Drama

Showing all 6 results

Show:

සුබ සහ යස

Highlights:

මහාවංසය විස්තර කරන ආකාරයට “යසලාලක තිස්ස” යනු කවට රජෙකි. එසේ ම “සුබ” නැමැති ද්වාරපාලකයා සමග කිරීටය හුවමාරු කරමින් සිදු කළ ‘විහිළුව’ ඉතිහාසයේ අන් කවර රජකුවත් නොකළ එකකි. එකී නාටකීය කතා තේමාව නව අර්ථකථනයකින් අප හමුවේ තබන ‘සුබ සහ යස’ වේදිකා නාටකය ශ්‍රී ලංකාවේ ගම් දනව් සිසාරා වේදිකාගත වූවකි. එමතුදු නොව, මාක්ස් ලෙනින්වාදි සමාජ දෘෂ්ටියක් ඔස්සේ දිග හැරෙන මෙම නාට්‍යය තරම් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් වැළඳගත් අපේ ම යැයි කිව හැකි තවත් දේශපාලන නාට්‍යයක් නැති තරම් ය.

මිටියාවත

Highlights:

කවිය, ගීතය, ගුවන් විදුලි නාට්‍ය, කෙටිකතාව, පුවත් පත් විශේෂාංග, දැන්වීම්කරණය… ආදි බහුවිධ ක්ෂෙත්‍රයන්හි ඔහු දක්වන සමත්කම මිටියාවතේ ද නොඅඩුව පවති. පරිසර සන්නිවේදනය තුළින් ශ්‍රි ලාංකිය ජනතාව වෙත පරිසරය ආරක්ෂාකර ගැනීම පිළිබඳව නිර්මාණකරුවෙකු ලෙසින් ඔහු ලබාදෙන දායකත්වය අතිශයින් අගය කළ යුත්තේය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද අප හමුවේ පවතින පරිසර අර්බුද සම්බන්ධයෙන් අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද යන්න පිළිබඳව මිටියාවත ඔස්සේ සෞන්දර්ය ප්‍රවාහයක් ලෙසින් ගලා ගියේ කාගෙ කාගේත් හදවත්වලට ආමන්ත්‍රණය කරමිනි. නැවතත් සිතන්නට යොමු කරමිනි.

රංග කලා ප්‍රවේශය

Highlights:

නාට්‍ය හා රංග කලාව (DRAMA & THEATRE) විෂය අළලා ලියන ලද
මෙම ග්‍රන්ථයේ නවතම මුද්‍රණය මෙය යි. ජාතික අධ්‍යාපන ආයතනය
මඟින් උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය වෙනුවෙන් පරිශීලන
ග්‍රන්ථයක් ලෙස නිර්දේශ කර තිබීම හා මෙම විෂය අළලා ලියන ලද
ප්‍රාමාණික ග්‍රන්ථයක් ලෙස විද්වතුන් විසින් සම්මත කරනු ලැබීම, මෙම
මුද්‍රණය බිහි වීමට හේතු සාධක වූ බව කිව මනා ය.

නාට්‍ය නිෂ්පාදනය හා වේදිකා ශිල්පය පිළිබඳ ව ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ
අත් පොත් සුලභ වුව ද,එ බදු ග්‍රන්ථයක් තවමත් සිංහල පාඨකයා අතට
පත් වී නොමැත. ‘රංග කලා ප්‍රවේශය: විමර්ශනාත්මක අධ්‍යයනයක්’ නමැති
මෙම ග්‍රන්ථය එම ඌනතාව පිරිමසාලීම සඳහා සම්පාදනය වූවකි.

නාට්‍යයක පෙළ තෝරා ගැනීමේ සිට නිෂ්පාදනය දක්වා නිර්මාණ ක්‍රියාවලිය ද
නාට්‍ය සංවිධානය, කළමනාකරණය, මේ රට රංග ශාලා ඉතිහාසය ,
රංග ශාලා වාස්තු විද්‍යාව, අංගාලෝකය පිළිබඳ ඉතිහාසය හා වේදිකා
ශිල්පය වැනි විෂය කරුණු පුළුල් වශයෙන් මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.

Gunasena Q & A G.C.E (O/L) Past Papers – නාට්‍ය හා රංග කලාව

Highlights:

Gunasena Q & A G.C.E (O/L) Past Papers – නාට්‍ය හා රංග කලාව 2016 – 2017  සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර

රු150.00 25% OFF
Out Of Stock

පඹයයි ළමයයි – යොවුන් නාට්‍ය සංග්‍රහය

Highlights:

පඹයයි ළමයයි – යොවුන් නාට්‍ය සංග්‍රහය

රු187.50 25% OFF

බහින කලාව – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ඊ. ආර්. සරච්චන්ද්‍ර මහතාගේ ‘බහින කලාව’ නම් නාට්‍ය පිටපතයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping