1408 සහ තවත් කතා
ලැගුම්හල්වල කාමර කොහොමත් බියකරු තැන් ය. ඔබට එසේ සිතෙන්නේ නැතිද ? මා කියන්නට ගියේ… ඔබට පෙර ඒ සයනයේ මිනිසුන් කී දෙනෙකු නම් නිදාගන්නට ඇතිදැයි ඔබට සිතෙන්නේ නැද්ද? ඒ මිනිසුන් අතරින් කී දෙනෙකු නම් අසනීපයෙන් සිටින්නට ඇතිද? එයින් කීදෙනෙකු උමතු බවට පත්වන්නට ඇතිද? ඒ අතරින් කී දෙනෙකු ඇඳ අසල ඇති රාක්කයෙන් බයිබලය ගෙන. අවසන් වතාවට එහි ජේදයක් දෙකක් කියවා ගෙළ වැලලාගෙන මියෙන්නට කල්පනා කරන්නට ඇතිද?
ඒ කොයි හැටි වෙතත්… ඉතින් අපි ඒ ලැගුම්හලට ඇතුළු වෙමු නේද? මෙන්න යතුර. ඉතින්, ඔබ මඳකට නතර වී සිතිය යුතු එක් කාරණයක් ද ඇත.මේ අහිංසක ඉලක්කම් හතර එකතු වී සෑදෙන්නේ කුමන ආකාරයේ බිහිසුණු දෙයක්ද? එය ඇත්තේ මේ බරාඳයේ කෙළවරේ ය.
සෞරි
“මේ දෙන්නා එක්කෝ අධිකව ඩ්‍රින්ක්ස් අරගෙන ඉඳල තියෙනවා.නැත්නම් වැඩියෙන් ආහාර ගැනීම, නිදි වැරීම හෝ වෙනයම් හේතුවක් නිසා අධික නිදිමතින් ඉඳල තියෙනවා.ඒක තමයි දෙන්නා ගොඩ එන්න ලොකු උත්සහයක් දරපු බවක් පේන්න තිබුණෙ නැත්තෙ..”
මරණ පරීක්ෂකවරයා කීවේ ළග උන් සහයකයාට ය .
ගොඩගත් වාහනයේ මත්පැන් හා කටගැස්ම තිනුණාට ඔවුන් ඒ වන විට බීමත්ව නොසිටි බව සායනික පරීක්ෂාවකින් පසු සැලසිණි.
“එහෙනං හේතුව නිදිමත වෙන්න පුළුවන්. ඒත් මේ තරම් අනතුරක් වෙද්දී කෙනෙක් සීට් බෙල්ට් එකවත් ගලවගන්න උත්සහ කරලා නෑ කියන්නෙ හරි පුදුමයක්..”
උදයන්ත සිය ආසන පටිය ගලවා තිබුණද පර්ල් ආසන් පටි තද කරගෙනම මියගොස් සිටීම ගැන සැකයෙන් ඔහු තව දුරටත් කීවේය.
වීදි කුණාටු
මීට අවුරුද්දකට විතර ඉස්සර ඉස්කෝලෙ
ඇරිලා ගෙදර ආව ගමන් පරණ ඇඳුමක්
දාගෙන පන්සලට දුවන් ආපු කාලෙ හරි
සුන්දරයි අපේ හාමුදුරුවනේ. ඒත් මට
ආපහු ඒ අතීතෙට යන්න බෑ
සජිත්
මගේ බලාපොරොත්තු බිඳිලා ගියේ මීට
කාලෙකට ඉස්සර අයියෙ. මඩේ පිපුණත්
නෙළුම් පිවිතුරුයි කියනවනෙ. ඒ වගේ
පිවිතුරු නෙළුමක් කඩා ගන්න වැව්
ඉවුරෙ හිටපු මට පින නැතිව ගියා. දැන්
ඉතිං එන විදියට ජිවත් වෙනවා.
ඈ හෙවත් අයේෂා 2
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා” පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍යයේ එන එකම නවකතාව වෙයි. අවුරුදු දෙදහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයකුත්, ඇමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාර ජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන් සිංහල නවකතාවේ නිම් වළලු පුළුල් වන අතරම, අපගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය.
කාන්තාරය සහ මුහුද
ඇමරිකානු ජාතික මයිකල් ස්කොට් මුවර් සාහිත්‍ය පිළිබඳව මනා දැනුමක් ඇති මාධ්‍යවේදියෙක් හා නවකතාකරුවෙකි. ලොස් ඇන්ජලීස් පිළිබඳව ලියු විනෝදාත්මක ‘ ටූ මච් ඔෆ් නතිං’ නවකතාවත්, දිය මත පැද යාම වෙනුවෙන් ලියන ලද හොඳම සංචාරක ග්‍රන්ථයක් ලෙසට 2010 දී ඉකොනොමිස් ඇන්ඩ් පොප්වැටර්ස් විසින් නම් කරන ලද ‘ස්වීට්නස් ඇන්ඩ් බ්ලඩ්’ කෘතියත් ඔහු විසින් ලියන ලද කෘතීන් ය. ඔහු ස්පිගල් ඔන්ලයින් ඉන්ටර්නැෂනල් හි සංස්කාරවරයෙකු ලෙස සේවය කොට ඇති අතර පැසිෆික් ස්ටෑන්ඩර්ඩ් වෙත බර්ලිනයේ සිට අත්ලාන්තික් සාගර ප්‍රතිපත්ති පිළිබඳව තීරුව ලියා තිබේ. ඔහු වෙත කේරී ආයතනයේ ලෝගාන් නොටිෆිකේෂන් වැඩසටහනෙන් හා ෆුල්බ්‍රයිට් ආයතනයෙන් හා අර්බුද වාර්තාකරණය පිළිබඳව පුලිට්සර් මධ්‍යස්ථානයෙන් ද පැසසුම් හා සාමාජිකත්ව ප්‍රදානය කොට ඇත. ඔහු තම කාලය ලොස්ඇන්ජලීස් සහ බර්ලින් අතර ගතකරමින් සිටි. මේ ඔහුගේ ජීවිතයේ ලැබූ සත්‍ය අත්දැකීමයි. ඔහු දින 977 සෝමාලි මුහුදු කොල්ලකාර වෙරළේ අත්අඩංගුවේ පසුවිය.
” මිනිසකු ගේ සැබෑ වටිනාකම තීරණය වන්නේ, තමා විසින්ම විමුක්තියෙන් ලබාගෙන ඇති මිනුම හා වැදගත්කම අනුවය.”
– ඇල්බට් අයින්ස්ටයින් – 1934
කළු රැජින
සුළඟක්ව පාව විත්
රැඳෙන්නට හැකි නම්
නුඹ ළඟ…
හඬ නගා කියන්නට
හැකි නම්,
හද රැඳුනු ආදරය
නුඹ නමට…
අනේ එහෙනම්
ඒ හැමදේම මම කියනවා,
තුරුළු වී ඔය පපුතුරට…
අහඹු හමුවීමක
නොපැතු අවසානය මෙය බව
දැනෙනවාද නුඹට….
ඈ හෙවත් අයේෂා 1
එච්. රයිඩර් හැගාඩ් ගේ ශ්‍රේෂ්ඨතම සාහිත්‍ය කෘතිය වන “ඈ හෙවත් අයේෂා ” පුනරුප්පත්තිය තේමාව කර ගත් බටහිර සාහිත්‍ය යේ එන එක ම නවකතාව වෙයි. අවුරුදු දෙ දහසක කාලයක් තුළ ජීවත් වන, රූප ශ්‍රීයෙන් අග්‍ර ප්‍රාප්ත අමරණීය රැජනකත්, ලියෝ වින්සි නමැති ඉංග්‍රීසි තරුණයෙකුත්, අමෙර්නාතස් නමැති මිසර තරුණියකත් වටා ගෙතුණු අද්භූත ජනක ප්‍රේම ත්‍රිකෝණයක් වන මේ චමත්කාරජනක නවකතාව ශෘංගාර රස පූර්ණ ගඟුලැල්ලකට සමාන කළ හැකිය. ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ඉතිරෙන මේ නවකතාවෙන්, සිංහල නව කථාවේ නිම් වළලු පුළුල් වන අතර ම, අප ගේ පාඨකයන්ට මෙය නව අත්දැකීමක් ද වනු නොඅනුමානය.
රූප විපර්යාසය
මේ කථා සංග්‍රහයට, වර්තමාන ලෝක සාහිත්‍යයේ අති දැවැන්තයකු ලෙස අවිවාදයෙන් පිළිගෙන ඇති ෆ්‍රාන්ස් කෆ්කා ගේ ශ්‍රේෂ්ඨ කතා පසළොසක් අඩංගු වී ඇත. ඒවා අතර “ රූප විපර්යාසය, ” “ බල්ලකු ගේ පරීක්,“ බෙනය ” හා “ චීන මහා ප්‍රාකාරය ” වෙයි. අධිතාත්ත්වික වාදී, භව සත්තා වාදී මහා ලේඛකයකු වන ෆ්‍රාන්ස් කෆ්කා ගේ මේ කථාවලින් වැඩි ගණනක් සිංහලයට පරිවර්තනය වී ඇත්තේ ප්‍රථම වරට ය. කෆ්කා මෙහි දී නිරූපණය කරන අනේක විධ අනය ව්‍යසනයෝ වර්තමාන මිනිසා ගේ අනය ව්‍යසනයෝ ම ය.
බැස්කර්විල් දඩබල්ලා
සර් ආතර් කොනන් ඩොයිල් ගේ රහස් පරීක්ෂක නව කථා අතුරෙන් මෙය ඉතා ම ප්‍රකට හා අතිශයින් ම ත්‍රාස ජනක නව කථාව ය. රාත්‍රී කාලයෙහි මුඩු බිමෙහි අවතාරයක් මෙන් සැරි සරන භීෂණාත්මක දඩ බල්ලකු පිළිබඳ ලොමු දැහැගැන්වෙන මෙම නව කථාවට පසු බිම වී ඇත්තේ, බැස්කවිල් පරම්පරාවේ භයංකර පුරාවෘත්තයකි. රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස් මේ අබිරහස් මිනී මැරුම අනාවරණය කරන්නේ පාඨකයා භීතියෙන් හා ත්‍රාසයෙන් කම්පා කරවමිනි.
මාස්ටර්මන් රෙඩි
නැව බිඳී යෑමෙන් ශාන්තිකර සාගරයේ පාළු දුපතකට ගොඩ බට පවුලක් පිළිබඳ ඉතා චමත්කාර ජනක ළමා නවකතාවකි. “මාස්ටර්මන් රෙඩි” නැමැති ඉතා කාරුණික වු ද දක්ෂ වූ ද නාවිකයා ගේ උපකාරයෙන් සැපවත් ජීවිතයක් ගත කරන්නට පටන් ගන්නා මේ පවුලේ ඉරණම ම්ලේච්ඡයන් ගේ පැමිණිමෙන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙයි. ම්ලේච්ඡයන් නිසා ඔවුන්ගේ ජීවිත ත්‍රාසයෙන් හා භීතියෙන් පිරී ගියද තැනට සුදුසු නුවණින් ක්‍රියා කිරීමෙන් ඔවුහු දිවි ගළවා ගනිති. එසේ වුවද “මාස්ටර්මන් රෙඩිගේ” මරණය නිසා මේ නවකතාව කරුණා රසයෙන් පිරුණු ශෝක කාව්‍යයක් බවට පත්වෙයි. ළමා නවකතාවක් වශයෙන් ඉතා ශ්‍රේෂ්ඨ තැනක් ගන්නා මේ නවකතාවෙන් සිංහල සාහිත්‍යයට නව මං විවෘත වනු නොඅනුමානය.
සම්පුර්ණ යි. අසංක්ෂිප්ත යි.
ධිවනිත
ඔහු සිය ආත්මය පැහැර ගෙන ගොස් ඇත.
ඔහුට එසේ නොකරන්නට තිබුණි. තමාට ළං
නොවී ඉන්නට තිබුණි. එහෙත් තමාටත් එසේ
කරන්නට අවස්ථව තිබුණු නමුදු තමාටත් ඔහුට
ළං වන්නට උවමනා වී තිබුණි.සත්‍ය එය වුවද නිහාරිකා මේ මොහොතේ සිතුවේ
ඔහු තමා සාහසික ලෙස රවටා ඇති බැවි පමණි.
කිසිවෙකු ස්පර්ශ නොකළ සිය ගත ඔහු ස්පර්ශ
කර ඇත. පිරි මැද ඇත.අවසානයේ සිය දෙතොලේ
පහස ද ඔහු විදගෙන ඇත. සමාවක් දිය නොහැක.
සිත හදුනා නොගත් ප්‍රේමය වෛරයෙන් වැසී යාමට අර
අදින බැව් යුවතියට වැටහී යාමට තරමක් දුරට ප්‍රමාද වී ඇත.
ප්‍රේමය.. එය මරණීය වේදනාවකි. හුස්ම පවා සිරවෙන..
සියලු පැතුම් සුනු විසුනු වෙන.. සියලු අරමුණු සුළගේ ගසාගෙන යන..
එය මරණීය වේදනාවකි.
මගියා
දේවාන් යසෝදරාට පොතක් තෑගි කළේය. යසෝදරා එහි දවටනය සීරුවෙන් නිරාවරණය කොට පළමු පිටුව පෙරළුවාය.එහි දේවාන් ඔහුගේ අපැහැදිලි අකුරුවලින් මෙසේ ලියා තිබුණි. ‘ඔබ ආදරය දෝතින් රැගෙන ප්‍රේම සයුරේ රැල්ලක් වී එනවිට මම වෙරළක් වී ඔබ එනතුරු බලා සිටින්නෙමි.’
‘ඔබත් දේවානුත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබුණා නේද?.. කොහොමද ඒ ප්‍රේම සම්බන්ධය කැඩුණෙ?’ දේවාන්ගේ ජර්මන් බිරිද අනබෙලා පැකිළීමකින් තොරව යසෝදරාගෙන් කාරුණිකව ඇසුවාය.
‘අපේ ප්‍ර්‍රෙම සම්බන්ධය කැඩෙන්න ඒ යුගයේ ස්වභාවය බලපෑවා. ඒ යුගයේ ආදරයට වඩා වැදගත් යයි කියු පුරුෂාර්ථයන්ගෙන් සමාජය ගැබ්බර වෙලා තිබුණා.. ඒ උණුසුම් රැල්ලට දේවානුත් අසුවුණා.’ යසෝදරා සෑම වචනයක් ම අර්ථ ගැන්වෙන අයුරින් පිළිතුරු දුන්නාය.
විවාහකයා
මෙය විසිවන සියවසේ මුල් භාගයේ දී ඉංග්‍රීසි ප්‍රබන්ධ සාහිත්‍ය ලෝකයෙහි මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත් වූ ඩී.එච්.ලෝරන්ස්ගේ චරිතාපදානය සහ ඔහුගේ නිර්මාණ පිළිබදව අල ගිය තැන්, මුල ගිය තැන් ඉතා සියුම් ලෙසත්, විචාරශීලීවත් විමර්ශනය කරමි බ්‍රෙන්ඩා මැඩොක්ස් නම් ලේඛිකාව සම්පාදනය කළ ‘The Married Man’ නම් කෘතියේ සිංහල අනුවාදයයි.
රන් දෝලි
රෝස පාට හීන පොකුරු
ඉහ ඉද්දර පිබිදෙනකොට..
දෝත පුරා සුවද රැගෙන
නුඹ සිත ළග දැවටෙනකොට..
දෑස පිරුණු කදුළු බිංදු
සෙනෙහස දැක සැගවෙනකොට..
දාස් ගණන් පැතුම් මැදුරු
ඉදි වෙනු ඇත නුඹ වටකොට..වහන් වෙවී නෙතු පිය ළග
පැතුම් පිරූ යුගය නිමකොට ..
සිහින් මියුරු ගීතයක්ව
ගැයෙනු ඇසෙයි යුග සවනත..
පහන් දොරින් අදුරු තිමිර
ඉරා මගේ ලොව එළිකොට..
පහන් තාරුකාවක් වී
පායනු මැන සිත් අහසට…
හැරී සහ හෝප්
පාර පුරාම දූවිලි මල් පිපුණා.අපි ඉන්නා දෙසට ජීප් රථයක් සහ ට්‍රේලර් එකක් එමින් තිබුණා. හැරී එච්චර වේගයෙන් දුවනවා මීට කලින් මම දැකලා තියෙන්නේ එකම එක සැරයයි. මොහාතකින් ජීප් එකයි හැරී අතර දුර නැත්තටම නැති උනා. දූවිලි වැකුණු ඉදිරිපස වීදුරුව තුළින් මම ෆ්‍රෑන්ක්ව දැක්කා.ඉතින් මමත් එයා වෙතට දුවමින් හිටියා.
සයුරු කුරුල්ලෝ
තෙදිනක් පුරාවට එක සීරුවට ඇද හැලුණු වර්ෂාවෙන් පසුව හිරු එළිය පොළවට පතිත වුයේ කම්මැලිකමිනි. එහෙත් තෙතබරිත පරිසරය උණුසුම් කරන්නට එම හිරු එළිය සමත් විය.
මාතර වෙරළ තීරය පාළුවට ගොස් තිබුණේ එම කාලගුණය විනෝදකාමීන්ට පිටතට පැමිණීමට ආරාධනා නොකළ නිසාය.
ඕෂධී බංකුවක වාඩි වී මුහුද දෙස බලා සිටියාය. ඇගේ හොදම මිතුරිය නටාෂාගේ පෙම්වතා වන බිමල් සේවය කළේ මාතර නගරයේය. සමහර සති අන්තවල ඔහු නටාෂා දැක බලා ගැනීමට කොළඹට පැමිණි අතර, ඇතැම් දිනෙක නටාෂා ද මාතරට පැමිණියාය. ඇගේ තනි නොතනියට පැමිණියේ ඕෂධීය.
ඇගේ තනි කර, නටාෂා හා බිමල් කතා කරමින් වෙරළ තීරය දිගේ ඇවිද ගියත් ඕෂධීට පාළුවක් නොදැනිණි. මුහුදට බොහෝ සේ පෙම් කළ ඇයට එදෙස බලාගෙන පැය ගණනක් වුව කම්මැලිකමකින් තොරව සිටින්නට හැකියාව තිබිණී. වේලාව උදෑසන එකොළහ වුවත් තද අව් රශ්මියක් නොමැති වීම ගැන හිරුට ස්තූතිවන්ත වූ ඇය බංකුවෙන් නැගිට සෙමින් රළ බිදෙන සීමවට ළං වූවාය.
ඇද සිටි ඩෙනිම් කලිසමේ කකුල් දණහිස තෙක් නමා ගත් ඇය මුහුදු රළට ඇගේ දෙපා සෝදාගෙන යන්නට ඉඩ දුන්නාය.වර්ෂාව නිසාවෙන් මුහුදු රළ චණ්ඩ වී තිබිණි.රළ පහරක් වෙරළට පැමිණ මුහුදට ගියේ ඇගේ නමා තිබු කලිසම ද තෙමාගෙනය. ඇය තනිවම සිනාසෙමින් රළ බිදෙන සීමාව ඔස්සේ සෙමෙන් ඉදිරියට යන්නට වූවාය.
අබිරහස් දේවගැතිවරයා
නිද්‍රාජනක ඖෂධ අධි මාත්‍රාවක් ගැනීම හේතුවෙන් සිය සයනයෙහි දි ම සාමකාමි අන්දමින් මිය ගිය දේවගැතිවරයෙකි. නමුත්, මෙඩිසන් නගරයේ දිස්ත්‍රික් නීතීඥවරයා ලෙසින් අභිනවයෙන් පත් වු ඩග්ලස් සෙල්බි, එම මරණය පිළිබඳව සැක පහළ කරයි. දේවගැතිවරයාගේ භාර්යාවට මරණය පිළිබඳව දන්වන හෙතෙම,ඇය මෙඩිසන් නගරයට කැඳවයි.මියගිය පුද්ගලයා සිය සැමියා නොවන බැව් ඇය පවසත් ම මෙය මනුෂ්‍ය ඝාතනයක් විය යුතු බවට සෙල්බි ප්‍රත්‍යක්ෂ කර ගනියි. මියගිය දේවගැතිවරයා කවරෙක් ද? ඔහු ඝාතනයකොට ඇත්තේ මන්ද? ඒ කවරෙකු විසින් ද? මේ සියල්ල අනාවරණය කර ගැනීමට තරුණ හා කඩවසම් දිස්ත්‍රික් නීතීඥවරයා සමත් වේ ද? මේ,මේඩිසන් නගරයේ ආක්‍රමණශිලී, තරුණ දිස්ත්‍රික් නීතීඥවරයා පිළිබඳ පළමු වන කතාවයි.
රෝමාන්තික ප්‍රේමයේ ලාංකේය ගතිකයන් සොයා යාම
මෙහි දී අපගේ විමසුම් ඇස නාභිගත වන ප්‍රශ්නාර්ථිකය වන්නේ නූතන රෝමාන්තික ප්‍රේමයත් ඥාතීත්ව ආදරයත් අතර දෝලනයක්, ගුණදාස අමරසේකරගේ ජීවන සුවඳ, කරුමක්කාරයෝ, දෙපා නොලද්දේ, යලි උපන්නෙමි සහ ගන්ධබ්බ අපදානය යන නවකතා හා කෙටිකතා මාලාව විසින් විෂද කරනු ලබයි ද යන්න යි. ප්‍රේමයේ මෙම ගතිකය Falling in love ලෙස හඳුන්වන ප්‍රේමය තුළට ඇදවැටීම යන්නට පටහැණි වෙයි. ඉහත කෘති සමස්තය සියුම් ලෙස සහ අන්තර් – පඨිතමය ලෙස කියවමින් ප්‍රේමය තුළට ඇද නොවැටෙන නූතන ලාංකේය ප්‍රේමයේ දුරවබෝධ ගතිකයන් සොයා යාමට මෙහි දී අප උත්සාහ කරමු. මේ කියවීම තුළ න්‍යයයික සංකල්පවලට අනුව ආඛ්‍යාන රාමුගත කිරීම වෙනුවට අප සිදු කිරීමට උත්සාහ ඇත්තේ ආඛ්‍යාන තුළ පුනරාවර්තනය වන සාධක ඔස්සේ සංකල්පීය ප්‍රවර්ග නිර්මාණය කර ගැනීමයි. එම සංකල්පීය ප්‍රවර්ග යම් යම් න්‍යායයික සංකල්ප සමඟ සමාන්තර වන අවස්ථාවන් හි දී වූවත් අප එම සංකල්ප සමඟ මෙම ප්‍රවර්ග අනන්‍ය කරන්නට උත්සාහ කර නැත. මෙම කෘතිය ලාංකේය සාහිත්‍ය කියවීමේ භාවිතයන්ට සේම ප්‍රේමය පිළිබඳ සංකල්පගත කිරීමට ද යම් එකතු කිරීමක් සිදු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.
නිරෝධායන චාරිකාව
ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය මගින්, මෙරට පුවත්පත් හා විද්‍යුත් මාධ්‍යයන් හි පළ කරන්නට යෙදුණු ඒ අවවාදාත්මක දැන්වීම මගේ මතකයේ ඇත. නීති විරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට ඇතුල්වීමට උත්සාහ කිරීමෙන් වළකින්න. එසේ එන සියලු දෙනා, අත්අඩංගුවට ගෙන අනිවාර්යයෙන් ම ආපසු හරවා යවනු ලැබේ. මිනිස් ජාවාරම්කරුවන්ට නොරැවටෙන්න. ඊට ටික කලකට පසුව, ඕස්ට්‍රේලියානු රජයෙන් පළ කොට තිබු පහත දැක්වෙන දැන්වීම මගේ ඇස ගැටුණේ,අන්තර්ජාලයේ සැරිසරමින් සිටි මොහොතක,අහඹු ලෙසය.
දෑස්
“චූටි පුතේ.. චූටි පුතේ..”
ගජරාමෙට නින්දක් දාගෙන ඉද්දී කවුදෝ මන්දා මාව
එහාටයි මෙහාටයි හොල්ලන්න ගත්තා. ඇත්තටම මොකාද මේ
වසලයා…
“චූටි පුතේ…”
ඕං ආයෙත් පාරක් … මං ඇස් දෙකෙන් එක ඇහැක්
විතරක් ඇරලා බැලුවා. ම්හ්.. කට්ට කළුවරයි.
“කොලුවො .. නැගිටපං.. ආං අර ඉසකුඩිච්චිය ඇවිත්..”
දෙයියනේ … මට ඒ පාර තමයි වැඩේ මීටර් උනේ. මේ
අපේ ආච්චිනෙ. එයා ඇරුනම මට චූටි පුතේ කියලා කතා කරන්න
වෙන කෙනෙක් නැහැ.
ඒත් ආච්චි මොකද මේ ලයිට් එකවත් නොදා කාමරේට
රිංගුවෙ. අනේ අම්මපා කොල්ලෙක් නිදන් ඉන්න කාමරේට
මෙහෙමත් එනවද ගෑණු ළමයි…?
“කවුද ආච්චියෙ ඉසකුඩිච්චිය..? ”
නින්ද කඩපු තරහට කටට සුද්ධ සිංහල වචන පේළියක්
ගලාගෙන ආවත් ආච්චිට ඕවා කියන්න පුළුවනෑ . ඉතිං මං
දැහැමින් සෙමින් කතාවට බැස්සා.
ඔබ නැති මා
දිලක්ෂ වෛදයවරයාට ස්තුති කළේය.
වෛදයවරයා සිනහවක් නගාගෙන හිස සලා දැන්
නූර්යට හොදටම හොදයි කීවේය.ඉතින් හරිහැටි
සුවයක් නොලබාම මම ආපසු නිවසට ආවේ
එහෙමය.අප්සරා අප එද්දී නිවසෙහි නොසිටියාය.
බොහෝ දිනක් මා වෙනුවෙන් ඈ සරසවිය
මගහැර ගත්තාය. මම සදැල්ලට වී බොහෝ
වේලාවක් ඇසිපිය නොහෙලා බලා උන්නෙමි.
එහෙත් අශින්තගේ ඡායාවකුදු මට නොපෙනිණ.
දනිමි.ඔහු යළි කිසිදාක මගේ දෑස් මානයට
නොඑනු ඇත. හෙමින් හෙමින් ආයෙමත් මම
කාමරයට ඇතුළු වීම්. මේ වේදනාව දැන් ඉතිං
නිමාවිය යුතුය.
රාවණ ශිෂ්ටාචාරය
දෙස් විදෙස් විද්වතුන්ගේ සම්භාවනාවට පාත්‍ර වු ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලියා පල කළ 52 වැනි ශාස්ත්‍රීය ග්‍රන්ථය “රාවණ ශිෂ්ටාචාරය” යි. ඇමෙරිකා මහද්වීපයේ සහ යුරෝපයේ, ශ්‍රි ලංකාවෙන් සංක්‍රමණය වු යක්ෂ ගෝත්‍රිකයන්(හෙළයන්) අද දක්වා උසස් සමාජ තලයේ ජිවත් වන බැව් ඉතා පැහැදිලි ලෙස මෙම ග්‍රන්ථයේ සඳහන් වේ.
වෙල්ලස්සේ කදුළ
“සබද!
තවම ඉරහද පුපුරා හැලුනේ නැත. අහසේ තරු කඩා වැටුනේ නැත. මහ මුහුද ගොඩ ගලා ගියෙත් නැත.මහ මුහුද ගොඩ ගලා ගියෙත් නැත. සුද්දන් වෙල්ලස්සට කර තිබෙන හානියේ හැටියට නම් ඒ සියල්ලම විය යුතුව තිබුණි.මම මෙතෙක් කිසිවෙකුට බගෑපත් නොවුයෙමි.අතද නොපෑවෙමි.
විසඹසර
“ගෑනුන්ට පිරිමියෙක් වැරදි දාහක් කරත් එවුන්ට අසනීපයක් දුකක් අයාමයක් උනොත් හිත උණුවෙලා වැගිරෙන්න ගන්නව.ඒ තමයි ගෑනු ගතිය.පිරිමි වැරදි කරන්නෙ දැන දැන.ගෑනු අපි එ වැරදි නොදන්න ගානට ඉන්නවා.එහෙම නැත්නම් හදාගන්න බලාගෙන ගහමරාගන්නවා.හදන්න බැරිනම් අත හැරලම දානව..ඒක තමයි ගෑනියෙක්ගෙ ඇත්ත ස්වභාවෙ.සමාවදීමයි.අමතක කිරීමයි .අත් හැරීමයි.”
මේ විශ්වය හැදිලා තියෙන්නෙ සොබාදහමෙන් මේකෙ ජීවත්වෙන සතා සීපාවා මිනිස්සු ගහකොල හැමදේම තීරනය කරන්නෙ සොබා දහම.ඒ සොබාදමට පිටුපාන්නත් බෑ..පිටුපාපු අයට ජීවත්වීමේ අයිතියකුත් නෑ..”
අස්ත බන්ධන
“සංසාරයෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන,
අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි. කිසිම හේතුවක් නැතිව
මේ ආත්මෙ අපිට වෛර කරන, හිත් රිදවීම් කරන සමහර අය
පෙර ආත්මෙක තමන් එක්ක වෛරයෙන් හිටිය අය වෙන්නත් පුළුවන්.
ජීවිතේ කියන්නේ සංසාර ගනුගෙනු පියවෙන තුරු නැවත නැවතත්
ඔවුනොවුන් එකට මුණ ගැසෙන පුදුමාකාර චක්‍රයකට. එක එක්කෙනාගේ
පවු පින් අනුවයි ඒ සංසාර චක්‍රය ගෙවෙන්නෙ. ලේ බැදීම් තියෙන
තමන්ගේම කියන අය වෛරක්කාරයෝ වෙද්දී සමහර වෙලාවට කිසිම
නෑකමක් නැති පිටස්තර අය පුදුමාකාර ගැඹුරු බැදීමකින් හිත්වලින්
බැදෙන්නෙත් සංසාරේ තමන් කරපු පව් පින් අනුවයි.”අස්ත බන්ධන ඔබට කියන්නේ බැදීම් ගැන ඒ හෘදයංගම කතාවයි.
උදාර අපේක්ෂා 2
චාල්ස් ඩිකන්ස් ගේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ Grate Expectation ග්‍රන්තයේ සිංහල පරිවර්තනයේහි දෙවැනි කොටස
විල්ලුවේ ප්‍රේමය
ප්‍රේමයෙන් ජය ගන්නෝ ද පරාජිතයෝ ද එකසේ වෙති.
සිය ප්‍රේමිය හා විවාහ වීමට වරම් ලබන පෙම්වතෙකුට
තමා ලොව වෙසෙන භාගයමත් ම මිනිසා බැව් හැගෙන
යම් මොහොතක් උදා වෙයි. මම එය අත් දැක ඇත්තෙමි.අනෙක් අතට, ප්‍රේමයෙන් පරාජිතයාගේ සන්තාපය
කාලයා විසින් බොහෝ විට මකා දැමෙනු ඇත.
නමුත් කාලයාට ද සැනසිය නොහැකි යම්
පෙම් වියෝ දුකක් තිබෙන්නට හැකිද?ඔවි මාතෘ සෙනෙහසත්, සහෝදරත්වයත්,ශෘගාරයත්
එකම ගැහැණියක ගෙන් පළමු වරට අත් විදින්නෙකුට
එම වියෝව මාරන්තික විය හැක.
ඔහු තුළ වන මිනිසා සදාකාලයට ම මරා දැමී.
මුර්ගයෙකු අවදි වනු ඇත.
ආදර කියාරා
“…. මම බිමල්ට ගොඩක් ආදරය කල බව
ඇත්ත. ඒත් බිමල් මාව ප්‍රතික්ෂේප කිරීමෙන්
පස්සෙයි දැන ගත්තේ ඒ ආදරයේ තරම.
මේ තරම් දුර තනියෙම ආව
එක ගැන මං දැන් පසුතැවෙනවා. මට
ඔයාට ආදරය නොකර ඉන්න තිබුණා.
එහෙමත් නැත්තම් ආදරය කරන්න
පටන් ගන්නොකොටම ඔයාට කියන්න් තිබුණා.
මට අයිති නැති බව දැන දැනත් ඔයාගෙන්
හිත ඈත් කරගන්න හිතුණෙ නෑ මට. හිතුවේ
නැතුවම නොවෙයි බිමල් මට ඒක කරගන්න
බැරි වුණා. මෝඩයෙක් වගේ මං තනියෙම
ආදරය කළා. වෙලාවකට මට
හිතෙනවා මේ මං විදින දුකට වඩා මරණය
සැපක් කියලා. ඇත්තටම මට මැරෙන්න
හිතෙනවා බිමල්. ඒ තරම් මං ඔයාට
ආදරය කළා. කළා නෙවෙයි තවමත් ඒ
ආදරය එහෙම්මම තියෙනවා. මම ඔයාට
හැමදාම ආදරය කරනවා….”
රස්පුටින් ඝාතනය
මා වෙඩි තැබිය යුත්තී කොතැනටද? නළල හා කන අතර තැනටද නැතිනම් හදවත පසාරු කරගෙන යන්නද? මාගේ සිත ප්‍රශ්න කරන්නට විය. මගේ සිරුර පුරා විදුලි සැරයක් දිව යන්නාක් මෙන් මට දැනිණ. මම රිවොල්වරය එල්ල කොට කොකා ගැස්සිමි. වල් සතෙකුගේන් නැගෙන ගෙරවිල්ලක් බදු හඩක් නැගිණ. රස්පුටින් වලස් හම් පලස මත උඩුබැලි අතට වැටුණේය
The Bullet That Missed
The third book in the record-breaking Thursday Murder Club series from British national treasure Richard Osman.
It is an ordinary Thursday and things should finally be returning to normal.
Except trouble is never far away where the Thursday Murder Club is concerned. A decade-old cold case leads them to a local news legend and a murder with no body and no answers. Then, a new foe pays Elizabeth a visit. Her mission? Kill . . . or be killed.
As the cold case turns white hot, Elizabeth wrestles with her conscience (and a gun), while Joyce, Ron and Ibrahim chase down clues with help from old friends and new. But can the gang solve the mystery and save Elizabeth before the murderer strikes again?