අප්පච්චි
“අ-ප්-ප-ච්-චි……??” මී අඹ ගහට කඳුළුත් ඉනුවා. ඒ තරම් කෙළෙහි ගුණයක් බලාපොරොත්තු වුණේ නෑ මී අඹ ගහ තාමයි පුංච් කාලෙ මගෙ අම්මටයි මටයි හෙවන දුන්නෙ, තාත්තෙක් වගේ අපේ බඩ කට පිරෙව්වේ.
අත්තම්මගේ උපන්දිනේ
“අත්තම්මා මගේ හැම උපන්දිනයනටම තෑගි දෙනවා. ඒත් මම කවදාවත් අත්තම්මට තෑග්ගක් දීලා නෑ. අත්තම්මටත් මේ වගේ උපන්දින උත්සවයක් තිබුණොත්, මේ වගේ තෑගී ගොඩක් ලැබුණොත් කොයි තරම් සතුටු හිතෙයි ද? කූංචන එයාගේ තෑගි ගොඩ දිහා බලාගෙන හිතුවා.
අපේ ගම
දකුණු පළානේ ගමක වාසය කළ දරුවකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම, පරිසරය, චරිත හා අත්දැකීම් විසින් ගස් කොළන්, ඇල දොල, ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ. 1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර විශේෂයෙන් ළමා පාඨකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි. මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහාගත හැකිය.
කෑම සූත්තරේ
අනික් බිත්තියේ නම් මං ආසා කෑම ඇදලා තිබුණා. ඒත් කියලා තිබුණේ ඒවා “වැඩිපුර කන්න එපා” කියලයි. සීනි, පැණිරස කෑම, සුදු පාන්, බනිස් වර්ග නිතර කෑවාම සීනි ලෙඩේ හැදෙනවලු. පිරටවල ගොඩක් ළමයින්ට කඩචෝරු කළා ගොඩක් ලෙඩ හැදිලාලු. දැන් අපේ රටේ ළමයින්ටත් කඩචෝරු කාලා කාලා ඒ වගේ ලෙඩ හැදෙන්න පටන් අරගෙනලු.
දඟ මල්ලගේ දඟ වැඩ
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.
හොඳ දඟ මල්ල
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත් නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි. එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.
සතුන්ගේ පුංචි ගෙදර
මෙම කතා එකතුවට ඇතුළත් වන්නේ සතුන් ගැන කියැවෙන රුසියානු ජනකතා කිහිපයකි. එහි සත්තු ප්‍රසන්න ලෙසත්, කුතුහලය දනවන අයුරින් හා කුඩා දරුවන් මෙන් හැසිරෙන නමුත් අවසානයේ සියල්ල සිත් බැඳ ගන්නා අයුරින් අවසන් කරති. තවද ඔවුහු මිනිසුන් මෙන් කතා කරති. සිතති. හැසිරෙති. මොවුන් අතර හොඳ මෙන්ම නරක අයද, නිර්භීත මෙන්ම බියසුළු අයද, නුවණැති මෙන්ම අනුවණ අයද සිටිති. මෙහි ඇති සිත්ගන්නා සුළු චිත්‍ර, අප මායාමය ලොවකට කැඳවාගෙන යයි.
පින්තූර කතා
පින්තූර කතා
අච්චාරු හෝටලේ
“අනේ අක්කෙ, මේ අච්චාරුවල චුට්ටක් ලුණු බලන්නකො.” “කෝ බලන්න, මේ—තව ලුණු ටිකක් මේකට—- තව මිරිස් ටිකක් මේකට —- තව සීනි ටිකක් දැම්මොත් හොඳයි.” අක්කා රස බලමින් කීවා.
අලුත් කුඩේ
අ—අ—අයියෝ !—- මෙන්න හුළං සැරට කුඩේ එක්ක උංගිත් උඩ ගියා. හුළඟත් එක්ක උංගි පාවුණා. උංගිට හරි සතුටුයි. උංගි පියාඔනවා දැකලා වැහි කුරුල්ලන්ටත් හරි හිනා.
බිංකා
මගේ කකුලෙ දැවටි දැවටි ඇවිදින්න බිංකා හරි කැමතියි. සමහර දාට අපි දෙන්නා ඇති වෙනකල් සෙල්ලම් කරනවා. මහන්සි දැනුණාම පන් ගස් උඩ පෙරළිලා පුංචි නින්දක් දානවා.
කිඳුරු දූපත
“මම ඔයාව කාටවත් ගෙනියන්න දෙන්නෙ නෑ.ඔයාව කාටවත් හොයා ගන්න බැරිවෙන්න මං හංගන්නම්.” එයා දිය කිදුරිගෙ ඔළුව අතගාමින් කීවා.
අප්පිච්චා
“අනේ මගේ අප්පිච්චා මට කොයි තරම් ආදරේද?” පැණිට හිතුණා. ආයෙත් නම් කවදාවත් අප්පිච්චා අකමැති දෙයක් කරන්නෙ නෑ කියලා පැණි හිතාගත්තා .
ඉගිලෙන තරුව
කණාමැදිරියා කැලේ පීරමින් තරුව සෙව්වා. හැම තැනම සෙව්වා. මෙහෙම සොයාගෙන සොයාගෙන යනකොට, කැලේ. මැදදී තරුව හම්බවුණා.තරුව තවමත් නිවී නිවි දිලිසෙනවා. කණාමැදිරීයාට හරිම සතුටුයි. එයා දුවලා ගිහින් පරෙස්සමින් තරුව අහුලාගත්තා.
අපි දෙන්නා යාලූ
චුටි බබා එනකල් මම මග බලාගෙන ඉන්නේ හරිම අසාවෙන්.ඇයි? අපි දෙන්නට රැවෙනකල් සෙල්ලම් කරන්න පුළුවන්නේ. වේලේ දුවන්න,හැංගි මුත්තන් කරන්න, කොයි තරම්දේවල් කරන්න තියෙනවද?
පැණිවළලු
සුදු නැන්දා උඳු පිටි දාලා පිටි අනලා පැණි වළලු බදින්න ලැහැස්ති වුණා. තෙල් තාච්චිය ළිපේ තිව්වා. පුංචි බංකු පොඩිත්ත අරගෙන සුදු නැන්දා ළිප ළගින් වාඩිවුණා.
කුස්සියෙ හොල්මන්
“හැන්දෑවෙ මිදුලට වෙලා පුළුටු බැදුම් කෑවොත් වතුර බොන්න ඕනෙ, නැත්නම් බැල්ම වැටෙනවා.” කියලා අත්තම්මා නිතරම කියනවා.අ–අ– අනේ මට වතුර බොන්න අමතක වුණානෙ.—-එහෙනම් ඊළගට හොල්මන මට බැල්ම හෙලයිද?
කැවුම් හොරා
බණ්ඩි එක පිම්මට කැවුම් මුට්ටිය ළගට දිව්වා. මුට්ටිය ඇතුළට ඔළුව දැම්මා විතරයි—“හෑ—-හු—හී——හි—- යියා——-කැවුමට ආ කූඕටික බණ්ඩිගෙ කටේ එල්ලීගෙන හපා කන්න පටන් ගත්තා.
කැලේට හොරු පැනලා
කැලේ හැංගිලා හිටි යාළුවෝ ටික දුවලා ඇවිත් ඉත්තෑ පුංචා වටකර ගත්තා.”මොකද,මොකද වුණේ?” යාළුවෝ කලබලෙන් ඇහුවා.”කැ -කැ -කැලේට හොරෙක් ඇවිත් ග -ග -ගල් ගුහාවෙ හැංගිලා ඉ -ඉන්නවා”ඉත්තෑ පුංචා හති දමමින් විස්තරේ කීවා .
ඉරමාමා යන්න ගිහින්
අනේ, අපිට වැඩිපුර නිදියන්න ඕනෙ නිසා ඉරමාමාට එන්න එපා කිවා දැන් ඉරමාමා එන්නෙ නෑ.බලන්න අපට වෙච්ච දේ.නෙළුම්මලී අඬ අඬා කීවා
අහිංසක පඹරාල
කපටි මී රංචුවට මේ උගුල් ඉව වැටුණා. “පඹරාල මාමෙ දෙන්නකො ඔය කමිසය” උගුල්වලින් බෙරෙන්න මී රංචුව පඹරාලගෙ කමිසය ඉල්ලාගත්නා. පඹරාලත් බෑකියන්න බැරිකමට දුන්නා. හොරු රංචුව ඇති වෙනකල් බඩඉරුගු කැවා.
අත්තම්මගේ කළුහවරිය
“ඇත්තම්මගෙ කළු හවරිය හරිම ලස්සනයි ඇත්තට අරන් ගිහින් අපි කැලයට හදමු කුඩුවක් .”
අඬන්නේ ඇයි මගේ සුදු අම්මා
උදේ පටන් ගෙයි වැඩ කරලා අම්මට මහන්සිද බත් උයලා රෙදි සෝදලා ඇත දෙක රීදෙනාවද
අඬන බබා
“ඇයි බබා නිතරම කෑගහලා අඬන්නෙ? කැලේ ඉන්න අපටත් ඇහෙනවා බබා අඬන සද්දෙ. ඒ තරම් ගොඩක් අඬපු නිසා තමයි ඇස් දෙක දිය වෙලා ගියේ. ඇස් දෙක කොයි තරම් වටිනවද? ඉතින් ඒ තරම් වටින ඇස් දෙක කදුළුවලට දිය වෙලා යන තරමට ඇඩුවෙ ඇයි? පුංචි ළමයි ඔහොම අඬන්න හොඳ නැහැනෙ.” බට්ටිච්චා ඇහුවා.
කිරි දත කෝ?
“ම් —-” චුට්ටක් කට ඇරලා හිනා වෙලා බැලුවා. “ආ? අයියෝ—- මගෙ කිරි දත කෝ?” ලේන් පැංචාගේ කටේ ඉස්සරහම තිබුණු කිරි දත නෑ.”ඊ—- ඉහි–ඉහි–ඉහි-ඊ——ඈ—ලේන් පැංචාට ඇඬුණා.ඒත් වෙනදා වගේ හරියට ඇඬෙන්නෙත් නෑ දත් අතරින් හුළං යනවා වගේ.
කිඳුරු කුමාරි
දිය කිඳුරිය තවමත් අඬනවා. පුංචි කුමාරයාට හරි දුකයි. ඉතින් කුමාරයා දිය කිඳුරියගේ වළල්ල සොයාගෙන එන්න පොරොන්දු වෙලා. මුහුදට බැස්සා.
කැරකෙන ගෙදර
ටිකෙන් ටික “කැරකෙන ගෙදර ” ළමයි ඉන්න තැනට පහත් වුණා.හැමෝම ගල් ගැහිලා බලාගෙන හිටියා. එතකොටම කැරකෙන ගෙදර කවුළුවකින් එළියට අමුතු අතක් දික් වුණා. දිගම දිග අතක්. එතකොටම ළග තිබුණු ගහේ අත්තක හිටි ගිරා පැටියෙක් කෑගැහුවා.
කවුද මට ආදරේ?
කවුද මට ආදරේ?
අළු පූසිගේ පුංචි පැටව්
චුටි බබා කවදාවත් මගේ පැටවුන්ට රීද්දන්නෙ නෑ.චුටි බබා හරිම හොඳයි.මං එයාට ගොඩක් ආදරෙයි.