මලබාර් නෑයෝ
නගරෙත් එහෙම තමයි.කුලීනයන්ගෙ ගෙවල් වල බතුත් ඉදෙන්නෑ.ඒ උත්තමයොත් අපෙ ගානට වැටිලා . අටුකොටු පාලුවෙලා…. බඩට කන්න නැති නිලමෙලාට අපිට හෝදන්න කිලිටි දෙන්න තියෙයියැ. මේ ටිකේම උඹලා හිස් අතින්නෙ ආවෙ.” සුදුහවඩියා කීවෙ අනුකම්පාවෙනි. මෙහෙම ගියොත් තමාගේ මිනිසුන් බඩගින්නේ මියැදෙනු ඇත .
මන්දාරම් උයන
දුල්කිත් කළුවර වදුල සහිත නුග ගස යට ඇති පොකුණ දෙස නිසොල්මන්ව බලා සිටින්නට විය . අක්කර භාගයක පමණ වන ගෙවත්තේ කොනක.
වීනස්ගේ උපත
යොවුන් වියේ හට ගන්නා කෙළිලොල් භාවමය බැදීමක් අයාලේ ගිය පෙම් පුවතක් වන්නට නොදී රැක ගත් යෞවනියක් …. ප්‍රේමයෙන් ආතුර සිතක ඉපදෙන මානවීය ලලාසාව ජිවන අපේක්ෂවන්හි සංකීර්ණත්වය හා මුසු කර වැලද ගත් යෞවනයක් … හදවතේ ගැබුර වටහා ගනිමින් එහි සියලු තත් පිරිමදිමින්, ආලෝකය හා අදුර දකිමින් සැබෑ ජීවිතය උදා කර ගැනීමේ සටනකට අවතීරණ වන ඔවුන්ගේ කතාවේ අපුර්වත්වය විදින්නට ‘විනස්ගේ උපත ‘ ඔබට ආරාධනා කරයි.
ස්වප්න
දේශපාලකයෝයි දේශපාලනයයි ගැන ලියන එක හරියට දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක් . කුජනා දැකලා ඇතිනේ . සමාරත් බොනවා සම්මනිත් බොනවා . ගැනියක් වයින් ටිකක් බිව්වට බේබද්දෙක් වෙන්නේ නෑ.
පුලිඟු
මළගියවුන්ද, සංසාරය හා කරුමයද, අනේක විධ මිථ්‍යා මති මතාන්න්තර හිසින් දරා ජීවිතය ගෙවා දමන දහසක් දනන්ගෙන් තෝරා ගත් චරිත කිහිපයක්…
මා
ජිවිතය මහ පුදුමාකාර දෙයකි. සැලැසුම් කාලසටහන් කිසිවක් එයට අදාල නොවේ . සියල්ල තීරණය කරනු ලබන්නේ ඒ මොහොතේ විසිනි . අවසාන ශේෂ වනුයේ කලකිරීම සහ පසුතැවීම පමණි.
ගුම්
ඔබගේ විප්‍රයෝගයේ උදාරතර හැඟීම් ගැඹුරු නින්දකින් අවසන් නොකරන්න. කඳුළු ගංගාවක ආත්මය පොඟවමින් සදාතනික අබ්බගාතයෙක් නොවන්න. ඔබගේ විප්‍රයෝග ගින්න ශාන්ත රසය දෙන ගීතයක්, කවියක් හො චිත්‍රයක් කොට ජීවිතයෙන් පලා නොයන්න. ඔබගේ තුවක්කුවේ උණ්ඩ අවසන් වන තුරු කෙසෙල් ගසක් කීතු කීතු කොට බිම දමන්නට සමත් වූ ඔබගේ විප්‍රයෝගයේ වෛරය පිළිබඳ විශ්වාසය තබන්න.
මියුරු හඬ
බිලින්දෝ ළමයි වන්නේ ද නැතිව වැඩිහිටියන වනු පෙනිණි’වියෝ දුකකට කදුළු වරමක් ලැබෙන්නට පෙරම පසුබ යා යුතු තරමට මිනිස් හදවල ගොළුවන සුළු පහත් වී තිබිණ’ වෙරලබධ මිනිසුන්ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබු නමුදු දරුවූ මවු සෙනහස ඉල්ලන කරලිකරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දන ගන්නට පෙරය’ මියුරු හඩක් මතුවන්නේ එවැනි කරලිකරයෙකු ජිවිතයට අබ්භියෝග කල අවස්ථාවකය බිලින්දෝ