සාගරාන්තර ආලෝකය
පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යලිත් ඕස්ට්‍රේලියාවේ එන ටොමි ශර්බෝර්න් , ජානුස් ගලේ ප්‍රදිපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබා ගනියි, මේ පාඵ දුපතට ඔහු සිය තරුණ , නිර්භීත බිරිද වන ඉසේබෙල් කැන්දාගෙන එයි. වසර කිහිපයක් ගෙවුණු තැන, එක අමතක නොවන දවසක, බෝට්ටුවෙන් දුපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුණු කරමිනි. මේ බෝට්ටුවෙන් රැගෙන් ආ ඒ ‘ දෙවියන්ගේ ත්‍යාගය ‘ කුමක්ද ? එයින් ටෝමිගේ සහ ඉසබෙල්ගේ ජිවිත නොසිතු නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද ? මෙය ස්ටේඩිමන්ගේ එකම නවකතාවයි.
තිවත
“රාජසිංහ රජතුමද අර්ථයෙන් අනුශාසනය කරමින් පරංගි ගොල්ල ඔත් ඔත් පළම නසමින් දහමෙන් රාජය කිරීමෙන් නියුක්ත වූ බව දත යුතුය. සීතාවක රාජසිංහ රජු පිළිබද මෙසේ ලියනු ලැබුවේ සීතාවක මානියම්ගම් විහාරවාසී සිටිනාමළුවේ ධම්මපාල හිමි විසිනි ඒ රාජසිංහයන්ගේ අභාවයෙන් වසර හතකට පසු , රාජ්‍ය වර්ෂ 1599 දිය. එහෙත් ප්‍රකට ඉතිහාසයෙන් අපට නිර්මාණය කර දි ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාස ලේකනයද අතලොස්සක් පවතී.
සකිසද
විසිහය හැවරදි ජින් ලුයිස් ෆින්ච් නිව්යෝර්ක් නගරයේ සිට සිය මහලු පියා වන ඇටිකස් බැලීමට ඇලබමනි පිහිටි සිය උපන් ගමට නැවත පැමිණෙන අතර , වසර ගණනාවක් තිස්සේ ඇලබමනි පිහිටි මෙකොම්බි නගරය ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් වී ඇති ආකාරය ඇය අත්දකියි.ඇගේළමා කාලයේ තිබු සාරර්ධම හා සමනත්මවාදී මතකයන් ගංවතුරකට ගසාගෙන ගොස් ඇති ආකාරය ඇය දකී.මිට පෙර ඇය විසින් රචනා කරන ලද දශක බොහෝ ගනනක් ඉමහත් පාඨක , විචාරක අවධානයට නතු වු To Kill a Moking Bird නවකතාව තුල වු චරිතද පාඨකයා වෙත යලි කැදවමින් හාපර් ලි සුවිශේෂ වු නවකතාවක් අප වෙත ඉදිරිපත් කරයි.
මැඩම් මාඕ
අන්චි මින් විසින් චීන සංස්කෘති විප්ලවලේ නිරුවත හෙළි කරමින් හෙළි කරමින් ඉංග්‍රීසි බසින් ලියන ලද red azalea නමැති නව ප්‍රබන්ධය, ඇමෙරිකාවේ සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming madam mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද, එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවි ඇත්තේ මාඕ මැතිනියගේ පෞද්ගලිකැ ජීවිතය කෙරෙහිය.
චන්ද්‍රකින්නරවී
චන්ද්‍ර කින්නරවිය ‘නිශ්ශංක විජේමන්නගේ තෙවන කෙටිකථා එකතුව. ස්වකිය නිර්මාණ මගෙහි වටිනා හැරවව්මක් සටහන් කල මෙම කෘතිය එම වසරේ ස්වදින සාහිත්‍යය සම්මාන උළෙ ඔහු විශද කල සුවිශේෂිතාව සැලකිල්ලට ගනිමින්ය.
හඬන මුහුද
තුන් හැවරැදී වියේ වූ දරුවෙකු අප්‍රිකානු ඝන වනානතරයක අතරමන් වේ’ මෙසේ අතරමන් වන සුදු ජාතික දරුවා කළු ජාතික මවක විසින් තමන්ගේම දරුවෙකු සේ හදා වාඩා ගනී’ වසර නවයකට පසු රජයේ නිලධාරින් දෙදෙනෙකු වනගත ගම්මානයක් තුල වෙසෙන පවූලක සුදු දරුවෙකු සිටිනා බව සොයා ගනී’ දරුවාගේ සැබැ මවුපියන් දරුවා ඉල්ලා අධිකරණයේ පිහිට පතායි’ව්‍යසනය ඇරෙඔන්ෙන් ඉන් අනතුරුවය’
නින්නාද
ඔබ ඇවිදගෙන යන්නේ මරණය සමීපයෙන්. ඒත් ඔබ ජීවත් වෙනවා. මට ඔබ පේනවා. ඒත් මට සිංහයා පෙනෙන්නේ නැහැ. ඔහු එතැන සිටිනවා. එහෙත් හඳුනා ගැනීමට නොහැකියි. ඔබ ඔහු සොයා යනවා. ඔහු හමුවන්නේ ඔබගේ සොයා යෑම නතර කළ පසුයි. ඔබ ඔහු දුටුවත් හදුනාගන්නේ නැහැ. ඔහු නමක් නැති නොදන්නා පුද්ගලයෙකු පමණයි.
අසම්මතය
එහි ඇතැම් තැනක ඇති සංවේදීත්වය දෙනෙතට කඳුලු නංවන අයුරින් හෘදයාංගම විය. කතා නායකයා හා නායිකාව ඉතා යහපත් පුද්ගලයින් වුවද ඒ අසම්මත ජීවිත පැවැත්ම නිසා ඔවුහු සමාජයේ හා ඥාතීන්ගේ පරිභවයට භාජනය වෙති. හැම දුක් පීඩාවකටම, නින්දාවකටම ගොදුරු වෙමින් ඔවුහු තම ජීවිත ගමන ගෙන යන්නේ නොසැලෙන ආයුරීනි.
බිඳුණු සඳ
ඒ සීතල අඳුරු රාත්‍රියේ විශාල කැළය මැදින් ඇය මා කැඳවා ගෙන යෑමේ අරුත කුමක් දැයි මම සිතුවෙමි. ම්ඳුණු අයිස් කුට්ටි ගංගාව දිගේ හැපෙමින් ගලායන හඬ මට ඇසේ. “අපි මේ තැනට යන්න ඕනි. අපේ නෑදෑයෝ පැල කරලා තියන තැනට යන්න ඕනි. මට පුළුවන් රහස් රැකගන්න.ඒත් හැම දෙනාටම පුළුවන් කම නෑ ඇහුනද දරුවෝ”?
හඬමි වැළපෙමි හදවතින්
රාත්‍රී කාලයේ ඇයව සොයාගන්නා ලද්දේ සංචාරක පොලිසිය විසිනි. බීමත් කෙනෙකු යැයි සිතා ඔවුහු කෝටුවකින් ඇය හැරවුහ. ඇයගේ හිසත්, මුහුණත් ලේ වලින් පෙඟී ඇති බව දුටුවේ එවිටය.
ඔබට යන්නට දිය හැකිද…?
මවකට දරුවකුගෙන් සමුගන්නයයි කියන්නේ කෙසේද? මට එය නොවැටහේ. හද කකියවන සුළුවුවද එය ආදරය පිළිබඳ සත්‍ය කතාවකි.
ඉරාකයේ දියණිය මයාඩා
ඉරාකයේම ඉපිද පුවත්පත් වාර්තාකාරියක ලෙස සේවය කල මයාඩා තම ජන්ම භූමිය වූ ඉරාකය විඳි දුක් කරදර ලොවට හඬගා කීමට සිතා ගත්තාය. ඉරාක ජීවීතයේ සත්‍ය තොරතුරු ඉරාක ජාතියෙකුගේ මුවින් කිවයුතු විය. සදම්ගේ මාළිගා, වධකාගාර පිළිබඳ ඈ පැවතු සත්‍ය තොරතුරු සමග ඇගේ ජීවිත කතාව.
කතරෙහි වරඟන
“හරි, දැන් ඔයා හිමින් සැරේ දුව ගාවට යන්න,අනික් ළමයින්ව බය නොකර ළමයට කථා කරන්න.නැත්නම් ළමයි ගිහින් දෙමව්පියන්ට කියවී ගෑනියෙක් එයාලගේ යාළුවා පැහැරගෙන ගියා කියලා. ඔයා අම්මා බව ඒ ළමයින්ට අරීන්න. ඊට පස්සේ ඉක්මණින්ම දුවව කාරෙකට එක්කරගෙන එන්න. හදිස්සියේ කවුරුහරි ආවොත් මම ඔයාගේ උදව්වට එන්නම්.”
නිරාශා
ජීවිතය යනු ආදරයයි. ආදරය, පරිත්‍යාගයෙන් විනා පැහැරගැනීමෙන් හෝ බලහත්කාරකමින් හෝ ලබා ගත හැකි දෙයක් නොවේ. ජීවත් විය යුත්තේ පරිත්‍යාගය උදෙසා පමණකි.
Recent Comments