මකුළු දැල්
අනෙකුත් සෑම කාමරයක්ම උළුවහු දමා නොතිබෙද්දී මෙය පමණක් තදට වසා තිබීම නේහාගේ සැකයට පාදක විය. කිසියම් බලවේගයක් මගින් තමාව හසුරන්නේ දැයි ඇය කල්පනා කළාය. පැය භාගයක පමණ උත්සාහයකින් පසුව ඇය කාමරය විවෘත කර ගත්තාය.ඉන් නිකුත් වූයේ පුස් ගදකි. එකවරම කාමරය ඇතුළු වූ නේහා එකවරම මුහුණ තදින් වසා ගත්තේ මකුළුදැල් ගොඩක පැටලුන නිසාවෙනි.
” මේ කාමරේට අවුරුදු ගානකින් කවුරුත් ඇවිල්ලා නෑ… ඒකයි හැම කාමරේට අතුගාලා පිරිසිදුව තියන් ඉද්දී මේ කාමරය විතරක් මේ විදිහට ….”
නේහා තනිව කල්පනා කළාය. ටික වේලාවකින් අදුරට ඇස් හුරු වෙද්දී නේහා කාමරයේ දොර හෙමීට වසා දැමුවාය. ඉන්පසු තමන්ගේ විදුලි පන්දම දල්වා ගත්තාය.
ඉන් නික්මෙන සියුම් එළියෙන් නේහා කාමරය පුරා විමර්ශනශීලී බැල්මක් හෙළුවාය. ඒ ඉතාමත් පිළිවෙළට තිබුණු කාමරයකි. එහි වියන සහිත විසල් ඇදෙහි තවමත් පිළිවෙළට දැමු බෙඩ් ශීට් කොට්ට උර දූවිල්ලෙන් වැසී අදුරු පැහැයක් ගැන ඇත.
දූවිලි නාසයට කිති කැවෙද්දී නේහා තම නහය තදින් අල්ලා ගත්තේ කිවිසුමක් යාවි යැයි බියෙනි.
නේහාගේ අවධානය යොමු වූයේ එහි තිබුන අල්මාරිය ය. එහි යතුරු කටේම තිබුන යතුර දුටු නේහා දෙවරක් නොසිතා අල්මාරිය විවෘත කර ගත්තාය.
“අහ්හ්හ්..”
Recent Comments