බාණ කුසුම්
සියවස් දෙක හමාරක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වන දැවමුවා ස්ත්‍රී පුතිමාවක් හරහා සිය අනන්‍යතාව සොයා යන තරුණියකුත්, දුරාතීතේ ඈත පිටිසර ගම්මානයක ප්‍රාදුර්භූත වන එහි ගුප්ත නිමැවුම්කරුවාත්, ඔහු හා පෙමින් බැඳෙන විප්ලවකාරී තරුණියකත් වටා ගෙතෙන බාණ කුසුම් දහ අට වැනි සියවසේ සිට වර්තමානය දක්වා ලංකාවේ සමාජ සංස්කෘතික සහ දේශපාලනික ඉතිහාසය පදනම් කරගෙන ලියැවී ඇති ප්‍රබන්ධ නවකතාවකි.
ආදරේ ඉල්ලූ දියණි
” ලුසී සහ මා විශ්වාස කරන්නේ අප අම්මා සහ දුව වීමට දෛවයෙන් පතාගෙන ආ බවය. අප හමු වීමට ටික කලකට ගතවු ප්‍රමාදය පමණි. ලුසී මා ළගට එන විට එකොළොස් හවිරීදී වියේ පසුවූවාය. ඇය ඊට කලින් මා වෙත ආවා නම් කියා නොපතා ඉන්නට මට බැරීය. අතීතයේදී ඇයට සිදුවූ දේ ගැන සිතන විට මගේ සිත හඬා වැටේ.”
මට පුළුවන්
කුඩා කල පෝලියෝ රෝගයට ගොදුරු වී දෙපා අප්‍රාණිකව කිහිලිකරුවලින් ඇවිද යන්නට සිදු වු නමුදු කුඩා ඇලන් මාෂල්ගේ ලෝකය සුන්දරය. ඔහු අනෙක් ළමයි මෙන් කෙළි සෙල්ලම් කරයි. කඳු නගින්නට යයි. පිහිනයි. එපමණක් නොව අශ්වයන් පිටේ යන්නටද ඉගෙන ගනී.
පොලියානා
පොලියානා මා පිය දෙදෙනාම අහිමි කුඩා අනාථ දැරියකි. ඇය වැඩෙන්නේ නපුරු, තද හිතැති ඇගේ පුංචි අම්මාගේ සෙවණේය. එහෙත් පොලියානා සතු එක්තරා දස්කමක් නිසා පුංචි අම්මාගේ ආදරය දිනා ගැනීමටත්, ඇය අවට සිටින අයගේ දුකින් පිරුණු ජිවිත වලට සැනසිල්ල උදා කරන්නටත් පොලියානා සමත් වෙන හැටි මේ කෘතියෙන් කියවේ. ඒ අන් කිසිවක් නොව පොලියානා ඉතා දක්ෂ ලෙස ඇගේ සතුටු වීමේ සෙල්ලම කරන නිසා ය.
සතුට බෙදන පොලියානා
පොලියානාගේ ජිවන වෘතාන්තයේ මැද භාගය සතුට බෙදන පොලියානා ලෙසින් ලියවෙන අතර තුරුණු විය අද්දරට සේන්දු වෙමින් සිටින තැනැත්තියකගේ සිතුවිලි පහල වන අන්දම හා ඒවා හැසිරෙන අන්දම කදිමට මෙහි නිරූපිතය.
ජිමී සහ පොලියානා
පොලියානා ජීවන වෘතාන්තයේ තෙවන භාගය ලෙස මේ කෘතිය හැදින්විය හැකිය. යොවුන් වියේ සුන්දරත්වයත් ජීවන යාත්‍රාවෙහි සියුම් සංවේදනාත් නිසි වර්ණවලින් මේ කතාවෙහි නිරූපණය කර ඇති ආකාරය ඉතා මනහරය.
වණ්ණ දාසි
ඒ ඉතා කටුක ජීවිතයක් ගෙවා යන්තම් ඔළුව ඔසවා ගැනීමට හැකිවූ මට මගේ අතීතය ගැන සැගවීමට හෝ ඒ ගැන ලජ්ජා වීමට වුවමනා නැති බවය එහෙත් තුවාලයේ වේදනාව දන්නේ එය තිබෙන පුද්ගලයා ය. යන ප්‍රකට කියමන මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි. ඇඟ විකුණු ගැහැනියකගේ දියණියක ව්‍යාපාරීක ලෝකයේ ඉහළට ම නැගීම ඔබට රස මවන පුවතක් වුවාට මට එය එසේ නොවේ. මේ තුවාලය මගේ ය. එය ඔබේ නොවේ. එහෙයින් එහි වේදනාව ගැන ඔබට විස්තර කිරීමේ පලක් ඇතැයි නොසිතමි.
නිලි වැස්ස
‘‘හැන්දෑ වෙනකොට රජ්ජුරුවන්ගෙ විවේක කුටියට එන්ඩ කියල කැඳවිම ලැබුණ. සමහරක් දවස්වලට නම් රජ්ජුරුවො අර පුරුදු විනෝදකාමි ලීලාවෙන් හිටියෙ නෑ. එන්ඩ එන්ඩ ඒ ගතිය ටික ටික අඩුවෙලා ගිය බවයි මට දැනුණෙ. කතාබස් කළෙත් බොහොම ටිකයි. හිතේ බොහොම අවිවේකි ගතියකින් ඉන්න බව පෙනුණ. මාගේ කයත් එක්ක මිස හිතත් එක්ක කතා කරන්ඩ උන්නාන්සෙට එච්චර ඉස්පාසුවක් තිබ්බෙ නැතුවාද කොහෙද. පළමු දා ට පස්සෙ රජ්ජුරුවො ආයෙ කවි කීවෙත් නෑ. පරදේසක්කාරයන්ගෙ අවුල් හින්ද හිත විපරීත වෙලා තියෙන්ඩ ඇති.’’
ධරණී
” එතැන් සිට අවරුදු ගණනාවක් යනතුරු ඇය මගේ කොට්ටය යට හැම වෙලේම සිටි අතර අම්මා මට අසාධාරණ ලෙස බැණ වැදුණු හැම දිනෙකම, අර සුරඟනා කතාවේ දැරිය විදිහටම, ගෙයි පිළිකන්නේ තිබුණු ලී බැංකුව මත වාඩි වී ඇය ඉදිරීයේ මගේ පෑරුණු හදවත විවර කළෙමි. ඇය මා කියන කතා අසා සිටින බවටද, කිසියම් රහස් හඬකින් මගේ හිත සනසන වදන් කියන බවටද මට එකල විශ්වාසයක් තබිණි. නොඑසේ නම්, මම රෙදි බෝනික්කෙකුට පණ ලැබෙන එවැනි සිහින ලෝකයක සැරීසැරුවෙමි. “
ඩෙනිස්ගේ දස්කම්
ඩෙනිස් නමැති දරුවාගේ දඟකාරකම් මෙන්ම දස්කම් ගැන ඉතා රසවත් සිද්ධි මේ කතාවෙන් කියවෙයි.
Recent Comments