Kelum Weligama

Kelum Weligama

Showing all 9 results

Show:
Out Of Stock

තරගයේ වීරයා

Highlights:

මේ වන විට 14 වෙනි මුද්‍රණයද නිකුත් වී ඇති “තරගයේ වීරයා ” කෘතිය ශ්‍රී ලංකාවේ පළවූ තවත් ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. ජීවන සාර්ථකත්වයට ප්‍රබලව බලපාන පුද්ගල සංවර්ධන සංකල්ප 11ක් සිත්ගන්නා අයුරින් පෙන්වා දී ඇති තරගයේ වීරයා කෘතිය තමාගේ ඉරණම තමාම ලිවිය යුතුයැයි හදවතින්ම විශ්වාස කරන මිනිසුන් උදෙසා ලියවුණ අපුරු කෘතියකි. ජීවිතයේ ඔබ නියැලෙන ඕනෑම ක්ෂේත්‍රයක තරගයේ වීරයෙක් වෙන්න බලපාන සියලු ක්‍රම සහ විධි එකින් එක හෙළි කරන ප්‍රබල උපක්‍රමික වට්ටෝරුවක් වශයෙන් මේ කෘතිය හැදින්විය හැකිය. නම් ධනාත්මක චින්තන මන්තරයෙන් පමණක් සෑහීමට පත්නොවී, ජීවිතය දිනන්න මග පෙන්වන ක්‍රම, විධි සහ සංකල්ප එකතුවක් කියවීමට ප්‍රිය උපදවන අයුරින් මෙහි අන්තර්ගත කර තිබේ.

ජීවිතය වෙනස් කරන කතා – 4

Highlights:

ජීවිතය වෙනස් කරන කතා 1, 2 සහ 3 වේගයෙන් අලෙවි වන කෘති පෙළකි. ජීවිතය වෙනස් කරන කතා 1 කෘතිය පමණක් දැනට 27වැනි මුද්‍රණයේ පවතී. එමනිසා මෙම කෘතිය 2022 වසරේ බොහෝ දෙනා කතාබහ කරන කෘතියක් වනු නියතයි.

ජීවිතය වෙනස් කරන කතා 4 කෘතිය මාර්තු 20 දින නිකුත් කරන්න කටයුතු කර තිබෙනවා.

 

ජීවිතය වෙනස් කරන කතා 3

Highlights:

කල නොහැක්ක ඔබට රැවටිය හැකියි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති ජීවිතය වෙනස් කරන කතා 3 කෘතිය ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසු කරන අපූරු කතා රැසකින් නිමවී ඇත.

ජීවිතය වෙනස් කරන කතා 2

Highlights:

සිහින, ආදරය සහ වේදනා ඔබේ ජීවිතය වෙනස් කරයි යන තේමාව ඔස්සේ නිර්මාණය වී ඇති ජීවිතය වෙනස් කරන කතා 2 කෘතිය මේ වන විට 15 වෙනි මුද්‍රණයේ පසුවේ. ජීවිතයට පිරිසිදු ඔක්සිජන් ස්වල්පයක් මුසු කරන මේ අපූරු කතා එකතුව තුල ජීවිතය වෙනස් කරන අගනා පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් අන්තර්ගත කර ඇත.

ඉරණම වෙනස් කිරීමේ කලාව

Highlights:

විද්‍යාත්මක පදනමක් ඔස්සේ ලියැවුණ ඉරණම වෙනස් කිරීමේ කලාව කෘතිය තුල පුද්ගලයෙකුගේ ජීවිතය සාර්ථක ලෙස වෙනස් කර ගැනීමට භාවිතා කල හැකි පුද්ගල සංවර්ධන, මනෝවිද්‍යාත්මක සහ නියුරෝන විද්‍යාත්මක සංකල්ප රැසක් රසවත් සහ හරවත් අයුරින් පැහැදිලි කරයි. ඉතින් ඔබ ඉරණම විශ්වාස කරනවද? පිළිගන්නවද? නොසලකා හරිනවද? එහෙමත් නැත්තම් ඉරණම ඔබට කැමති අයුරින් වෙනස් කරනවාද? සීමාවන්ට සීමා නොවී කල නොහැක්ක රවටන්න උත්සහ කරන විශ්වීය මිනිසුන් උදෙසා ඉරණමේ කලාව, විද්‍යාව සහ මිත්‍යාව ඔස්සේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කල හැකි බලපෑමක් කරන මෙම කෘතිය ඔබගේ ඉරණම වෙනස් කරන නවතම මෘදුකාංගයයි

ජීවිතය වෙනස් කරන කතා 1

Highlights:

පිටපත් 35,000 ඉක්මවා අලෙවියක් වාර්තා කරමින් මේ වන විට 13 වෙනි මුද්‍රනයද නිකුත් වී ඇති ජීවිතය වෙනස් කරන කතා 1 පොත ශ්‍රී ලංකාවේ පළවූ ජනප්‍රියම පුද්ගල සංවර්ධන කෘතියකි. පුංචි කතාවකට ජීවිතය අංශක 180කින් වෙනස් කල හැකිය යන පදනමේ සිට නිර්මාණය වී ඇති එය ඕනෑම කෙනෙකුගේ ජීවිතය වෙනස් කරන්න සමත් අපූරු සංකල්ප සහිත ජීවිතය වෙනස් කරන අපූරු කතා රැසකින් සමන්විතයි.

ෂර්ලොක් හෝම්ස් වගේ හිතන්නේ කොහොමද?

Highlights:

” ⁣වොට්සන් මේ ලෝකයේ මිනිසුන් වර්ග තුනක් ඉන්නවා කියලා ලියනාඩෝ ඩිවින්චි වරක් කියලා තියෙනවා. පළමු වර්ගය තමයි දකින අය. දෙවෙනි වර්ගය තමයි අනිත් අය පෙන්නු වූ  විට දකින අය. තුන්වැනි වර්ගය තමයි කිසිවක් නොදකින අය. ඒත් මම ඔය නම් වර්ග තුනටම අයත් නෑ මගේ හිතවත් මිත්‍රයා. “

” එහෙනම් ඔබ අයත් වන්නේ මොන වර්ගයටද හෝම්ස්? “” මම අයත් වෙන්නේ දකින අයත් නොදකින බොහෝ දේවල් දකින මිනිසුන් වර්ගයට “ ඔහු එහෙම කියලා වයලීනය අතට අරගෙන පුටුවේ දිගා වුණා.

  1.  කළ හැකි දේවල් අතරින් කළ යුතුම දේ සිතිමේ හැකියාව
  2.  ප්‍රශ්න නොකරන දේවල් ප්‍රශ්න කිරීමේ කලාව
  3.  අනෙකා හිතෙන විදිය සිතා ගැනීමේ සෙල්ලම
  4.  විශ්මිත විරාමයක් ගැනීමේ පුරුද්ද
  5.  යමක් පුරුද්දක් වනතුරුම පුහුණුවීමේ වාසි
  6.  සංකීර්ණ ගැටලු සරලව දැකීමේ රහස

විශිෂ්ට පියවර

Highlights:

හැකියාව සහ දක්ෂතාවය ජීවිතය අරුත් කරන සුවිශේෂී නිසැගියාවක් එහෙමත් නැත්තම් ටැලන්ට් එකක් බවට පත් කර ගැනීමට ලොව ප්‍රමුඛ පෙලේ ක්‍රීඩකයන්, නළු නිලියන්, ව්‍යවසායකයින් ඇතුළු විශිෂ්ට චරිත භාවිතා කල පුහුණු ක්‍රමවේද සරලව සහ සාරාංශව අන්තර්ගත කෘතියකි.

Out Of Stock

මහමොළකාරයෝ

Highlights:

ස්ටීව් ජොබ්ස්, බිල් ගේට්ස්, රටන් ටාටා, රිචඩ් බ්‍රන්සන්, වෝල්ට් ඩිස්නි, මාර්ක් සකර්බර්ග්, හෙන්රි ෆෝර්ඩ්, අනිටා රොඩික්, සෑම් වෝල්ටන්, වැනි නැවත නැවත හැදෑරිය යුතු ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු ඇසුරෙන් ලියවුනු මහමොලකාරයෝ කෘතිය එම ව්‍යාපාරිකයන්ගේ ජීවන තොරතුරු හෙළි කිරීමෙන් පමණක් නොනැවතී ප්‍රයෝගිකව ජීවිතය එන්නත් කරගත හැකි කළමනාකරණ සහ පුද්ගල සංවර්ධන සංකල්ප රැසක් හෙළි කරයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping

Sidebar