Fiction & Literature

Fiction & Literature

(Showing 1261 – 1290 products of 1714 products)

Show:

සිංහල ජන කවි

Highlights:

සිංහල ජනශ්‍රැති අතර ජන කවිවලට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. ප්‍රකට සේම අප්‍රකට ජන කවි වර්ග මේ කෘතියේ අන්තර්ගත වී ඇත. පාසල් සිසුන්ගේ සිංහල ජන කවි පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/92129480aefc11eab92cf72b5d6e8551″ ]

හෙළ ජන ගී

Highlights:

ලාංකේය ජන සාහිත්‍යාංග අතර ජන ගීයට හිමි වන්නේ අන් සාහිත්‍යාංගයන්ට නොදෙවෙනි සුවිශේෂී තැනකි. රසයෙන් මෙන්ම අරුතින් ද පෝෂිත ජන ගී රැසක් සංගෘහිත වූ මේ කෘතිය සහ ශ්‍රවණ සංයුක්ත තැටිය, ලාංකේය ජන කවියාගේ ප්‍රතිභාපූර්ණ කවිත්වය විදහාපාන අපූර්ව කැඩපතකි.

ප්‍රස්ථාව පිරැළු

Highlights:

ලොව අන් කිසිදු බසකට නොදෙවෙනි හෙළ බසෙහි අදහස් ප්‍රකාශ ප්‍රකාශනයෙහි ලා යොදා ගත් ප්‍රස්තාව පිරුළු, බසෙහි පොහොසත් බවට කදිම සාක්ෂියකි. මේ එවන් වූ ප්‍රබල රස ජනනීය පිරුළු රැසක එකතුවකි.

රු356.25 25% OFF

ගොළු දැරිය

Highlights:

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පන්හි‍ඳෙන් එළිදකින මේ කතා එකතුව පාඨකයා අපූරු ඉසව්වලට ගෙන යන හරවත් නිර්මාණවලින් යුක්ත ය. කලාව මිනිස් වර්ගයාගේ යහපත උදෙසා භාවිත කළ යුතුය යන මානවසිංහ චින්තනය මේ කතා තුළින් ඉස්මතු වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c0099b80addf11e9a8b817ecc0706bdc” ]

සඟරජවත

Highlights:

‘සඟරජවත’ වැලිවිට සරණංකර හිමියන්ගේ ජාතික, ආගමික හා ශාසනික සේවාවත්, උන්වහන්සේගේ චරිතාපදානයත් පිළිබඳව ලියැවුණු ග්‍රන්ථයකි. එහි ප්‍රමාණික සංස්කරණයක් මෙතෙක් පළ වී නොතිබුණි. පුස්කොළ පොත් පරිශීලනය කොට, සංස්කරණය පිළිබඳ පිළිගත් ක්‍රමවේද අනුගමනය කරමින් මෙම සංස්කරණය සිදුකොට තිබේ. මේ ග්‍රන්ථයේ සංස්කාරක වන ප්‍රේමසිරි නාගසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහලාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු වන අතර ග්‍රන්ථ සංස්කරණය පිළිබඳ හසල දැනුමක් ඇත්තෙකි.

සොඳුරු ප්‍රජාපතී.

Highlights:

මෙහෙණි සසුනට දොර විවර කළ මහා ප්‍රජාපතී ගෝතමී මහ රහතුන් වහන්සේගේ චරිතය අළලා ලියැවුණු කෘතියකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1feb5060add611e98988c362f71a71f4″ ]

දුවකගේ කඳුළු

Highlights:

රුචිරා සුරංගී ද අල්විස් විසින් සම්පාදිත ‘දුවකගේ කඳුළු’ කෘතිය ලක්බිම පුවත්පතේ සතිපතා පළ වූ ලිපි මාලාවක එකතුවකි. නීතියෙන් වෙන් වූ දෙමාපියන් හිමි දැරියක්, තම ජීවිතයේ අනේක විද දුක් දොම්නස් හමුවේ ඒවාට මුහුණ දුන් අන්දම මේ කෘතියෙන් විස්තර කෙරේ. මෙහි ඇති සියලු දේ කතුවරියගේ පෞද්ගලික අත්දැකීම් වේ. ජීවිතයේ විවිධ ගැටලු හමුවේ ඉක්මන් තීරණ ගන්නට සිතන සියලු කාන්තාවන්ට මේ කෘතියෙන් ලබා දෙන්නේ ජීවිතය දින්නනට අවශ්‍ය අත්වැලකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c36a9740a86011e987c817dd15a1ebbe” ]

එකෝමත් එක දවසක

Highlights:

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙම කෘතියෙහිම දිගුවක් ලෙස ‘එකෝමත් එක දවසකට පස්සේ ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3289d270a85e11e9aa52ed5c2279fa6b” ]

සොඳුරු යසෝදරා

Highlights:

සිද්ධාර්ථ කුමරු සහ යසෝදරා දේවිය අතර වූ සාංසාරික ප්‍රේමය මනා සංයමයකින් යුක්තව ඉදිරිපත් කරන ලද කෘතියකි. සිද්ධාර්ථ කුමරුන්ට බුද්ධත්වය කරා ළඟා වන්නට යසෝදරා දේවිය කළ කැපවීම සෑම ගැහැනියකට ආදර්ශයක් ගත හැකි අයුරින් මෙහි අන්තර්ගත කොට තිබේ. යසෝදරා චරිතයට අදාළ ජනකවි ද මෙහි ඇතුළත් කොට තිබේ.

Out Of Stock

ගස් මිනිස්සු

Highlights:

‘මිනිස්සු ගස් වෙලා ගස් මිනිස්සු වුණොත් මොනවා වෙයිද?‘ නදිෂ් දික්කුඹුර මේ යොවුන් නවකතාවට අරඹන්නේ එලෙසිනි. එවැනි අරුමැසි සිදුවීමක් මේ කෘතියෙහි අන්තර්ගත වේ. මෙයින් අවසානයේ අපට පවසන්නේ මිනිසුන් වන අප සොබා දහමට කෙසේ, කෙතරම් ආදරය කළ යුතුද යන්නය. සොබා දහමට පෙම් බඳින යොවුන් පාඨත පරපුරට මේ කෘතිය අගනා තිළිණයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3cfc6e00e05711eabefb2d8d4968d702″ ]

බිසව් සීගිරි

Highlights:

‘බිසව් සීගිරි‘ කෘතිය සීගිරිය රාජධානි යුගයත් කාශ්‍යප රජුත් අලළා නිර්මාණය කරන ලද ඓතිහාසික නවකතාවකි. ඓතිහාසික නවකතාවක් යනු ඉතිහාසය පිළිබඳ වාර්තාවක් නොවේ. මේ කෘතියේ කතුවරයා වන හෂන්ත පෙරේරාගේ සිතෙහි කාශ්‍යප රජුත්, සීගිරිය පර්වතය, බිතුසිතුවම් ආදියත් පිළිබඳ පරිකල්පනය කරන ලද සිතිවිලි සමුදායක් නවකතාවක් ලෙස නිර්මාණය වීමකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/22896220a6b511e99b1357d6eefefa7b” ]

ෂර්ලොක් හොම්ස්ගේ අභිරහස් පරික්ෂණ

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් කීර්තිමත් නවකතාකරුවෙකි. ඔහු විශ්ව සාහිත්‍යයට අපූරු චරිතයක් නිර්මාණය කළේ ය. ඒ කිසිදා නොමියෙන ෂර්ලොක් හොම්ස් ය. මේ ඒ කතා පෙළේ සමහරකි. එන්. ඒ. ඩී. ගුණතිලකයන් විසින් මේ කතා පරිවර්තනය කොට තිබේ.

Out Of Stock

මායා සිහිනය

Highlights:

දහනව වන සියවස අග දී ප්‍රබන්ධ කතා පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. ඒ අතර රයිඩර් හැගාර්ඞ්ගේ කෘති විශේෂ තැනක් ගනී. මේවා කල්පිත ප්‍රබන්ධ වුව ද, ඒ බව පාඨකයාට නොහැඟෙන පරිදි ප්‍රබලව නිර්මාණය කර ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3fbdc5a0adf211e98c47d712d18b7afd” ]

රු240.00 25% OFF

මහා වියවුල

Highlights:

සිංහල නවකතාවේ මුල් යුගයේ කතුවරුන් අතර පියදාස සිරිසේනයන්ට හිමිවන්නේ ඉතා වැදගත් ස්ථානයකි. ඔහුගේ කතා තුළින් තත්කාලීන සමාජ ප්‍රශ්න ඉතා ප්‍රබලව විවරණය විය. මහා වියවුල ඔහු විසින් කරන ලද එවැනි උත්සාහයක් ලෙස හැඳින්විය හැකි ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e60f2a70ae8911e9a0b4ef1820f9fde2″ ]

යහපත් යාත්‍රිකයා

Highlights:

කැප්ටන් මැරියට්ගේ ‘මාස්ටර්මන් රෙඩි’ නමැති කෘතියේ සිංහල පරිවර්තනයයි. මුහුදු ගමන් යනු අවදානම් සහිත ක්‍රියාවලියකි. අතීතයේ දී එය අදටත් වඩා අතිශය අවදානම් සහගත විය. ත්‍රාසය, භීතිය රැගත් එවන් මුහුදු ගමනක සුලමුල මෙහි වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5b03ee10a84211e9bf7d9d0bde139afa” ]

රු292.50 25% OFF

එකෝමත් එක දවසකට පස්සේ

Highlights:

ප්‍රවීණ ගුවන් විදුලි නිවේදිකාවක් සහ ගී පද රචිකාවක් ද වූ දයා ද අල්විස් විසින් ඉරිදා ලක්බිම පුවත්පතේ ‘රිද්ම’ අතිරේකය සඳහා වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘එකෝමත් එක දවසක’ තීරු ලිපි මාලාවේ එකතුවක් ලෙස මෙම කෘතිය සම්පාදනය වී තිබේ. මේ කෘතියෙහි ඇත්තේ බොහොමයක්ම ලේඛිකාවගේ පෞද්ගලික ජීවිත අත්දැකීම්ය. ගැහැනියක ලෙස ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේද යන්න ඇය සිය අත්දැකීම් ඔස්සේ විස්තර කරයි. මෙහි පළමු කොටස් ලෙසින් ‘එකෝමත් එක දවසක ’නමින් තීරු ලිපි එකතුවක් ද ඇය කෘතියක් ලෙසින් සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/9634d1f0a9db11e9bf2edb2ff876cc60″ ]

Out Of Stock

තුත්තිරි

Highlights:

‘තුත්තරි‘ යනු දයා ද අල්විස් ලේඛිකාව විසින් නිර්මාණය කරන ලද කෙටිකතා එකතුවකි. මෙය මුලින්ම ප්‍රකාශයට පත් ව ඇත්තේ 1963 වසරේ දී ය. ප්‍රකාශයට පත් කරන ලද්දේ ද ඇම්.ඩී. ගුණසේන සමාගම මගින්ම ය. ලේඛිකාවගේ ජීවන අත්දැකීම් ද කැටි කරගනිමින් කරන ලද නිර්මාණයක් ලෙස මෙය හැඳින්විය හැකිය.  

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/76b09840c48f11e9a548eb2e4cf2df4c” ]

Out Of Stock

මාතාභාරි

Highlights:

‘මාතාභාරි‘ යනු දිළිඳු කම නිසා මැදපෙරදිග සේවයට ගොස් සිදු වන අනේක වූ අකටයුතු හමුවේ මානසික ආබාධයකට ලක්ව යළි අප රටට පැමිණෙන එක් කාන්තාවකගේ ඛේදවාචකය නිරූපනය කරනා නවකතාවකි. මෙහි කතුවරයාට හමු වූ මැදිපෙරදිග ගොස් පැමිණුණු විවිධ කාන්තාවන්ගේ අත්දැකීම් සමුදායක් එක් කොට මෙය නිර්මාණය කොට ඇති බව පෙරවදනේ සඳහන් ය. මැදපෙරදිග වහල් සේවය ගැටලුවක්ව පවතින වර්තමානයේ කාන්තාවන් පමණක් නොව සියලුම දෙනා විසින් කියවිය යුතු නවකතාවක් ලෙස මෙය සඳහන් කළ හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63e864e0ae0011e9b68059352ae5965f” ]

Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – වෙස් මුහුණ

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56 න් එකක් වූ The Adventure of the Yellow Face හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.

 

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අභිරහස් කාමරය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් එකක් වූ The Adventure of Copper Beeches හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි..

 

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මාරක අශ්වයා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56 න් එකක් වූ The Adventure of Silver Blaze හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි..

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f0c2a930a13c11e9a6284ff8cf3b7c5b” ]

Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රහස් ඔටුන්න

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Beryl Coronet හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘ රහස් ඔටුන්න’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. එංගලන්තයේ ජාතික සම්පතක් බවට සැලකෙන ගෝමේද ඔටුන්නක් ඇපයට තබා එක් පුද්ගලයකු බැංකුවකින් මුදල් ප්‍රමාණයක් ණයට ගන්නා අතර බැංකුකරුවා වැඩි පරිස්සමට මේ ඔටුන්න සිය නිවසේ සේප්පුවේ තැන්පත් කරයි. අවාසනාවකට මෙය සොරකම් කෙරෙයි. හෝම්ස් සැබෑ අපරාධකරුවා සොයා ගන්නා ආකාරය මේ කතාවෙන් කියවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a3efdde0a14c11e99b11b982bde8159b” ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අතුරුදහන් වූ මනාලිය

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් නිර්මාණය කළ ෂර්ලොක් හොම්ස් කෙටිකතා 56න් The Adventure of Noble Bachelor හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙයයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/41d3de90a14c11e991357ddb46b83260″ ]

රු37.50 25% OFF

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – වෙස් වලාගත් මනාලයා

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ A Case of Identity හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘වෙස් වලාගත් මනාලයා’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. සිය විවාහ දිනයේම සැමියා අතුරුදහන් වූ බව පවසමින් එක් කාන්තාවක් ෂර්ලොක් හොම්ස්ගෙන් උදව් ඉල්ලා පැමිණෙයි. හොම්ස් සිය පරීක්ෂක සඟයා වූ වොට්සන් සමග එක්ව මේ ගැටලුව විසඳන ආකාරය මේ කතාවෙන් කියවෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/77b08c90a13611e9a8153baef08d0b1a” ]

මාතා

Highlights:

විවිධ හැළ හැප්පීම් මැද ගැහැනියක් ජීවිතය ජය ගන්නා ආකාරය පිළිබඳ කියැවෙන නවකතාවක් ලෙස ‘මාතා’ කෘතිය හඳුන්වා දිය හැකිය. ඉවසීම, කරුණාව හා මාතෘත්වය ඔස්සේ දැරියක, ගැහැනියක සහ මවක විසින් කළ යුතු එක්තරා ආකාරයක විප්ලවයක් පිළිබඳ මෙම කෘතියෙන් කතා කරයි. මෙම කෘතිය නිර්මාණය කළ තුෂාරි අබේසේකර සුප්‍රකට නවකතාකාරියක මෙන්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරියක ද වෙයි. දූලි පින්තාරු, ගංගාතොමෝ, අපුවකි ඒ අරණ ආදිය ඈ විසින් නිර්මාණය කරන ලද නවකතා කිහිපයක් වන අතර ආරාරිරෝ, සල් සපු නා, හෝපලු අරණ ආදිය ඈ විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරන ලද ටෙලි නාට්‍ය අතර වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0e023200adfe11e99a72d7614f5fde09″ ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මිනීමරු රෝගියා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Resident Patient හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a4918470a14b11e98644b95e5cd32ab6″ ]

රු75.00 25% OFF

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මිනිස් කොටියා

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන Wisteria Houseහි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/24744fa0a14b11e9afc047fa9f6f07a5″ ]

රු75.00 25% OFF

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – රන් කොල්ලයේ වන්දිය

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Boscombe Valley Mystery හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘රන් කොල්ලයේ වන්දිය’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. රන් මංකොල්ලයක සම්බන්ධ එකිනෙකාට සතුරු දෙදෙනෙකු කලකට පසුව හමුවන අතර එය අවසන් වන්නේ එක් අයකුගේ මරණයෙනි. නමුත් මරණයට හමුවන්නේ වෙනත් පුද්ගලයෙකි. හොම්ස් සිය නුවණ මෙහෙයවා සැබෑ අපරාධකරු සොයා ගනියි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b2fe3030a14a11e98fbedd5017f916e4″ ]

රු56.25 25% OFF
Out Of Stock

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – අද්භූත වාසනාව

Highlights:

සර් ආතර් කොනන් ඩොයිල් විසින් නිර්මාණය කරන ලද සුප්‍රකට ෂර්ලොක් හොම්ස් රහස් පරීක්ෂණ කෙටි කතා 56න් එකක් වන The Three Garridebs හි සංක්ෂිප්ත සිංහල පරිවර්තනය මෙසේ ප්‍රකාශනයට පත් වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7d746630a14611e9b242a5b484a35c0e” ]

ෂර්ලොක් හොම්ස්ගේ රහස් පරීක්ෂණ කෙටිකතා – මරණයෙන් පිබිදුණු සුන්දරිය

Highlights:

සර් ආතර් කොනන්ඩොයිල් විසින් රචනා කරන ලද 56 ක් වූ ෂර්ලොක් හොම්ස් කෙටි කතා අතරින් එකක් වූ The Adventure of the Three Garridebs හි සිංහල සංක්ෂිප්ත පරිවර්තනය ‘අද්භූත වාසනාව’ නමින් ප්‍රකාශයට පත්ව තිබේ. සොරෙන් මුදල් මුද්‍රණය කරන්නට ගොස් ෂර්ලොක් හොම්ස්ගේ විමර්ශන හමුවේ අතට හසු කරගන්නා ප්‍රකට හොරකු පිළිබඳ කතාවක් මෙයින් කියවේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b49ff840a14811e9a11ca92d66e41b07″ ]

රු75.00 25% OFF
1 2 41 42 43 44 45 57 58
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping