හිඟන කොල්ලා
හිඟන කොල්ලා
ගොදුරු ලොබ
ගොදුරු ලොබ
ගඟ අද්දර කැලේ
ගඟ අද්දර කැලේ
ඇට මැස්සා
ඇට මැස්සා වු කලී පාඨකයාගේ පරිකල්පනය අවදි කරන අතිශයින් විචිත් වු ද විසිතුරු වු ද වේගී වු ද විවාදජනක වෘතාන්තයකී. සංස්ථානයන් බිඳ හෙළීමේ ලා නිරන්තර අරගලයක කැප වී සිටින විමුක්තිකාමීන් ආකර්ෂණය කිරීමේ ලා මේ කෘතිය වඩාත් පොහොසත් ය.
අව පෑලවිය
ඒ කලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරීන් මෙහාට… මේ ගෙදරින් කොස් ඇට මාලුවක්…. වල් අඔ ඇඹුලක් එහාට…. කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ.
විලාසිනියකගේ ප්‍රේමය
“උත්තරා හිතනවද මට ආයෙමත් ඒ ජීවිතේ ගත කරන්ට පුළුවන් කියලා? මට පුළුවන් ද පිරිමියෙක්ව ආයෙමත් ළගට ගන්ට, පිරිමින්ගෙ ද්‍රෝහිකම්වලට මෙහෙම ගොදුරු වෙලා?” “මට තේරෙනවා අක්කණ්ඩිගෙ හිතේ තියෙන වේදනාව. මට පුළුවන් කමක් නෑ අක්කණ්ඩිට අනුසාසනා කරන්ට. ඒත් එක දෙයක් මම කියන්ට කැමතියි. ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නොවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නේ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපදින්නෙ නෑ”.
ජුලියස් සීසර්
ජුලියස් සීසර් යනු මහාකවි විලියම් ෂේක්ස්පියර් නාට්‍ය අතුරින් අතිශයින්
සාර්ථක නාට්‍ය කිහිපයෙන් එකකි. ෂේක්ස්පියර් නාට්‍ය ට්‍රැජඩි,කොමඩි හා
ඓතිහාසික නාට්‍ය වශයෙන් වර්ග ත්‍රයකට අයත් වේ. ඒ අතුරින් ජූලියස්
සීසර් අයත් වන්නේ ඓතිහාසික නාට්‍ය කුලයකට ය. ක්‍රි.පූ.1 වැනි සියවසේ
පොම්පේගෙන් පසුව රෝම අධිරාජ්‍යය ශක්තිමත් කළ බලසම්පන්න ස්වෛරී
පාලකයා වුයේ ජූලියස් සීසර් ය. ඔහු රෝම අධිරාජයා බවට පත්වන්නට ඔන්න
මෙන්න කියා තිබිය දී ඔහු ස්වාර්ථසිද්ධිය සඳහා විජිගීෂාවෙන් පෙළෙන්නෙකැයි
සිතූ බෲටස් කැසියස් ආදි කොටගත් ඔහුගේ කුලුපග මිත්‍ර මන්ත්‍රිවරු ඔහුට
විරුද්ධව කුමන්ත්‍රණය කොට. කැපිටෝල් ශාලාවේදි ම් මහ දහවල් ඔහු ක්‍රෑර
ලෙස ඝාතනය කළහ. මෙම නාට්‍යයේ සාකච්ජා වන්නේ එම ඝාතනයට තුඩුදුන්
හේතු කාරණා සහ ඉන්පසු ඝාතනයට මෙන් ම රෝම අධිරාජ්‍යයට ද අත් වු
ඉරනම ය. මෙහි කථාව සීසර්ගේ චරිතය වටා ගෙතුණ ද, නාට්‍යයේ අඬක්
ගෙවී යන්නටත් පෙර හේ මියයයි. මෙහි කථා නායකයා වශයෙන් කැපී
පෙනෙන්නේසීසර් හට එරෙහි ව කුමන්ත්‍රණය මෙහෙයැවු සීසර්ගේ ඉතා ම
සමීප මිතුරා වු බෲටස් ය.
තල මල පිපිලා
සුන්දරත්වයෙන් පරිපුර්ණ වුවද සිංහල සමාජයෙහි තලමල පිපිම විනාශයේ සංකේතයක් ලෙස සැලකේ, ඒ සියුම් සංකේතය මෙරට සමාජයේ පුරා මඩු දිවූ පිලිලයක තරම වේදිකාව මත අතිශය රමණිය ලෙස තලමල පිපිලා නාට්‍ය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.
වැනීසියේ වෙළෙන්දා
වැනිසියේ වෙළෙන්දා නාට්‍යයයේ ආකෘතිය රැදෙන්නේ විනිශ්චය සහ පරීක්ෂණ අවස්ථා කීපයක් මතය. ක්‍රියාදාමය විකාශනය වන විවිධ අවස්ථාවන්හිදී චරීතයක් විභාග කරනු ලබයි. නැත්නම් නඩු විභාගයක් පැවැත්වෙයි. මෙම විභාගයන්හිදී සදාචාරය, මිනුම් දණ්ඩ කොට ගැනේ. කරඬු තුනෙන් එකක් තෝරා ගැනීම නිදසුනකි. මහා නඩු විභාගයේදී යුක්තිය ද නැත්නම් අනුකම්පාවද වඩා හොඳ යන්න තීරණය වන්නේ මතුපිට පෙනුම සහ යථාර්ථය අතරය.
කතා අහුර
මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ කතා රීතියේ විකාශනය පිළිබිඹු කෙරෙන ‘කතා අහුර’ සිංහල සාහිත්‍ය උගන්වන ගුරුභවතුන්ට හා එය හදාරන සිසුන්ට විශේෂයෙන් ප්‍රයෝජනවත් වන ග්රන්ථයකි. 1924 වර්ෂයේ එළි දුටු පළමු ලාංකික යථාර්ථවාදි කෙටිකතා සංග්‍රහය වන ‘ගැහැනියක්’ ග්‍රන්ථයේ පටන් තිස් වසරක් තුළ වික්‍රමසිංහයන් අතින් ලියැවුණු කතා දහනවයක් මෙම කතා එකතුවේ අඩංගු වෙයි. මඩොල් දූව. අපේ ගම, රෝහිණී යන ග්රන්ථයන්හි එන රසභාව පූර්ණ කතාංග කිහිපයක් ද එක් වීම නිසා මේ කෙටිකතා සංග්‍රහය විචිත්‍ර බවින් අනූන ය. ‘කතා අහුර’ සංග්‍රහ කළ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතා විසින් වික්‍රමසිංහ සාහිත්‍ය මෙහෙවර අරභයා ලියන ලද අනගි පෙරවදන ද මේ පොතට ඇතළත් ය.
බිල්ල සහ අපූරු මුහුණ
මාර්ටින් වික්‍රමසිංහයන් විසින් වරින් වර ලියා පළ කරන ලද කෙටිකතා පසළොසක් මේ කෙටිකතා සංග්‍රහයට ඇතුළත්ය. ගැමියන්ගේ ඇදහිලි , විශ්වාස, සිරිත් විරිත්, මසුරුකම් යනාදී ගති ලක්ෂණ මෙන්ම නාගරික මැද පන්ති ජනයාගේ බොරු සමාජ හර හා රැවටිලිකාර ජීවිතය ද මේ කෙටිකතාවලින් විවරණය කොට ඇත්තේ සදය උපහාසය මුසු දයානුකම්පාවකින් යයි කිය හැකිය.
හඳ සාක්කි කීම
1946 මාර්ටින් වික්‍රමසිංහ ලියූ හඳ සාක්කි කීම, ජීවිත පරිඥානයෙන් හා කලාවිඥානයෙන් පැසුණු ඔහුගේ නිර්මාණ ශක්තිය පළ කෙරෙන කෙටිකතා සංග්‍රහයකි. ලේලි කෙටිකතාව ගැන ජීවිතයෙහි සංකීර්ණ අංගයක් පිළිබඳ චිත්ත චෛතසික පරිකථාවක් වැන්න. සමාජවාදියා නගරයේ ඉහළ පන්තියේ පවුලක් ගෘහ ජීවිතය ඇසුරෙන් රචිත සමාජ වාදීය කතාවකි. ඒ කතාව කියන තරුණයා ඔහුගේ ගෙදර විසිතුරු දේ හා අනුකාරක සිරිත් ද වස්තු කොට ගැනීමෙනි මවුපියන්ගෙ ගතානුගතික චරිත නිරූපණය කරන්නේ කීර්ති ලෝභයෙන් සුදු නිලධාරීන් ඇසුරු කළ නගරයේ සිංහල නිලධාරියකුගේ ජීවිතයෙහි බොල් අරුතත් ඔහු නිසා ඔහුගේ සහෝදරියගේ ගැමි ජීවිතය අවුල් වීම හා ඇගේ දූන් ද අනාථයන් වන සැටි ත් හෙළි කෙරෙන ප්‍රචන්න උපහාසයකි. මුදියන්සේ මාමා, තරුණ භික්ෂුව භික්ෂු ජීවිතය සැඟවුණු ආධ්‍යාත්මික අංග හෙළි කරයි. මරණය ආර්ථික දුෂ්කරතා හා පාරම්පරික සිරිත් නිසා කම්කරු ජීවිතය අවුල් වන සැටි හෙළි කෙරෙන සෝපාහාස ශෝකාලාපයකි.
පව්කාරයාට ගල් ගැසීම
1936 දී පළවූ මාර්ටින් වික්‍රමසිංහගේ “පව්කාරයාට ගල් ගැසීම” වූ කෙටිකතා සංග්රහයෙහි එන කෙටිකතා ජීවිතයෙහි උපහාස ජනක අවස්ථා ආශ්‍රය කොට ලියන ලද රචනා ලෙස හැඳින්වි හැකි ය. සිංහලයන්ගේ චරිතයෙහි විශෙෂ අංග සමහරක් මෙහි චිවරණයට පාත්රවේ. මෙහි කතා, හාස්‍ය රසයෙන් පූණී ය. තමා ආරුඪ කර ගත් තවුස් වෙස නිසා යම් යම් අවස්ථාවන් පැමිණෙන විට වර්තමාන සිංහලයා කුහකයකු වන සැටි වික්‍රමසිංහ මේ කතාවන්හි උපහාස මුඛයෙන් දක්වයි. වික්‍රමසිංහ සිංහලයාගේ උපාසක වේශය ඇද ඉවත දමා ඔහුගේ නෛසර්ගික මනුෂ්‍ය ගති ගුණ අනාවරණය කරයි.
වහල්ලු
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන්ගේ වහල්ලු කෙටිකතා සංග්‍රහය මුලින්ම පළ වූයේ 1951 වසරේදී ය. මෙය වූ කලී එහි එකොළොස්වන මුද්‍රණයයි. ‘කෙටිකතාව’ යන ශීර්ෂය යටතේ ලියවුණු දීර්ඝ විවරණයකින් යුතු ප්‍රස්තාවනාව මෙම සංග්‍රහයේ අගට යොදන ලද්දේ කෙටිකතා කියවා ඉන් අනතුරුව එය කියවීමෙන් පුළුල් අවබෝධයක් ලබාගත හැකි බැවිනි. ප්‍රස්තාවනාව ගැන වික්‍රමසිංහ මහතා මෙසේ පවසයි. මා මෙම ප්‍රස්තාවනාව ලියුවේ උසස් කෙටි කතාවෙන් ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා ආස්වාදයක් ලබනු පිණිස තමන්ගේ ශක්තිය හික්මවනු කැමැත්තෙන් උදෙසාය. කෙටිකතා රචනය පිළිබඳ උපදෙස් ගතහොත් එය බෙහෙවින් ප්‍රයෝජනවත් යැයි හැඟේ.
ගැහැනියක් සහ තවත් කෙටි කතා
ගැහැනියක් කතා සංග්රහයෙහි කෙටිකතාවලට තුඬු දුන් අත්දැකීමි පිළිබඳව මාර්ටින් වික්‍රමසිංහයන් සිය උපන්දාසිට පොතෙහි දැක්වූ කියුමක් මේය. “මගේ ගැහැනියක් කෙටිකතා පොත පිට වූයේ මිරිඟුවට අවුරැද්දකට පෙර ය. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම් කිහිපයකි. එතෙක් අනික් එකම පොතකුදු ලිවීමෙන් නොලත් සන්තෝෂයක් මම ගැහැනියක් පොතේ කෙටිකතා ලිවීමෙන් ලැබීමි. මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් පොතේ කතා ය.”
ලේ
තොට මැරෙන්ඩ හිතිලද? මෙච්චර වෙලා මට කතා නොකර මොකද ගොනෝ කෙරුවේ? අම්මා පරල වී අවුත් මල්ලිකාගේ නළලට අතක් තබා ඒ අත මේ අත සෙලෙව්වාය.
අතීතය ගුරුවරයෙකි
අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරීමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය. ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් ලබා ගත හැකි බව නම් පැහැදිලිය.
ඉස්කෝලෙට භාර දීම
ඉස්කෝලෙට භාර දීම
ආදරය දැනෙන්න ජීවත්වෙන්න
මේ පොත රචනා කර ඇත්තේ අඹු සැමියන් වීමට අපේක්ෂා කරන යටත් අඹු සැමියන් ලෙස ජීවිත ගොඩනගා ගත් අයටත් කියවීමටය.
ජීවිතයට ගරු කරන්න
අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද?දෙමාපියන්ගෙන් උරුම වූ ජීවිතයද? අධ්‍යාපනයෙන් පිබිදීම, මිල මුදල් අත් කර ගැනීම, කායිකාස්වාදය අත් කර ගැනීම, සැබවින්ම ශක්තිමත් ජීවිතයක පදනමට වැදගත් වන්නේ කවරාකාරයෙන්ද? අඹු සෑමියන් එක වහලක් යට ජීවත් වුවද, උනුන් කෙරේ ගෞරවනීය බැදීමක් නැත්නම් ජීවිතය වෙහසකරය. පීඩාකාරිය. ඉමහත් සතුටින් කාලය ගෙවා උනුන් කෙරේ තරහින් ජීවත් වන්නේ ඇයි? මේ පොත ගෞරවනීය බැදීම් වලින් තොර වීමෙන් වෙහෙසට පත් වූවන් ජීවිතය අත් නොහැර අභියෝග වලට මුහුණ දුන් හැටි විස්තර කරයි.
සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි
මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් කාන්තාවන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.
දිගාමඩුල්ලේ ආශ්චර්ය
දිගාමඩුලු වනපෙත මෙරට පාඨකයාට අතපොවන මානයේ බිම්කඩක් තරමට සමීප ය. එහෙයින්,නෙල්ලිකැලය හා වඩිනාගල වනපෙත උපන් ගම්දොර තරම් හිතේෂිවන්ත ය.අලිබොට්ටු,වගවලසුන් හා දිවිහපුවන් ඇගෑලුම්කම් පාන්නේ මිතුරු ලීලාවෙනි.හේනට කුඹුරට මහපොළොව හා ඔට්ටුවෙන මිනිසුන්ගේ ජන දිවිය සමීප ඥාතීන් මුණගැසීමක් තරමට ආශ්වාදජනක ය.මේ අපූර්වත්වය පාඨක මනසෙහි මුද්‍රාගත කළේ,මෙරට පළමු පුරෝගාමී වනවිත්තිකරුවා ය.ඒ දිගාමඩුල්ලේ ආශ්චර්ය කෘතියෙන් මායාරංජන් මැවූ භාෂා වියමන මගිනි.
අපි නිවුන්නු
අපි නිවුන්නු
අක්කයි නංගියි
ජෝඩ් ජෙඩි ගැන කිවුවේ ඇත්තමද කියලා මම කල්පනා කළා. නමුත් ජෝඩි ඉක්මනින් කරදරයක් ඇති කර ගන්නට ඉඩ තියෙනවා. මේ ගැන අම්මට කියනවද නැද්ද කියලා මං හිතුවා. නමුත් එහෙම වුණොත් ජෝඩි ලොකු කරදරයක වැටෙයි. මට එහෙම වෙන්න හිතක් නැහැ.
මං දැන් සතුටින්
මං දැන් සතුටින්
මම තස්ලිමා
මම තස්ලිමා
හාස්කම
හාස්කම
අඳුරින් මතුවූ සොඳූරිය
අඳුරින් මතුවූ සොඳූරිය
සැඟවුණු සංකේතය
සිතිය නොහැකි තරම් බලසම්පන්න වූ එය ආරක්ෂා කරගන්නට මෙන්ම ලොවට හෙළිදරව් කිරීමට උත්සාහ ගත් සියලූ දෙන මියගියහ. එය අපගේ දෑස් ඉදිරියේම සියවස් ගණනාවක් තිස්සේ සඟවා තැබූ පණිවිඩයක්ද වූයේය. එම පණිවිඩය සංකේතයක්ද? ග්‍රන්ථයක්ද? එකමෙක වචනයක් පමණක්ද? අබිරහස සොයා ඉදිරියටම ගමන් කළ රොබට් ලැන්ග්ඩන් ඉන්ද්රිය සංවේදී විහීනතා ටැංකියක් ඇතුළතදී මරණයේ නිමේෂය අත්වින්දේය.
භූතාවේශය
අප පැමිණියේ කොතැනක සිට ද? අප යන්නේ කොතැනකට ද? ආදියේ පටන් මානවයා නැඟූ ප්‍රශ්න ද්වය යළිත් ලෝකය ඉදිරියට ගෙන ආවේ එඞ්මන්ඞ් කියර්ෂ් ය. එ්වාට පිළිතුරු සැපයීමට කියර්ෂ් සූදානම් ව සිටි නමුත් ඊට පෙර ඔහු ඝාතනය කෙරිණි. මහාචාර්ය රොබට් ලැන්ග්ඩන් ස්පාඤ්ඤයේ අනාගත රැජින අම්බ්රා සමගින් එක් වූයේ කියර්ෂ් ගේ පිළිතුරු ජනගත කරනු සඳහා ය. කියර්ෂ් නිහඩ කළ අයට එ් දෙදෙනා ද නිහඬ කරවීමට හැකි වෙයි ද?