තුරඟ මායම්
සිථිල සේනාධීර, නිවසේ තිබු එකම කණ්ණාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරන්නට වූයේය.
නළලට වැටෙන සේ කපා තිබු ඔහුගේ කොණ්ඩය අමුතුවෙන් පීරන්න්ට අවශය නොවිණි.එහෙත් පුරුද්දක් ලෙස ඔහු හිස පීරීය. සාමානය උස මහත සිරුරකින් යුක්ත වූ සිථිල රැවුල සම්පුර්ණයෙන්ම කපා සිටියේය.
කොණ්ඩය සකසා ගත් ඔහු උරුවම් බාමින් ඇදුමේ අඩුපාඩු සකසා ගන්නට වූයේය.
ලා නිල් පැහැති අත්දිග කමිසයත් කලු පැහැති කමිසමත් ඔහුගේ පෙනුම ඔප් නංවන්නට සමත් විය.
“ඔය මදැයි හලෝ හැඩ බැලුවා.. ඔය ඉන්නේ නිකම් ෂහීඩි කපූර්ගේ අයියා වගේ..”
සිථිල පසෙකට තල්ලු කර දැමු ඔහුගේ නැගණිය රන්දුනු කණ්ණාඩිය ඉදිරිපිට සිට ගත්තාය.
“ආපෝ තමුසෙගේ කට.. මට කටවහ පුච්චන්න වෙනවා දැන්..”
සිථිල ඇයට නොටිදෙන තරම් සෙමින් ඇගේ හිසට ටොක්කක් ඇන්නේය. කට ඇද කර ඔහු දෙස බැලු රන්දුනු පාසල් නිල ඇදුමට ටයි පටිය පැළදගන්නට වූවාය.
නිහඩ කැදැල්ලේ අපි දෙන්නා
බිළිදු තොලක මුදු සිනහව
පිරුණ තුරුල්ලේ
සෙනෙහස කිරි සුවද නොරැදි
නිහඩ කැදැල්ලේ
අප දෙදෙනා සිනා සලන
නමුදු නිදැල්ලේ
සිත යට කදුළක් පාවෙයි
දවස මුළුල්ලේ
රසකැවිලි වෙළෙන්දා
සිදාදියේ කොලිජීයක අධ්‍යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද්‍රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි
මරණයේ රංගනය
අතිභයංකර සිදුවීමකින් තම දෙමව්පියන්ගේ මළගම සිදු වූ පසු මැඩ්ලින් සිම්ස්, ෂැඩෝබෘාක් හි පදිංචියට යයි. ඊට වසර අසූවකට පෙර ෂැඩෝබෘාක් හි වෛද්‍යවරු දෙදෙනෙක් සදාකාලි ජිවිතයක් ලබා ගැනීමට අතිබිහිසුණු හූනියම්වල පිහිට පතති. ෂැඩෝබෘාක් වෙත පැමිණෙන මැඩ්ලින් මැදිවන්නේ ඉහත ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස හටගත් විකෘති, අමනුෂ්‍ය, දුෂ්ට පාපියෙකුගේ මාරාත්මක ග්‍රහණයකටය.
සෙනොරීටා
|
කල්ලන්දුවේ මුතු කොල්ලය
|
නාරි
|
දමරඣ
|
ශ්වේත කළුවර
|
ඝෝර යාත්‍රා
|
නමක් නැති කතාවක්
ෆරාෂා ගවුස් මන්නාරම් වැලි පොළොව ලෙයින් නැහැවෙද්දීත් යහපත් හෙටක් පැතූ මිනිසුන්ගේ හුස්මින් ලොව දුටුවාය. ඇගේ පාටපාට ලෝකය කළු සුදු වෙද්දීත් ඇය ජීවිතයේ අරුත සෙව්වේ ඒ නිසාය. තිත්ත කළුවර මුරුගසන් වැස්සේ කුඩා බෝට්ටුවේ මහමුහුදේ වියරු දිය රැළි හා පොර බඳින තුරුත් ඇයට ආදරණීය පවුලක් තිබුණි. රළු මුහුදට ඇගේ ලෝකය යට වූ දා පටන් ඇය ජීවිතය නාඳුනන මිනිසුන් හා එක්ව දකින්නට වෙර දැරුවාය. එහෙත් යුද්ධය දැක දැක ජීවත් වූ ඇයට යුද්ධයේ මර හඬ නෑසී ජීවත්වෙන්නට බැරි ය. දහසක් විලාපයන් මැද්දේ සහෘදයන් යළි හමු වෙතැයි වූ ෆැන්ටසියක ඈ ජීවත් වූවාය. ඒ ෆැන්ටසියෙන් අවදිවන්නට ඈ ලෝභ වූවාය. මේ වේදනාව අවසන පාට පාට සමනල්ලූ, බත්කූරන් අත්තටු ලා ඇගේ නිජ බිමේ පියාසර කරනු ඇතැයි ඈ සිතුවාය. දහසක් වූ සංක්‍රමණික පක්ෂීන් සේ ඇයට ඒ මනරම් දූපතට සංක්‍රමණය කරන්නට හැකි යැයි ඈ විශ්වාස කළාය. ලේ පිපාසිත වෙඩි උණ්ඩවලින් ජීවිතය කියවූ ඇය සිය නමක් නැති කතාවට නමක් සොයන්නේත් ඒ නිසාය. ඇගේ කතාවට නමක් දෙන්නට ඔබට හැකිවේවිද?
KAMBA – කම්බා
එවන් ලාංකේය සමාජයක, ස්ත්‍රියට අත් විඳින්නට සිදුවන අනේකාකාර අත්දැකීම් ප්රබලව නිරූපණය වන නවකතාකරණයක් තුළ, ස්ත්‍රිය සතු සාමූහික ළෙන්ගතුකම, කැපවීම හා ශක්තිය විෂයෙහි දෘෂ්ටියක් කුළු ගන්වමින් ලියැවුණු‘කම්බා’, නොනවත්වා කියැවිය හැකි, රසවත්, වෙනස් ආරක නවකතාවකි.
WAENISIYE BANDARA – වැනීසියේ බණ්ඩාර
”අපේ එකෙක් ඉතාලි කෙල්ලක් තියා ඉතාලියේ හැදිච්ච සිංහල පවුලක කෙල්ලක්වත් බඳින්න හිතන්නෙ නෑ. උඹ ඒකෙනුත් හොඳම එක… උඹ ඉතාලියෙ සිංහල කෙල්ලක් බැඳලා මේ රටට එන්න වීසා හදාගත්තා.” බීම කවුන්ටරයේ සිටි මාරියෝ මිතුරන්ට ඇසෙන සේ මට කෑ ගැසුවේය.කතුවරයාගේ අනෙකුත් පොත් කිහිපයක්.බොහොමියන් දරියෝ,මගේ චිකාගෝ හදවත,කෝමල මානවක,කුමර කොබෙයි.ඇමෙරිකා,ගැහැණු ළමයාගේ මරණය,රෝසමාලී,නිරුවත් හදවත්,වැව් පතුලේ කිදුරිය,වීනස්ගේ උපත,පියාපත් ලත් දෝණිය,අනන්ත දේශය,පාරාදීසයක දරුවෝ.
One Indian Girl
Hi, I’m Radhika Mehta and I’m getting married this week. I work at Goldman Sachs, an investment bank. Thank you for reading my story. However, let me warn you. You may not like me too much. One, I make a lot of money. Two, I have an opinion on everything. Three, I have had a boyfriend before. Okay, maybe two. Now if I were a guy, you’d be cool with it. Since I am a girl, these things don’t make me likeable, do they? Bestselling author Chetan Bhagat, writing for the first time in a female voice, brings to you One Indian Girl, the heart-warming story of a modern Indian girl.
දැරියකගේ ප්‍රයාමය
ඒ යුද්ධය රාක්ෂයෙකි සියක් වසරක් තිස්සේ රට පුරා නගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙන මිනිසුන් අමුඅමුවේ කකා සිටි රාක්ෂයෙකි. අවුරුදු දහහතක් වයසැති මේ ළමයා සිය සුකුමාර ළපටි අතින් පහර දී ඌ බිම හෙළා ඇත.
අර බලන්න! ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත් නොනැගිටින සේ දරදඬු වී මැරී වැටී සිටින හැටි.
නෙත් පත් තැන්
|
සිරි යහන
|
සුවට නිදන්නේ
“පාල…”මිතුම් අඬගැසුවේය. “හරි හරි …මම ඔයාලාගේ ගෙදර නවතින්නම එන්නම්…අනේ ප්ලීස්..ප්ලීස් ප්ලීස් අදට විතරක් ඉන්න දෙන්නකෝ” ඊළඟට තමාව වාහනයට දමා ගන්නා ලෙසට පාලට අණ කරන බව දැන සිටි සාරා පිණ්සේන්ඩු වුවාය. “පුංච් හාමු ….පාල මිතුම් වෙතට ආවේය.මිතුම් බැලුවේ සාරා දෙසයි.”අනේ…මිතුම්…” ඇය දෑසට කඳුළු පුරවා ගෙන වාහනයේ දොරට බර දී මිතුම් වෙතට ළන් වුවාය. “හැට හතර දාන්නේ නැතුව නඟිනවා…නැත්නම් දන්නවානේ වෙන දේ” මිතුම් ඇය දෙස බලාගෙනම කිවේය.”මම දුවලා ගිහින් හැංගෙනවා”හිතුවක්කාර ලෙස පැවසු ඇය යටි ඇසින් ඔහු දෙස බැලුවාය.”අනේ..මම හෙට සැලුන් එකකටත් ඕඩර් එක දැන්මා…හෙට අපේ ඉස්කෝලේ ෆන්ශ්න් එකක්…බොරු නම් අහන්නකො….ඔයාගේ පප්පා එන්නේ”ඇය රිය දොර මත තිබූ ඔහුගේ අතේ නියතුඩින් රේඛා අඳිමින් කීවාය.”පප්පා නෙවෙයි මමයි හෙට එන්නේ”මිතුම් කීවේය.”මොකක්…” සාරා නළලට ගත්තාය.
අන්තිම දුම්රිය
|
දෙදෙව් දනව්ව් (DEDEW DANAWWA)
1947 වසරේ දී ඉන්දියාව හා පකිස්ථානය වෙන්වීම බිතාන්‍යයන් විසින් ප්‍රකාශ කළ කාල වකවානුව මෙම කෘතියට පසුබිම වේ. මෙහි කෙටිකතා, පුජකයන්ගේ හා මැරයින් ගේ ග්‍රහණයට යටවු දිල්ලියේ ජනාකීර්ණ මුඩුක්කු තුළින් මතුවන ජාතිවාදයේ බිහිසුණු කම පඨකයා වෙත ගෙන එයි.
හීන් සැරය
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘හීන් සැරය’ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා’, ‘කැලේ කතාව’ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.
ජුදාස් හාදුව
මධ්‍යධරණී මුහුදේ, ඉතාලි වෙරළට නුදුරින් පිහිටි කුඩා බ්‍රිතාන්‍ය දූපතක ප්‍රීතිමත් ළමා කාලයක් ගත කළ පිප්පා එවෙල්, අඳුරු අප්‍රසන්න ග්‍රේ ස්ටෝන් වලව්වට ත්, එතැනින්, අභිරහස් මරණ හා රොමෑන්තික ප්‍රේමය ද වටකොට ගත්, ඈ ළමා කළ කියවූ ග්‍රීම්ස් සුරංගනා කතා වල සඳහන්, කුඩා බැවේරියානු රාජ්‍යය වෙත ගෙන යන්නේ ඇගේ ඉරණම විසින් ද?
කාල
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද අත්පිටපත් තරගාවලියේ 2015 වසරේ හොඳම නවකතාව,ප්‍රථම ස්ථානය. කලා ඓතිහාසික වෘත්තාන්තය වූ කලී ධාතුසේන රජ සමයේ සිදු වූවා යැයි සැලකෙන ජනප්‍රවාද ගත සිදුවීම් මාලාවක විදහා දැක්වීමකි.කඩවර දෙවි ලෙස දේවත්වයෙන් පිදුම් ලැබූ හීන්කුරුට්ටා යන කල්පිත චරිතය කතා නායකයා කර ගත් මෙම වෘතාන්තයෙන් දිග හැරෙනුයේ හිංකුරුට්ටා ගේ පුත් ‘කාල’ නමැති තම පියා හා තම භූමිය ජීවිතය කරගත් අපූර්ව කොලුගැටයා පිළිබඳ සංවේදනාත්මක පුරාවෘත්තයයි.
ඩ්‍රැකෝන් බලවතුන්ගේ බිහි වීම
සුශේයා තම යෂ්ටිය සුරතට ගත්තාය. ඇගේ දකුණු පසින් ටකේඩා තම අසිපත් ද්විත්වය දෑතින් දරා සූදානමින් සිටියේය. ඔවුන් දෙදෙනාට දෙපසින් සකාරස් සහ ටොකුගුවා තම ආයුධ ගෙන නැඟී සිටියහ.
“හැමෝටම දැනුම් දෙන්න. අපි මාළිඟාවෙන් එළියට යනවා. ඒ අය සටන අපි ළඟට අරන් එන්න කළින් අපි සටන එයාලා ළඟට අරන් යමු.”රණ බෙර හඬ පැතිරෙන්නට වූයේය. මාළිගාවේ ප්‍රධාන ද්වාර විවර විය. විවර වූ ද්වාර අතරින් ධවල වර්ණ ගත් ශක්තිමත් අසුන් සිව් දෙනෙකු පිට නැගි අසරුවන් සිව් දෙනෙකු ප්‍රාකාර වෙතට තම අසුන් මෙහෙයවද්දී, ඔවුන්ගේ පසුපසින් දහස් ගණනක පිරිසක් ප්‍රාකාර වෙත ඇදෙන්නට වූහ.
පෙම් ඇදුරාණෝ
|
මුළු හදින් මම ඇයට පෙම් කොට
මුළු හදින් මම ඇයට පෙම් කොට…
සුවඳ රොන්සුණු
|
නිරුවත් මොණරු
දිහාර් වරින් වර වචන බිඳෙද්දී අනුලාට කිව්වේ ඒ ඇසුණු වචන ඔහුගේ හිත පිළිගන්නට අදිමදි කරද්දීය.ඔහුගේ හදවත දරා ගත නොහැකි තරම් තදින් යුහාදී නමින් රිදුම් දෙද්දී ය.
උතුරු දොරටුව
උතුරු දොරටුව
හීනයට ළග ජීවිතේ
හිරු එබෙන උදෑසන වාසල බණ්ඩාර මැණිකේ තම පුතුගේ දෑස්වලට එබෙමින් උන්නේ නොසන්සුන් සිතිනි.
තම මව විසින් තම අත මත තබන ලද සේයාරුව දෙස එකම බැල්මකින් රකිත බලා සිටියේ නොසන්සුන් ලෙසිනි.
“මට නිදහේ අර රටට වෙලා ඉන්න නොදී බොරු ලෙඩක් අරගෙන මාව මෙහෙට ගෙන්නුවේ මේ ගොඩේ ගෑණිව මගේ කරේ එල්ලන්න ද..?”
කෝපයෙන් දැවෙමින් රකිත තම අතේ වූ සේයාරුව මව වෙතට විසි කළේය.
කොහෙද බූරුවෝ මේ කෙල්ල ගොඩේ.. හොඳට බලපං උඹටම කැපෙන කෙල්ල..”
“කැපෙනවා.. මේ වගේ වැඩ නිසා ඔයාලයි මමී මගේ හිතෙන් කැපේනනේ..”
“උඹල ඔක්කොම එකතු වෙලා මගේ දරුවව මරාගෙන.. මහත්තයා මගේ දරුවා සෑහෙන්න විදවලා.. මුං ඔක්කොම මගේ දරුවව මරාගෙන.. මේ ඔක්කොම මගේ වැරදි..”
මැණිකේ පපුවට ගසා ගනිමින් විලාප නැඟුවාය.
“නෑ අම්මේ මේ ඔක්කොම බොරු.. රකිත මගෙත් එක්ක ජීවත් වුණේ සතුටින්.. මල්කි අක්කා ඔය කොළ අත්සන් කර ගත්තේ මං ආව මුල් දවස්වල එයා කිව්වේ රකිත කිව්වා මේවා අත්සන් කරන්න කියලා.. එක්යි මං අත්සන් කළේ…
නිසල් අයියේ කියන්නකෝ මං එමෙ කෙනෙක් නෙමෙයි.. මං මගේ රකිතට වැරැද්දක් කරන්න හීනෙකින්වත් හිතුවේ නෑ..”
නිසල්ගේ අතින් අල්ලා ගත් ගිම්හානි රකිත දෙස බැලුවාය. රකිත මෙන්ම නිසල් බැුවේ ද ගිම්හානිගේ අත දෙසය. තවත් මොහොතක්වත් එතැන නොරැදුණු ගිම්හානි නිසල්වත් ඇදගෙන කාමරයෙන් එළියට විත් දොර වසා දැමුවාය.
“අයියේ මට රකිතගේ ඩොක්ටර් ගාවට යන්න ඕනේ..”
“ඩොක්ටර් එයාට.. එයාට කවදාවත් ඇවිදින්න බැරි ද”
“මේකයි මං මෙහෙම කියන්නම්කෝ.. මිස්ටර් රකිතව මෙහෙට ගේද්දී එයා ජීවත්වෙයි කියලවත් හිතුවේ නෑ.. මිස්ටර් නිසල් තමයි ඒ ගැන හෝප්ස් තියන් හිටියේ.. සුසුම්නාවට අනතුරක් වුණොත් ගොඩක් වේලාවට ජීවිත කාලය පුරාවටම ලෙඩ ඇඳේ ඉන්න වෙනවා.. ඒත් මං කියන්නේ නෑ සදාකාලිකවම ඇවිදින්න බැරි වෙයි කියලා..”
“අද ඉදලා අපි අලුත් නමකින් අලුත් ඩිසයින්වලින් මාර්කට් එක අල්ලනවා.. දන්නවද මේ එක පුංචි කෙල්ලෙක්ගේ හීනයක්.. ගිමා ෆැෂන්ස්…”
ඒ ඇගේ හීනයයි. රකිත ඇගේ හීනයට ළඟ දිනා ගත් ජීවිතයයි. ජීවිතය විසින් හීනය සැබෑ කරන්නට අඩිතාලම දමා අවසන්.. දැන් අවැසි වන්නේ ඒ අඩිතාලම මත ඇගේ හීණ මන්දිරය ගොඩ නැඟිම පමණක්මය.