Chandra Anagirathna

Chandra Anagirathna

Showing all 3 results

Show:

ස්විස් ෆැමිලි රොබින්සන්

Highlights:

වර්ෂ 1789 දී ඇරඹුණු ප්‍රංශ විප්ලවයෙන් පීඩා විඳි අය අය අතර බටහිර ස්විස්ටර්ලන්තයේ විසූ දේවගැතිවරයෙක්ද විය. මෙම පූජකවරයා සතු සියලුම දේපළ හා වස්තු මෙම විප්ලවය නිසා ඒහුට අහිමි විය. ඒ නිසා මිෂනාරී සේවයේ යෙදීමට ඔහු තීරණය කළේය. ඒ සඳහා ඔහු පළමුවෙන්ම සිය බිරිඳ හා පුතුන් සිව් දෙනා සමග එංගලන්තයට පැමිණි‌යේය. එහි දී ඔහු උතුරු ශාන්තිකර සාගරයේ පිහිටි. පසුව ප්‍රංශයට අයත් වු, සොසයටි දූපත් රාශියට අයත් ලොකුම දූපත වූ ඔටහයිට් දූපතේ මිෂනාරි පත්වීමක් භාර ගත්තේය. අනෙකුත් මගීන් සමග මෙම දේවගැතිවරයා ද සිය බිරිඳ සහ දරුවන් රැගෙන මෙම දූපත කරා යාත්‍රා කිරීම සඳහා නැව් නැග්ගේ ය. ඔවුන්ගේ අභිලාෂය වූයේ පසු කලෙක දී ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් හි පෝට් ජැක්සන් පෙදෙසේ පදිංචියට යාමට ය. මේ නිසා එම යටත්විජිතයේ මිල දී ගැනීමට හෝ ලබා ගැනීමට හෝ නොමැති විවිධ ආයුධ, බීජ වර්ග, පැළෑටි වර්ග, ගොවි උපකරණ හා හරකුන් ආදී සතුන් ද ආදිය නැවේ ගෙන යාමට මෙම පවුල සහ නැවේ අනෙකුත් මගීහූ වග බලා ගත්හ. ටික දවසක් යන තෙක් සියල්ල හොඳින් සිදු විය. එහෙත් නීරක්ෂණය අසල දී මෙම රුවල් නැව මහා කුණාටුවකට අසු විය. නැව මුහුදේ ගසා ගෙන ගියේය. කුණාටුව ඒ අති උච්ඡ අවස්ථාවේ මෙම කතාව මෙසේ ආරම්භ වූ වගයි.

උදාර අපේක්ෂා 2

Highlights:

චාල්ස් ඩිකන්ස් ගේ විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ Grate Expectation ග්‍රන්තයේ සිංහල පරිවර්තනයේහි දෙවැනි කොටස

Out Of Stock

ටොම් සෝයර්

Highlights:

ටොමි සෝයර් යනු , ඇමෙරිකානු ජනික විශිෂ්ට ලේකයකු වන මාක් ටිවෙන් (1835-1910 ) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි. මෙය ලෝකයේ පුරා අතිශයින් ජනප්‍රිය වුවකි. මිසිසිපි නදිය අසබඩ , මියුරි ප්‍රාන්තයේ හැනිබල් නම් කුඩා නගරයේ සිය ල මාක් ටිවෙක් මෙම කෘතියට පසුබිම් කරගත්තේ 1830 සමයේදී ඔහු රසවින්ඳ ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි. කතානායක, ඉතා කේ කෙළිලොල් කුඩා කොලුවකු වන ටොමි සෝයර් දවස පුරා යහළුවන් සමග එක්වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩමිමා රවටන අයුරුත් බෙහෙවින් හසයජනකය. ටෝමිගේ චරිතය නිර්මාණය කිරීමේදී මාක් ටිවෙන් සිය චරිත ලක්ෂණ සහ ජිවිතයේ සිදුවීම් යොදාගෙන ඇත. කතාවේ නිරායාස ස්වාභාවික ගලායාමට මෙය හේතුවක් වී තිබේ.

Scroll To Top
Close
Close
Home
Donate
1 Cart
Close

My Cart

Sidebar