පවුලක් ආරම්භ කළත්, ඔවුන්ගේ පුතා අතුරුදහන් වූ විට, ඇගේ අතීතයට මුහුණ දීමට ඇයට බල කෙරෙයි.

තුන් මෝල්ලු

Highlights:

ප්‍රකට ඉන්දියානු ලේඛක චේතන් භගත්ගේ 3 Idiots නමැති අතිශය ජනප්‍රිය නවකතාවේ සිංහල අනුවාදයයි’ උන්මාද තරුණයන් තිදෙනෙකුගේ විනෝදකාමී ගති පැවතුම් පාදක කරගත් රසාලිප්ත නවකතාවකි.

ක්‍රිස්ටි 1

Highlights:

1912 අවුරුද්දේ දී සිය සුබෝපභෝගී නාගරික ජීවිතය අත හැර අන්ත දූගී දුෂ්කර කඳුකර පළාතක දරුවන්ට උගන්වන්නට ගිය දහනම හැවිරීදී ක්‍රිස්ටි හඩ්ල්ස්ටින් ට කඳුකර වාසීන්ගේ රෞද්‍ර අභිමානයත්, ඔවුන්ගේ ගුප්ත විශ්වාසයනුත්, ඔවුන්ගේ අන්ත දූගී දුප්පත්කමත්, සුන්දරත්වය සහ සත්‍යය කෙරෙහි ඔවුන් තුළ ඇති මහත් ළැදියාවත් දැක ගන්නට ලැබෙයි. මේ කඳුකරයේදි දෙවියන් කෙරෙහි ඇය තුළ ඇති ඇදහීම දරුණු ලෙස පරික්ෂාවට ලක් වන අතර ඒ සියලු අභියෝග ඉදිරියේ නොසැලී සිටින්නට ඇය වෙර දරයි.

Out Of Stock

ආදරේ ඉල්ලූ දියණි

Highlights:

” ලුසී සහ මා විශ්වාස කරන්නේ අප අම්මා සහ දුව වීමට දෛවයෙන් පතාගෙන ආ බවය. අප හමු වීමට ටික කලකට ගතවු ප්‍රමාදය පමණි. ලුසී මා ළගට එන විට එකොළොස් හවිරීදී වියේ පසුවූවාය. ඇය ඊට කලින් මා වෙත ආවා නම් කියා නොපතා ඉන්නට මට බැරීය. අතීතයේදී ඇයට සිදුවූ දේ ගැන සිතන විට මගේ සිත හඬා වැටේ.”

Out Of Stock

අසම්මතය

Highlights:

එහි ඇතැම් තැනක ඇති සංවේදීත්වය දෙනෙතට කඳුලු නංවන අයුරින් හෘදයාංගම විය. කතා නායකයා හා නායිකාව ඉතා යහපත් පුද්ගලයින් වුවද ඒ අසම්මත ජීවිත පැවැත්ම නිසා ඔවුහු සමාජයේ හා ඥාතීන්ගේ පරිභවයට භාජනය වෙති. හැම දුක් පීඩාවකටම, නින්දාවකටම ගොදුරු වෙමින් ඔවුහු තම ජීවිත ගමන ගෙන යන්නේ නොසැලෙන ආයුරීනි.

Out Of Stock

සාරාගේ ගෙත්තම

Highlights:

Victoria Holt විසින් රචිත Kirkland Revels ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය. කර්ක්ලන්ඩ් දේවස්ථානයේ නටඹුන් අතර රොක්වෙල් පරම්පරාවේ ආදිතමයන් විසින් ඉදි කරන ලද සිටු මැදුරක් වැනි විශාල රෙවල්ස් නිවසේ හිමිකරු වන්නට සිටි ගේබ්‍රියෙල්, කැතරින් කෝඩර් හා විවාහ වී මධු සමයෙන් පසු නිවසට පැමිණ සතියකින් සිය දිවි හානි කරගනියි. කර්ක්ලන්ඩ් රෙවල්ස් නිවසට උරුමකම් ඇති හැම පිරිමියෙක්ම එසේ දිවි හානි කරගෙන ඇත්තේ කුමන සාපයක් නිසාද? කැතරින්ට දරු ගැබක් ඇති බව දැනගත් කල ඒ සාපය ඇය පසු පසද හඹා එයි.

Out Of Stock

කොලනියේ කුමරිය

Highlights:

අම්මා ගණිකාවක් වුනාට මට ඕනෙ වුණේ අම්මාගෙ අඩිපාරෙ යන්න නෙවෙයි. මට ඕනවෙලා තිබ්බෙ ඉගෙනගන්න. ඒත් මට අකමැත්තෙන් වුණත් අම්මා ඉන්න ගණිකා නිවසෙ වැඩකාරී වෙන්න නම් සිද්ධ වුණා. නගරයෙ හිටපු හැමෝම මගේ දිහා බැලුවෙ කසළ ගොඩක් දිහා බලන ගාණට පිලිකුලෙන්. ගණිකා නිවාසයක වැඩකාර කෙල්ලක් වුණාට මටත් තිබුණා හීනයක්.කවදා හරි මේ නගරෙන් පිටවෙලා විශ්වවිද්‍යාලයකට ගිහින් ඉගෙන ගන්න හීනයක්.

වීදුරු මාලිගාව

Highlights:

තමන් ගැන බලාගැනීමට ඉගෙනගත් වෝල්ස් දරුවෝ කෑම සහ ඇඳුම් සපයාගත් අතර එකිනෙකා ආරක්ෂා කරගත්හ. ධෛර්යයෙන් හා අධිෂ්ඨානයෙන් ජීවීතයට මුනුණ දුන් ඔවුන් ළමා කාලයේම නිව්යෝර්ක් පැමිණෙන්නේ තම ජීවිත ගොඩනගා ගැනීම සදහාය ඔවුන් සොයා නිව්යෝර්ක් පැමිණෙන දෙමාපියන් තෝරාගන්නේ විදි ජීවිතයකි.

Out Of Stock

බටර්ෆීල්ඩ් මන්දිරය

Highlights:

සිබිල් හා බ්ලේක් ග්‍රෙගරි තමන්ගේ දරුවන් – නව යොවුන් වියේ පසු වෙන ඇන්ඩෲ හා කැරොලයින් සහ හය හැවිරිදි චාලි – උස් මහත් කරමින් මනා පිළිවෙලක් ඇති, සාමාන්‍ය ජීවිතයක් ගත කරති. ඇය දක්ෂ අභ්‍යන්තර සැලසුම් නිර්මාණ ශිල්පිනියක් හා කෞතුකාගාර උපදේශකවරියකි. ඔහු අධිතාක්ෂණික ක්ෂේත‍්‍රයේ ආයෝජකයෙකි. සැන් ෆ‍්‍රැන්සිස්කෝවල පිහිටි අලූතින් පටන් ගන්නා සමාගමක ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙසින් බ්ලේක්ට ඉතාමත් හොඳ රැුකියා අවස්ථාවක් ලැබෙන විට ඔහු තමන්ගේ බිරිඳගේ අදහස නොවිමසාම එයට කැමැත්ත පළ කර, ඔවුන්ගේ අලූත් නිවෙස ලෙසින් පැසිෆික් හයිට්ස්වල පිහිටා ඇති විශාල, පැරණි මන්දිරයක් මිලට ගන්නේය.අවුරුදු සියයකට කලින් ඒ මන්දිරයේ වාසය කළ විසල් පවුල ඔවුන්ට මන්දිරය තුළදී මුණ ගැසීමත් සමග අතීතය හා වර්තමානය එකිනෙක ගැටෙන්නේය. ඔවුන් බොහෝ කාලයකට පෙර මිය ගොස් තිබුණත් ඔවුන්ගේ ආත්ම තවමත් ජීවත් වෙයි. ග්‍රෙගරි පවුලේ සාමාජිකයන්ට හැර වෙනත් කිසිම කෙනෙකුට ඔවුන් නොපෙනෙයි. මේ මායා බලයක් ඇති මන්දිරය තුළ 1917 මෙන්ම එයින් සියවසකට පසු එලඹුණු වර්තමානයද පවතින්නේය. ආදරණීය මිතුරන්, අතීතයේ ජීවත්වීමට අවස්ථාවක් හා අනාගතයට මුහුණ දීමට ඕනෑ කරන නුවණ සහිත ඉතාමත් වටිනා තිළිණයක් ග්‍රෙගරි පවුලට ලැබී ඇත්ද?

Out Of Stock

ෂැංහයි කඳුළ 2

Highlights:

මා ඈ පසුපස කාන්තා සිරමදිරිවලින් පිටතට ගොස් මිදුලට පිවිසුනෙමි. තවත් සෙබළෙකු එහි බලා සිටියේ මාංචු යුගලක් ද රැගෙනය. සෙබළිය මගේ දෑත් පිටුපසට අඹරවා මාංචු කුට්ටම දැමුවාය. අනතුරුව ඈ මා වේගයෙන් තල්ලු කෙරුවේ මා විසිවන පරිදිය. මා මගේ සමබරතාවය රැකගෙන සාමාන්‍ය පරිදි ඇවිදීමට පටන් ගත් හැටියේ ඈ නැවතත් මා තල්ලු කළාය.

Out Of Stock

ෂැංහයි කඳුළ

Highlights:

එය එක්තරා අන්දමකින් සමාජවාදී ලෝකයේ වීරයෙකුගේ සැගවුණු ඇතුළාන්තය හෙළිදරව් කෙරෙන්නකි. ඈ මෙම සත්‍යය මුහුණුවර ලොවට කියා පෑම පිණිස දිවි බේරාගත් අතලොස්සක් අතරින් එක් නිර්භය දිරිය ගැහැනියක වුවාය.

Out Of Stock

සමුදුරු සංහාරය

Highlights:

සමුදුරු සංහාරය යනුවෙන් සිංහල පරිවර්තනයට ලක් කර ඇත්තේ සමුදුර හරහා  යෙදුනු වීර චාරිකාවක් පිළිබද මහා කවි හෝමර් පැවසු කතාවකි. ලියඩ් සහ ඔඩිසි ග්‍රීක මහා කාව්‍ය වෙයි.කතුවරයා මහා කවි හෝමර් ය.ඉලියඩ් හි ත්‍රෝජපුර සංග්‍රාමයේ අවසන් වසරේ සති කිහිපයක් පමණක් විස්තර වෙයි.එහි ප්‍රධාන චරිතය අකිලීස් පසමිතුරු ප්‍රබලයා හෙක්ටර් මරාදැමීමෙන් අනතුරුව සංග්‍රාම බිමේ සිදුවන කිසිවක් ඉලියඩ් වෙතින් විස්තර වන්නේ නැත. එහි දිගුව වන ඔඩිසි හි ප්‍රධාන චරිතය රණශූර යුලිසීස් ය. සංග්‍රාමය අවසන් වූ ආකාරය ඔඩිසි හි විස්තර කරන්නේ යුලිසීස් වන අතර හෙතෙම සිය රටවූ ඉතාකාවට පැමිණෙන්නේ සංග්‍රාමය නිම වී වසර දහයකට පසුය.සමුදුර හරහා ඔහු කළ වීර චාරිකාව ඔඩිසි – සමුදුරු සංහාරය වෙතින් විස්තර වෙයි.

මෙලින් මැදුරේ පාලිකාව

Highlights:

තමන්ටම කියා ජීවන මාර්ගයක් නැති කුලකාන්තාවකට විවාහයක් කර ගන්නටත් නොහැකි නම් කළ හැකි එකම දේ වංශවත් ධනවත් සිටු මැදුරක පාලිකාවක් වශයෙන් හෝ සහචාරීකාවක් වශයෙන් රැකියාවකට යෑම යැයි ඇඩ්ලේඩ් නන්දා මාර්තා ලී ට කීවාය. ඒ අනුව ඇය කෝන්වෝල්හි මවුන්ට් මෙලින් මැදුරට ආවේ මව නැති, පියාගේ ආදරයක් නැති හිතුවක්කාර කෙල්ලක් බලා ගැනීමට ය. මව අන් පුරුෂයකු සමඟ පැන යන්නට උත්සාහ කරද්දී මහා දුම්රීය අනතුරකින් දෙදෙනාම පිළිස්සී මිය ගියේ යැයි ප්‍රසිද්ධව තිබුණ ද එසේ මිය ගීයේ ඇලිස් යැයි ගමේ බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත.

Out Of Stock

ශුද්ධ භූමිය

Highlights:

ඩෑන්ට එය හමු වෙන්නේ ඔහුගේ අතීතය සොයා යන ගමනේ දී ය. එය රතු මැණිකකි. ගින්දර තරමට දීප්තිමත්ව ඇවිලෙන අමුතු බලයක් ඇති රතු මැණිකකි. මිනිසුන්ගේ සිතිවිලි පාලනය කරන්නට හැකි අද්භූත බලයක් ඒ රතු මැණිකට ලැබුණේ එය තනිවුණු වැන්දඹුවකගේ සොහොනෙන් සොරා ගත් එකක් වු නිසා ද? එහෙම නම් දෙවැනි වරට එහි හිමිකරුවා මරා පුංචි කොලුවෙකු ඒ රතු මණික සොරා ගත් විට එහි අද්භූත බලය තවත් වැඩි වන්නට ඇති ද? ඒ රතු මැණිකේ මායා බන්ධනයෙන් ඔවුන්ව බේරා ගන්නා “ශුද්ධ භුමිය” කුමක් ද?

ඩැනී ඔයා මැරෙන්නේ නෑ

Highlights:

” එහෙනම් ගුඩ් නයිට් ජෝර්ජ් ” කිව්ව ඩැනි තමාගේ මුහුණ විශාල හාවා දෙසට දිගු කළා. හෙමිහිට ඩැනිගේ මුහුණ සිපගන්නා අයුරු දුටූ අප කිසිවෙකුට එය විශ්වාස කළ නොහැකි වුණා. “අන්න එයා ඩැනි ව කිස් කළා අම්මා ” ‘ඒක එහෙම වෙන්නේ කොහොමද? ” ” ඒක එහෙම වෙන්නෙ කොහොමද? ” පෝලා පුදුමයෙන් ඇසුවා.

නාග මෙහෙයුම

Highlights:

ඇමරිකාවට හා යුරෝපයට මහත් ව්‍යසනයක් වූ කොකේන් ජාවාරම මුලිනුපුටා දැමීම සඳහා විශාල වියදමක් දරා ක්‍රියාත්මක කරන COBRA ව්‍යාපෘතිය සඳහා තෝරා ගන්නා නිලධාරීන් අනුගමනය කරන අද්විතීය උපක්‍රම මෙන්ම කොකේන් ජාවාරම්කරුවන් ඒවාට ප්‍රතික්‍රියා කරන අකාරය ෆෙඩ්රික් ෆොසයිත් තම ගවේෂණාත්මක මාධ්‍ය ජීවිතයේ අත්දැකීම් තුලින් ඉතා මැනවින් විස්තර කරයි.

Out Of Stock

මරණයේ සෙවණැල්ල

Highlights:

බ්‍රිතාන්‍ය ජාතික විසිතුන් හැවිරීදී ජැකී, ඊජිප්තුවේ සංචාරයකදී හමුවන ඊජිප්තු ජාතික ඔමාර් සමග පෙමෙන් බැදෙන්නේ අහම්බෙන් ඇතිවන සිදුවීමකිනි. සතියක කෙටි ඇසුරකින් පසු ඇය , ඔහු හා විවාහ වන්නිය. දෙමවුපියන්ගේ කීමට ද පිටුපාමින් අනතුරුව ඊජිප්තුවේ ස්ථිර පදිංචියට පැමිණෙන ජැකී , තම ස්වාමිපුරුෂයාගේ සැබෑ ස්වරූපය අනාවරණය වීමත් සමග සිය ජීවිතයේ මහා ඛේදවාචකයකට මුලපුරන්නිය. ඔමාර්ට දාව දියණියන් දෙදෙනකුගේ මවක් වන ඇය . ගබ්සාවන් දෙකකට ගොදුරුවෙමින් තිරස්විත අතවරවලට හා අපමණ කෲරකම්වලට ද මුහුණ දෙයි. අනතුරුව ඇයගේ එකම පරමාර්ථය වන්නේ මේ අපා දුකෙන් ගැලවී යලි එංගලන්තයට පලා යාමයි.

බිඳුණු සඳ

Highlights:

ඒ සීතල අඳුරු රාත්‍රියේ විශාල කැළය මැදින් ඇය මා කැඳවා ගෙන යෑමේ අරුත කුමක් දැයි මම සිතුවෙමි. ම්ඳුණු අයිස් කුට්ටි ගංගාව දිගේ හැපෙමින් ගලායන හඬ මට ඇසේ. “අපි මේ තැනට යන්න ඕනි. අපේ නෑදෑයෝ පැල කරලා තියන තැනට යන්න ඕනි. මට පුළුවන් රහස් රැකගන්න.ඒත් හැම දෙනාටම පුළුවන් කම නෑ ඇහුනද දරුවෝ”?

Out Of Stock

මගේ පවුලයි අනික් සත්තුයි

Highlights:

ජෙරී නිවස තුළට ගෙනවුත් ඇති කරන්නේ දිය නයින්, විශාල ගෙම්බන්, ගෝනුස්සන්’ විශාල මුහුදු ලිහිණි ආදී අසාමාන්‍ය “සුරතලුන්” ය මේ නිසා ඔහුද පවුලේ ඇත්තන්ද අතර නිරතුරුව හටගන්නා වියවුල් හා අඬදබර ඉතා හාස්‍යජනකය. තවද කුඩා ජෙරී පරිසරයේ ඇති සෑම දෙයක්ම විද්‍යාත්මකව ගවේෂණය කරමින් විමසා බැලීම නිසා.

මට පුළුවන්

Highlights:

කුඩා කල පෝලියෝ රෝගයට ගොදුරු වී දෙපා අප්‍රාණිකව කිහිලිකරුවලින් ඇවිද යන්නට සිදු වු නමුදු කුඩා ඇලන් මාෂල්ගේ ලෝකය සුන්දරය. ඔහු අනෙක් ළමයි මෙන් කෙළි සෙල්ලම් කරයි. කඳු නගින්නට යයි. පිහිනයි. එපමණක් නොව අශ්වයන් පිටේ යන්නටද ඉගෙන ගනී.

අභිසාරිකා

Highlights:

ඇගේ හොදම මිතුරිය විසින් ඇයව රවටා විකුණා දමන ලදී. යුක්රේනයේදී දාමරිකයින් විසින් රවටා විකුණනු ලැබූ ඇය අන්තිමේදී නතර වූයේ ලන්ඩනයේ ගණිකා නිවාසයකය. දාමරික තැරැව්කරුවන් විසින්, වධ දෙමින් ඇයව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන, දිනකට සළෙලුන් පහලොවක් පමණ පිනවන්නට සිදුවන, හරිහැටි කෑමක් බීමක්වත් නොලැබෙන බිහිසුණු ඉරණම විසින් ඇයව මානසික රෝගියෙකු කරනු ඇතිද? ගණිකා නිවාසයක සිරවුණු සිරකාරියකගේ සිට, ගත් කතුවරියක දක්වා ඇය එන ගමන ගැන අනුවේදනීය කතාවයි.

Out Of Stock

මැකීගිය දඩමං

Highlights:

මැකීගිය දඩමං

බුරුම සමය

Highlights:

Burmese Days තුලින් ඕවල්ගේ විචාරයට හසුවන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ආසියාතික රටවල පාලනයයි. ඕවල්ගේ දේශපාලන විවේචන කොමියුනිස්ට් විරෝධී පමණක් නොව සියලු ආකාරයේ එකාධිපතීත්වයන්ට එරෙහි වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී දෘෂ්ටියකින් සිදුකෙරෙන විවේචන බව පෙනීයන්නේ මෙම නවකතාව තුලිනි. ඔහු 1922-1927 කාලය තුල බ්‍රිතාන්‍ය රාජකීය පොලිසියේ නිලධාරියෙකු ලෙස බුරුමයේ සේවය කළ කාලයේ ලද අත්දැකීම් මෙම නවකතාවට පාදක වී ඇත.

Out Of Stock

බිඳුණු බිලින්දා

Highlights:

ළදරු වියේ සිට අට වසරක් යන තුරු තම පියා, මව හා තවත් වැඩිහිටි ගැහැනු, පිරිමි රැසක් විසින් ලිංගික අපහරණයෙහි යොදා ගන්නා ලද දැරියක පිලිබඳ හද කම්පා කරවන අමිහිරි සත්‍ය කතාව.

එන්න මා සොඳුරිය

Highlights:

ඇමෙරිකන් ධනවතෙකු වූ ඩේවිඩ් මැක්ආර්ඩ් ඉන්දියාවට පැමිණ දේව ධර්ම පාසලක් ආරම්භ කරන්නේ තමන්ගේම සංකල්පනාවන්ට හා කොන්දේසි වලට අනුව ඉන්දියාව වෙනස් කීරීමේ පරමාර්ථයෙනි.

1 2 44 45 46 47 48 55 56
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping