Children's Books

Children's Books

(Showing 1171 – 1200 products of 1462 products)

Show:
Out Of Stock

ගලිවරය

Highlights:

කුරුමිට්ටන ඉදිරියේ තමන් යෝධයන් යැයි සිතන බොහෝ අය සැබෑ යෝධයන් හමුවේ කුරුමිට්ටන් බවට පත් වෙති. මේ සත්‍යය ගලිවරය කෘතිය තුළින් පාඨකයාට පසක් කර දෙන්නේ ත්‍රාසය කැටි වූ අපූරු කතන්දරයක මිහිර ද සිතට ළඟා කර දෙමිනි.

වන දරුවෝ

Highlights:

වන දරුවෝ කැප්ටන් මැරියට්ගේ Children of the New Forest කෘතියේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනයයි. පාසල් ශිෂ්‍යයන්ට යෝග්‍ය පරිදි ඉතා සරල බසින් මෙය සම්පාදිත ය.

රන් ටිකිරියි ගොළු කුමරියි

Highlights:

සාහිත්‍ය කෘති අතර නව මාවතක් ගත් යොවුන් නවකතාවකි. හුදෙක් යොවුන් පාඨකයන් ප්‍රිය කරන කුමක් හෝ කතාවක් ලියනවාට වඩා මෙහි කතුවරයා අපේ රටේ ඉතිහාසයෙන් ගත් කතා පුවතක් ඉතා රසාලංකාරයෙන් මේ තුළින් ඉකිරිපත් කරයි.

Out Of Stock

අපූරු යාළුවෝ

Highlights:

1974 වර්ෂයේ විශිෂ්ටතම යොවුන් නවකතාව ලෙස රාජ්‍ය සම්මානය දිනූ මේ කෘතිය ලාංකීය යොවුන් කතා අතර ඉතා දිගු කාලයක් සහෘද මනදොළ සපිරුවකි. දරුවන්ගේ චින්තනය අති ප්‍රබලය. ඔවුන් රටේ සංවර්ධනයට මනාව උර දෙයි.

ගුණසේන පෙර පාසල් වැඩපොත 1

Highlights:

පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ සම්පාදනය වූ මෙම වැඩපොත් පෙළ 1, 2 සහ 3 වශයෙන් පොත් 3 ක් ලෙසට නිර්මාණය වී ඇත. වසරේ සෑම දිනකටම එක් අභ්‍යාසය බැගින් නිර්මාණය වූ මෙම පොත් පරිශීලනයෙන් දරුවාගේ ගණිත සංකල්ප දැනුම, හසුරු කුසලතා වර්ධනය මෙන්ම යහපත් ආකල්ප රෝපණය ද සිදු වෙයි. මේ වසරේ පළමු වාරය වෙනුවෙන් සම්පාදනය වූ ගුණසේන පෙර පාසල් පොත් මාලාවේ පළමු වැන්නයි.

Out Of Stock

Gunasena Picture Book 2

Highlights:

පාසල් දරුදැරියන්ට අවශ්‍ය විවිධ මාතෘකා යටතේ වූ පින්තූර ඇතුළත් පොතකි. මල්, පලතුරු, කුළුබඩු, සමනලුන්, රාජ්‍ය නායකයන්, ඇඳුම් පැළඳුම්, රටරටවල ජාතික කොඩි ආදී බොහෝ පින්තූර මෙහි ඇතුළත් වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සම්පාදනය වී තිබේ. මේ නමින් ප්‍රකාශයට පත් කරන ලද්දක දෙවැන්න මෙය වේ.

සිතුවම් මිහිර

Highlights:

කුඩා දරුවන්ට චිත්‍ර ඇඳීම පුරුදු පුහුණු කරවීම සඳහා ප්‍රවීණ සිතුවම් ශිල්පියකු වූ අරුණ නවීන්ද්‍ර මහතා විසින් සම්පාදනය කොට තිබේ. දරුවන්ට චිත්‍ර ඇඳීම සහ පාට කිරීම සඳහා පහසු ශිල්පී ක්‍රම මෙහි අන්තර්ගත ය.

ගුණසේන සිංහල හෝඩිය

Highlights:

කුඩා දරුවන්ට සිංහල හෝඩිය ඉගැන්වීම සඳහා විශාල අකුරුවලින් සහ වෛර්ණ සිතුවම්වලින් යුක්තව සම්පාදනය කරන ලද පොතකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ca803410aef711eabc257321a131a800″ ]

Out Of Stock

Gunasena Picture Book 1

Highlights:

පාසල් දරුදැරියන්ට අවශ්‍ය විවිධ මාතෘකා යටතේ වූ පින්තූර ඇතුළත් පොතකි. මල්, පලතුරු, කුළුබඩු, සමනලුන්, රාජ්‍ය නායකයන්, ඇඳුම් පැළඳුම්, රටරටවල ජාතික කොඩි ආදී බොහෝ පින්තූර මෙහි ඇතුළත් වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සම්පාදනය වී තිබේ.

Out Of Stock

කවුද හපනා

Highlights:

ප්‍රවීණ ළමා කතා රචකයකු සහ සිතුවම් ශිල්පියකු වූ පියල් උදය සමරවීර මහතා විසින් කරන ලද නිර්මාණයකි. හාවකු සහ ඉබ්බකු වටා ගෙතී ඇති ආදර්ශමත් කතාව කියවීමෙන් අනතුරුව කුඩා දරුවන්ට මෙහි ඇති චිත්‍ර පාට කිරීමේ ක්‍රියාකාරකම් ද කළ හැකි අන්දමට මෙය සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f8e936001a6e11ea991bf17cef090eba” ]

Out Of Stock

පාට කළොත් ලස්සනයි

Highlights:

දරුවන් උදෙසා සිය පින්සල සහ පන්හිඳ මෙහෙයවන පියල් උදය සමරවීර මහතා විසින් සම්පාදනය කරන ලද්දකි. දරුවන්ට නිවැරදිව චිත්‍රයක් පාට කරන්නේ කෙසේද යන්න මේ පොතෙන් මග පෙන්වීමක් සිදු කරයි.

Out Of Stock

අකුරුවලින් සත්තු අඳිමු

Highlights:

සිංහල බසෙහි ඇති විවිධ අකුරුවලින් පහසුවෙන් චිත්‍ර ඇඳීමේ ක්‍රම කුඩා දරුවන්ට උගන්වන කෘතියකි. අපට ඇසෙන සෑම හඬක් ම ඒ අයුරින්ම අනුකරණය කොට ඉදිරිපත් කළ හැකි අතිදක්ෂ හඬ අනුකරණ ශිල්පියකු වූ මංගල ප්‍රේමදාසයන් මෙය සම්පාදනය කොට තිබේ.

ගුණසේන සිංහල, දෙමළ හෝඩි පොත

Highlights:

මෙය ලාංකේය හෝඩි පොත් අතරට එක් වූ සුවිශේෂ කෘතියකි. සිංහල, දෙමළ ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය සකස් වී ඇත. අක්ෂර පිළිබඳ අවබෝධය හා ඒ ඇසුරින් වදන් පිළිබඳ අවබෝධය ද ලබා දෙයි. වර්ණ සිතුවම් සහිතව කල්පවත්නා ඔප කඩදාසියේ මුද්‍රිතයි.

කවි කියමින් පාට කරමු

Highlights:

මූලිකව චිත්‍ර පාට කිරීමේ අරමුණ ඇතිව සම්පාදනය වූ මෙය තුළ ඇති සුවිශේෂී අන්තර්ගතය නිසා මෙය සෙසු පාට කිරීමේ පොත්වලට වඩා වෙනස් වේ. අප අතර ප්‍රචලිත පැරණි කවිවලට නව අර්ථකථන එක් කරමින් දරුවන්ට නව අදහසක් ඇති කරන්නට සමත් අයුරින් මෙහි අන්තර්ගත කවි සම්පාදනය කොට තිබේ.

Out Of Stock

කතා අහමු පාට කරමු 1

Highlights:

කතන්දරයක් සමඟ එයට අදාළව යොදා ඇති සිතුවම බලා ඒ ආකාරයෙන්ම සකස් කළ තවත් සිතුවමක් වර්ණ ගැන්වීමට උගන්වන ළමා කෘතියකි.

Alphabet Chart – ENGLISH

Highlights:

The colourful and attractive poster is a pleasant way of introducing the alphabet to children. The capital and simple letters are printed in large format with words and pictures for quick identification and helps children learn the alphabet easy way.

ගුණසේන සිංහල කොපි පොත 2

Highlights:

අත් අකුරු නිවැරදි ව ලිවීම සඳහා වූ උපකාරක පොත් පෙළෙහි දෙවැන්න වන අතර මෙය දරුවන් අංග සම්පූර්ණ අක්ෂර ලිවීම සඳහා පුහුණු කරවයි. දරුවන්ට හැසිරවිය හැකි පහසු අක්ෂරවල සිට සංකීර්ණ අක්ෂර දක්වා ක්‍රමවත් ව ලියන්නට හුරුකරවයි.

රු120.00 25% OFF

ගුණසේන සිංහල කොපි පොත 1

Highlights:

අත් අකුරු නිවැරදි ව ලිවීම සඳහා වූ උපකාරක පොත් පෙළෙහි පළමුවැන්න වන අතර මෙය දරුවන් අංග සම්පූර්ණ අක්ෂර ලිවීම සඳහා පුහුණු කරවයි. දරුවන්ට හැසිරවිය හැකි පහසු අක්ෂරවල සිට සංකීර්ණ අක්ෂර දක්වා ක්‍රමවත් ව ලියන්නට හුරුකරවයි.

හොඳ ළමයා

Highlights:

ළමා මනස මනාව තේරුම්ගනිමින් සම්පාදිත විශිෂ්ටගණයේ පාටකිරීමේ පොතකි. දරුවන්ගේ නිර්මාණාත්මක කුසලතා වර්ධනය කිරීමටත්, සත්ගුණධර්මවලින් ඔවුන්ගේ සිත පෝෂණයකිරීමටත් සමත් ය. චිත්‍ර විෂය පාසල්වල උගන්වන ගුරුභවතුන්ට ද මෙය ඉතා වැදගත් ය.

Out Of Stock

හෙළ බස පින්තූර හෝඩිය

Highlights:

අකුරු කරන දරුවන්ට හෝඩිය කියා දෙන හෝඩි පොත් අතර සුවහසක් ලාංකේය දරු දැරියන්ගේ නෙත් සිත පිනවූ හෙළ බස පින්තූර හෝඩිය නව වර්ණවත් සිතුවම් සහිතව නැවත මුද්‍රණය වී ඔබ අතට මෙසේ පත් වෙයි. ලාංකේය දරු දැරියන් ප්‍රබෝධයෙන් හෙළ බස උගැන්මට, වැඩි වශයෙන් පරිශීලනය කරන පුස්තකය මෙයයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/54edae60ae9211e98f694fbd55938147″ ]

පෙර පාසල් හා 1, 2 ශ්‍රේණි සඳහා සිඟිති අකුරු

Highlights:

පළමුවැනි ශ්‍රේණියේ දරුවන්ට මූලික ගණිත සංකල්ප ඉගැන්වීම සඳහා සම්පාදිත ය. වර්ණවත් පින්තූර හා සරල, එහෙත් සිත් ගන්නා ක්‍රම තුළින් දරුවන්ට අකුරු හුරුව ලබා දෙයි.

ටිකිරි අකුරු 1 – 2 ශ්‍රේණි සඳහා

Highlights:

අකුරු ලිවීම ළමා මනසට දිනෙන් දින එකතුවන අත්දැකීම් අතරින් වඩා නැවුම් වූවකි. ඒ සඳහා කුඩා දරුවාට වෙහෙසකින් තොරව අකුරු සහ පිල්ලම් හඳුනාගැනීමටත්, නිසියාකාරව ලිවීම හුරු කිරීමටත් මෙම පොත ඉතා ප්‍රයෝජනවත් වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/bb72ba30ae0511e9af15fb34f984f294″ ]

ගුණසේන සිතුවම් හෝඩිය

Highlights:

සිංහල භාෂාව හැදෑරීමට මූලික පියවර තබන සිඟිත්තන්ගේ සුරතට තිළිණ කළ හැකි ලාංකීය හෝඩි පොත් අතරට එක්වන අති විශිෂ්ට හෝඩි පොතයි, ගුණසේන සිතුවම් හෝඩිය. දරුවන්ට නිවැරදිව ‘අ‘ යනු ‘ආ‘ යනු කියාදෙන මංගල පුස්තකයයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7152a40020c111eab82817af3855d1d3″ ]

අකුරු හුරුව

Highlights:

සිංහල භාෂාව හදාරන දරුවන්ට සිංහල අක්ෂර මාලාව නිවැරදිව හුරුකිරීම මේ කෘතියෙන් සිදුකරයි. සිංහල අක්ෂර ලිවීම සඳහා දරුවන්ගේ අත හුරු කරවිමේ දී එය මනා අවබෝධයකින් කළ යුතු ය. සැබවින්ම එය මනෝවිද්‍යාත්මක ක්‍රියාවලියකි. දරුවන්ට මෙන්ම ප්‍රාථමික අධ්‍යාපනය ලබාදෙන ගුරු භවතුන්ට ද මේ කෘතිය අතිශය වැදගත් ය.

ගුණසේන පෙර පාසල් වැඩපොත – 2

Highlights:

පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ සම්පාදනය වූ මෙම වැඩපොත් පෙළ 1, 2 සහ 3 වශයෙන් පොත් 3ක් ලෙසට නිර්මාණය වී ඇත. වසරේ සෑම දිනකටම එක් අභ්‍යාසයක් බැගින් නිර්මාණය වූ මෙම පොත් පරිශීලනයෙන් දරුවාගේ ගණිත සංකල්ප දැනුම, හසුරු කුසලතා වර්ධනය මෙන්ම යහපත් ආකල්ප රෝපණය ද සිදු වෙයි. මේ, වසරේ දෙවන වාරය වෙනුවෙන් සම්පාදනය වූ ගුණසේන පෙර පාසල් පොත් මාලාවේ දෙවැන්නයි.

අන්දරේගේ අන්දර – මං කුකුළා

Highlights:

අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ නම් චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/4101ef801a4d11eaa694574faa44916d” ]

Out Of Stock

අන්දරේගේ අන්දර – එකයි දෙකයි

Highlights:

අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ නම් චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/02d6f0601a5011ea893e596a512cff9d” ]

Out Of Stock

අන්දරේගේ අන්දර – සී සාන්න එන්ඩෝ

Highlights:

අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ නම් චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/62e238801a4e11ea85d3277446b58e66″ ]

Out Of Stock

අන්දරේගේ අන්දර – රැවුලේ අවුල

Highlights:

අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ නම් චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fa0128f01a5c11ea9b44eb5f46bbb643″ ]

Out Of Stock

අන්දරේගේ අන්දර – බීරි හටන

Highlights:

අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ නම් චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/4b7c10001a6211ea852851ffe49c2382″ ]

1 2 38 39 40 41 42 48 49
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping