Sarath Wijesuriya

Sarath Wijesuriya

Showing all 9 results

Show:

බැළ මෙහෙවර

Highlights:

විවෘත ආර්ථිකය ඇති වෙන්නට පෙර ලංකා සමාජයේ ජන ජීවිතය හා බැඳුණු සමූපකාර ව්‍යාපාරය අදටත් නොනැසී පවතී. ඉතා දිළිඳු ගම්වල ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට සුපිරි වෙළෙඳසැල්වලින් පුළුවන්කම ලැබෙන්නේ අතලොස්සකටය. සමූපකාර ක්‍රමය තුළ බොහෝ වටිනාකම් ඇත. එහෙත් මේ ව්‍යාපාරයේ නිසි දියුණුවක් නැත. එහි අභ්‍යන්තරය – එහි ඛේදය කිසිම සාකච්ඡාවකට බඳුන් වී නැත. “බැළ මෙහෙවර” නවකතාව සමූපකාර ව්‍යාපාරය අළලා ලියා තිබෙන එකම නවකතාව වන්නේය. කතුවරයාගේ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ රචිත මේ නවකතාවෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි පරිහානියේ පටන් ගැනීම ද සාකච්ඡාවට බඳුන් වේ. ගැමි සමාජයේ විපරිණාමයක් අද නැතත් ගැමි ජන දිවි පෙවෙත තුළ ‘දියුණුවක්’ නැති බව සත්‍යයකි. මේ නවකතාවෙන් සිදු කෙරෙන ඊට අදාළ සමාජයීය කාරණා සම්බන්ධ විග්‍රහය අදටත් අදාළය.

රු1,137.50 13% OFF

අතීතය ගුරුවරයෙකි

Highlights:

අප හැම කෙනෙකුටම අතීතයක් ඇත. ඒ අතීතය සිහි කිරීමෙන් සතුටක් හෝ දුකක් ඇති විය හැකිය. ඉන් කවරක් වුව කම් නැත. අතීතයෙන් අනාගතයට අසාමාන්‍ය දැනුමක් ලබා ගත හැකි බව නම් පැහැදිලිය.

සිතක වෙහෙස ස්වාමි පුරුෂයන්ගේ පැමිණිලි

Highlights:

මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක පුරුෂයන් තමන්ගේ ජීවිතය තම භාර්යාවන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් පුරුෂයන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.

Out Of Stock

දරුවන්ට දඬුවම් කරන්නේ කෙසේද?

Highlights:

මා බොරුකාරයෙක් නම්, ළමයින්ට ඇත්ත කීමට ඉගැන්වීමෙන් පලක් නැත. ශිෂ්‍යයින්, නිර්භීත කිරීමට බියගුලු ගුරුවරයෙක් කිසි දිනෙක සමත් නොවනු ඇත. ආත්ම සංවරයට අමුත්තකු වූවකුට තම ශිෂ්‍යයින්ට ආත්ම සංවරයේ අගය කිසිදාක ඉගැන්වීමට නොහැකි වනු ඇත. මහත්මා ගාන්ධි ඔබ ක්‍රෑර පුද්ගලයෙකුය යන හැඟීම ළමයා තුළ ඇති වීමට ඉඩහැරිය හොත් ක්‍රෑර පුද්ගලයකු බවට පත්වීමට තුඩු දිය හැකි ළමයා තුළ පවතින ආවේගයෙන් පාලනය කිරීමේ බලය ඔබට අහිමි වනු ඇත. බර්ට්‍රන්ඩ් රසල් ගුරුවරයා දෙන අධ්‍යාපනයට වඩා ඔහුගේ හැසිරීම් රටාව කොතරම් දැඩි ලෙස සිසුන් උකහා ගත්තේ ද යන වග මට දැන් වැටහෙයි. කිසිම උත්සාහයකින් තොරව, මගේ ගුරුවරුන්ගේ නොයිවසිලිමත්කම, කේන්තියෑම, පක්ෂග්‍රාහීකම හා අසාධාරණය මගේ සිත තුළට කිඳා බැස තිබිණ. එනමුදු ඔවුන්ගේ ඉගැන්වීම් මගේ සිතෙහි රැඳුණේ නැත. මේ කුරිරු ක්‍රියා එකකුදු පණ ඇති සතෙකු කෙරෙහි පෑමට මා සමත් නොවීම මා ලත් එකම සැනසීමයි. රවීන්ද්‍රනාථ ඨාකූර් මම බියගුලු ළමයකු වීම එසේ වුවත්, ළමුන්ගේ ස්වභාවයට අනුව මා මුරණ්ඩු ද වූ බව මට විශ්වාසය. අම්මා ද මා නරක් කළ බව නිසැක නමුත්, මා මෙල්ල කර ගැනීමට අසීරු වූ බවක් වත්, කාරුණික වචනයකින්, මිතුරු බැල්මකින් හෝ ලෙන්ගතුව අතින් අල්ල ගැනීමකින් හෝ මට කියා යමක් කරවා ගැනීමට නොහැකි වූ බවක් වත් මම විශ්වාස නොකරමි.

ඉස්කෝලෙට භාර දීම

Highlights:

ඉස්කෝලෙට භාර දීම

දරුවන් දිවි නසා ගන්නේ ඇයි?

Highlights:

දරුවන්ට සතුටින් ඉගෙන ගැනීමට සුදුසු පරිසරයක් උරුම කරදීම දෙමාපියන් සතු වගකීමකි. යුතුකමකි. හොඳ පාසලකට නැතිනම් ජනප්‍රිය පාසලකට දරුවා භාරදීමෙන් ඉටුවන්නේ දෙමාපියන් සතු වගකීමද? යුතුකමද? නව යොවුන් වියේ දරුවෙකු දිවි නසා ගැනීම ඛේදයකි. මේ අකාරුණික කාරණාව සම්බන්ධයෙන් ගුරු භවතුන් මෙන්ම වැඩිහිටියන්ද සංවේදී විය යුතුය.

ආදරය දැනෙන්න ජීවත්වෙන්න

Highlights:

මේ පොත රචනා කර ඇත්තේ අඹු සැමියන් වීමට අපේක්ෂා කරන යටත් අඹු සැමියන් ලෙස ජීවිත ගොඩනගා ගත් අයටත් කියවීමටය.

ජීවිතයට ගරු කරන්න

Highlights:

අඹු සෑමියන් උනුන් කෙරේ ගෞරවයකින් තොරව ජීවත් වීමට මුල පුරන්නේ කෙසේද? එය කෙනෙකුගේ පෑවත්මේ වරදක්ද?දෙමාපියන්ගෙන් උරුම වූ ජීවිතයද? අධ්‍යාපනයෙන් පිබිදීම, මිල මුදල් අත් කර ගැනීම, කායිකාස්වාදය අත් කර ගැනීම, සැබවින්ම ශක්තිමත් ජීවිතයක පදනමට වැදගත් වන්නේ කවරාකාරයෙන්ද? අඹු සෑමියන් එක වහලක් යට ජීවත් වුවද, උනුන් කෙරේ ගෞරවනීය බැදීමක් නැත්නම් ජීවිතය වෙහසකරය. පීඩාකාරිය. ඉමහත් සතුටින් කාලය ගෙවා උනුන් කෙරේ තරහින් ජීවත් වන්නේ ඇයි? මේ පොත ගෞරවනීය බැදීම් වලින් තොර වීමෙන් වෙහෙසට පත් වූවන් ජීවිතය අත් නොහැර අභියෝග වලට මුහුණ දුන් හැටි විස්තර කරයි.

සිතක වෙහෙස භාර්යාවන් ගේ පැමිණිලි

Highlights:

මේ පොතේ අන්තර්ගත වන්නේ විවාහක කාන්තාවන් තමන්ගේ ජීවිතය තම ස්වාමිපුරුෂයන්ගේ ඇතැම් චර්යාවන් හා ගති පැවතුම් නිසා අසහනකාරී තත්වයට පත්වී යැයි පවසමින් ඒ හා සම්බන්ධයෙන් කරන විස්තරයන්ය. ආවර්ජනයන්ය. ඇතැම් කාන්තාවන් උගත් කමින්,සමාජ ආර්ථික මට්ටම් වලින් විවිධ වෙනස්කම් පල කළ ද බහුතරයකගේ මානසික වෙහෙස සඳහා මුල් වන්නේ ප්‍රධාන කාරණා කිහිපයකි. ඒ අතර විශ්වාසය බිඳ දැමීම, ලිංගික ජීවිතය, මානව ගරුත්වය පිලිබඳ ව අසංවේදීතාව කැපී පෙනේ. ප්‍රේමය, ආදරය ගැන අවබෝධයක් නොමැතිකම, දරුවන් කෙරෙහි අසංවේදී වීම මෙන්ම විවිධ සමාජ ආර්ථික පීඩාවන්ද පොදු තත්වයන් යටතේ කැපී පෙනේ.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar