ජාතක තොටිල්ල
ජාතක තොටිල්ල
හත්පෙති මල
මල් පෙත්තේ, මල් පෙත්තේ උතුරු දෙසට – දකුණු දෙසට බටහිරටත් නැගෙනහිරට ඉගිල ඉගිල මෙහැම දෙසට කැරකීලා ඇවිත් බිමට ම කියන දෙය කර දෙන් මට
කාගෙද ඒ කට?
“අපොයි කොහෙද මේ ගියේ තනියම?” අම්මා දුවලා ඇවිත් පිංචුව බදාගත්තා. “අ-අ-අ-” පිංචු තවමත් ගැහෙනවා. “අ- අම්මා ක -කාගෙද ඒ කට?”
කවුද දිනුම්?
හා පැංචා හියියෙන් දුවනවා. ඉබි පැංචා ගාටනවා. “හ්හා—හ්හා— කෝ මේ ඉබි පැංචා?” “අනේ පව්! තවම ඈත ගාටනවා.” “ඔහොම හරියන්නෙ නෑ, අපි දුවමු මෙහෙම.”
විත්යාගේ ළමාවිය
මේ යටගියාව හිතට සමග ම මා චංචල වුයේ යම්කිසි පුදුම සිදුවීමකින් මෙන් දෙපා ඉබේ ම තදින් ක්රියාකරන්නට පටන් ගත් බැවිනි. ඉතා ඕනෑ කමින් වේගය නවත්වා ගත්තේ පහළ පංතියේ ළදරුවෙකු මෙන් ක්‍රියා කිරීම හතර වැනි පංතියේ මා වැන්නකුට නුසුදුසු බව සැලකීමෙනි.
හරි පුදුම ඉස්කෝලෙ
ජපානයේ ග්රන්ථ ප්‍රකාශන ඉතිහාසයේ වැඩිම අලෙවිය වාර්තා කරමින් රාජ්‍ය සම්මාන රැසක් දිනු රසවත් කථා පොතකි. නිදහස, විනෝදය සහ ආදරය පාසලට කැඳවමින්, ජීවන ආස්වාදය හා මානව ප්‍රේමය අධ්‍යාපනයට මුසු කළ හැකි අන්දම අසිරිමත් පාසලක් තුලදී, දැරියක ලද සිත් පොළඹවන අත්දැකීම් මෙහි විවරණය කෙරේ.
නිකීතාගේ ළමා කාලය
අම්මේ මට පිරිසිදු වෙළුම් පටියක් දෙන්න. මගේ බෝනික්කාගේ කකුලක් තුවාල වෙලා. එයාගේ අසනීපය මගේ හිතට ලොකු කරදරයක්. නිකීතා නැවතුණේය. ඔහුට යළිත් ප්‍රීතියක් දැණින. ඔහුගේ හදවත තුල සංගීත පෙට්ටියක් හඩ නගන විටෙක මෙන් ඉතා මිහිරි සංගීතයක් ඇසෙන සැටියක් ඔහුට දැණින. පෙරේදා ලීල්යා වාඩිවි සිටි තැනට ගොස් වාඩි වූ නිකීතා දෙනෙත් හකුළුවා ගෙන කණ්ණාඩියේ හිම රටාව දෙස බලන්නට විය. හඩ පිට නොකර සංගීතය වාදනය වන අරුම පුදුම රටේ සැරසිලි ලෙස මෙම ලස්සන හිම රටාව නිකීතාට පෙනුනේය. ඒ හිම රටාව ගස් වැල් සහ ලස්සන අමුතු සතුන්ගෙන් හා මිනිසුන්ගෙන් සමන්විත විය. ඒ හිම රටාව දෙස බලන නිකීතාගේ සිතිවිලි ඉබේටම වචන වලට පෙළ ගැසී ගීත බවට පරිවර්තනය වන සැටියක් දැනෙයි. එම ගීත රාවය නිසා ඔහුගේ හිස මුදුනෙහි ඇති කෙස් කිති කැවෙයි. නිකීතා සෙමෙන් සෝපාවෙන් බිමට බැස තාත්තාගේ ලියන මේසය මත ඇති කඩදාසියක ලොකු අකුරෙන් කවියක් ලියන්නට විය.
මේ ඔක්කොම වින් ඩික්සි නිසා
දේවගැතිවරයකු වන සිය පියා සමග නාඳුනන පළාතක පදිංචියට එන දස හැවිරිදි ඉන්දියා ඕපල්ට සිය මව නැති පාළුව වඩාත් තදින් දැනෙන්නට පටන් ගනියි.ඇසුරු කරන්නට මිතුරන් කිසිවෙකු නැති නිසා ඈ සිටින්නේ කනගාටුවෙනි.
මැංචෝසන් චාරිකා
බාරොන් මැංචෝසන් නම් වූ චරිතයක් වටා මෙම පොත ගෙතී ඇත. ඔහුවේ විවිධ වූ චාරිකා දහ අටක් මෙම පොතේ අඩංගු වේ. මෙම කතා සියල්ලේ විශේෂත්වය වන්නේ ඒ සියළුම චාරිකා අතේ පැලවෙන තරමේ බොරු වීමයි. ඔහු විස්තර කරන්නාවු විවිධ සිද්ධීන් උසස් ගණයේ හාස්‍යය රසයකින් යුක්ත වන අතර පාඨකයාට විඩාවක් නොමැතිව එක හුස්මට කියවගෙන යාමට පොලඹවයි.
එසේම ඔහු ගමන් ගන්නා ස්ථානද අරුම පුදුම ය. විටෙක ඔහු කේජු දිවයිනකට කිරි සයුරකින් යාත්‍රා කරන අතර විටෙක ගිණි කන්දක් නිරීක්ෂණය කිරීමට ඒ තුලට බසියි.තවත් විටෙක සොරුන්ගේ බලකොටුවට ගොස් ඔවුන්ගේම වෙඩි බෙහෙත් කරත්ත සියල්ල ගිණිබත් කර නිරුපද්‍රිතව පලා එයි.
මෙම පොතේ මා දුටු තවත් විශේෂත්වයක් වන්නේ ලියා ඇති භාෂා ශෛලිය වේ. එය විශේෂත්වයක් ලෙස මා දකින්නේ පරිවර්තක භාවිතා කරන ලද විවිධ වූ වචන සමුදාය වේ. ඒවා මේ වන විටත් අප අතරින් අභාවයට යන වචන ලෙස මා හැදින්වුවාට වරදක් නැත. මෙම භාශා විලාසයේ වෙනස්කමට මූලිකම හේතුව ලෙස මා දකින්නේ එහි පරිවර්ථනය සිදුවී ඇත්තේ 1963 දී වීමයි.
මෙම පොත රුඩෝල්ෆ් එරිච් රාස්ප් විසින් රචිත The Surprising Adventures of Baron Munchausen කෘතියේ සිංහල පරිවර්තනයයි. මෙම පොත සිංහලයට පරිවර්ථනය කර ඇත්තේ ඩී.බී. කුරුප්පු මහතා විසිනි. ඒ 1963 වසරේදි ය.
එදා මෙදාතුර කාලයක් සිංහල පාඨකයින්ව හාස්‍යය රසයෙන් ප්‍රීතියට පත් කිරීමට මෙම කෘතිය සමත්කම් දැක්වූවා යැයි කීවොත් වරදක් නැත.
තාත්තා වගේ කෙනෙක්
“ඉස්කෝලෙදි අපිට හුඟක් වෙලාවට ලියන්න වෙන රචනාවක් තමයි ‘මගේ අනාගත බලාපොරොත්තුව’ මොකද ඒක අපේ සාහිත්‍ය ගුරුතුමියගේ ප්‍රියතම මාතෘකාව. මට ඕනෙ වුණේ නැහැ හැමදාම එකම දේ ගැන ලියන්න. ඒ නිසා එකපාරක් මං ලිව්වා මට ඕන භූවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තවත් පාරක් ලිව්වා ජීවවිද්‍යාඥයෙක් වෙන්න කියලා. තුන් වෙනි සැරේ ලිව්වා ගගනගාමියෙක් වෙන්නයි මං බලාපොරොත්තු වෙන්නෙ කියලා. ඒත් ඇත්තම කියනව නම් මං තාම කිසිම දෙයක් තීරණය කරලා නැහැ.”
ට්වින්ක්ලින්කා
“මම බෝනික්කො ඉස්කෝලයක් දාලා ටීච වෙන්නයි යන්නෙ” පුංචි හීන කුමාරි එයාව එක්කගෙන ආව කෙනාට කීවා.”හ්ම්… කමක් නෑ මොනවා නැතත් මගේ පුංචි හින කුමාරි මට හම්බ වුණානෙ.”ටිවින්කි සතුටින් හිතුවා.
අප්පච්චි
“අ-ප්-ප-ච්-චි……??” මී අඹ ගහට කඳුළුත් ඉනුවා. ඒ තරම් කෙළෙහි ගුණයක් බලාපොරොත්තු වුණේ නෑ මී අඹ ගහ තාමයි පුංච් කාලෙ මගෙ අම්මටයි මටයි හෙවන දුන්නෙ, තාත්තෙක් වගේ අපේ බඩ කට පිරෙව්වේ.
අත්තම්මගේ උපන්දිනේ
“අත්තම්මා මගේ හැම උපන්දිනයනටම තෑගි දෙනවා. ඒත් මම කවදාවත් අත්තම්මට තෑග්ගක් දීලා නෑ. අත්තම්මටත් මේ වගේ උපන්දින උත්සවයක් තිබුණොත්, මේ වගේ තෑගී ගොඩක් ලැබුණොත් කොයි තරම් සතුටු හිතෙයි ද? කූංචන එයාගේ තෑගි ගොඩ දිහා බලාගෙන හිතුවා.
අපේ ගම
දකුණු පළානේ ගමක වාසය කළ දරුවකුගේ සිතුම් පැතුම් වස්තු කොට ගත් අපේ ගම, පරිසරය, චරිත හා අත්දැකීම් විසින් ගස් කොළන්, ඇල දොල, ගංගා හා ගැමියන් ද සහිත ගමෙහි ජීව ලක්ෂණ දරුවකුගේ දෘෂ්ටියෙන් නිරීක්ෂණය කොට තිබීම අපේ ගම හි සජීව ගුණයට හේතු වී තිබේ. 1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර විශේෂයෙන් ළමා පාඨකයන් අතර බෙහෙවින් ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි. මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබීමෙන් අපේ ගම පොත අත්පත් කොට ගෙන ඇති ජනප්‍රියතාව වටහාගත හැකිය.
කෑම සූත්තරේ
අනික් බිත්තියේ නම් මං ආසා කෑම ඇදලා තිබුණා. ඒත් කියලා තිබුණේ ඒවා “වැඩිපුර කන්න එපා” කියලයි. සීනි, පැණිරස කෑම, සුදු පාන්, බනිස් වර්ග නිතර කෑවාම සීනි ලෙඩේ හැදෙනවලු. පිරටවල ගොඩක් ළමයින්ට කඩචෝරු කළා ගොඩක් ලෙඩ හැදිලාලු. දැන් අපේ රටේ ළමයින්ටත් කඩචෝරු කාලා කාලා ඒ වගේ ලෙඩ හැදෙන්න පටන් අරගෙනලු.
දඟ මල්ලගේ දඟ වැඩ
අමුතු ඉස්කෝලයේ සිටින දඟම දඟ ළමයා යලිත් ඔබ හමුවට එයි. මේ වාරයේ හොඳ පාසල් සිසුවියක වීමට ඇය උත්සහ කරයි. එහෙත් ඇගේ උත්සාහය අඩපණ කිරීමට කාට හෝ උවමනා වී තිබේ. හොඳ දැරියක ලෙස ගුරුවරුන්ගේ සිත් දිනාගැනීමට ඔවුන් ඇයට ඉඩ දෙන්නේ නැත.
හොඳ දඟ මල්ල
තමන්ව ශිෂ්‍ය නායිකාවක ලෙස තෝරාගන්නා ලද නිසා එලිසබෙත් ඇලන් මහත් සතුටට පත්වෙයි. එහෙත් එය කොතරම් වගකීම් සහිත ධුරයක් දැයි තේරුම් ගන්නට ඈට වැඩි කලක් ගත වන්නේ නැත.
දඟ මල්ල සහ අමුතු ඉස්කෝලය
එලිසබෙත් ඇලන් අකීකරු සහ ආත්මාර්ථකාමී දැරියකි. තමාගේ අකමැත්තෙන් නේවාසික පාසලට යන්නට සිදුවූ විට එහි මෙතෙක් සිටි ඉතාමත් නරක සිසුවිය වන්නට ඇය අදිටන් කරගනියි. එහෙත් නරක ළමයකු වීම පෙනෙන තරම් පහසු දෙයක් නොවන බව එලිසබෙත් වැඩි කල් නොගොසින් වටහා ගනියි.
සතුන්ගේ පුංචි ගෙදර
මෙම කතා එකතුවට ඇතුළත් වන්නේ සතුන් ගැන කියැවෙන රුසියානු ජනකතා කිහිපයකි. එහි සත්තු ප්‍රසන්න ලෙසත්, කුතුහලය දනවන අයුරින් හා කුඩා දරුවන් මෙන් හැසිරෙන නමුත් අවසානයේ සියල්ල සිත් බැඳ ගන්නා අයුරින් අවසන් කරති. තවද ඔවුහු මිනිසුන් මෙන් කතා කරති. සිතති. හැසිරෙති. මොවුන් අතර හොඳ මෙන්ම නරක අයද, නිර්භීත මෙන්ම බියසුළු අයද, නුවණැති මෙන්ම අනුවණ අයද සිටිති. මෙහි ඇති සිත්ගන්නා සුළු චිත්‍ර, අප මායාමය ලොවකට කැඳවාගෙන යයි.
පින්තූර කතා
පින්තූර කතා
අච්චාරු හෝටලේ
“අනේ අක්කෙ, මේ අච්චාරුවල චුට්ටක් ලුණු බලන්නකො.” “කෝ බලන්න, මේ—තව ලුණු ටිකක් මේකට—- තව මිරිස් ටිකක් මේකට —- තව සීනි ටිකක් දැම්මොත් හොඳයි.” අක්කා රස බලමින් කීවා.
අලුත් කුඩේ
අ—අ—අයියෝ !—- මෙන්න හුළං සැරට කුඩේ එක්ක උංගිත් උඩ ගියා. හුළඟත් එක්ක උංගි පාවුණා. උංගිට හරි සතුටුයි. උංගි පියාඔනවා දැකලා වැහි කුරුල්ලන්ටත් හරි හිනා.
බිංකා
මගේ කකුලෙ දැවටි දැවටි ඇවිදින්න බිංකා හරි කැමතියි. සමහර දාට අපි දෙන්නා ඇති වෙනකල් සෙල්ලම් කරනවා. මහන්සි දැනුණාම පන් ගස් උඩ පෙරළිලා පුංචි නින්දක් දානවා.
කිඳුරු දූපත
“මම ඔයාව කාටවත් ගෙනියන්න දෙන්නෙ නෑ.ඔයාව කාටවත් හොයා ගන්න බැරිවෙන්න මං හංගන්නම්.” එයා දිය කිදුරිගෙ ඔළුව අතගාමින් කීවා.
අප්පිච්චා
“අනේ මගේ අප්පිච්චා මට කොයි තරම් ආදරේද?” පැණිට හිතුණා. ආයෙත් නම් කවදාවත් අප්පිච්චා අකමැති දෙයක් කරන්නෙ නෑ කියලා පැණි හිතාගත්තා .
ඉගිලෙන තරුව
කණාමැදිරියා කැලේ පීරමින් තරුව සෙව්වා. හැම තැනම සෙව්වා. මෙහෙම සොයාගෙන සොයාගෙන යනකොට, කැලේ. මැදදී තරුව හම්බවුණා.තරුව තවමත් නිවී නිවි දිලිසෙනවා. කණාමැදිරීයාට හරිම සතුටුයි. එයා දුවලා ගිහින් පරෙස්සමින් තරුව අහුලාගත්තා.
අපි දෙන්නා යාලූ
චුටි බබා එනකල් මම මග බලාගෙන ඉන්නේ හරිම අසාවෙන්.ඇයි? අපි දෙන්නට රැවෙනකල් සෙල්ලම් කරන්න පුළුවන්නේ. වේලේ දුවන්න,හැංගි මුත්තන් කරන්න, කොයි තරම්දේවල් කරන්න තියෙනවද?
පැණිවළලු
සුදු නැන්දා උඳු පිටි දාලා පිටි අනලා පැණි වළලු බදින්න ලැහැස්ති වුණා. තෙල් තාච්චිය ළිපේ තිව්වා. පුංචි බංකු පොඩිත්ත අරගෙන සුදු නැන්දා ළිප ළගින් වාඩිවුණා.
කුස්සියෙ හොල්මන්
“හැන්දෑවෙ මිදුලට වෙලා පුළුටු බැදුම් කෑවොත් වතුර බොන්න ඕනෙ, නැත්නම් බැල්ම වැටෙනවා.” කියලා අත්තම්මා නිතරම කියනවා.අ–අ– අනේ මට වතුර බොන්න අමතක වුණානෙ.—-එහෙනම් ඊළගට හොල්මන මට බැල්ම හෙලයිද?
කැවුම් හොරා
බණ්ඩි එක පිම්මට කැවුම් මුට්ටිය ළගට දිව්වා. මුට්ටිය ඇතුළට ඔළුව දැම්මා විතරයි—“හෑ—-හු—හී——හි—- යියා——-කැවුමට ආ කූඕටික බණ්ඩිගෙ කටේ එල්ලීගෙන හපා කන්න පටන් ගත්තා.