Academic & Reference

Academic & Reference

(Showing 61 – 90 products of 483 products)

Show:

යොවුන් වියට ලිංගික අධ්‍යාපනය

Highlights:

ජීවිතය පිළිබඳ නිවැරදි දැනුවත් බවක් ඇතිවිට ජීවත් වීම
පහසුය.එවැනි පසුබිමකදී කිසිවකුගේ ජීවිතයට අනවශ්‍ය
ගැටලු මතුවන්නේ නැත. යෞවනය පමණක් නොව, ඉන්
ඉදිරියට ගත වන තාරුණ්‍ය‍යේදීද මේ සියලු තත්ව සර්ව
සාධාරණය.

සිරුර මෙන්ම මනසද අලුත් වෙනසකට ලක්වන්
යෞවනයේදීකළ යුතු, නොකළ යුතු දේ හරි හැටි වටහා
ගැනීම අත්‍යවශ්‍ය‍ය.”යොවුන් වියට ලිංගික අධ්‍යාපනය”
කෘතිය මෙලෙස නිර්මාණය වන්නේ මේ වෙනස ප්‍රමාණාත්මකව
හැඳිනීමටත්, අනාගතය ඵලදායක ලෙස සැකසීමටත් වන
උපකාරයක් වශයෙනි.

Out Of Stock

විවාහය සහ නීතිය

Highlights:

විවාහය සහ නීතිය : විවහාය, නඩත්තු, දික්කසාදය, දරුකමට හදාගැනීම, දේපළ උරුමවීම යන විෂය ක්ෂේත්‍රයන්ට අදාල නවතම නීතිමය තත්ත්වයන් පැහැදිලිව විස්තර සරලව හා අංග සම්පුර්ණව මේ කෘතිය සකස් කර ඇත. පවුල් නීතිය සම්බන්ධ මෑත කාලීනව සිංහලෙන් ලියැවුණු කෘතියක් නොමැතිකමේ අඩුපාඩුව විවාහය සහ නීතිය’ නම් මේ නිබන්ධනයෙන් පිරිමසාලනු ඇති බව උදක්ම විශ්වාස කරමු.

Guinness World Records 2023 Hardcover

Highlights:

The 2023 edition takes readers on a journey that’s out of this world! With bonus digital content throughout, we reveal the latest and greatest record-breaking achievements here on Planet Earth and across the vast distances of space. With ever more focus on diversity and inclusion, we showcase the most inspirational, eye-catching, mind-blowing achievements from the past year, across a multitude of topics such as gaming and the human body, engineering and wildlife. As lockdown restrictions ease, humanity’s horizons are expanding once again, and our world is experiencing unprecedented change – in the environment, culture, technology and society. Keeping up with this dizzying revolution are the Guinness World Records adjudicators, who’ve been busier than ever documenting the Officially Amazing. The result is Guinness World Records 2023!

Rich Dad’s Increase Your Financial IQ: Get Smarter with Your Money

Highlights:

Many of our global economic problems started in 1971…when President Richard Nixon took the U.S. off the gold standard. Throughout history, when a government went off the gold standard, an age of turbulence began.
In 1997, Robert’s book Rich Dad Poor Dad stunned readers stating, “Your house is not an asset.” As howls of protest went up around the world, the book went on to become an international bestseller and the #1 personal finance book of all time.
Rich Dad Poor Dad is not a book on real estate. It is a book about the importance of financial education. Rich Dad Poor Dad was written to prepare you and your loved ones for the financial turbulence Robert’s rich dad saw coming.
In 2007, as homes declined in value or were lost to foreclosure, millions of homeowners painfully discovered the wisdom of words of Robert’s rich dad. Today we are all aware that a home can be a liability. Today we know a home can go up or down in value. Today, we all know a person can lose money investing in the stock market. Today we all know our money can go down in value and that even savers can be losers.
This is why financial intelligence is more important today than ever before. In a world of financial turbulence, your best asset is financial IQ.

Out Of Stock

චයිනමන්

Highlights:

“මහා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වංශකතාව”
රූපවාහිනියට රචනා කිරීම ප්‍රවීන ක්‍රීඩා මාධ්‍යවේදී
ඩබ්ලිව්. ජී. කරුණාසේනගේ අන්තිම කැමැත්තයි.
එහිදී ඔහුට ප්‍රදීප් මැතිව් ගැන හෙළිදරව් වේ.

සංඛ්‍යාලේඛන අනුව ලෝකයේ විශිෂ්ටතම ක්‍රිකට්
ක්‍රීඩක වන්නේ මේ ශ්‍රී ලාංකිකයාය.

ආ ගිය අතක් නැති මැතිව් සොයා යද්දී ඔහුට
හා`ඟිලි පුහුණුකරුවකු, ත්‍රස්තවාදී
මහමොළකරුවකු, ක්‍රිකට් ඔට්ටු අල්ලන
කැසිනෝ සහ සුප්‍රකට ක්‍රීඩාංගනයක් යට
අඟුටුමිට්ටකු විසින් පවත්වාගෙන යනු ලබන ඉංග්‍රීසි
කාලේ බංකරයක්ද හමු වේ.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පවා විදේශීය කුමන්ත්‍රණයක
කොටසක්ද? මේ සියල්ලට මුල් වන දෙමළ
ජාතික චයිනමන් පන්දුයවන්නා ගැන
තොරතුරු යටගසන්නේ ඇයි?….

රංග කලා ප්‍රවේශය

Highlights:

නාට්‍ය හා රංග කලාව (DRAMA & THEATRE) විෂය අළලා ලියන ලද
මෙම ග්‍රන්ථයේ නවතම මුද්‍රණය මෙය යි. ජාතික අධ්‍යාපන ආයතනය
මඟින් උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය වෙනුවෙන් පරිශීලන
ග්‍රන්ථයක් ලෙස නිර්දේශ කර තිබීම හා මෙම විෂය අළලා ලියන ලද
ප්‍රාමාණික ග්‍රන්ථයක් ලෙස විද්වතුන් විසින් සම්මත කරනු ලැබීම, මෙම
මුද්‍රණය බිහි වීමට හේතු සාධක වූ බව කිව මනා ය.

නාට්‍ය නිෂ්පාදනය හා වේදිකා ශිල්පය පිළිබඳ ව ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ
අත් පොත් සුලභ වුව ද,එ බදු ග්‍රන්ථයක් තවමත් සිංහල පාඨකයා අතට
පත් වී නොමැත. ‘රංග කලා ප්‍රවේශය: විමර්ශනාත්මක අධ්‍යයනයක්’ නමැති
මෙම ග්‍රන්ථය එම ඌනතාව පිරිමසාලීම සඳහා සම්පාදනය වූවකි.

නාට්‍යයක පෙළ තෝරා ගැනීමේ සිට නිෂ්පාදනය දක්වා නිර්මාණ ක්‍රියාවලිය ද
නාට්‍ය සංවිධානය, කළමනාකරණය, මේ රට රංග ශාලා ඉතිහාසය ,
රංග ශාලා වාස්තු විද්‍යාව, අංගාලෝකය පිළිබඳ ඉතිහාසය හා වේදිකා
ශිල්පය වැනි විෂය කරුණු පුළුල් වශයෙන් මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.

සිංහල ජන ගායනා ශෛලි

Highlights:
1865 සිට හියු නෙවිල්‌ වැනි බ්‍රිතාන්‍ය ජාතිකයෝ ද, 1915 සිට ඩබ්ලියු. ආතර්‌ ද සිල්වා වැනි බොහෝ විද්වත්හු ද, ජන ගී ගැන ස්වකීය අවධානය යොමු කළහ. එවක ද ඉන්‌ අනතුරුව ද බොහෝ විට සිදු වූයේ ජන ගී එක්රැස්‌ කිරීම සහ ඒවායෙහි සාහිත්යික අගය ගැන කතා කිරීම යි. ජන ගීයෙහි සංගීත පාර්ශවය ගැන සොයා බලන්ටත්‌, ඒ ඇසුරින්‌ නිර්මාණ කරන්ටත්‌ උත්සුක වූයේ මකුලොලුව, කුලතිලක, බැද්දගේ වැනි සංගීතවේදීන්‌ කිහිපදෙනකු පමණි. සමන්‌ පනාපිටිය මෙම කෘතිය ඔස්සේ ඒ සංගීත මාර්ගයෙහි තවත්‌ බොහෝ දුර ගමන්‌ කරන්නේ ය. ජන ගීයෙහි සාහිත්යික වර්ගීකරණය සපුරා පසෙක ලා අභිනව සංගීත වර්ගීකරණයකට අවතීර්ණ වන්නේ ය. ඔහු මෙහි දී ජන ගායනා ශෛලි 11 ක්‌ හඳුනා ගෙන ඇත. එම හඳුනා ගැනීම සඳහා විද්‍යාත්මක ක්‍රම වේද භාවිත කර ඇති අතර තර්කානුකූල ව කරුණු දක්වා ඇත. සමන්‌ පනාපිටිය ගේ “සිංහල ජන ගායන ශෛලි’” නමැති මෙම කෘතියෙන්‌ සිංහල ජන සංගීත ක්‍ෂේත්‍රය මත ප්‍රබල ආලෝක ධාරාවක්‌ පතිත වන බව අපගේ විශ්වාසය යි.

සිරිලක වගාවන්

Highlights:

ශ්‍රි ලංකාව අතීතයේ සිටම කෘෂිකර්මාන්තය මුලික කොටගත් ජීවන රටාවකට
හුරු වු මිනිසුන් වෙසෙන රටකි.අතිතයේ පමණක් නොව වර්තමානයේදීත් ශ්‍රි ලංකාව
තුළ සිදු කරන්නා වු වගාවන් රාශියකි. තේ, පොල්, රබර් මූලික වගාවන් ලෙස
සැලකෙන අතර ඊට අමතරව තවත් බොහෝ වගාවන් රට තුළ ව්‍යාප්තව ඇත.

බ්‍රයිඩේ ම:ර්ෆි සහ අන්තරාභවය

Highlights:

ග්‍රන්ථයෙහි මුල් පරිච්ඡේදයෙන් මෝරි බෙර්න්ස්ටයින්ගේ ජීවිත දර්ශනය, අත්දැකීම් නිසා වෙනස් වී ගිය අයුරු දැක්වෙයි. දෙවන පරිච්ඡේදයෙන් බ්‍රයිඩේ ම:ර්ෆිගේ ජීවිත කථාවත්, එය ඇමෙරිකානු පුවත්පත් වල පළ වූ විට ඇති වූ ප්‍රතික්‍රියාවත් විස්තර වෙයි. තුන්වන පරිච්ඡේදය වෙන් වී ඇත්තේ බ්‍රයිඩේ ම:ර්ෆිගේ මරණයටත් මේ ආත්මභාවයේ උපතටත් අතර මැදි වූ ජීවිතය විස්තර කිරීම සඳහා ය. 

වාමාංශික ජනප්‍රියවාදයක් සදහා

Highlights:

පසුගිය කාලයේ ලෝක දේශපාලනය තුළ
ජාතිවාදය හා වාර්ගික ස්වෝත්තමවාදය මත
පදනම් වූ දක්ෂිණාංශික ජනප්‍රියවාදී රැල්ලක්
බලගතු ලෙස නැගී ආවේය. මෙම ප්‍රවාහයට
අභීයෝග කළ හැක්කේ ‘ප්‍රභූ තන්ත්‍රයට’
එරෙහිව ‘ජනතාව’ ලෙස දේශපාලන බෙදුම්
ඉරක් ජනප්‍රියවාදී ලෙස ස්ථාපිත කරමින්, එම
අක්ෂය ඔස්සේ බහුවිධ බලවේග ඒකරාශී කළ
හැකි ‘වාමාංශීක’ ජනප්‍රියවාදී ව්‍යාපෘතියකට බව
ශන්තාල් මුෆ් තර්ක කරයි.

දශක ගණනාවක නව ලිබරල් ආධිපත්‍යය නිසා
නොසලකා හැරීමට ලක්වූ ජනකොටස්වල
අතෘප්තීන් ජාතිවාදී ලෙසකින් සංවිධානය කිරීම
තුළින් දක්ෂීණාංශීක ජනප්‍රියවාදය සාර්ථකත්වය
ලබා තිබේ. එම අභීයෝගයට මුහුණ දීමට නව
ලිබරල්වාදය සමඟ අනන්‍ය වී සිටින ‘ලිබරල්’
මැද මාවතට නොහැකිය. වාමාංශීක
ජනප්‍රිියවාදය යනු වාර්ගික ස්වෝත්තමවාදයට
සහ ප්‍රභූවාදී නව ලිබරල්වාදයට එරෙහි, එසේම
ගතාවුගතික වාමාංශයේ පන්ති ඌනිතිවාදී
ප්‍රවේශයට ද වෙනස් විකල්ප දේශපාලනයක්
යෝජනා කරන උපාය මාර්ගයකි

ජනවහර

Highlights:
 ලිඛිත සිංහල භාෂාවට ස්ථිර අනනයතාවයක්
ඇත. එහෙත්,ජනවහරට එවැන්නක් නැත.
පළාතින් පළාතට,රැකියාවෙන් රැකියාවට මේ
වෙනස්කම දැකගත හැකි ය. එලෙසම භාවිත
සම්මතයන්ට අනුව වාග් සම්ප්‍රදාය ගොඩනැගී ඇත.

මේ කුඩා පුස්තිකාවේ අරමුණ එලෙස අප අතරින්
ගිලීහි යන ජනවහර පිළිබද ව අවබෝධයක් ලබා
දීම ය. එය ඉතා දිගු වෙහෙසකර වෑයමකි.

පාසල් දරුවන් හා වෙනත් තරග විභාග අවශයතා
සදහා උචිත වන ලෙස මේ ‘ජනවහර’ පුස්තිකාව
සම්පාදනය කර තිබෙන වග සැලකුව මනා ය.

සත්ත්ව පාලනය 2

Highlights:

අප පැරන්නන්ගේ ජීවන පැවැත්ම ගොවිතැන හා බැඳි තිබු
බවට වාර්තා කොතෙකුත් ඇති නමුදු ඔවුන් විසින් තම පැවැත්මට
සතුන් උපයෝගි කර ගනු ලැබු බවට වාර්තා එතරම් දැකීමට
නොලැබේ. එහෙත් අපගේ ද පැරන්නන් කෘෂිකාර්මික ජීවිතයට ද
පෙර එළු, ගව, මී ආදී සතුන් තම ප්‍රයොජනයට යොදා ගනු ලැබූ බව
කිව යුතුවේ.

අපේ උරුමය

Highlights:

උරුමය යනු ජාන මෙන් පරපුරෙන් පරපුරට ඉදිරියට යන
දෙයක්. අපේ උරුමය ලෙස ගැනෙන්නේ ශ්‍රි ලාංකිකයාගේ
අතීතයේ සිට පැවත එන පාරම්පරික අයිතියක්.

මේ අයිතිය නිවැරදිව අවබොධ කර ගැනීම ජාතික
යුතුකමක්. අද මෙම දැනීම නාගරික දරුවාට පමණක් නොව ගැමි
දරුවාට ද නොමැති වීම ඛෙදවාචකයක්. ප්‍රවීණ
ගත්කරු ඩබ්.ඒ.ජේ. වනිගසේකර මහතා මේ ගැන සිතා අපේ උරුමය
මැයෙන් ලියා පළකර ඇති මේ පොත් පිංචෙන් අපගේ
සාංස්කෘතික උරුමය පිළිබඳ පූර්ණ වැටහීමක් ලබා දීමට ගෙන
ඇති ආයාසය අගය කළ යුතු ය.

විචිත්‍ර පත්‍රී ශාක වගාව

Highlights:

ශාක බොහෝමයක් ගෙවතු ආශ්‍රිතව වවනු ලබන්නේ ඒවායේ
මල්වල ඇති මනස්කාන්තභාවය නිසාය.එහෙත් විචිත්‍ර පත්‍රී ශාක එනමින්
හඳුන්වනු ලබන්නේ එහි පත්‍රවල ඇති චිත්තාකර්ශණීයභාවය සහ විවිධ
වර්ණ සංකලන සහිත ආකර්ශනීයභාවය නිසාය.එහෙයින් මෙම ශාකවල
මල් පිළිබඳ ආකර්ශනීය බවක් බලාපොරොත්තු නොවන අතර, එම
අවශ්‍යතාවය සම්පුර්ණ කරනු ලබන්නේ පත්‍ර මගිනි.

කමතේ වගතුග ( උරුමය 04 )

Highlights:

කමත, ශ්‍රි ලාංකික වී ගොවියා කාටු – බොල් – රොඩු
පොළා සරු බිජු ඇට හෙවත් බුද්ධබෝග ටික
රැස්කරගත් භූමිය යි. මේ නිසා ම අතිමහත්
ගෞරවයක්, භක්තියක් මුසු උප සංස්කෘතික
කෝෂ්ඨාගාරයක් බවට කමත පත් වී තිබෙයි. කමතේ .
බස් වහර සේ ම ඇවතුම් පැවතුම් සියල්ල ද ඊට ම
ආවේණික වෙයි. එහෙත්, අද දවස වන විට මෙම උප
සංස්කෘතික රටා සමුදාය ගිලිහී යමින් තිබෙයි. අදින්
අඩසියවසකට පෙරාතුව පැවති උප සංස්කෘතික
ලක්ෂණයන්ගේ මුලික හැඩතල මෙයින් විස්තර කෙරේ.

විද්‍යාත්මක චින්තනය හා විද්‍යාව ඉගැන්විම

Highlights:

මෙම කෘතිය ආශ්‍රය කිරීමෙන් ඉගැන්වීමේ වෘත්තීය සංවර්ධනය කර ගත හැකි වනු ඇත. ගණිතය-විද්‍යාව විෂයන්ගෙන් බොහෝ සිසුන් අඩු ලකුණු ලබා ගන්නේ යැයි වත්මන්හී පවතින සෘණාත්මක ආකල්ප තුරන් කිරීමට අවශ්‍ය කරුණු මෙහි ඇතුළත් වේ.

වාහන සම්ප්‍රේෂණය, සුක්කානම හා තිරිංග

Highlights:

මෝටර් රථ කාර්මික විද්‍යාව හා බැඳි විවිධ විෂයන් ඉතා සරල සුමග
බස්වහරකින් ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ අවබෝධයක් නැති කොයි කා
තුළ වුවද ඒ කෙරේ උනන්දුවක් ප්‍රබෝධයක් පමණක් නොව දැනුමක්ද
ලබාදීමට ගන්නා වෑයම ප්‍රශස්තය.

මී මැසි පාලනය

Highlights:
මී මැසි පාලනය කෘෂිකර්මය
සමගාමී විෂය ක්ෂේත්‍රයකි.මෙම
කාර්‍යයෙහි විධිමත් අයුරින්
නියැලීමෙන් ලබාගත හැකි
ආර්ථික වාසි ප්‍රමාණය විශාලය.
තවද එය අඩු මුදලකින් ආරම්භ
කළ හැකි කර්මාන්තයකි.මෙම
කර්මාන්තයේ නියැලීම සදහා ද,
හැදෑරීම සදහා ද මෙම කෘතිය
ඔබට අත්වැලක් වේවායි පතමු.

ශ්‍රී ලංකාවට අවේණික පක්‍ෂීන්

Highlights:

පක්ෂින්ගේ සිරුරේ ඇති අස්ථි පද්ධතිය ඉතා සැහැල්ලුය. නමුත් එය ඉතා ශක්තිමත්‍ ය. අස්ථි සැකිල්ලේ සැහැල්ලු බවට ප්‍රධානම හේතුව වී තිබෙන්නේ අස්ථි තුළ වාත කුටීර පිහිටා තිබීමයි.මෙම අස්ථි පද්ධතියේ පපු ඇටය විශාල වී වැටියක් ආකාරයට පිහිටා තිබේ. පියාසර කිරීමේ දී පියපත් යුගලය ක්‍රියාත්මක කිරීමට උපකාරී වන මාංශ පේශීන් සවි වී තිබෙන්නේ මෙම ලය පෙදෙසේ අස්ථියටයි.

මුහුණුපොතේ යතුරුපතින්

Highlights:

රුහිරු වගුරුවන අවිය අවියක් කර නොගෙන යොවුන් කවියන් “කවිය” අවියක් කර ගැනීම අප තුළ දනවන්නේ සුපසන් හැඟිමකි. මෙම කවි තුළ අඩුපාඩු සෙවීම නොකළ යුතු වුවද ඔවුන්ට සුන්දරත්වයේ නිවැරදි මඟ හඳුන්වාදීම බහුශ්‍රැත කවියන්ගේ යුතුකමකි. “මුහුණුපොතේ යතුරු පතින්” පොත් පිංච තුළින් අපේ ම්ව්බිමෙහි සතරදිග් භාගයේ මෙන්ම පිටරට ද සිටිනා යොවුන් කවියන් කිවිඳියන්ගේ නිර්මාණ එක මිටකට ගෙන දොරට වැඩුම ගැන අප සතුටු වෙමු.

කෙම්බිම ජ්‍යොතිෂ සංග්‍රහය 1

Highlights:

ලෙඩ දෙකක් ඇති සතෙක් ලෙඩ එකක් ඇති ගහක් ලඟ සිට ගෙන කන්න බැරි දෙයක් ඉල්ලා කෑගහනවා. කිසියම් සත්වයෙකු ගේ කර්ම ශක්තිය නිවැරදිව දැකිය හැක්කේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේලාට පමණි.ඒ ඒ කර්මයන් ඇති වීමට ජන්මියා කළ කී දෑ සහ එයට හවුල්කරුවන් හවුල් කරුවන් ගේ වත්මන් තත්වය එම කර්ම සිදුකළ කාලය එයට යෙදුන හේතුව ආදි කුසල හෝ වේවා !අකුසල හෝ වේවා! කර්මය පිළිබඳ නිවැරදි දැන ගැනීමට නම් ලොව්තුරා බුදු රජාණන් වහන්සේලා ගේ දේශනා වල කර්ම විෂය අචින්ත හෙවත් අවසානයක් නොමැති බව සඳහන් ය. කර්මය රහත් බව ලබා සිටිය ද පල දෙන බවත් රහත් බව ලැබිමෙන් පසු කරන කියන කටයුතු සඳහා කර්මයක් ඇති නොවන බවත් සඳහන් ය.

පැට්‍රල් විදුම් පද්ධති (PETROL INJECTION SYSTEMS)

Highlights:
නවීන පැට්‍රල් වාහන එන්ජිම වැඩි ප්‍රමාණයක ඇත්තේ
පැට්‍රල් විදුම් පද්ධතීන් ය (Petrol Injection Systems).
විවිධ නිෂ්පාදන සමාගම් විසින් නිෂ්පාදනය කරනු ලබන
විදුම් පද්ධති අතර නිර්මාණයේ මෙන්ම ක්‍රියාකාරිත්වයේද
සමානකම් සේම බොහෝ වෙනස්කම්ද ඇත. එමෙන්ම නවීන
පැට්‍රල් විදුම් පද්ධති සෑම එකක්ම පාහේ ඉලෙක්ට්‍රොනිකව
පාලනය කරනු ලබන පද්ධති වේ.

මෙම පොතෙහි අරමුණ වන්නේ, නවීන පැට්‍රල් විදුම්
පද්ධතිවල නිර්මාණය හා ක්‍රියාකාරිත්වය පිළිබදව පුළුල්
දැනුමක් ලබාදීම ය. එම අරමුණ ඉටුකර ගැනීම සදහා ,
නවීන වාහනවල දක්නට ලැබෙන එකිනෙකට වෙනස්කම්
සහිත පැට්‍රල් විදුම් පද්ධති හයක නිර්මාණය හා ක්‍රියාකාරිත්වය
මෙහි ඉදිරිපත් කර ඇත.

එහෙයින්, එම පද්ධති හොදින් අධය්‍යනය කිරීමෙන්, නවීන
වාහනවල දක්නට ලැබෙන පැට්‍රල් විදුම් පද්ධති පිළිබද මනා
අවබෝධයක් ලබාගත හැකි වේ.

පරිගණක දෝෂ අලුත්වැඩියාව (සොෆ්ට්වෙයා සහ හාඩ්වෙයා දෝෂ විසඳුම)

Highlights:

පරිගණකයේ මතුවිය හැකි සොෆ්ට්වෙයා සහ හාඩ්වෙයා දෝෂ හඳුනා ගැනීම සහ අලුත්වැඩියා කර ගන්නා ආකාරය සරල බසින් පැහැදිලි කර දෙන ග්‍රන්ථයකි, පරිගණකය පිළිබඳ ආධුනික දැනුමක් ඇති අයට එහි සරල තාක්ෂණික දෝෂයක් පවා නිරාකරණය කර ගැනිමට අපහසු වන අවස්ථා තිබේ. එමෙන්ම පරිගණක පිළිබඳ සැලකිය යුතු දැනුමක් ඇති අයට ද පරිගණකවල මතුවන සමහර දෝෂ සහ අක්‍රියතා නිසියාකාරව නිරාකරණය කර ගැනීමට නොහැකි වන අවස්ථා තිබිය හැක.

Out Of Stock

අධ්‍යාපන සැලසුම්කරණය

Highlights:
  •  පිරිවැය: ප්‍රතිලාභ විශ්ලේෂණය
    • මිනිස් බල සැලසුම් ප්‍රවේශය
    • පද්ධති විශ්ලේෂණය
    • ප්‍රමාණාත්මක විග්‍රහ ක්‍රම
    • ව්‍යාපෘත් සැලසුම්කරණය
    • පිරිවැය- ඵලදායිතා විග්‍රහය
    වැඩසටහන් ඇගයීම්- විමර්ශන ශිල්ප ක්‍රමය
    • පාසල් සිතියම්කරණය
  • මෙම ග්‍රන්ථයෙන් හඳුන්වා දෙනු ලැබේ.

ගූගල් සර්ච්

Highlights:

සෙවුම් යන්ත්‍ර හෙවත් Search Engines අතර ප්‍රමුඛයා ලෙස සැලකෙන. Google භාවිතයෙන් තොරතුරු සොයා ගැනීමේ විශේෂ ක්‍රම සහ නව ක්‍රම මෙම ග්‍රන්ථය මගින් පැහැදිලි කර තිබේ. සර්ච් කිරීම් පිළිබඳ මුලික කරුණු, සර්ච් ඔපරේටර් භාවිත කරන ආකාරය, ගූගල් මගින් ඉමේජ් සර්ච් කිරීමේ ක්‍රම, වීඩියෝ සර්ච් කිරිමේ ක්‍රම,සේෆ්සර්ච් භාවිතය, සර්ච් කිරීම් අසාර්ථක වීමට හේතු News Search, Google Maps, Quick Answers Advanced Search ඇතුළු විශේෂ මාතෘකා කිහිපයක් යටතේ මෙහිදී සරල සිංහල බසින් කරුණු ඉදිරිපත් කර ඇත.

Out Of Stock

කළමනාකරණය (අනුකලිත ප්‍රවේශය)

Highlights:

කළමනාකරණය (අනුකලිත ප්‍රවේශය)

Management (Integrated Approach)

සංවිධාන චාර්යාව (නයාය, සංකල්ප සහ යෙදීම්)

Highlights:

සංවිධාන චාර්යාව (නයාය, සංකල්ප සහ යෙදීම්)

ORGANIZATIONAL BEHAVIOUR (THEORY,CONCEPTS & APPLICATIONS)

හෙළදිවෙහි වසර එකොළහක්

Highlights:
මෙම කෘතිය තුළින් මේජර් ෆෝබ්ස් වෑයම් කොට ඇත්තේ ලංකාවේ පැරණි ඉතිහාසය පුළුල් ලෙස විස්තර කිරීමට යි. ඒ නිසා ම ඔහු දැනුවත් ගවේෂණාත්මක කාර්යයක යෙදී සිට ඇත.ඒ අතරේ ඔහු අලි දඩයමට ද එක්ව තිබේ.මේ කෘතිය ඉවසිල්ලෙන් කියවන පාඨකයෙකුට ලංකා ඉතිහාසය පිළිබඳ මහත් දැනුමක් මෙන්ම සතුටක් ද ලැබෙනු ඇත.

දැව මැනීම (ක්‍යුබික් මැනීම)

Highlights:

(“ගසක් කපන විට පැළ දෙකක් සිටවමු”) දැව මැනීමේ දී (ක්‍යුබික් මැනීමේ දී)භාවිතා වන චක්‍ර මෙහි අඩ්ංගු වේ. ක්‍යුබික් අඩි චක්‍රය සහ මෙට්‍රික් ක්‍රමයට අනුව භාවිත වන ක්‍යුබික් මිටර චක්‍රය මෙහි අඩංගු වන අතර වට කඳ්න් සඳහා ක්‍යුබික් චක්‍රය ද.ලෑලි සහ පරාල වැනි ඉරන ලද ලී වර්ග මැණිම සදහා භාවිතා වන ක්‍යුබික් අඩි චක්‍රය සහ ක්‍යුබික් මීටර චක්‍රය ද මෙහි අඩංගුය.

ඩීසල් වාහන ඉන්ධන පධතිය – 2 වන කොටස (ඩිස්ට්‍රිබියුටර වර්ගයේ විදුම් පොම්ප)

Highlights:

ඩීසල් එන්ජිමක ඇති වැදගත්ම හා සංකීර්ණම පද්ධතිය වන්නේ ඉන්ධන පද්ධතිය සමන්විතව ඇත්තේ,මනාව සැලසුම්කර,ඉතා නිරවද්‍යව නිෂ්පාදනය කර ඇති සං‍රචක ගණනාවකිනි.එම සං‍රචකවල නිර්මාණය, ක්‍රියාකාරිත්වය හා සේවා කටයුතු පිළිබඳව ඉගෙනීමට බොහෝ දේ ඇත. එම දෑ පිළිබඳව මනා දැනුමක් හා අවබෝධයක් නොමැතිව ඩීසල් ඉන්ධන පද්ධතියක සේවා කටයුතු සාර්ථකව ඉටු කළ නොහැක.

1 2 3 4 5 16 17
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping