Fiction & Literature

Fiction & Literature

(Showing 271 – 300 products of 1714 products)

Show:
Out Of Stock

මගෙ සිහිනය නුඹයි

Highlights:

අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සමග පිටවීමට පැමිණි ආදිත්‍යතම වේගවත් ගමන බාල කරවූයේ සිතට දැනුණ අසාමානයහැගීමක් හේතුවෙනි. කාර්‍යාලයේ සේවක පිරිස රැස් වී සිටි පිරිස දෙස බැලු ආදිතයගේ ගමන නතර වූයේ ඔහුටත් නොදනීමය. ඒ ඇස් තමා ළග නැවතුණු බව දැනුණ නිකේෂි ගැස්සුණු තරම් ළග සිටි රෙශානිට ද දැනුණේ ඇය නිකේෂිගේ අතකින් අල්ලාගෙනසිටි බැවිනි. මොහොතක් නැවතුණු ආදිතය නිකේෂි දෙස බලාසිටියේ පුදුමයෙනි.

වැහි බිංදු

Highlights:
“මොන දඩුවමක්ද? දැන් ආදරෙයි කිව්වා නේද දඩුවම්ලු ඒ පාර..”
ඔහු මගේ කනක් මිරිකයි. ඉතින් මේ සියලු ඉරියව්වකම ඇත්තේ
ආදරණීය රෝමාන්තික බවය.
“ඒ හිස්කම ජීවිත කාලෙම ඔයා පුරවන්න ඕන තේජාන්..
මං දන්නේ නෑ.. තව දරුවන්ගෙන්, තව චිත්‍රවලින්,
තව සංගීතෙන්, ඩ්න්හිල් වලින්, වයින් වලින්, කවි වලින්,
ගිනිමැල වලින්, සෙක්ස් වලින්, ආදරෙන්, වෛරයෙන්, රන්ඩු වලින්,
බැදිම් වලින්, සතුටින් ඒ හිස්කම පුරවන්න ඕන..
මම පුරවගන්න උත්සහ කරන්නේ නෑ.. ඒක ඔයාගේ දඩුවම..
මව මේ ජීවිතේට පටලව ගත්තේ ඔයානේ.. ඒ නිසා
මේ හිස්කමත් ඔයාට අයිති දෙයක්..”මම රහසින් මුමුණමින් කීවෙම්.
“ඉදු ඒක බර වැඩියි හොදටම ඉදු…ඒ දඩුවම ලොකු එකක්..”
Out Of Stock

A Little Princess (Puffin Classics)

Highlights:

Alone in a new country, wealthy Sara Crewe tries to make friends at boarding school and settle in. But when she learns that she’ll never see her beloved father again, her life is turned upside down. Transformed from princess to pauper, she must swap dancing lessons and luxury for drudgery and a room in the attic. Will she find that kindness and generosity are all the riches she truly needs? With deeply poignant introduction written by bestselling author of Chinese Cinderella, A Little Princess is one of the twenty wonderful classic stories being reissued in Puffin Classics in March 2015.

Animal Farm

Highlights:
‘All animals are equal. But some animals are more equal than others.’
Mr Jones of Manor Farm is so lazy and drunken that one day he forgets to feed his livestock. The ensuing rebellion under the leadership of the pigs Napoleon and Snowball leads to the animals taking over the farm. Vowing to eliminate the terrible inequities of the farmyard, the renamed Animal Farm is organized to benefit all who walk on four legs. But as time passes, the ideals of the rebellion are corrupted, then forgotten. And something new and unexpected emerges . . .

අග පිපි මල්

Highlights:
 “මේ කතාකරන්නෙ පාර්ලිමේන්තුවට ගිය “බල්ලෙක්” එහා කොණින් අමාට ඇසිණ.”ඒ බල්ලා කැමතියි දඩාවතේ යන බැලි කික්කියක් කූඩුවක දාලා ඇතිකරන්න.” ශබ්ද නගා සිනාසෙමින් නලින් විජිතසේන කීවේ ය.”කවුද” අසිතගේ හඬ රළු විය.”බල්ලෙක්” අමා පිළිතුරු දුන්නාය.”බල්ලෙක්” අසිත එයම ප්‍රතිරාවය කළේය.ඔව් බල්ලෙක්. නන්නාඳුනන එවුන් ටෙලිපෝන් කරනව. නොයෙක් අශීලාචාර කතා කියනව. මගේ ජීවිතේට අහපු නැති කුණුහරුප. මේ හැමදේම අසිත මං තනි ගෑනියෙක් වෙච්ච එක. මං කිසිම මිනිහෙකුට යටත්වෙච්ච නැති එක.”
Out Of Stock

Bella the Bunny Fairy

Highlights:
Get ready for an exciting fairy adventure with the no. 1 bestselling series for girls aged 5 and up.
Fairyland is in uproar! Jack Frost has stolen the Pet Fairies magical pets. Without them, the Pet Fairies can’t ensure that pets in the human world find the right owners. And now the pets have escaped from Jack Frost’s ice castle and are roaming the human world! Rachel and Kirsty have to help get the pets back…before it’s too late.
‘These stories are magic; they turn children into readers!’ ReadingZone.com
Read all seven fairy adventures in the Pet Fairies set! Katie the Kitten Fairy; Bella the Bunny Fairy; Georgia the Guinea Pig Fairy; Lauren the Puppy Fairy; Harriet the Hamster Fairy; Molly the Goldfish Fairy; Penny the Pony Fairy.
Out Of Stock

පඬුරු බඳින ගස්

Highlights:

මම හොඳ කෙනෙක් නෙමෙයි…”කලූ පැවසුවේ හඬමිනි.”ඒක එච්චරම ලොකු දෙයක් නෙමෙයි කලූ… ඕනෑම නරක මිනිහෙකුට ඊළඟ මොහොතේ ඉඳල හොඳ කෙනෙක් වෙන්න පුලුවන්…අනික…ඔයා නරක කෙනෙක් කියලා මම හිතන්නෙ නෑ..එහෙම හිතුන නම් මම මෙච්චර දුරක් එන්නේ නෑ..”දිනෙත් පැවසුවේ සන්සුන් ආකාරයෙනි.කලූ විමතියට පත් වූවාය…!මා නොදැන සිටියාට දිනෙත් බොහෝ දුරක් පැමිණ තිබේ…!!එතැනින් එහාට කලූ කිසිවක් නොකීවාය.එසේ කියන්නට ඇයට දැනුමක් තේරුමක්ද නොතිබිණි. “ඔයා දන්නවද මේ ගමේ මිනිස්සු මට කියන කතා…ඒගොල්ලො මං ගැන හිතන විදිහ…?”තමාගේ කදුළ සඟවා ගන්නට කලූ තව දුරටත් උත්සහ නොකළාය.දිනෙත් ඇයගේ හිස ඔහුගේ පපුවට තුරුළු කරගත්තේය. ” කලූ… මිනිස්සු කියන විදිහයි,ම හිතන විදිහයි අතරෙ ලොකු වෙනසක් තියනව… ඔයාට පුලුවන්නම් අන්න ඒක විතරක් තේරුම් ගන්න…ඒ හොඳටම ඇති…”දිනෙත් පවසනු කලූට ඇසුනේ සිහිනයකින් මෙනි.කලූ දිනෙත්ගේ ඉණවටා දෑත යවා ඔහුව බදාගත්තාය.

ලෝකෝත්තරයෙක් නොවීමි

Highlights:

දඹුලු ප්‍රදේශයේ ගමක රජයේ සුළු සේවකයෙකුගේ විශාල පවුලක සාමාජිකයෙකු වන කථිකයා, දුගී බව,අසල්වැසි ගම්වැසියන්ගේ නූගත්කම් , මිත්‍යා විශ්වාස, කුඩුකේඩුකම්, තරහමරහ මෙන්ම අහිංසක හිතවත්කම් මැද ජීවත් වේ. මෙම පරිසරය තුළ දඟකාර මෙන්ම ධෛර්යය සම්පන්න දරුවෙකු ලෙස වැඩෙන හෙතෙම වඩා පුළුල් හා සංකීර්ණ සමාජයක ජීවත්වීමේ පන්නරය එම ජීවිත අත්දැකීම් තුළින් ලබා ගනී.

නොයෙකුත් කම්කටොලු මැද අධ්‍යාපනය ලබමින් විශ්වවිද්‍යාලයට පිවිසෙන හෙතෙම එහිදී සිය බුද්ධිමය මෙන්ම නිර්මාණාත්මක හැකියාවන්ද වර්ධනය කර ගනිමින්, සමකාලීන සමාජ ඓතිහාසික පරිසරයද උපයෝගී කර ගනිමින්, ගැමි සමාජයේ මෙන්ම විශ්ව විද්‍යාල පරිසරයේද සාරයෙන් පෝෂය වී ගැමි බුද්ධිමතකු බවට පත්වේ. එක්තරා කාල පරිච්ඡේදයක මෙරට විශ්වවිද්‍යාල අධ්‍යාපනය පෝෂණය කළ බුද්ධිමත් මෙන්ම, මහත්මා ආචාර්ය පරපුරක් සෙවණේ වැඩෙන මෙම ගැමි තරුණයා විශ්වවිද්‍යාල සමාජයේ නායකයකු බවට පත්වේ. මෙය ගමෙන් විශ්වවිද්‍යාලයට පැමිණ ඉහළ මධ්‍යම පන්තියකට පිවිසීමට තැත් කිරීමෙන් නිශ්ක්‍රීය වන්නෙකුගේ පුවතක් නොව ,තම ජීවිතයෙන් සංතෘප්තියක් ලැබූවකු පිලිබඳ පුවතකි.

Mayavi – මායාවී

Highlights:

“කොහොමද මගේ කෝපි එක” මහසෙන් ඇගේ නළල මතට වැටී තිබු කෙස්රොද සකසමින් ඇසුවේය “ම්ම් හරිම රසයි මහසෙන්..

නිරූප රූප

Highlights:

ඇය කුස්සියට යද්දී සචින් ඇඳුම් මාරු කරගෙන වතුර එකක් උණුවෙන්නට තබා පිටත පැද්දෙන ඔංචිල්ලාවේ වාඩි වී සිටියේය.
ඇය ඔහුට ළංව එහිම අසුන් ගත්තාය. මඳක් එහාට වූ ඔහු ඇගේ උකුල මත හිස හොවා ගත්තේය. පිටතින් කෙතරම් සැඩ පරුෂ ලෙස හැසිරුණත් ඔහුගේ අභ්‍යන්තරයේ අහිංසක කුඩා දරුවෙකු සිටින බව නේත්‍රා දැන සිටියාය. ඔහුගේ මවගෙන් නොලැබුණු සෙනෙහස ඔහු විටෙක නේත්‍රාගෙන් සෙව්වේය. ඇය, ඔහුගේ නළලත සිපගෙන හිස සෙමෙන් පිරිමදින්නට වූවාය.
“ඔයා කලු වෙලා..”
ඇය කීවේ ඔහුගේ මුහුණ දෙස බලාගෙනය.
“හ්ම්ම්.. හවස බීච් එකේනේ බබා හිටියේ…”
“නෑවා ද..?”
“නෑවුනා.. මුහුදේ ෆොටොස් ගත්තේ… මගේ ෆෝන් එකේ ෆොටෝස් ඇති… බලන්න..”
ඔහු ස්ටූලය මත ඇති සිය ජංගම දුරකථනය පෙන්නුවේය.

යාරා

Highlights:
මෙල්බනයේ නගර සෝබනිය,
යාරා
නදිය නගරය මැදින් නිහඩවම
ගලා බසිනවා..
අයෙක් තම දුක වේදනාව කියන්න
යාරා
නදිය අසබඩට පැමිණියා.
තවත් අයෙක් විනෝද වෙන්න ගග අසබඩට ආවා.
නිහඩ නදිය ඔවුන් සැම පිනවමින්
ඔහේ ගලා ගියා.
එහෙත් නදියේ විලාපය ඇසුනේ කාටද?

තුරඟ මායම්

Highlights:
සිථිල සේනාධීර, නිවසේ තිබු එකම කණ්ණාඩිය ඉදිරිපිටට වී කොණ්ඩය පීරන්නට වූයේය.
නළලට වැටෙන සේ කපා තිබු ඔහුගේ කොණ්ඩය අමුතුවෙන් පීරන්න්ට අවශය නොවිණි.එහෙත් පුරුද්දක් ලෙස ඔහු හිස පීරීය. සාමානය උස මහත සිරුරකින් යුක්ත වූ සිථිල රැවුල සම්පුර්ණයෙන්ම කපා සිටියේය.
කොණ්ඩය සකසා ගත් ඔහු උරුවම් බාමින් ඇදුමේ අඩුපාඩු සකසා ගන්නට වූයේය.
ලා නිල් පැහැති අත්දිග කමිසයත් කලු පැහැති කමිසමත් ඔහුගේ පෙනුම ඔප් නංවන්නට සමත් විය.
“ඔය මදැයි හලෝ හැඩ බැලුවා.. ඔය ඉන්නේ නිකම් ෂහීඩි කපූර්ගේ අයියා වගේ..”
සිථිල පසෙකට තල්ලු කර දැමු ඔහුගේ නැගණිය රන්දුනු කණ්ණාඩිය ඉදිරිපිට සිට ගත්තාය.
“ආපෝ තමුසෙගේ කට.. මට කටවහ පුච්චන්න වෙනවා දැන්..”
සිථිල ඇයට නොටිදෙන තරම් සෙමින් ඇගේ හිසට ටොක්කක් ඇන්නේය. කට ඇද කර ඔහු දෙස බැලු රන්දුනු පාසල් නිල ඇදුමට ටයි පටිය පැළදගන්නට වූවාය.

නිහඩ කැදැල්ලේ අපි දෙන්නා

Highlights:
බිළිදු තොලක මුදු සිනහව
පිරුණ තුරුල්ලේ
සෙනෙහස කිරි සුවද නොරැදි
නිහඩ කැදැල්ලේ
අප දෙදෙනා සිනා සලන
නමුදු නිදැල්ලේ
සිත යට කදුළක් පාවෙයි
දවස මුළුල්ලේ

රසකැවිලි වෙළෙන්දා

Highlights:

සිදාදියේ කොලිජීයක අධ්‍යාපනය එපාවී ඇමරිකාවේ මනෝලෝකී විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබා හරක් මසටත් පුරුදුව සුදු කෙල්ලකද සමඟ ගෙදර එන මාලී ඉන්ද්‍රජාලික කථා කර්මාන්ත ශාලාවක් අරඹන්නට සැලැසුම් ඇඳ සිරගෙදරට යයි

මරණයේ රංගනය

Highlights:

අතිභයංකර සිදුවීමකින් තම දෙමව්පියන්ගේ මළගම සිදු වූ පසු මැඩ්ලින් සිම්ස්, ෂැඩෝබෘාක් හි පදිංචියට යයි. ඊට වසර අසූවකට පෙර ෂැඩෝබෘාක් හි වෛද්‍යවරු දෙදෙනෙක් සදාකාලි ජිවිතයක් ලබා ගැනීමට අතිබිහිසුණු හූනියම්වල පිහිට පතති. ෂැඩෝබෘාක් වෙත පැමිණෙන මැඩ්ලින් මැදිවන්නේ ඉහත ක්‍රියාවලියේ ප්‍රතිඵලය ලෙස හටගත් විකෘති, අමනුෂ්‍ය, දුෂ්ට පාපියෙකුගේ මාරාත්මක ග්‍රහණයකටය.

සෙනොරීටා

Highlights:

“උඹට කිව්වා මම මාව නොබැන්දත් දාලා යන්න එපා පේන මානෙක හිටපං කියලා.. උඹ කළේ මොකක්ද..? අතුරුදහන් වෙලා මාව නොමරා මැරුවා.. තමුන් නිසා කෙනෙක් මරන්න වුණත් මම ලෑස්ති වෙලා ඉද්දී තමුසෙ හැංගිලා ආතල් එකේ හිටියා..”ඇගෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවීම ඔහු යළි ඇය සිප ගන්නට වූයේ ඇයට රිදවාලමිනි. ඔහු ඇගේ ළමැද මතට රිදුම් දෙද්දී ඇය කෙදිරිල්ලක්වත් නොනඟා එම වේදනාව දරා ගත්තාය. මොහොතකින් ඇගේ ළමැදෙන් දෙතොල් මුදා ගත් රනුල , ඇය දෙස බැලුවේ ඇගේ නිහඬ බව නිසාය. දෙනෙත් පියා ගත්වනම ඇය කඳුළක්වත් නොසලා සිටියදී රනුලට දරා ගන්නට නොහැකි විය.“පිණිපා.. තමුසෙට රිදෙන්නේ නැද්ද..? ඇයි රිදෙනවා කියන්නේ නැත්තේ..?”ඔහු ඇගේ දෙඋරහිස්වලින් අල්ලා වේගයෙන් සොලවමින් අසද්දී සෙමෙන් දෙනෙත් විවර කළ ඇය සිනාවක් පෑවාය.

Out Of Stock

කල්ලන්දුවේ මුතු කොල්ලය

Highlights:

කල්පිටි දුපත් පිලිබඳ ඓතිහාසික ගවේෂණයක යෙදෙන නිර්භීත යහළුවන් තිදෙනෙකුගේ ත්‍රාසජනක අත්දැකීම් ඇසුරු කොටගත් සිංහල යොවුන් සාහිත්‍යයේ ජනප්‍රියතම කෘතිය.

නාරි

Highlights:
පොළෝ ගැබ සාරය කැටි කර ගත්
තේ දල්ලක හරිත පැහැය
දහදිය කදුලින් වඩාත් රසවත් වන කොදෙව්වක
ප්‍රේමය,භීතිය හා සන්ත්‍ර්‍රාසය මුසු පාරාදීසයක
කාන්තිමත් සූර්‍ය රශ්මියෙන්
විකසිත වූ දෙහදක ස්නේහය
නිල්වන් නෙත් සගලක් තුළ නිදන් වූ වගයි.

දමරඣ

Highlights:

ශම්මික යනු අරලියගහ මන්දිරයේ කටයුතු වලට මෙන්ම විපක්ෂනායක නිල නිවසේ කටයුතු වලට පවා නිරන්තරයෙන් ඇරයුම් ලබන්නෙකි.දෙපාර්ශවයෙම ප්‍රභුන් බොහෝමයක් හඳුනන්නෙකි.සියලු දෙනාට මූල්‍යමය අතින් උදව් කරන්නෙකි. කොටින්ම කිව හොත් ලංකාවේ වත්මන් දේශපාලනයම ශම්මික ඇතුලු කිහිප දෙනෙකුගේ සාක්කුවල පැවතුණු දෙයකි.කාළ වර්ණ වූ මෙම පුරුෂයා යක්ෂ ගෝත්‍රිකයන්ගේ නියම සංකේතාත්මක නියෝජනයක් යැයි කිව හැකිය.මැදි වියද ඉක්මවා සිටි ඔහුගේ නළල් පට අතරින් විසිරී ගිය ඇතැම් කෙස් රැළි ශ්වේත වර්ණ වී තිබුම හැරෙන්නට වයස ගැන තතු දක්වන කිසිඳු සලකුණක් ඔහු වෙතින් දක්නට නොලැබිණි.වෙනත් සිවිල් වැසියෙකුට මෙවන් තත්වයක්උදා වූයේ නම් ඔහු හෝ ඇය මල් කලඹ ඉතා සතුටින් බාරගනු ඇත. ආරක්ෂක අංශයක අයෙකුට මෙවැන්නක් වූයේ නම් ,සැක සිතා බෝම්බ නිශ්ක්‍රිය අංශයට හෝ අමතනු ඇත. නමුත් චානා ඒ් දෙකොසටම අයත් නොවූ නිසා ප්‍රශ්නය තමා විසින්ම විසඳාගත යුතුව ඇත.

ශ්වේත කළුවර

Highlights:

.ඔය මන්ත්‍රීනායක මහත්තයා කලින් හිටියේ සී.අයි.ඩී එකේ නෙවෙයි මිස්.ඒ මහත්තය බඳින්න හිටියේ ළමයව කවුදෝ මිනිහෙක් මරල දාලලු.දැන් එ සිද්ධියට අවුරුදු තුනක් විතර වෙනවා මයේ හිතේ.ඒ මිනිමරුවව අල්ලගන්නලු මහත්තයා සී.අයි.ඩී එකට මාරු වෙලා ඇවිත් තියෙන්නේ.රියදුරා අතීත කතාව ගෙනනැර පාද්දි විහාරාගේ දෙනෙත් විශ්මයෙන් විසල්ව ගියේය.එම අහංකාර පෙනුමැති කඩවසම් මුහුණට හෝ අළු පැහැ තියුණු දෙනෙතට යටින් මෙවන් දුක් බර කතාවක් සැඟවී ඇතැයි ඇයට කිසිවිටෙක සිතී නොතිබුණි.ඈ මුව අයා රියදුරා දෙස බලා සිටියේ වැඩිදුර විස්තර දැනගැනීම උදෙසාය.”බඳින්න හිටිය ළමයා ? එත් කොහොමද ඒ ළමයට එහෙම දෙයක් වුණේ?””ඒක නම් අපිත් හරියටම දන්නේ නෑ මිස්.කැම්පස් එකක ළමයෙක් කියලයි ආරංචිය.කැම්පස් එකේ ඇතිවුණූ රණ්ඩුවකදී මේ ළමයගේ ඔළුවට ගල් පරාක් වැදිලා තියනවා.ඉතිං ඒ ළමයට එවෙලේ සිහිය නැනි වුණාම ළමයි එයාව ඉස්පිරිතාලෙට ගෙනිහින්.ඇක්සිඩන්ට් වොඩ් කේ ඇඳක් වුඩ නිදාගෙන ඉද්දි තමයි කවුරුහරි ඒ ළමයගේ උගුරු දණ්ඩ කපලා මරල තියෙන්නේ.රියදුරාගේ දිර්ඝ විස්තර කිරිම අසා සිටි විහාරාගේ ලේ සීතල විය.

ඝෝර යාත්‍රා

Highlights:

ඔබතුමියගේ ස්වාමිපුරුෂයා මාව නිරුවත් කළා. ඔහු මට වැරෙන් කම්මුලට ගැහුවා. මගේ කටට රෙදි ගුලියක් ඔබා මාව බිම තල්ලු කරලා දැම්මා. පස්සේ ඒ අලි මිනිහාගේ බරෙන් මාව පොළොවටම මිරිකුණා. එයාගෙ පපුවෙ තිබුණු රෝම වලින් මගේ කට පිරිලා, මට හුස්ම ගන්නත් බැරිවුණා. මං නැගිටින්න උත්සාහ කළා…. හැඬුවා. ඔහු මගේ ඔළුවට තඩි පහරවල් දුන්නා. මගේ කන් කරකවා මිරිකා දැම්මා. දෑතම මිට මොලොවා මට පහර දුන්නා.මට ඒ වෙලාවේ දැනුනේ මගේ ජීවිතය ඉවරයි කියල. එක පාරටම ඔහු නැගිට්ටා. යෝධයෙන් හිටගෙන මා දිහා බලා ඉන්නවා වගේ මට පෙනුණා. ඔහු පාදයකින් මගේ මුහුණ තදින් පෑගුවා. ඔහු කී දේ මගේ පසාරු කරගෙන ගියා. ‘මට ආපහු උඹේ කටින් වචනය එහෙම ඇහුණොත් මං පණපිටින් උඹව හම ගහනවා. මට ආරංචි උණොත් එකෙක් එක්ක හරි උඹ එක වචනයක්වත් කථා කරල තියෙනවා කියලා. මං උඹව පොඩි පොඩි කෑලිවලට කපලා උයනවා. ඔහු මගේ කොණ්ඩෙන් අල්ලා උඩට ඉස්සුවා. මං කකුල් දෙක වේගයෙන් වනලා බිමට පනින්න උත්සාහ කලා. ඔහු අනික් අතින් මගේ උගුරුදණ්ඩ අල්ලා මිරිකුවා. මගේ හුස්ම හිරවෙන්න වගේ ගියා. පස්සේ ඔහු පලයන්! පලයන්! පලයන්! කියල කියනවා ඇසුණු ගමන් මගේ පණ කෙන්ද බේරගෙන මං හැකි තරම් වේගයෙන් එලියට දිව්වා.

නමක් නැති කතාවක්

Highlights:

ෆරාෂා ගවුස් මන්නාරම් වැලි පොළොව ලෙයින් නැහැවෙද්දීත් යහපත් හෙටක් පැතූ මිනිසුන්ගේ හුස්මින් ලොව දුටුවාය. ඇගේ පාටපාට ලෝකය කළු සුදු වෙද්දීත් ඇය ජීවිතයේ අරුත සෙව්වේ ඒ නිසාය. තිත්ත කළුවර මුරුගසන් වැස්සේ කුඩා බෝට්ටුවේ මහමුහුදේ වියරු දිය රැළි හා පොර බඳින තුරුත් ඇයට ආදරණීය පවුලක් තිබුණි. රළු මුහුදට ඇගේ ලෝකය යට වූ දා පටන් ඇය ජීවිතය නාඳුනන මිනිසුන් හා එක්ව දකින්නට වෙර දැරුවාය. එහෙත් යුද්ධය දැක දැක ජීවත් වූ ඇයට යුද්ධයේ මර හඬ නෑසී ජීවත්වෙන්නට බැරි ය. දහසක් විලාපයන් මැද්දේ සහෘදයන් යළි හමු වෙතැයි වූ ෆැන්ටසියක ඈ ජීවත් වූවාය. ඒ ෆැන්ටසියෙන් අවදිවන්නට ඈ ලෝභ වූවාය. මේ වේදනාව අවසන පාට පාට සමනල්ලූ, බත්කූරන් අත්තටු ලා ඇගේ නිජ බිමේ පියාසර කරනු ඇතැයි ඈ සිතුවාය. දහසක් වූ සංක‍්‍රමණික පක්ෂීන් සේ ඇයට ඒ මනරම් දූපතට සංක‍්‍රමණය කරන්නට හැකි යැයි ඈ විශ්වාස කළාය. ලේ පිපාසිත වෙඩි උණ්ඩවලින් ජීවිතය කියවූ ඇය සිය නමක් නැති කතාවට නමක් සොයන්නේත් ඒ නිසාය. ඇගේ කතාවට නමක් දෙන්නට ඔබට හැකිවේවිද?

KAMBA – කම්බා

Highlights:

එවන් ලාංකේය සමාජයක, ස්ත‍්‍රියට අත් විඳින්නට සිදුවන අනේකාකාර අත්දැකීම් ප‍්‍රබලව නිරූපණය වන නවකතාකරණයක් තුළ, ස්ත‍්‍රිය සතු සාමූහික ළෙන්ගතුකම, කැපවීම හා ශක්තිය විෂයෙහි දෘෂ්ටියක් කුළු ගන්වමින් ලියැවුණු‘කම්බා’, නොනවත්වා කියැවිය හැකි, රසවත්, වෙනස් ආරක නවකතාවකි.

WAENISIYE BANDARA – වැනීසියේ බණ්ඩාර

Highlights:

”අපේ එකෙක් ඉතාලි කෙල්ලක් තියා ඉතාලියේ හැදිච්ච සිංහල පවුලක කෙල්ලක්වත් බඳින්න හිතන්නෙ නෑ. උඹ ඒකෙනුත් හොඳම එක… උඹ ඉතාලියෙ සිංහල කෙල්ලක් බැඳලා මේ රටට එන්න වීසා හදාගත්තා.” බීම කවුන්ටරයේ සිටි මාරියෝ මිතුරන්ට ඇසෙන සේ මට කෑ ගැසුවේය.කතුවරයාගේ අනෙකුත් පොත් කිහිපයක්.බොහොමියන් දරියෝ,මගේ චිකාගෝ හදවත,කෝමල මානවක,කුමර කොබෙයි.ඇමෙරිකා,ගැහැණු ළමයාගේ මරණය,රෝසමාලී,නිරුවත් හදවත්,වැව් පතුලේ කිදුරිය,වීනස්ගේ උපත,පියාපත් ලත් දෝණිය,අනන්ත දේශය,පාරාදීසයක දරුවෝ.

Out Of Stock

One Indian Girl

Highlights:

Hi, I’m Radhika Mehta and I’m getting married this week. I work at Goldman Sachs, an investment bank. Thank you for reading my story. However, let me warn you. You may not like me too much. One, I make a lot of money. Two, I have an opinion on everything. Three, I have had a boyfriend before. Okay, maybe two. Now if I were a guy, you’d be cool with it. Since I am a girl, these things don’t make me likeable, do they? Bestselling author Chetan Bhagat, writing for the first time in a female voice, brings to you One Indian Girl, the heart-warming story of a modern Indian girl.

දැරියකගේ ප්‍රයාමය

Highlights:

ඒ යුද්ධය රාක්ෂයෙකි සියක් වසරක් තිස්සේ රට පුරා නගර ගම් දනව්වල ඇවිදිමින් ලේ පෙරාගෙන මිනිසුන් අමුඅමුවේ කකා සිටි රාක්ෂයෙකි. අවුරුදු දහහතක් වයසැති මේ ළමයා සිය සුකුමාර ළපටි අතින් පහර දී ඌ බිම හෙළා ඇත.

අර බලන්න! ඌ අත්ත පාතේ රණ බිම මඩ වගුරක ආයිත් නොනැගිටින සේ දරදඬු වී මැරී වැටී සිටින හැටි.

Out Of Stock

නෙත් පත් තැන්

Highlights:
එම සොදුරු සිහිනය ඇරඹුමේ සිටම
විශ්වයත් සමග මගා සබැදියාවක් පැවතියේ
නොවේදැයි චමින්ද සිහිපත් කළේ
නොසන්සුන් බවකින් යුතුවය. චමින්දත්
පත්මාත් දියණිය මෙලොවට කැන්දන්නට
මං හසර තැනුවේ මහා රාත්‍රියක ගල්ලෙන
ඉදිරිපිට ගල් තලාවේ වැතිරීගෙනය.
මහාමායා දේවිය සුදු ඇත් පැටවෙකු සිය
කුසට ඇතුළු වනු සිහිනයෙන් දුටු ලෙසින්ම
පත්මා ද නයෙකු සිහිනයෙන් දැක තිබිණි.
ඉනික්බිතිව දිගින් දිගට නයින් සිහිනයෙන්
දැකීම නිසා ඇය නයි හැවක් දකිද්දී පවා
බිය වූවාය.

සිරි යහන

Highlights:

රන් හුයෙන් දෑගිලි බැද, රන් කෙන්ඩියෙන් අත් පැන් වත්කොට එක්තැන් කරන ලද්දා වූ පතී පතිනීහු එවක් පටන් එක වහල යට හිද – එක පතැ බොජුන් වළදා – එකමැ සිරි යහන වැද – උනුන්ගේ අධයාත්මයන් වටහාගන්ට තැනක් වෙහෙස දරති; දිය පිට තැනු නිවෙසක් දිය රළ හා චංචල වන්නේ යම් සේද එසේම චංචල වන්නා වූ ස්වකීය කුටුම්බය නිශ්චල කොට ප්‍රතිෂ්ඨාපනය කරන්ට ඔවුහු දිවා රෑ දුක් ගනිති; දෙදරා බිද වැටෙන ජීවිතයෙහි සුන්බුන් ඉවත් කරමින්ද පිළිසකර කරමින්ද සුණු පිරියම් කරමින්ද කුටුම්බ විචාරණය සාටෝපවත්ව පවත්වාගෙන’ යන්ට අරගල කරති.එහෙත් අරගලයෙන් දිග් විජය ලබන්නෝත්වෙත්ද? විවාහය හා පවුල් සංස්ථව අදාළ කුලසේන ෆොන්සේකා විසින් විරචිත සිරි යහන නවකතාව, අප අමතා නගන පැනය එයයි. එහීදි සුමනදාස හා රේණූ යන පති පත්නීන්ගේ චරිත ප්‍රබල ලෙස ගොඩනගන කතුවරයා දැලකින් සුළං බදන්ට ඔවුන් දරන වෑයම සනුකම්පික වූද උපේක්ෂාශීලී වූද ඇසකින් අවලෝකනය කරති.

Out Of Stock

සුවට නිදන්නේ

Highlights:

“පාල…”මිතුම් අඬගැසුවේය. “හරි හරි …මම ඔයාලාගේ ගෙදර නවතින්නම එන්නම්…අනේ ප්ලීස්..ප්ලීස් ප්ලීස් අදට විතරක් ඉන්න දෙන්නකෝ” ඊළඟට තමාව වාහනයට දමා ගන්නා ලෙසට පාලට අණ කරන බව දැන සිටි සාරා පිණ්සේන්ඩු වුවාය. “පුංච් හාමු ….පාල මිතුම් වෙතට ආවේය.මිතුම් බැලුවේ සාරා දෙසයි.”අනේ…මිතුම්…” ඇය දෑසට කඳුළු පුරවා ගෙන වාහනයේ දොරට බර දී මිතුම් වෙතට ළන් වුවාය. “හැට හතර දාන්නේ නැතුව නඟිනවා…නැත්නම් දන්නවානේ වෙන දේ” මිතුම් ඇය දෙස බලාගෙනම කිවේය.”මම දුවලා ගිහින් හැංගෙනවා”හිතුවක්කාර ලෙස පැවසු ඇය යටි ඇසින් ඔහු දෙස බැලුවාය.”අනේ..මම හෙට සැලුන් එකකටත් ඕඩර් එක දැන්මා…හෙට අපේ ඉස්කෝලේ ෆන්ශ්න් එකක්…බොරු නම් අහන්නකො….ඔයාගේ පප්පා එන්නේ”ඇය රිය දොර මත තිබූ ඔහුගේ අතේ නියතුඩින් රේඛා අඳිමින් කීවාය.”පප්පා නෙවෙයි මමයි හෙට එන්නේ”මිතුම් කීවේය.”මොකක්…” සාරා නළලට ගත්තාය.

අන්තිම දුම්රිය

Highlights:

රාත්‍රිය මැද්දෙන් වෙඩි හඬක් ගිගුම් දුන්නේය. කිරල්ලු එකිනෙකාට අඬ ගා කැඳවමින් ඈතට පියාසර කළහ . කීකාර් ගස්වල හිටි කපුටෝ කෑ ගසන්නට වූහ. ජුගුත් සිං අඳුර මැදින් ගම්මානය දෙස නිසලව බලා සිටියේය. හිමින් සීරුවේ ඔහුගෙන් මිදුණු තරුණිය තම ඇඳුම් හරිගස්සා ගත්තාය.

1 2 8 9 10 11 12 57 58
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping