Sarath Wijesooriya

Sarath Wijesooriya

Showing all 4 results

Show:

සඳපානේ වැලිතලා

Highlights:

මැද පන්තියේ තරුණ දරුවන් තමන්ට අභිමත අන්දමට ආදරය, විවාහය , විදදරාගනීම, වෙන්වීම සම්බන්ධ කාරණාවල දී අන් කවරදාටත් වඩා ‘අමුතු’ වී සිටින ස්වභාවයක් වත්මනේ දක්නට ලැබෙන්නේද?

අප්‍රමාණ කපවීමෙන් ලොකු මහත් කොට – උගන්වා දෙපයින් නැගී සිටින්නට හැකි තත්වයට පත් කළ දරුවන්ගේ ‘ආකල්ප- පුරුෂාර්ථ’ හේතුවෙන් දෙමාපියන් – වැඩිහිටියන් අන් කවරදාටත් වඩ හුදකලා වන ස්වභාවයක් දක්නට ලබෙන්නේද?

මනුෂය සම්බන්ධතා ගොඩ නැගෙන අන්දමත්, මනුෂය සම්බන්ධතා බිඳ වැටෙන අන්දමත්, ජීවත් වීම විෂයෙහි වැදගත් ‘වටිනාකම්’ නොසලකා හරීමත් වත්මන් සමාජයේ සාමාන්‍ය තත්වයක්ද? – පොදු තත්වයක් ද?

සහිතය්‍යකරුවෙකු තමන් හාත්පස සමාජය නිරීක්ෂණයෙන් ඉහත සඳහන් ප්‍රශ්න ආශ්‍රයෙන් ලත් අත්දැකීම් කෙරේ සංවේදී වන අන්දම මේ කෘතියෙහි නිරූපිතයි.

විමුක්තිය

Highlights:

යතාර්ථ රීතියෙහි පිහිටා නිර්මාණය කරන ලද ‌මෙහි ඇතුළත් කතා ‘අත්දැකීම් හා පරිකල්පනය’ සම්බන්ධයෙන් කළ අත්හදා බැලීම්වලින් සමන්විත වන්නේ ය. අත්දැකීම්වල නිර්ව්‍යාජ ගුණයත් ‘පරිකල්පනයත්’ නිර්මාණයක ‘අර්ථවත්භාවය‘ මෙන්ම ‘මෙන් ම ‘රසවත්භාවය‘ සම්බන්ධයෙන් ඉවහල් වන්නේ ය. ඒ අවබෝධයෙන් රචිත මෙහි ඇතුළත් කතා, පාඨකයාගේ පරිකල්පන ඥානය අවදි කරයි. සාහිත්‍ය කෘතියක් එය පහළ වු සමාජයේ – එය පහළ වූ අවධියේ, දර්පණ තලයක් ය යන්න මෙන්ම, සාහිත්‍ය කෘතියක් අදාළ වන්නේ ඒ අවධියට පමණක් නොවේ ය යන්න ද මේ කතා සනාථ කර සිටියි. කවර කලක බිහිවුණ නිර්මාණයක් වුව පාඨකයාට වැදගත් වන්නේ ඉන් අත්විඳිය හැකි ජීවනාස්වාදය හේතුවෙනි යන අදහසත් මේ කතා සපථ කරයි.

රු481.25 13% OFF

තක්සලාවේ නියඟය

Highlights:

කෙටි කතාකරුවෙකු ලෙසින් කතුවරයා ක්ෂේත්‍රයට අවතීර්ණ වන්නේ මේ කෘතිය පළ කරමිනි. මෙහි ඇතුළත් කතා කතුවරයා තුරුණු වියේ දී නිර්මාණය කර තිබෙන නමුත්, ‘ජීවිතය‘ හා ‘සමාජය‘ විෂයෙහි ඔහුගේ තියුණු නිරීක්ෂණ හැම නිර්මාණයකින්ම කුළු ගන්වයි. තව ද, උසස් අධ්‍යාපනය පිණිස ගමෙන් නගරයට පැමිණි තරුණයෙකු නවකවදය තුළ හිංසනයට ලක්වන අන්දම නිර්ව්‍යාජව නිරූපණය කළ; විවාදයට බඳුන් වුණ ‘තක්සලාවේ නියඟය‘ එකී පුරුද්දෙහි තිබු හිංසනය සේම – අවිචාරවත් බව එ දවස ලත් ප්‍රායෝගික අත්දැකීම් ආශ්‍රයෙන් රචනා කරන ලද්දකි. පාඨක විචාරක අවධානයට ලක්වුණ මේ කතා සංග්‍රහය ‘එක් අවධියක‘ ‘ලංකා සමාජයේ ඇතැම් තතු විදහා පාන්නකි.

රු612.50 13% OFF
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar